• Home
  • Facebook
  • Youtube

රෝද දෙකේ රස්තියාදුව

facebook google

බෝගහපැලැස්ස සොයා




මුලින්ම කියන්න ඕනි මේක හොයන්න නැති වෙච්ච දෙයක් නෙමේ. මම (මද්දා) Title එක දැම්ම නම් දාන්නෙ අතීත මතක සොයා කියල මම හිතන්නේ මේක අපේ @mr.gurusinghe දාපු මාතෘකාවක්.

මුලින්ම කියන්න තියෙන්නේ බෝගහපැලැස්ස කියන්නෙ හරිම පුංචි ගමකට කුරුණෑගල දිස්ත්‍රික්කයට අයිතිවෙන, ඔය Title එකට හේතුව කොහෙද යන්නෙ කියල අහපුවාම location එක පෙන්නන්න Google map එකේ හැකියාවක් නොමැති වීම ඉතින් අපේ උන්ටික මේක ඇත්තටම හොයන් ගිය ගමක්, මට නම් අතීත මතකයන් හොයන් ගිය ගමනක්.

ගමන පටන්ගත්තෙ සුපුරුදු මාසික ride එකට කල් හරියාන ආවත් රටේ තත්වෙ එක්ක යන්න තැනක් තීරණය හරි අපහසු වෙද්දි මගේ යොජනාවක් අනුව දන්න කියන නිහහස් තැනක් විදියට මම ඔය කියන ගමට යමුයි යෝජනා කලාම එ්කට හැමෝම කැමති උන එක තමයි.

උදේ පාන්දර 6.30 විතර කදාන තමා අපේ meetup point එක විදියට යොදාන තිබ්බෙ, මේ පාර නම් වෙලාව අමතක වෙන උන් නොහිටිය නිසා කට්ටිය එකතු වෙන්න මම හිතන්නෙ පැය බාගයකට වඩා නම් නාස්ති කරන්න උනේ නෑ.

කට්ටියම සෙට් වෙලා පාරට වැටුනෙ සුපුරුදු පේලියත් හදාන දැන් නම් ඉතින් මේවට දගලන්න දෙයක් නෑ පේලිය මාර්ග විනය නියමිත වේගය තියන ඒව කට්ටියගෙම ඇගටම ඇවිත් ඉවරයි අවුරුදු 3ක් තිස්සෙම ගත්තු උත්සාහයන් එක්ක 200ක් 300ක් අතරින් පෙරිල ඉතිරින උන හොදම ටීම් එකකින් (මතක ඇතිනෙ නේද හොදමම සෙට් එක වෙන් කලා members only ) කහන උන් ටිකනෙ පෙරල ගත්තෙ ( team sprit)

මට හිතෙනව sprit එක ආයම පැහැදිලි කරන එක හොදයි කියල අපිට අවශ්‍ය උනේ අවුරුද්දකට 3ක් 4ක් යන ටුවර් ටික මදි කියපු අධික motorcycle/camping/ride  කියන උනෙන් පෙලුන උන් ටිකව එක තැනකට ගන්න එහෙම අයව පෙරන්න අපි පොඩි පොඩි පිල්ටර් ටිකක් දැම්ම (ඇත්තම කියනව මේක කලේ කට්ටිය අඩු කරගන්න) මොකද R2R එක ඇතුලෙ ඉන්න හැම එකාම ඔය උනෙන් පෙලෙනවනෙ අවාසනාවට ගොඩක් අයට කාලය , රැකියාව, පවුල, සහ වගකීම් එක්ක ස්පිර්ට් එකේ උන්ට වගේ නිතර දුවන්න අමාරුයි. (ස්පිර්ට් එකේ උන්නු සමහරුත් මේ හේතු නිසා ගැලවිලා යන්න වෙච්ච උදාහරණ කීපයක්ම තියනව හොදම උදාහරණය අපේ organiser කෙනෙක් වෙච්ච මනුවා අධ්‍යාපන සහ රැකියාව එක්ක එයාට සිද්ධ උනා sprit එනට bye කියල R2R සහ  members only ඉවෙන්ට් වලින් විතරක් සැනසෙන්න)

හරි හරි කතා ඇති ආය පාරට

පාරට ආපු ගමන් තියෙන්නේ කරනමක් ජාඇල පහුකරල ටිකක් දුර යන්න උනේ නෑ ගොං වැඩක් කරන්න ගිහින් පාර සිප ගන්න සිද්ද උනා මද්දට, හොද වෙලාවට වේගෙන් යන ගමන් නෙමේ පෙර වාසනාවකට හෙල්මට් එකත් ඔලුවෙ තිබ්බා.

මීලග නැවතුම උදේ කෑම දඹදෙනිය කිට්ටුවෙන් (මැස්සො එහෙම ටිකයි ඈ) කෑම වලට ගෙවන්න ස්පොන්සර් කෙනෙක් හිටපු හින්ද මේ පාර මැස්සො හිටියත් මොකෝ නේ (වැඩි විස්තර දාන්න විදියක් නෑ මටත් ටීම් එකෙන් එලියට යන්න වෙනපොටක් 🤣🤣)
හාල් පිටි ඉදි ආප්ප 30ක් 40ක් එක්ක කුකුල් කකුල් ටිකකට වග කියල නැවතත් පාරට වැටුනා.

ලියියා, සජියා(ආයෙම ආව🤪), වෙබා(මූට තාම sprit හම්බෙලා නෑ public event එකක් එනකම් ඇගිලි ගනිනව), මද්ද, මලියා, ගුරා, ප්‍රසන්න(නෑ නෑ මේ පාර බුරියානි හදන්නෑ), තුරා (තාම ලිස්ට් එකට එන්න ට්‍රයි කරන ගමන් 🤪) එක්ක කුරුනෑගලට ලං කරද්දි බලන් ඉදල ඉවසුවා ඇති කියල හිතුන සාලිය, අසින්ත එක්ක ජීවන්ත (ඒ දෙන්නත් තුරාගෙ බෝට්ටුවේම තමා) ඇවිත් අපිත් එක්කම සෙට් උනා මටයි හරයට නම් සුපුරුදු වැව රවුමට සෙට් වෙලා පොටෝ ටිකක් එහෙම ගහගන ගමනාන්තය හොයන් යන්න පිටත් වෙද්දි අපේ සංජය අයියත් ලග ලග එනවා කීවත් මැප් එකේ ලොකේෂන් එක යවලා අපි හෙමින් ඉස්සරහට ඇදුන. උදේ මගෙ බයික් එකෙන් පටන් ගත්තු බ්‍රේක් අවුල ඒ වෙද්දි ලයියට ඇවිත් තිබුන හින්ද ඒකත් බලාන ගම පැත්තට හැරුන මම හිතන විදියට දවල් කෑමට කලින් ගමනාන්තයට ලං උනාමද කොහෙද

සුපුරුදු නාගරික පර්සරය ගැලවිලා මට නම් සුපුරුදු ගොඩක් උන්ට අලුත් අත්දැකීමක් උන ගමේ සිසිල ඇගට දැනෙද්දි (සිසිල කීවට තඩි අවුවක් නොතිබුනා නෙමේ ඒ උනාට ගස් වලින් වට උන පාරවල් ඇගට හරිම සනීපයි) කට්ටියගෙම වේගෙය හොදටම අඩු උනා අඩුවක් නැතිව පොටෝ, වීඩියෝ එක්ක. මැප් එකේ පාර ඉවර වෙන තැනට ආවත් තවත් ටිකක් දුර යන්න අගේට පාරක්  තිබුනා ඒ වෙද්දි සංජය අයියත් ඇවිත් බයික් පෝලිමට එකතු වෙලා ඉවරයි.

ජීවිතේ දශක බාගයක් විතර ගෙවපු ගෙදරකට ජීවිතේ හම්බුන හොදම උන් ටිකක් එක්ක අඩිය තියලා, බයික් වලට නිදහසක් දීල, කට්ටියත් එක්කම නිදසහේ පිරිසිදු හුස්මක් ගද්දි දැනෙන හැගීම් ඉතින් අකුරු කරන්න නම් බෑ.
...........................................................

ගමේ ලොකුම සම්පතක් උන වැවට යන්න කියල පිටත් වෙද්දි හැමෝම 10 පාරකට වඩා අනතුරු ඇගවුවා පීනන්න එපා දුරට යන්න එපා ඉක්මන්ට නාගන එන්න කියල,
නොදන්න අය එක්ක ගියාම බයෙන් ඉන්න ඕනි උනත් ගිය සෙට් එකම වගකීමෙන් වැඩ කරන උන් ටිකක් නිසා ලොකු බයක් තිබුනෙ නෑ කට්ටියව නාන තොටු පලින් වැවට බස්සල පීනන්න කියල බලද්දි මටත් කලින් සාලිය වැවේ අනිත් පැත්තට පීනල ඉවරයි අවු 4ක් 5ක් වැවක් ලග ජීවත් උන මට වඩා අදටත් සුන්දර ගමක ලිපිනයක් හිමි ඌත් එක්න පීනනව තියා ලං වෙන්නවත් හට නම් පුලුවන් උනේ නෑ.

වැව පිරෙන්න තිබුන නෙලුම් වලින් මල් ටිකක්, කොල ටිකක් සහ රස කෑමක් උන නෙලුම් ඇට කන්න නෙලුම් බට්ටන් කඩාගත් සාලියත් එක්ක  මෙගොඩට පීනද්දි අනිත් අයත් ඇති වෙන්න කිය කෙලිය හමාර කරල තිබ්බා ජීවිතේ පලවෙනි පාරට නෙලුම් ඇට කාපු අය බලන්න ඕනි නම් වීඩියෝ එක ඇති "roda deke rasthiyadywa" අපේ youtube චැනල් එක පැත්තට ගොඩ උනානම්.

ඇති වෙන්න නාල ගෙදර ඇවිත් ලිදෙනුත් වතුර බාල්දි කීපයක් ඇගට දාගද්දි යක්කු 4ක් 5ක් කන්න බඩගිනි.

බඩ ගින්නටම හරියන්න සම්බා  හාලේ බතකට ඉදුනු කිරි කොස් මාලුව, මිරිසට උයපු මාලුව, කැකිරි, තැල්කොල ඇඹුල, කනට ඇහහෙන්න හපන්න පුළුවන් පපඩම් වලින් සමන්විත ගමේ ආරට හැදුන දවල් කෑම වේලකින් බඩවැල් දිග ඇරිල බුරිය උල්වෙන්න බත් පිගන් දෙකකට වග කියල ඉවර උනාම තමා අතුරුපසට අඹ කපල දෙන්නද ඇහුවෙ, කපල දීල පිරිමහන්න පුළුවන් උන් නැති නිසා පිහියක් එක්ක අඹ ගොනියක්ම ගෙනත් දෙන්න කීවෙ ඒක ලේසි නිසා කාපු අඹ ගාන නම් මගෙන් අහන්න එපා මමත් දන්නෑ ආය කට්ටිය මාස 3,5කට අඹ දිහා බලයිද කියල නම් මට සැකයි.

පිටලෑල්ලක් ගස් දෙකක​ට හිර කරල හදපු බංකුවකට වෙලා වල් පල් කියව කියව ඉදල හවස් වෙද්දි ආයත් වැව් කන්ඩිය උඩට ගිහින් සොරොව්වක් උඩ වාඩි වෙලා ඉර බහිනකන් කියව කියව ඉදලා කලුවර වැටෙන්න කලින් ගෙදරට පැන ගත්තෙ රෑට ලෑස්ති කරපු වැඩ සටහන පටන්ගන්නත් ඕනි නිසා ඒ වෙද්දි මද්දගෙ පොඩි කාලෙ ඉදන්ම යාලුවෙක් වෙච්ච රුකාවත් පාරට ගිහින්ම අපේ උන් ටික එක්කන් ඇවිත් තිබුනා.

හැම දාම එකම විදියට දාන BBQ එක kebab's style එකට වෙනස් කරල ගෙන්න අමතක වෙලා තිබ්බ ගල් අගුරු වෙනුවට පොල් කටු ටිකක් පත්තු කරල (ජීවන්ත මල්ලි සෑහෙන්න මහන්සි උනා අසින්ත, සාලිය, ලයියත් ලොකු වෙහෙසක් ගත්තා) ඒ උනාට මට දැනුන විදියට ගල් අගුරු වලට වලා පොල් කටු අගුරෙන් හැදෙන BBQ එකේ අමුතුම ප්ලේවර් එකක් ඇඩ් වෙනව.

හරයගෙ Birthday එක වෙනුවෙන් ලැබුන පොඩි ට්‍රීට් එකකට කැපෙන්න අපේ සාලිය ගෙනත් දුන්න තෑග්ගක් රස විදින්න කීප දෙනෙක් වට වෙද්දි BBQ වලින් පිරෙන්න ගත්තු බඩවල් වලට බොරට හදපු චිකන් කරියක්, කිරිහොදි එවෙලෙ කඩපු තිබ්බටු මැල්ලුමක් එක්ක fan දාගන කන්න පුළුවන් ඉදිආප්ප (ඔව් ඔව් උදේටත් කෑව තමා) වලින් බුරි උල්වෙන්න වලදලා කලින් නින්දට ගියේ, බයික් වලින්, වැවේ දිය කෙලියෙන් ඇගට දැනුන මහන්සිය පොඩ්ඩක් නිවා ගන්න.

උදේ පාන්දරම නැගිටලා කට්ටියම මූන කට හෝදන් තේඑකක් කෝපි එකක් බීල ලිදෙන් ඇදගත්තු සීතල වතුර පනිට්ටුවකින් මූන කට තෙමාගගන පිරිසිදු හුස්ම ටිකක් එක්ක දවස පටන් ගන්න ලෑස්ති වෙලා තිබුන.

මම දන්න විදියට ගෙවල් 7ක් 8ක් තිබුන ගමේ ගෙවල් ගාන 3, 4කට අඩු වෙලා ගිහින් උඩ ගියපු ඩ්‍රෝන් එකට පෙනුන විදියට තනිකරම කැලෑවක සිරිය තමා තිබුනෙ.

උදේ කෑමත් පෙර පරිදිම පොල් සම්බල්, කරවල තෙලට, තෙලට දාල ගත්තු හිදවපු පරිප්පු හොද්දක් එක්ක බඩවල් වලට දාගන ඉඩමට පිටිපස්සෙන් තිබුන යක්දෙස්සා කදු වැටියෙම කොටසක් උන කන්ද නගින්න සූදානම් උනත්.

කකුලට සැප හම්බෙලා තිබ්බ මමයි, සුදු අස්පයාගෙ off road අත්දැකීම් විදිනන ගිහින් කකුල පුච්චන් හිටපු ගුරයි, අඹ ගෝනිය දිහා ඇහැ දාන් හොරට ගෙදර හිටපු ප්‍රසන්නයයි ඇර අනිත් උන් ටික කන්ද නගින්න පිටත් උනා (ඕව් ඒ පැත්තෙ අය hiking යන්නෑ කදු නගිනව විතරයි  🤪)

කොරෝනා අවධානමත් එක්ක සුපුරුදු motocamping වලින් මිදිල traval කරන්න  alternative හොයන අයට අදහසක් ගන්න ලියුවෙ, මොකද ට්‍රැවල් කියන්නෙ කදු නැගල ඉරිද පොල වගේ ටෙන්ට් අටවන එකවත්, හතිදාගන කදුබඩගාන එකවත්, මාර executive Hotel වලට බිල දාන එක විතරක්මත් නෙමෙයි කවදත් වෙනස් විදයට හැම දේම දකින රෝද දෙකේ රස්තියාදුවෙන් වෙනස් විදියට හිතන්න දෙයක්.

එහෙනම් හැමට ජය!

ලීව මම මද්දා.

videoව බලනව් නම් මෙතනින් යන්න.

සුපුරුදු අපේ පේජ් එකේ තියනන පොටෝ ටික බලනව නම් facebook.com/r2rmc


Share
Tweet
Pin
Share
3 comments
2020 ය කියල එකක් ලබද්දි කම්පනාවට ආවෙම. 2k19 වල එන්ඩ් එකේ ටුවර් එකක් දාන්න බැරි උනා,
31ස්ට්  නයිට්ටුවත් වැටිලෙ තිබ්බෙ සති මැද්දක නිසා 31 නයිට් කෑම්පිග් එක පිට පිට දෙවන වසරෙත් කදුලු අතර සැගව ගියා.


කස්ටිය එක්ක කතාබහ කොරාල අන්තිමට තීරණයක් ගත්තා මීට මාස 4ක 5කට කලින් ගිහින් බලාන ආව "වැවතන්නට" ඉවෙන්ට් එකක් දාමුය කියල, පරිසර හානියක් නැති පෞද්ගලික වතුයායක තියන කදවුරු බිම් වලට මම වැඩියෙන් අවධානය දෙනව කියල මේ වෙද්දි හැමෝම දන්නව ඇතිනෙ.






කෝමින් කෝමින් හරි මම, සචියා, ලයියා, මනූෂ ඇතුලු සෙට් එක වැඩ ටික පටන් ගත්තෙ දෙසැම්බර් වලමයි, එත් දෙසැම්බර් යොදාන තිබ්බ sprit ride එකේදි සචියා කකුල කඩා ගත්තම පට්ට අමාරුක වැටුනෙ. අන්තිමට අපේ sprit කෙනෙක් වෙන ලක්ෂාන්  මල්ලි වැඩේට ලොකු සප් එකක් දීල අපිව ගොඩක් අපහසුතාවලින් බේර ගත්ත⁣ා.

කෝමින් කෝම හරි එකා දෙන්නා වෙලා අන්තිමට 45ක් හිටිය ගමනට සහබාගී වෙන්න. ටිකක් අමාරු වැඩක් උනත් වැඩේට බැස්සා.

ලයියා, මනූෂ දෙන්නා එක්ක මහරෑ පුරාම ලූනු කපන්න උනේ දීල තිබ්බ සීනිසම්බල් ඕඩරේ අන්තිම මොහොතෙ කෙලවිලා ගිය නිසා අන්තිමට දෙන්නා එක්ක ලූනු කිලෝ 5ක 6ක් කපනකන් මම සුපුරුදු BBQ සීසන් කිරිල්ලට බැස්සා කුකුල්ලු 10ක් 15ක් අයිස් පිටින්ම කෑලි කරල ඉවරවෙද්දි දිය බුබුලු 2ක් ඇවිත් ඉවරයි පහුවදා පදින්නෙ කෝමද කියල බයකුත් නාවම නෙමේ. අන්තිමට ඉනූගෙ රයිස් කුකර් එකේ පොට් එකටත් අඩියක් හොයාගන්න බැරි වෙන්න ගේම දීල වැඩ ටික ඉවරක් කරගන්න පුළුවන් උනා.

දැන් තමා වැඩේ තියෙන්නෙ පාන්දරම නැගිටලා කවදාවත් නැතිව මේපාර වෙලාවටම ගමන් ආරම්භය වෙච්ච පස්යාලට කස්ටියම සෙට් වෙද්දි හිතට පොඩි  ෆිට් එකක් ආව ඒත් කට්ටිය වැඩි කම නිසා ටීෂර්ට් ටික බෙදන්නයි උදේ කෑමටයි හිතුවට වඩා වෙලාවක් ගියත් ප්ලෑන් කරල තිබ්බ ටයිම් ලයින් වලට ලොකු අවුලක් තිබ්බෙ නෑ.

කස්ටිය ගොඩක් හිටපු නිසා සහ මේ පාර ගමන මැනේජ් කරන එක ලයිය සහ මගෙ කර පිටට විතරක් වැටුන නිසා ටිකක් අමාරු උනත් අපේ spritල සෙට් එකේ මලියා, හිෂාන්, ආසිර දුන්න සපෝට් එකත් එක්ක ලොකු පහසුවක් උනා. දැන් අහන් එපා කෝ මනූෂ කියල ඌට මෙපාර පාර ට්‍රාන්ස්පෝට් බාර දීල තිබ්බෙ ලොරියක බඩු පටවත්තු කියල කාර් එකක අන්තිමට හෙමින් හෙමින් එයත් ආව.

වරකපොල සපුරුදු මාර්ග තදබදය ඉවරකරන් හොද හුස්මක් ගත්තත් කෑගල්ල පහුවෙලා ටික දුරක් යද්දි නම් ආව A1 පාරෙ රයිඩ් දාන්නෑ කියල හිතාගත්තා නිතර නිතර ගියත් එදා තිබ්බ වාහන පෝලිම අපිව අසරන කලා. වෙන වෙලාවක නම් දකුනෙන් දාල ඇස්පේටර් එක මිරිකුවාට ගෘප් රයිඩ් වලට අලුත් සෙට් එකක් අරන් බයික් 20ක 30ක පෝලිමක් ලේන් ස්පිලිට් කරනව කියන එක ප්‍රැක්ටිකල් නැති නිසා ඉවසන්න සිද්දඋනා. පාර පුරුදු කීප දෙනෙක් රැලෙන් වෙන් වෙලා ඉස්සරහට ගියත් ගොඩක් දෙනෙක් තමන්ගෙ අකීකරු අශ්වයන්ව කීකරු කරගන ⁣කට්ටිය එක්කම හෙමින් හෙමින් ඉස්සරහට අැදුන. එයා කුල් 250 සීසී නෙකඩ් එන්ජිමක් එක්ක ට්‍රැපික් එක්ක යනව කියන්නෙ මාරම අත්කීමක් තමා වැක්ස් කරන්න ඕනි නෑ කකුලෙ මයිල් ඉස්මයිල් වෙන්න. ඇත්තටම විශේෂ ස්තුතියි කියන්න ඔ්නි එච්චර ඇරල යන්න පුළුවන් බයික් ටිකක් මෙල්ල කරන් 20ට 30ට බයික් පැදපු අපේ උන් ටිකට අපි හැමදාම කියනව වගේ මම ගැනට වඩා අනිත් එකා ගැන හිතන හැගීම R2R එකේ හොදටම තියනව. ආඩම්බරයි.

කෝමින් හරි අමාරුවෙන් A1 පාරට සමුදීල ගන්නෝරුව පැත්තට හැරෙව්වෙ කටුගස්තොට පැත්තෙන් දාල ට්‍රැපික් එක මගාරින්න හිතාන කියන්න දුකයි අපි හිතුව දේම ගොඩක් අය හිතල කියල දැනගත්තෙ කඩුගන්නාව කිට්ටුකරද්දි ආයම සුපුරුදු විදියට අමානුෂික වාහන පෝලිමට මැදි වෙච්ච නිසා.

මුල්ම නැවතුම වෙච්ච නාරම්පනාවට යද්දි ලක්ෂාන් දවල් කෑම පාර්සල් ගන්න තැනක් ලෑස්ති කරල තිබුන ඒ ටිකත් අරන් කට්ටියව නානතැනට දාල ලයියට බාර දීල

මනූෂ, සචියා, මලියා, ප්‍රසන්න, ලක්ෂාන් ඇතුලු සෙට් එකත් එක්ක කාර් දෙකකට පුරවගත්තු කෑම හදන උපරන සහ ටෙන්ට් ටිකත් එක්ක මැදමහනුවර පහුකරල සුපුරුදු  වැවතැන්න පාරට හරවලා අතරමග තිබ්බ මන්ස්කාන්ත දර්ශන ටිකත් ඇස් කොනින් බලාන පාරෙ අන්තිමට සෙට් වෙන off road එකත් එක්ක පොර බදන්න උනේ වාහන දෙක ඉහලට අරන් යෑම හිතුව තරම් ලේසි නොවුන නිසා. යංතං කලුවර පාත් වීගන එද්දි අපි ගමනාන්තයට ලගා ⁣උනා.

ටිකක් වෙලා යද්දි අපේ බයික් දම්වැලත් නාගන කරගන සයිට් එකට ඇවිත් තිබුනා.

ලංකාවෙ තියන ජරාම ටෙන්ට් ටික සල්ලිත් අරන් රෙන්ට් කරල තිබ්බ උන්ගෙ අම්ම තාත්ත මතක් උනත් අපෙ කොල්ලො ටික කම්බි කෑලි ටේප් කැලේ අතුලෙන් අරන් ආව කෝටු කෑලි වලින් ගේම බැලන්ස් කරද්දි.










තව සෙට් එකක් ගල්අගුරු රතු⁣පාට කරල BBQ වැඩේට බැහැල තිබ්බා.
 100කට 200කට උනත් ගේමක් නැතිව කෑම ටික හදන්න බාර ගන්න ප්‍රසන්නයත් තව දෙතුන් දෙනෙක් එක්ක නූඩ්ල්ස් එකක් ලෑස්ති කරනව දැක්කා.


නොන්ඩි ඇන ඇන ආපු සචියත් මලිය එක්ක පහලට බහින්න ගත්තෙ පහුවදා බෙහෙත් බදින්න තිබ්බ නිසා (ඉත්තෑවා උඩු දිව්වාම කකුල් කඩාගනත් ගෙවල් වල ඉන්න බෑලුනෙ)

සීතලටත් එක්ක කට්ටිය තැන් තැන් වල සෙට් වෙද්දි කෑම ටිකත් උනුවෙන්ම ලෑස්ති වෙලා තිබ්බා, සින්දු 2ක් 3ක් එහෙන් මෙහෙන් වදිද්දි සචියට කොච්චර බැන්නත් එකම ප්ලේ ලිස්ට් එක කියන්න හරි ගිටාර් එකත් එක්ක නොහිටිය එක නම් ලොකු අඩුවක් ,
 ටිකක් රෑවෙද්දි ආපු මීදුම පොරොවගන එක හුස්මට රෑ එලිවෙනකන් නිදිසුව විදින්න පුලුවන් උනා. උදේ පාන්දරම නැගිටිලා අපේ ප්‍රසන්නයා ඇතුලු සෙට් එක හදපු කෝපි එකත් රස විදිද්දි රෑ ඉතිරි කරල තිබ්බ නූඩ්ල්ස් ටික උදේට පාන් කන්න හදපු සැමන් කරියට නියමට ගැලපුනා ගිය පාර හමුඋන බලු යාලුවො ටිකටත් උදේ කෑම බෙදාගන්න අමතක කලේනෑ.


ආපහු ආපු ගමනෙ විස්තර ඉතින් ඕනි නෑනෙ .
සයිට් එකේ ලස්සනත් අකුරු කරන්න දන්නෑ දැනට ඇල්බම් එක දැම්ම ඔන්න.










වීඩියෝ එකත් මෙන්න මෙහෙම පොඩි ඉගියක් දීල තියනව



මනූෂත් හැමදාම වගේ vlog එකක් දාල ඇති


හෙටානිද්දම Mr.gurusinghe චැනල් එක පැත්තෙනුත් ගමන බලාගන්න බැරිවෛන එකක් නෑ.


එහෙනම් ඊලග රයිඩ් එකේදි සෙට් වෙමු. සමහර විට ලග එන මාර්තු වල වෙන්නත් පුළුවන් (ඔයාලම තීරණය කරන්නකො මාර්තු එකක් යමුද කියල )
~මද්දා


Share
Tweet
Pin
Share
5 comments
පොත් වලට මිලක් නියම කරන්න පුලුවන් උනාට වටිනාකමක් එකතු කරන්න නම් ඒ මත අකුරු ලියවෙන්නම ඕනි.
මතකද අපි ගියා 2018 වසර ට අකුරු අරන් බන්ඩාරවෙලට
තඩියත් එක්ක
ඊට පස්සෙ 2019 අපි රෝද දෙකෙන් අකුරු අරන් ගියා පාසල් දෙක්කට ඇත්තටම පාසල් දෙකකටත් බෙදල තව වැඩසටහන් 3කටත් උදව් කරන්න තරම් ඔයාල අපිට උදව් කරල තිබ්බා.

මෙතනින් බලල එන්න  


ඔන්න එහෙනම් 2020 වසර සදහාත් අපි සූදානම් මෙවර පාසල් 3ක් (දැනට)

🏛️ නිධන්වල ප්‍රාථමික විද්‍යාලය 

🏛️ විල්ගමුව කණිෂ්ඨ විද්‍යාලය 

🏛️ විල්හිදිලකඩ ප්‍රාථමික විද්‍යාලය

දරුවන් 286ක් සදහා ලොකු ඉලක්කයක් කරා යන්න අපි සූදානම්. “රෝද දෙකෙන් අකුරු අරන් 2020ට”
මේ වෙද්දිත් ගොඩක් අය අපෙන් අහුව මේ පාර යන්නෙ නැද්ද මේ පාර මොකද කරන්නෙ කියල? ඔන්න අරන් ආව උත්තරය.
දැන් අපි බලමු මොනාද මේ පාර ඕනි කියල  


 වශයෙන් තමයි ගනන් බලල තියෙන්නේ
මේක දකින මගේ යාලුවෝ පුලුවන් හැමෝම පොතක් හරි අරන් දෙන්න හැකි නම් අපිට කියන්න අපේ සමාජිකයෙක් එවන්නම් ඔයාට පහසු තැනකට බාරගන්න. කැමති කෙනෙකුට අපිත් එක්ක එකතු වෙලා පොත් බෙදන්න යන්නත් එන්න පුලුවන්.. අපි නම් යන්නේ නම් රෝද දෙකෙන්.. ඔයාලා කැමති විදිහකට එන්න අපි පාර කියන්නම්.. ඒක විදින්නම ඔනි අත්දැකිමක්..

Share
Tweet
Pin
Share
No comments
උදේ පාන්දර 3.00ට පිටත් වෙන්න යොදාගන තිබ්බත් සපුරුදු විදියටම විනාඩි 5ක 10ක පරක්කුවෙන් කටුබැද්ද හංදියට යද්දි සජිත් මල්ලි එතන්ට ඇවිත් හිටය. පාන්දර උනාට ලොකු නිදිමතක්වත් සීතලක්වත් දැනුනෙ නැහැ වෙනද වගේ මුලින්ම පානදුර හංදිටෙන් ටැංකිය පුරවගෙන මද වේගයකින් අපි දෙන්න එක්ක රත්නපුරට ආවෙ හරේද්‍ර, රමිදු සහ සාගර තුන්දෙනා එතනින් අපිට එකතු වෙන්න නියමිතව තිබුන නිසා.

වෙනද වගේ වැඩි කාලය නාස්ති කිරීමක් නැතිවම කස්ටිය එකතු උන නිසා අපි බලංගොඩ පැත්තට අදුනේ සාමාන්‍ය වේගයක් ඇතිවයි. මගදි සෙට් උන ටිකක් වෙනස් විදියෙ කැද විකුනන තැනකින් තණ හාල්, කිතුල්පිටි, සුදු ලූනු ආදී විවිධත්වක් තිබුනු කැද වර්ග අතරින් වර්ග දෙකක විතර රස බලල නැවතත් පාරට වැටුනා. සෑහෙන මීදුමක් තිබුනත් රයිඩ් කරන්න ලොකු අපහසුවක්  තිබ්බෙ නැති නිසා උදේ 7.10 වෙද්දි අපි බලංගොඩ ඔරලෝසු කනුව පහුකරමින් හිටිය.

මේ ගමන විශේෂයි මොකද යන හැමෝම ටැවල් / කෑම්පින්ග් / රයිඩ් (රෝද දෙකේ රස්තියාදුව කීවත් හරි) අත්දැකීම් ඇති තෝරාගත් අය වීම නිසා එ වගේම අපි තීරනයක් අරන් තිබුනා මේ ගමනේ වියදම් අඩු කරල කරන්න (ලෙස් මනී මෝ ට්‍රැවල් කීවලු) රෝද දෙකේ රස්තියාදුව සාමාන්‍ය ගමන් වලදී අපි වැඩි පුරම බැලුවෙ යන අයගෙ පහසුව පලමු තැන තියල දෙවනුව අවම මුදල කියන එකනේ. කෝම නමුත් සංචාරයන් 11ක් හා තවත් ඉවෙන්ට් 3ක් අසුරින් ලැබුන අත්දැකීම් එක්ක (හොරාට ගියපුවා නැතිව හොදද) ටිකක් මහන්සි කියල හිතුන නිසා මම හිතුන මෙච්චර කාලෙකට අපි එක්ක ගමන් ගියපු 200කට අධික පිරිස අතරින් තෝරාගත් (මම නෙමේ  එයාලටමයි කීවෙ තේරෙන්න කියල) 20 දෙනෙක් ගෙන් යුත් කන්ඩායමක් )

හරි ඒක ඒම මේම වෙලා අන්තිමට 22ක් කැමැත්ත පල කරල තිබුනා වැඩේට එකතු වෙන්න. කෝමින් හරි 22 වැඩ ප්ලෑන් කරන අතරේ හදිසියේම වගේ හිතුන රවුමක් දාන්න මේකත් 100%ක් R2R Team spirt ටුවර් එකක්ම නෙමෙයි නමුත් මෙතන ඉන්න හය දෙනාම R2R Team spirt උන්.

යෝජනා සාක්ච්චා ඉවර වෙලා අපි තෝරා ගත්තේ යකාගෙ පඩිපෙල කියල හදුන්වන කලුපහන - ඔහිය මාර්ගය (මේක යන්න නම් බයික් එකක් හෝ 4x4 වාහනයක් තමයි ගැලපෙන්නේ. ) කෝම හරි උදේ පාන්දර 3.00ට විතර නැගිටලා ගමන පටන් ගත්තා මුලින්ම කටු බැද්දෙන් සජිත් මල්ලිව සෙට් කරගන පානදුරට ආව එතනින් ටැංකිය පුරවගන රත්නපුර පාරට වැටුනා. තරමක සීතලයි නිදහස් පාරකුයි නිසා ඉද හිට නිදිමත ආවමත් නෙමෙයි පොරුවදන්ඩ පහුකරල කඩේකින් තේ එකක් එහෙම බීල රත්නපුරට ආවෙ වැඩි වේගයක් නොගෙන මොකද කිරිඇල්ල කිට්ටු වෙද්දි තරමක මීදුමක් තිබුනා. කෝම හරි දෙන්න එක්ක රත්නපුර පාරට ඇවිත් ටික වෙලාවකින් රමිදුත් එතන්ට ආව. තවත් මිනිත්තු 10ක් 20ක් යද්දි හරේද්‍ර සහ සාගර දෙන්න එක්ක අපිට එකතු උනා.

අතරමග තිබ්බ නම මතක නැති හරියක සෙට් උන කැද කඩේකින් තන හාල් සහ කිතුල් පිටි කැද වර්ග දෙක ජීවිතේ පලවෙනි පාරට රස බලල කට්ටියත් එක්ක මීදුම කපාගෙන බලංගොඩට එද්දි උදේ 7.00 පහුඋනා විතරයි.

(මේ පාර බ්ලොග් එකේ ෆොටෝ නැහැ වීඩියෝ එකක් තියෙනව කැමති අය බලල එන්නකො)
බලංගොට යන අතරමග වීඩියෝ එක අර කැද කඩෙත් තියෙනව

කෑම්ප් අත්දැකීම සම්පූර්න වෙන්න නම්  කොත්තුමී එකකට උනුවතුර දාන් කාල එකක් අටවන් නිදා ගත්තාට බැ කියන එකයි මගේ නම් මතය ඒක නිසා අපි තීරනය කරා පුලුවන් හැම කෑම වේලක්ම අපේ අතින් හොදටම හදාගන්න. (කෝමත් උයන එක මගෙ නම් එක විනෝදාශයක් ) උයන්න ඉතින් බඩු ගන්න එපැයි ඒකට අපිට හරියන බඩු තියන එකම තැන උන සුපුරුද සුපර්මාකට් එක ෆුඩ්සිටියක් තියෙන අන්තිම නගරය බලංගොඩ නිසා 9.00 වෙනතුරු අපිට කාලය නාස්ති කරන්න සිද්ද උනා. හරියටම පැයක් ගියා බඩු ටික ගන්න ගනන් බලන්න අලුත් දේවල් හොයාගන්න. නැති දේවල් වෙනුවට ආදේශක හොයන්න කීයක් නම් වැඩද

මේ වෙද්දි අපිට කලුපහනෙන් එකතු වෙන්න හිටපු සංජය අයියා එතන්ට ඇවිත් කෝල් දෙක තුනමක්ම දීල ඉවරයි අන්තිමට ඇහුවෙ උඹල බලංගොඩ කීවෙ පානදුර ඉදන්ද කියලයි කෝම හරි අතිසාර්ථක ෂාෙපිං යාමකින් පස්සෙ ආයෙම පාරට වැටුනා ටැංකි පුරවන්න, ආප්ප කන්න , භූමිතෙල් හොයන්න ආදී කාරනා කීපයකින් පස්සේ අපිට පුලුවන් උනා සංජය අයියා ඉදපු ඩබල් බ්‍රිජ් තියන තැනට යන්න. එතනින් ටිකක් එහාට ගියාම තියන ඔහිය පාරට (බඹරකන්ද ඇල්ලට යන පාර) හරවද්දිම පානදුරින් උදේ 7.00ට විතර පිටත් උන ලහිරුත් අපිට එකතු උනා ඌ හයියෙන් ආවද? අපි හෙමින් ආවද ?

පාර පටන් අරන් ටික දුරක් යද්දි පුංචි ඇල්ලකි එක්කම පාලමක් තියනව අන්න ඒ පාලම යට තමයි අපි උදේ කෑම ගන්න තීරනය කලේ, සාගර හදන් ආපු සීනි සම්බල් එක්ක පෙති පාන් අතර මගින් ගත්තු වඩේ වලින් අපේ උදේ කෑම සම්පූර්න උනා. බබර කන්ද ඇල්ල ලගටම ගියත් කාටවත් ආසාවක් තිබුනේ නෑ ඇල්ල බලන්න යන්න ඒක නිසා ටිකක් වෙලා කට්ටියගෙන්ම අදහස් විමසලා බලල නැවතත් අපේ ගමන පිටත් උනා. කලින් දවසක ලහිරු ඇතුලු තව කීප දෙනෙක් කෑම්ප් කරපු ෆයිනස් කැලැව ලගත් ටිකක් නැවතිලා අපි ඉස්සරට ආව. ටික දුරක් එද්දි තමයි පුංචි වතුර පාරක් හමු උනේ පාර හරහා ගලන් යන. එතන නාගන්න පුලුවන් විදියට පුංචි තටාකයකුත් හැදිල තියනව මිනිස්සු පිරුන බඹර කන්ද ඇල්ලට වඩා මෙතන අපේ සිත් ආකර්ෂනය කරගත්තා.

බඩු ගන්න, උදේට කන්න, සහ දියපහර දක්වා ගමන් මාර්ගය

ඊට පස්සේ වෙලාව වෙන් උනේ දවල් කැම හදන්න වතුර පාරත් ලග නිසා බුරියානි එකක් වගේ එකක් හදා ගන්න පුලුවන් උනා රමිදු හදන් ආපු පොල් සම්බෝලෙත් එක්ක මදි නොකියන්න බුරි උල් වෙන්න කෑව, ආ තව කෑම හැදෙන අතරෙ නෑව
කනවද බුරියානි

කැමති උන් ඒ ටිකත් බලල වරෙල්ලා



එතනින් එහාට ගමන නම් ඉතින් යකාගෙම පාරක් තමයි. හරේද්‍රගෙ සී.ඩී 125 එකේ කදු අදින්න ටිකක් හොර කරත් (තෙල් වහල) අපිට ලොකු අවුලක් උනේ නැහැ ඒක අතර මගදි අනර්ඝ වස්තුවක් මට නම් හමු උනා land rover series 1 එකක් කියන්න සතුටුයි ඔරිජිනල්ම විදියට තිබුනා. හැබැයි ඒකෙ ආපු අයනම් වාහනේ පාර අයිනෙ තියාගන මදු විතකට සමවැදිල හිටියේ කෝම උනත් එයාල එක්ක වචනයක් දෙකක් කතා කරන්න මම ටිකකට නැවතුනා විස්තර කතා කරල වාහනේ ගැනත් ටිකක් අහලම නැවතත් පාරට වැටුනේ ඉර අවරට යන්න පටන් අරන් තිබුන නිසයි. ලහිරු කලින් පාරක ආපු වෙලාවක හමුඋන පොකුනක් හොයන් අපි ඉස්සරහට ගියත් ඒක හමුඋනේ නෑ ගමේ කෙනෙක්ගෙ හෝඩුවාවකට අනුව පාර ඉවරවෙන්න කිට්ටුව තියන දිය උල්පතක් ලග අපේ ටෙන්ට් ටික ගහගන්න පුලුවන් උනා වතුර ලග නිසා කිසිම කරදරයක් නැහැ.
මේ කෑම එහමෙ කාල රෑ වෙලා

ටෙනට් ටික ගැහුවට පස්සේ ඉතිරි උනේ රෑ කෑම හැදිල්ල තමයි පොල් රොටී, BBQ වලින් සමන්විත රාත්‍රී ආහාරයක් හදාගන්න වැඩි අමාරුවක් උනේ නැහැ සංජය අයියාගේ නොනවතින දර සප්ලයි එක නිසා ගින්දරෙන් අඩුවක් තිබුනෙත් නැහැ





රෑ කෑම


ටෙන්ට් තුනක්ම තිබුන නිසා කිසිම අවුලක් නැතිව අතපය දිගෑරල නිදාගන්න පුලුවන් උනා.

පහුවදාට එලි වෙද්දි අපිට ඉස්සරහින් තිබුන කන්දට අපි හිටපු කන්දේ ඡායාව වැටිල ටික ටික පහලට එන දර්ශනය නම් මනස්කාන්තයි. එතනම ටිකක් එහායින් කන්දෙන් එලියට නෙරපු ගල් පොත්තක් තිබුනා ඒක උඩට වෙලා ඉස්සරහින් පේන දර්ශනය දිහා ඔහේ බලන් ඉන්නත් අපි වෙලාව වෙන් කරා.



එතනින් පස්සෙ වෙලාව වෙන් උනේ උදේ කෑම එකට. අල, බෝන්චි, කැරට් තැම්බෙද්දි සොසේජස් කලවම් ඔම්ලට් එකක්, ටෝස්ට් කරපු පෙති පාන් එක්ක කලු කෝපි. වලින් සමන්විත උදේ ආහාරයෙන් පස්සේ අපි ගමන අවසන් කරා. ආපහු ආවෙ හෝර්ටන් තැන්න හරහා ඔහියට ඇවිත් ආපහු ආපු ගමනේ නම් ලියන්න තරම් විස්තරයක් නැහැ.
Share
Tweet
Pin
Share
16 comments

දැනට වීඩියෝව බලල ඉමු. කතාව දාන්නම් ලගදිම.


අපේ වැනල් එක













Share
Tweet
Pin
Share
4 comments



අලුත් වැඩක් පටන් ගත්තා ගොඩ වෙලා අඩු පාඩු කීව නම්.






Share
Tweet
Pin
Share
6 comments
රෝද දෙකෙන් අකුරු අරන් යන්න ලෑස්ති වෙද්දි අපි දැනුම් දීමක් කලා මතක ඇතිනෙ. බ්ලොග් එක හරහාත් කීප දෙනෙක්ම අපිට උදව් කලා.
ඉතින් නොවැම්බර් මාසෙ අන්තිම කාලය අපි වෙන් කරල තිබුණේ ඒ වැඩ වලටමයි.ඒක නිසා අපේ වසර අවසාන සංචාරය සදහා වැඩිය උන්නදු වෙන්න බැරි උනා. ඇඩ්මින්ල 6ක් හිටියත් අන්තිම කාලෙ වෙද්දි හැමෝම තම තමන්ගෙ වැඩත් එක්ක කාර්‍යය බහුල වෙලා නිසා වැඩ දෙකම කරට ගන්න උනේ මද්දටයි සචියටයි තමා. අකුරු අරන් ගියපු ගමන ගැන වෙනමම පොස්ට් එකකින් දාන්නම් මේක මීමුරේ සංචාරය ගැනනේ.

නොවැම්බර් මස "රෝදෙකෙන් අකුරු අරන්" වැඩ ටික පිලිවෙලක් වෙද්දි අපි දෙසැම්බර් 22,23 දවස් දෙක තෝරාගත්තා අවසන් චාරිකාවට.

 අපි කීවට ඇත්තටම උනේ මම සචියාට කෝල් එකක් දීපු එක තමයි. "සචියෝ අවුරුද්ද ඉවර වෙන්නත් ලගයි අපේ ලාස්ට් රයිඩ් එක කරනවද? මේ පාර 31 ඉවෙන්ට් එකක් කරන්න වෙන්නෑ දවස සතිය මැද නිසා" කියල කීවම දෙපාරක් නොහිතම වැඩේ කරමුයි කියල කීව. සිංහරාජ රයිඩ් එකේ ඉදන්ම R2R එක මෙතන්ට ගෙන්න ලැබුන ලොකුම ශක්තිය එදා වගේම අදත් ඒ වචන වල තිබුන.
ඉවෙන්ට් එක දාන්න තැන් කීපයක්ම බලන්න ගියෙත් සචියාම තමා, අතින් කාල හරක් බැලීම මනාව ප්‍රගුන කරල තිබ්බ සචියා මේ වගේ වැඩ වලදි තෙල් පුච්චා ගන්න දෙපාරක් හිතන්නෑ. නුවර එලිය, කිතුල්ගල ඇතුලු තවත් තැන් කීපයක් ගිහිල්ලම බලන් ආවත් ඒ එකක්වත් හරිගියේ නෑ.

ඒත් ඉතින් බලපු තැන් ⁣ගොඩක යම් යම් අපහසුතා තිබුන. ගොඩක් තැන් වල නොගැලපුනේ මිල අධික කම තමයි. ඉතින් යන්න තැනක් ආයෙම කල්පනා කරද්දි මට මතක් උනේ දීපු පොරොන්දු දෙකක් ගැන.
1.මීමුරේ 

2.යකාගෙ පඩිපෙල

එ් දවස් වල සංචාරයන් ගැන තිබුන දැනුමත් එක්ක ඒව පොරොන්දු උනාට දැන්නම් තේරිලා තියෙන්නේ ආවට ගියාට යන්න තැන් තිබුනට ඒවට යන්න කලින් බලන්න බොහෝ දේ තියනවයි කියල.

  • දුර (අනිවාරෙන්ම 150/180 කිමි දුරක් තෝරගන්න එක තමා හොදම නැත්තම් ගමන අමාරුයි බයික් කිහිපයක් යනව වගේ නෙමේ 20ක් 30ක් යද්දි මගට යන කාලය බොහෝම වැඩී)
  • නවතින තැනක් (අනිවාරෙන්ම ⁣මේක කලින්ම ප්ලෑන් කල යුතුම දෙයක් මොකද ලංකාවෙ බොහෝ තැන්වල උපරිම කැපෑසිටිය 20,25 තමා. අනික ටෙන්ට් ගහනව නම් ආවට ගියාට කෑම්ප් කරන්න බෑ. වතුර, කෑම, සනීපාරක්ෂක පහසුකම් ගැන අනිවාරෙන්ම බලන්න නැත්තම් අනාතයි)
  • කෑම
  • ටෙන්ට් ආදිය ගෙනියනවනම් ප්‍රවාහනය 
  • මාර්ග තත්වය (මෙච්චර කල් නම් බැලුවෙ නැහැ රෝද දෙකට ඕනි තැනක් ඔට්ටුයි කියලයි හිතන් හිටියේ. නමුත් සෑම බයික් එකක්ම රලු පාරට ගැලපෙන්නෑ වගේම හැම රයිඩම මොන බයික් එක තිබ්බත් හැම පාරෙම පදින්නත් බෑ. ගොඩක් අය රලු පාරවල් වලදී ක්ලච් එකට හරියට වද දෙනව දැකල තියෙනව මම) 
(මීට පස්සේ official ride වල off road ඇති පාරවල් තොරන්නෑ ඒව යන්න ආස අය වෙනමම සෙට් වෙලා යමු අදාල අයට මම දැනුම් දීල ඇති වෙලාවට)

ඔය කරුනු වලට අමතරව තව ගොඩක් දේවල් තියෙනව කව්රුහරි සංවිධානය වෙනව නම් මගෙ අත්දැකීම් බෙදාගන්නම් ඕනි වෙලාවක.
වටේ ගියා ඇති නැවත කතාවට.මීමුරේ ගැන හොයද්දි තමා "ගම්දොර resort" ඇහැ ගැටුනේ කෝල් එකක් දීල අපිට අවශ්‍ය පහසුකම් ගැන කතා කරගෙන මිල ගනන් ගැන අවසාන තීරණයට එන්න අපහසුවක් උනේ නෑ එයාලගෙ පැකේජ් හරි ෆ්ලෙක්සිබල් නිසා.

අවසානයේ ගමනට ගැලපෙන විදියට බජට් එකත් හදාගෙන ඉවෙන්ට් එක දැම්මයි කියමුකො අලුත් අය, පරන අය, පරනම අය 40 - 45ක් විතර එනව කියල කන්පර්ම් කරලයි තිබුනේ. හිතේ වැඩි බරකුත් නෑ සේරම දේවල් පැකේජ් එකත් එක්ක ලැබෙන නිසා.
ටුවර් එකට හරියටම සතියක් තියල සෙනසුරාදා දවසක ගියා බයික් එකේ තිබ්බ අවුල් ටිකක් හදන් එන්න කියල පරන පුරුදු ගරාජ් එක මගෑරියේ එතන ඉලෙක්ට්‍රික් වැඩ ගැන වැඩි උනන්දුවක් නැති නිසයි. තිවා දුන්න හෝඩුවාවක් අහන් තැනකට ගියත් එතනත් වැඩේට සෙට් උනේ නැහැ. හිත අස්සෙ හොල්මන් කරේ දවස් කීපයක්ම දැකල තිබ්බ ගරාජ් එකක් බොරුපන පාරේ, ජපන් යකෙක් හෝ දෙතුන් දෙනෙත් දකින හැම දාම ගලෝල තිබ්බ තැන්ක් හිතේ මතකෙන් හොයන් ගියේ යද්දි කෝලො තුන්දෙනෙක් හෝ ගාල වැඩ D- Tracker එකකුත් ගලෝල තිබ්බ හිතේ දෙගිඩියාවකුත් තියාගෙන අහල බැලුවෙ අයියෙ බැට්‍රියේ චාජ් වෙන අවුලක් තියෙනව බලල දෙන්න පුලුවන්ද කියල. බෑ නොකිය පරීක්ෂා කරල බලල. චාර්ජ් වෙන ලෙඩක් නැති බව තහවුරු කරල දුන්නාම තමා. පෝක් එකෙයි ක්ලච් එකෙයි තිබ්බ ලෙඩ ගැන කීවෙ. එවෙලෙම ගලෝල සාම්පල් ටික අතට දීල පංචිකාවත්තට නොයා බඩු ටික ගන්න තැනත් කියල දෙන්න දෙපාරක් හිතුවෙ නෑ. එක ජාතියේ කුරුල්ලෝ එකම අත්තක වහනවා වගේ සෙට් උන අපි කයියක් එහෙම දාගෙන ඉදල හවස් වෙද්දි වැඩේ කරලත් දුන්නා බයික් එකත් දුවනව යකාවගේ ක්ලච් කේබල් එකේ තිබ්බ ලෙඩේ නිට්ටාවටම සුවයි. පෝක් දෙතක් බටර් ව⁣ගේ. කුරුල්ල වගේ ගෙදර ආවේ මේ පාර ටුවර් එක සැපට යන්න පුලුවන් කියල හිතාගෙනයි.
ගුරුන්ටත් අකුරු වරදිනව, ආනන්ද අයිය එහෙම නැත්තම් ආද⁣රේට අපි වෙඩ්ඩ කියන ආන්නද වෙඩිසිංහ මත්තයත් අවසන් ගමන් ගියේ සුපර්මොටෝ යක්ෂයාගෙ පිටේ නම් අපි අපි මොක්කුද? නේද? සදුද පාන්දර නෝන මහත්තයාව එයාගෙ කාර්‍යයාලයට දාල අපහු එන ගමන් බයික් එකේ තත්ව පරීක්ෂාවක් කරේ ගාලු පාර නිදහස් නිසයි. වෙනද 5ට දාල ගන්න ස්පීඩ් 4ට දාල ගද්දි දැනුන සතුට.
කටුබැද්දෙන් පිලියන්දල පාරට හරෝල වේ⁣ගය අඩු කලා කැම්පස් පහුකරල පාලම ගාව වංගුවත් නමගෙන ඊලග වංගුව පාස් කරගන්න බැරි උනා වැඩි වේයක් තිබුනෙත් නැහැ එකපාරටම පිටිපස රෝදය ලිස්සුවා ලෙල්ලට ගෙවුන ටයර් එකෙන් පදිද්දිවත් මාව ලිස්සලා නැහැ.බයික් එ⁣ක කෙලින් කරගත්තත් බැලන්ස් එක ගිලිහිලා මාව බිම වැටුනා "සපත්තු දාන්න, ඩෙනිමක් අදින්න" කලින් දවසේ මම දීපු උපදෙස් මාලාව හිතේ විදුලියක් කෙටුව. දනහිස එක්ක වම් කකුලෙ මාපට ඇගිල්ලෙ දකුනු පැත්ත පාරෙ ඇතිල්ලිලා ටිකක් දරුනුයි තුවාලෙ. සේරටම කලින් බයික් එක අයින් කරල නවත්තලා එතන තිබ්බ ත්‍රීවීල් එකක නැගල ගිහින් බෙහෙත් දාගන ඔපිස් ගියා හවස එන ගමන් බයික් එක තල්ලු කරන් ඇවිත් ගෙදරට දැම්මට පහුවදා නැගිටගන් බැහැ අමාරුයි. ටුවර් එකට දවස් 4යි.
කා⁣ගෙවත් ආත්මශක්තිය හීන කරන්නවත් බලාපොරොත්තු සුන් කරන්නවත් ආස නැති නිසා මම කාටවත් අමාරුවක් පෙන්නුවෙ නැහැ. අහන අහන අයට කීවෙ යන්න පුලුවන් ඕක මොකක්ද මම එනව කියල.
නමුත් යුතුකම් ගොඩක් මගෑරුනා ඉවෙන්ට් ලෝගෝ එක හැදුවෙ අන්තිම මොහොතෙ. ස්ටිකර් එක පිරින්ට් කරගන්න බැරි උනා. වෙන එකක් තියා BBQ වලට chicken ටික ගන්නත් බැරි වෙන ලයින් එකක් තිබ්බෙ. මේ අතරේ තමයි සචියා කීවෙ මමත් කොළඹ එනව රයිඩ් එක පටන්ගන්න තැන ඉදන්ම යන්න ඕනි කියල. ඒක ලොකු හයියක් උනා.
අලුතෙන් ගත්තු XLR 250ය ටෙස්ට් කරන්නයි, ආ...... කියන්න අමතක උනා මම කීව මතකද අර බයික් එක හදපු කෙනෙක් ගැන අන්න එයාගෙ නම සුනිල්. මේ වෙද්දි එයත් ගමනට එන්න සහතික වෙලා ඉවරයි දැන් හිතාගන්නකො එක ජාතියෙ උන් එක අත්තෙ වහනව කීවෙ ඇයි කියල.
මට තාමත් බයික් එක පදින්න තරම් සුවයක් නෑ බ්‍රහස්පතින්දා හවස මනූෂ මට එයාගෙ ස්කූටර් එක Yamaha rayZ එක එවල තිබ්බෙ චේති අතෙයි. ඉල්ලන්නත් කලින් බයික් එක ගෙදරට එවපු උඹල වගේ සහෝදරයෝ ඉන්නතුරු මොන වැඩේටද බං පස්ස ගහන්න පුලුවන්.
බ්‍රහස්පතින්දා උදේ ඉදන්ම ආපු සිචියා අපේ ගෙදරට එද්දි නම් සෑහෙන්න පරක්කුයි ඇයි කියල අහන්න එපා  වැඩ රාජකාරි බහුලයිනෙ මග දිගට ඉවසීම කියන එක 1%ක් වත් නැති මම කීප පාරක්ම කොල් කර කර වද දෙද්දි මට බැන්නද මන්ද අවුලක් නෑ උඹනෙ බැන්නත් මොකෝ. කෝම හරි උදේ 3.00pm විතර වෙද්දි ආපු නිසා අපි මුලින්ම ගියේ අපේ හිත හොද දොස්තර සුනිල් අයියට පෙන්නල යකාට බෙහෙත් මුකුත් ඕනිද බලන්න පුංචි පුංචි දේවල් ඇරුනාම ලොකු වෙදකම් අවශ්‍ය උනේ නැහැ.
බයික් එක ගරාජ් එකේ දාල මහා කුකුල් මෙහෙයුම ආරම්භ කරා. කුකුල් කකුල් නෑ අප්ෆා එච්චර ගන්න අන්තිමේ. අපේ සෙවීම නතර කරෙ එක්තරා කඩයක් ලගින් කුකලන් 10, 12 දෙනෙක්ගෙ ජීවිතේ හමාර කරල අකමැත්තෙන් උනත් හිත හදාගන ඒ ටික මිලට ගන්න උනා. මම කර පින්නා හිටපු මතකයක් බිම තියන්න සචියා උදව් කරා අපි වෙනුවෙන් මරනවා නම් පව් වැඩී කියල හිතන හිටියෙ මම.
එත් මරල තියෙන උන් මරන්නෙ කාවෙනුවෙන්ද?
-පාරිභෝගිකයන් වෙනුවෙන්
එතකොට කව්ද පාරිභෝගිකයන්?
-අපි.
කට උත්තර නැහැ අමාරුවෙන් වගේ ඔලුව වනල අවසරේ දෙද්දිත් සචියා ඕඩර් එක දාල ඉවරයි.
කෝම හරි කලින් නිදා ගන්න හිටියත් අපිට සචියා යකාට සාත්තු කරල එනකන් බලන් ඉදල BBQ ටික එහෙම ලෑස්ති කරල නින්දට යද්දි 11.00ටත් කිට්ටුයි.
එලාම් වැදුනද නැද්ද මන්ද නැගිටිද්දි 4.30 විතර වෙලා අමාරුවෙන් නෝනමහත්තයාවත් නැගිටල සිචියටත් කතා කරල ලෑස්ති වෙද්දි 4.45 විර වෙලා කට්ටියට එන්න කීවෙ 5.00ට උනාට මගෙ ටාගට් එක පැය බාගයක් එහා පැත්තෙන් කියල දන්න අය දන්නවා . එහෙමයි කියල ලබන පාර පරක්කු වෙලා එන් එපා කට්ටියම ආවොත් ඔය පැය බාගය විනාඩි 10, 15ට අඩු වෙන දවසුත් නැතිවාම නෙමෙයි.
කොට්ටාවට වෙලාවටම මනූෂ, චේති, සසිදු,චමෝද්,ශෙහාන්, LC ත් එක්ක තරිදු එක්කම මේපාර පලමු පාරට සහභාගී වන කීප දෙනත් යෂාන්, ඉදුනිල් එක්ක එයාගෙ යාලුවත්  එක්වෙලා හිටියා. හැමදාම වගේ තිවංක අයිය නෑ. විනාඩි 10ක් 15ක් බලන් ඉදල කෝල් එකක් දීල අපි යන්නම් විදල වරෙන් කීවෙ හෙමින්ම යන එනා තිවංක අයිය නිසයි (මතකනේ ආනමඩුව) ටික දුරක් එනතුර පෙරමුන ගත්තත් බයික් එක නුපුරුදු නිසා 50 ,60ක වගේ වෙගයක් තමා තියාගන්න පුලුවන් උනේ. ෂෙඩ් එකක ලගින් නවත්ත ගත්තෙ සච්යට තෙල් ගහන්න ඕනි කියපු නිසා ඒත් කෝ මුං?
"මද්දගෙ බයික් එක නැවතිලා. මෙච්ර කාලෙකට ගියපු කිසිම ගමනක දුකක් කරදරයක් නොදුන් සුදු අස්පයා මග නැවතිලා ජොකිය මාරු උන දුකටද මන්දා. මනූෂ, සුනිල් අයිය,ලහිරු, සචියා එතන නැවතිලා ලෙඩේ බලන් එන්නම් යන්න කියපු නිසා අපි හෙමින් හෙමින් පිටත් උනා. හෙම්න් හෙමින් ආවෙ. හංවැල්ලට වෙලා ඉන්න කම්මැලි නිසා මගින් අපිට එකතු වෙන්න හිටපු සිතුම්, මේ පාර පලමු වතාවට එකුවෙන පැතුම්, සහ චතුරත් පස්යාල පැත්තට පිටත් වෙලා තිබ්බා. අතරමගින් අපිට එක් වෙන්න හිටපු ඩිලානුත් එයා එක්ක පස්යාලටම ගිහින් තිබ්බා.
රසිකත් එක්ක සංජුත්, මලිත් මල්ලි එක්ක ප්‍රසාද්, චතුමල්, තරිදු, සුජිත් මල්ලිලටික, ලලී ඒ වෙද්දිත් පස්යාල ඇවිත් අපි එනතුරු මග බලන් ඉන්නව තව පොඩ්ඩෙන් අමතක වෙනව අපේ සාතන්ගෙ මල්ලි ඇවිත් හිටි⁣ය තනිවම සාතන්ට වගේ යක්කුත් බය වෙන පෙනුමත් නොතිබ්බ නිසා අදුන්නල දෙනකන්ම අදුර ගන්නත් බැරි උනා සාගරව.
ඌරපොල පහුකරල ටිකක් දුර එනකොට සෙට් උනා රාජකීය වාහන තදබදයට පින්සින්දු වෙන්ක පස්යාලෙ කට්ටියට පැය ගානක් බලන් ඉන්න උනා අපි එනකන්. සමීරගෙ ජීවිතේ ලොකු වැදගත් වැඩකට මාතලේ බලා යමින් හිටියත් අපි එක්කම ටික.දුරක් යන්නත් හවස අපි ඉන්න තැනට එන්ත් ලැස්තිපිට සමීරත් අපිට එකතු උනා. පටල ගන්න එපා සිංහරාජ, පොලොන්නරුව ගිය සමීර නෙමෙයි සමීර/ලක්මාලි යුවල දැන් අම්ම තාත්තල වෙලා ටුවර් වලට ටිකක් සමුදීල ඉන්නෙ මේ කියන්නෙ ඇවිල්ල වෙනමම ගොත සමීරයෙක් ගැන. මතකද අපේ මලියා අර බ්ලොග් ලියන එකා අන්න ඌ රෝද හතරක් අරන් ඉස් ඉස්සෙල්ලාම අනුරාධපුර යනව ගෙදර අයත් එක්ක නවත්තලා අපිට කතා කරල යන්නත මලියා අමතක කරේ නැහැ.

පයිත ගරස් පරමේයෙන් ගනන් හදන කඩේ
සුපුරුදු විදියටම ගමන ආරම්භ කරන්න කලින් ටිකක් දැනුවත් කරල කට්ටියම පේලියට පාරට වැටුනා පාන්දරම පිටත් උනත් දිග නිවාඩුවක් නිසා හැමෝම කොලඹ දාල එලියට යනව ඉතින් පාරවල් වල සෑහෙන්න වාහන ලොකු වේගයක් නැතිව හෙමින් හෙමින් වර⁣කපොල, අඹේපුස්ස පහු කලාම වාහන ටිකක් අඩු උනා උදේට කන වෙලාවත් ලං උනු නිසා තැන් කීපයක්ම බලල 30,40කට ඉඩ තියෙන කඩේකින් හොදිත් එක්ක පාන් වලට වග කියල මදලාලි වෙනමම ෆොමියුලා එකකට දාල හදල දීපු ගානත් ගෙවල(ආයේ මොනාද සිංහලේ තියෙන අපේ එකෙක් හොදි වලට ගාන දාන්නෙ ඉන්න පිරිස අනුව එහෙම නැතිව ආපු ප්ලේට් ගානට එහෙම නෙමෙයි.) එලියට බහිද්දි වැහි දෙයියෝ අපේ මුනට එබෙන්න පටන් අරන්.


මේ වෙද්දි මගෙ ලෙඩ දීපු අස්පයා හදාගෙන කස්ටිය ඇවිත් තිබුන නිසා සච්යාට පෙල අරන් යන්න බාර දීල මම පස්සට ආව කට්ටිය පෝලිමට මද වේගෙයකින් යද්දි පුංචි අකරතැබ්බයක් උනා අපේ LC වත් දාගන ගියපු "තාම" දෙන්න බයික් එක ලිස්සා යාමෙන් අැද වැටෙනව. වැස්ස නිසා අපි හෙමින් ගිය නිසා කාටවත් මුකුත් උනේ නම් නැහැ. හෙමින් හෙමින් කෑගල්ල එහෙමත් පහුකරල කඩුගන්නාවත් නැගගෙන ගියේ වැස්සෙමයි. මේ අතර කීප තැනකම නවතිනනන  උනේ අපේ චේතිගෙ කකුලේ කෙන්ඩ පෙරලෙන්න ගත්තු නිසා වගේම මගෙ සුදු අස්වයාගේ හදවතින් අමුතු සබ්ධයක් එන්න් හිටි ගමන් නවතින්නත් ගත් නිසයි. කෝම නමුත් කිරිබත් කුඹුරට ආවෙ අපේ කවීෂත් එක්ක මේනක අපිට එක් වෙන්න බලන් හිටි නිසා මේනකගෙ අසාමාන්‍ය ගෘප් චැට් එකේ කෑගැහිල්ල හින්ද මම හිතන හිටියේ මූ ඇත්ත⁣ටමත් ඉවරයක් නැතිව කියවන එකෙක් වෙන්න ඇති කියල බලන් ගියාම එහෙම නෑ මේක ලගට ගිහින් බලෙන් වගේ කතා කරලයි අදුර ගත්තෙත්. ඩී  ට්‍රැකර් කෙල්ල පිටින් ඇවිත් අපිට එක් උනත් රවුමක් පදින්න ඉල්ල ගන්නත් බැරි කමට පොඩි දුකක් නොදැනුනාමත් නෙමෙයි. මොකද ඉල්ලුවානම් දෙවරක නොහිත යතුර දෙනව කියල මම දන්නවා.
කවීගෙ ගෙදර බාත් රූම් ටොයිලට් ආදිය ත්තව පරීක්ෂාවටත් ආච්චි අම්මව බලල එන්නත් එක්ක ගෙවල් පැත්තට ගියේ කකුලෙ තුවාලේ බෙහෙත් එහෙමත් මාරු කරගෙනයි. පාර මැද්දෙ තමයි. මේ අතරේ අපේ හිත හොද දොස්තරගෙ උපදෙස් අනුව අස්පයාට ඔයිල් ගෙනත් පුරවන්නත් කටයුතු කලා නමුත් පරක්කු වැඩී තාම සද්දෙ එහෙමමයි. දවල් කෑම වෙලාවත් ලංවෙලා තිබුන නිසා ලග කඩේකින් බඩ පුරවන් යමු කියන සචියාගෙ යෝජනවාට විරුද්ධ නොවුනෙ මේ ගමනේ වගකීම් සේරම උගෙ පිට පටවලා තිබුන නිසයි. පැය බාගයක පැයක පරක්කුව නොසලකා එතන තිබ්බ පොඩි කඩේකින් කෑම හදවන් කාල තමා අපි කිරිබත් කුඹුරෙන් පිටත් උනේ.
ඒ වෙද්දි සෑහෙන වෙලාවක් අපේ සංජය අයියා අපි එනකන් වැව රවුමට වෙලා බලන් හිටියා සමීරත් අපෙන් වෙන් වෙලා මාතලේ බලා ගිහින් ඉවරයි මේ වෙද්දි. මේ අතරේ තමා අපේ පරන යාලුවෙක් ලාන්සර් වැගන් එකක මෙතනින් අපිව පහුකරන් යන්න ගිහින් නවත්තලා කතා කරන්නේ ගමන එන්න නොහිටියත් කොල්ලො ටික දැක්කම වෙන් වෙලා යන්න තිබ්බ ලෝබ කමටම පැයක් දියන් ලෑස්ති වෙලා මගට එන්නම් කියල රෝද දෙකේ රස්තියාදුවට රෝද හතරක් අරන් එන්නෙ කව්රු කියලද හිතන්නෙ වෙන කව්ද ඉතින් රෙඩියේටර්, කොන්ඩයා, ආදී නම් ගොඩක් දායාද කරගත් අපේ ඉෂාර මතකනේ ආනමඩුව ගමනට KLE කෙල්ලක් අරන් ආපු ඉෂාරව. අන්න ඌ තමයි. ⁣නුවරින් සංජය අයියවත් සෙට් කරගෙන පෙලට වැටුනා.
අපි මහනුවර පල්ලෙ කැලේ හරියට එද්දි තමයි මද්දගෙ අස්පයා අවසන් හුස්ම හෙලන්න තීරණය කලේ වසර 2ක් 3ක් පුරාවට මාත් එක්ක හැම තැනම රවුම් ගහපු මට සීරුමක්වත් නොදීපු සුදු අශ්වයා පල්ලෙ කැලේ ක්‍රීඩාංගණය අසල පිරවුම්හලේදි අවසන් හුස්ම හෙලල තිබ්බා.
අවසන් පොටෝව.

මාව තුවාල උන සතියෙම එයා හුස්මත් නැවැත්තුවා කියාගන්න බැරි තරම් දුකකින් එයාව ඒ කිට්ටුව අදුරන තැනක දාල යමු කීවෙ. කිසිම හේතුවක් නිසා ගමන කැන්සල් කරන පුරුද්දක් නොතිබ්බ නිසයි.
තෙල් දෙනියෙන් අපිව හොයන් ආපු ඉෂාරවත් පෙලට එකතු වෙද්දි මනූෂගෙ Z කෙල්ලව චේති බාර දීල මමත් කාර් එකට නැග්ගෙ වැස්සක් ආපු නිසයි කුකුල තෙමාගන්න වාට හැමෝම විරුද්ධ උන නිසයි.
එක හුස්මට ගමන ඉවර කරන්න හිතුවත් පුංචි අනතුරුක් නිසා LC හා තරිදුට අපිට සමු දෙන්න සිද්දඋනා. කාටවත් වැඩි කරදරයක් නොවුනත් LC ගෙ කකුල ටිකක් රිදෙනව කියපු නිසා ඒ කිට්ටුව ගෙදරත් තියෙන නිසා අපි එයාලට සමුදුන්නෙ හදිසියක් උනොත් මීමුරේ වගේ දුෂ්කර ගමක කරගන්න දෙයක් නැති වෙන නිසයි. වාසනාවට පුංචි තැල්මක් ඇර වෙන මුකුත් වෙලා තුබුනේ නැහැ කොල්ලට.
එක හුස්මට හුන්නස් ගිරියට එද්දි සෑහෙන්න පරක්කුයි අදුර හෙමින් හෙමින් පාරවල් වහගන්න ලෑස්ති වෙනව. ටැංකි සේරම තෙල් වලින් පුරවගෙන. සචියාගේ වැසිකිලි පරික්ෂාව එහෙම ඉවර උනාට පසුව අපි සචියා,මේනක,සුනිල් අයිය යන තුන්දෙනාව තනි කරල මීමුරේ මාර්ගයට හැරෙව්වා. සමීර එනතුරු තුන්දෙනාව තියල යන්න බයක් නොතිබ්බෙ තුන්දෙනාම යක්කු තුන්දෙක්ගෙ පිටේ ආපු නිසත් කලුරවට රලු පාරට තියා කිසිම දෙයකට තුන්දෙනාගෙ ආත්මශක්තිය හීන කර නොහැකියි කියල දන්න නිසයි.
වැහි දෙයියොත් දිගට හරහට පහර දුන්නත් නවතින්න අපි නැවතුනේ නැහැ. ටික දුරක් ගිහින් බයික් ටික ඉස්සර කරල යැව්වේ වැගන් එකට ඒ පාර නිසා ගොලු බෙලි ගමනට වැටෙන්න සිද්ද උන නිසයි. මොනා උනත් අන්තිමට එන එකාට පස්සෙන් තියාගෙන හැමෝම ගැන බලා ගැනීමේ වගකිම ඉල්ලීමකින් තොරවම බාරගත්තු මනූෂ නම් තව කීප දෙනෙක් එක්ක අපිව දාල ගියේම නැහැ පාර අපහැදිලි තැන් වලදි ගයිඩ් කරකර අම්බානට තෙමි තෙමි ⁣කට්ටක් කෑව. මනූෂ, ලයියා ඇතුලු සෙට් එකම කාර් එක දාල ගියේ නම් නැහැ.
වචන කරන්න අමාරු ඒ අත්දැකීම ගන්න නම් මීමුරේ යන්නම ඕනි. නිකම්ම නෙමෙයි මහ වැස්සක කලුවරේ. කූඩැල්ලන් ගලව ගලව නොපෙනන වලවල් වල ගැඹුර බලමින් ගියපු එ් ගමන කවදාවත් ආයෙ නම් මම වාහනයක යන්න බලාපොරොත්තුවක් නැහැ. කොච්චර අමාරු පාරක් උනත් ඉෂාරගෙ හිනාවනම් මූනෙන් මකල දාන්න සමත් උනේ නෑ එ්ක තමයි මම දැකපු හොදම දේ. වාහයක් උනත් බයික් එකක් උනත් ඕනිම තැනක බය නැතිව පදින වෙනස්ම එකෙක්.
අන්තිමේදි රෑ 10.30 වෙද්දි අපි නවාතැනට ලගා උනා ඒ වෙද්දි කස්ටිය  අැවිත් චේන්ජ් කරල නාල කරල ෆ්‍රෙෂ් වෙලා හිටියත් ගමන් මහන්සිය මූනු වල හොදින්ම සටහන් වෙලා තිබුනා. ටෙන්ට් වල රාත්‍රිය ගත කරන බලාපොරොත්තුවෙන් හිටියත් දවස් 15කට පසුව මීමුරේට වැහැපු පලමු වැස්ස අපි ගියපු දවසෙම වැටුනේ අවාසනාව නිසාද පෝය නිසාද කියල මට නම් තේරුන් නෑ. කෝම නමුත් කට්ටෙ තමයි රස කියන කියමන මම හැමදාම විශ්වාස කරනව. මොකද සුන්දර ගමන් එක සංචාරයක් විතරක් උනාට මෙවන් ගමන් අපිට එකතු කරන්නෙ නොමැකෙන මතකයන් ගොන්නක්.
චතුරට මදි උන BBQ
BBQ එක එහෙම හැදෙද්දි අපේ චතුර පොඩි අභියොගයක් අරන් ආවෙ චිකන් මදි වෙනවාය කියල ගියපු ටුවර් 8න් 7කම මගෙ අතින් හදපු  BBQ එකක් මදිවෙලා නෑ කියල මම දීපු චැලේන්ජ් එක පහුවදා උදේ ඔප්පු වෙලා තිබුනා. සචියාගෙ කරේ එල්ලිලා වටයක් ඇවි⁣ද්දෙ ආපුහැම කෙනෙක්ටම නිදාගන්න තැනක් / කෑම බීම නිසි පරිදි ලැබිලද කියන බලන වගකීම කර පිට තියෙන නිසයි. තුවාලෙ තෙමාගෙන නෝන මහත්තයාගෙන් බැනුම් අහගන්නත් පුලුවන් උනා ඒකෙන්.
වැස්සට යට නොවු එකම කූඩාරමේ අයිති කරුවන්.

හැම දේම හරි කියල සහතික කරගත්තාට පසුව සුනිල් අයිය ගෙනත් තිබ්බ හතරැස් බෝතලේකින් වීදුරු දෙක තුනකුත් හිස් කරල මේනක/චතුර දෙන්න එක්ක දාපු BBQ කෑල්ලක් දෙදක්. ඉවර කරල රෑ කෑමත් අහවර කරල ඇදට වැටුන විතරයි මතක. නින්ද ආවෙ ඊයක වේගෙන්.
පාන්දරම ඇහැරුනත් නැගිටගන්න කම්මැලි කමක් තිබුනත් ලොකු දිනයක පටන්ගැම්ම නිසා නැගිටිද්දිත් අපේ රස්තියාදුකාරයෝ ටික ලෑස්ති වෙනන ලැබුන රස තේ එකත් රසවිදින අතරේ කට්ටියම දවසට ලෑස්ති වෙලා තිබුන. උනු කරිබතකුත්, ලුනුමිරිස් සහ සීනිසම්බල් රස විදින්නත් පැකේජ් එකේ නොතිබුනත් අවශ්‍ය බත් කන්නත් පහසුකම් සලසා තිබුන. කෑම බීම ඉවර කරල ලාහට ගෙම්බො එකතු කරන න්‍යායෙන් කස්ටියව එක තැනකට ගන්න සෑහෙන්න මහන්සියක් ගන්න සිද්ද නොවුනාම නොවෙයි. සුපුරුදු පරිදි වට රවුමට තමතමන්ගෙ විස්තර කියන්න අවස්ථාව සලසා දීල ඔෆීෂියලිම කස්ටිය අදුනා ගත්තා.
මීලගට තිබුනේ දිය කෙලිය සදහා පිටත් වීමේ නැකතයි. කස්ටිය වැඩි පෙරැත්තයකින් තොරවම ඒකට නම් එකතු කරගන්න පුලුවන් අපිට ගමේ අයෙක්ම මග පෙන්වන්න හා ආරක්ෂාවට ලෑස්ති කරල තිබුනෙ "ගම්දොරින්මයි" ලයිෆ් ජැකට් ටික,
ලනුවක් ආදියත් සූදානම් වෙලා තිබ්බා. කට්ටියම පොලිමක වැටුන වචන වලින් විස්තර කරන්න අපහසු සුන්දර ගමක් පහුකරමින් අපි වතුර පාර හොයන් ගියා. දිග නිවාඩුවක් නිසා සෑහෙන පිරිසක් ඇවිත් හිටියත් ගමේ සුන්දරත්වයේ නම් අඩුවක් තිබුනෙ නැහැ. වෙල් යාය, දිය පහරවල්, ඈතින් පෙනුන ලකේගල ගමට එක් කරල තිබු⁣න දුටුවන් සිත් පැහැරගන්න සමත් දර්ශනය පෙලක්.


කි.මි කිහිපයක් පහුවෙලා අපි අපේ ගමනාන්තයට ආව කොටුවෙ ඕල්කට් මාවත සිහිගන්වන තරම් සෙනගක්  හිටියත් අවශ්‍ය පරිදි විනෝද වෙන්න බාදාවක් තිබුනෙ නැහැ. මුලින්ම බයික් ටික පෙල ගස්වලා කැමරාවෙ සටහනතක් තබන්න අමතක කරේ නැහැ. එතනින් කෙලින්ම දිය කෙලියට.


මද්දාගෙ නම් කකුල නිසා වතුර තහනම් වෙලා. කට්ටිය රොක් සලයිඩ් කරන්න,
ජම්ප් කරන්න පෙල ගැහෙද්දි මද්ද දුකින් හිටියෙ අඩි 55 හේ ජම්ප් එක මිස් උන එක ගැන. කව්රුත් ඒක දාන්න උනන්දු⁣ වෙනව දැක්කෙවත් නැහැ කෝම නමුත් ඇස් රතුවෙනකන් දිය කෙලින දිහා බලන් ඉන්න අතරේ. පැය 2ක පමන උත්සාහයකින් පස්සේ වතුරට පැනපු ලොකු නාරං මල්ලිවත්, තව පොඩ්ඩෙන් හොස්පිටල් යන්න වෙන සංජුගෙ ලිස්සා යාමත් ඇරුනාම අනිත් අයනම් ඇති පදම් වතුරෙ සිසිලස වින්දා. කාලය ගෙවිල ගිහින් ඉර මුදුන් වෙද්දි වතුරට වෙන් කල කාලය අවසන් කරන්න අපි තීරණය කලා.
නැවතත් පොලිමට නවතැනට ආපු අපි හැකි ඉක්මනින් අැදුම් මාරු කරල දවල් කෑමට සෙට් උනා. කැකුලු බතක් එක්ක මඥ්ඥොක්කා කරියක් සහ පොල්සම්බල් ඇතුලු ගමේ කෑම වල රස බලල අපි අපේ චාරිකාව අවසන් කරන්නයි ලෑස්ති උනේ.
ඒත් ඒ වෙද්දි අපේ මේනකගෙ ට්‍රැකර් රාජයා කකුලේ කට්ටක් ඇනගෙන හිටපු නිසා පුලුවන් ඉක්මනින් රෝදය ගලෝල ලැබුන ඔත්තුව අනුව ගම ඇතුලෙ තියෙන විංකලයක් හොයන් ගියත් ඒක සාර්ථක උනේ නැහැ. මේනකයි රසිකයි දෙන්න එක්ක බයික් එකේ රොදයත් උස්සන් හුන්නස්ගිරියට පිටත් කරේ තිබුන එකම විකල්ප ඒක නිසා. හැම දාම වගේ සචියයි, ඊ⁣ට හරියන්න සෙට්වෙන අපේ හිත හොද දොස්තර සුනිල් අයියයි. එයාල ආපහු එනතුරු රැදී සිටීමේ වගකීම බාර ගත්තා.
අපි හුන්නස්ගිරියට ඇවිත් එතනින් රයිඩ් එක අවසන් කරත්. මීමුරේ නැවතුන හතර දෙනාට "ගම්දොර" අය එදා නැවතිලා පහුවදා යන්න කියල කියල උපදෙස් දීල තිබුන. පහුවදා ලස්සන බලාගෙන පාන්දරම එයාලත් පිට වෙලා තිබුනා.
සියලු පහසුකම් සැපයූ මනුස්සකම පිරි "ගම්දොර resort "
ගමනට සහභාගි ඌ
රසික
ලහිරු
ෂෙහාන් සහ ගෑනු ළමයා
ඩිලාන්
සාගර මල්ලි
මලිත්, ප්‍රසාද්, තරිදු,සුජිත්,චතුමල් ඇතුලු සෙට් එක
චතුර (ලබන පාරවත් BBQ එක ඉවර කරන්න)
ඉදුනිල්
සංජය අයියා
යෂාන්
ගිම්හාන්
සිතුම්
සමීර
මේනක
හිත හොද දොස්තර සුනිල් අයියා
මගදි වෙන් උනත් තරිදු සමග LC
සසිදු
පැතුම්
කවීෂ
සංජු
ලලී
අහම්බෙන් මගදි සෙට් උන රෝදහතර ඉෂාර

නැවතත් රස්තියාදුවකින් හමුවෙමු.
Share
Tweet
Pin
Share
25 comments
මේ පාරත් වැඩට බැස්සා.



සිගරට් එකක් රු.55 - 60ක්.
අඩියක් ගහන්න රු 3000/= වත් අඩුම වියදම් කරනව.
⁣පුංචි එකෙක්ට මුලු අවුරුද්දක්ම ලියන්න එකම එක පොතක් දෙන්න සිගරට් එකක මුදල කැප කරන්න පුලුවන් යාලුවො ඉන්නව නම් මැසේජ් එකක් දාන්න.
R2R එක මෙවරත් පුංචි හිත් වලට සතුට අරන් යන්න සූදානම්.

Share
Tweet
Pin
Share
No comments

මුලින්ම කියන්න ඕනි මේකත් "රෝද දෙකේ රස්තියාදුව" නිල සංචාරයක් නොවුන බව 



හරියටම රෑ 12.00ට ඇහැරුනුත් තිබුන වැස්සත් එක්ක ඇදෙන් බහින්න කම්මැලි හිතුන. කෝම හරි පාන්දර 2.00 ට විතර ඇදෙන් බැහැල නාගෙන එද්දි වයිෆ්තුමීත් නැගිටලා හිටිය තේ එකක් එහෙම බීල ගෙදරින් එලියට බහිද්දි පාන්දර 3.00 විතර වෙලා තිබුනා. ගමන් යන්නම කස්ටම් කරගත්තු ලැගේජ් එකේ (ගියපාර හබරන යන්න කලින් හදව ගත්තු යකඩ ආධාරකය සවි කරගත්තාම ලීටර් 80ක බැක් පැක් එක කිසිම අපහසුවක් නැතිව එල්ල ගන්න පුලුවන් ) බැක් පැක් එකත් ස්ථාන ගත කරල හෙඩ් ලයිට් නැති අඩුව පොග් ලයිට් දෙකෙන් කවර් කරගෙන පාරට වැටුනා.
 කිලෝ මීටර් 250 ක ගමනේ කිිමි 125 ක දුර බලංගොඩ දක්වවා යන්න හිටියේ මද්දත් වයිෆ් තුමියත් විතරයි. පානදුර, හොරණ, ඉංගිරිය දක්වා පාර නිදහස් නිසා වේග සීමා අමතක කරල ගුවනට මුසු උනත් එතිනිින් එහාට වේගය මට්ටු කරන් සමත් වංගු ටිකත් වෙනදට  වඩා වේගයකින් නමාගෙන රත්පුර හරහා බලංගොඩට එද්දි උදේ 6.00 වෙලා තිබුනා.

කලින් දවසේ බඹරකන්ද අවට තැනක කඳවුරු බැදපු කූඩාරම් හර්ෂ, සචිත්, සචින්තන,මලියා, ලහිරු හා සජිත් මල්ලි ඇතුලු කන්ඩායමට එකතු වෙන්න තිබුනෙ කලුපහන අවටින්. ඒ වෙද්දිිත් ඇමතුම් දෙකක්ම මගෑරිල තිබුනා හර්ෂගෙ තුන් වෙනි ඇමතුමත් එක්කම වගේ වයිෆ්තුමීගෙ ගමට යන බස් එකත් ආපු නිසා එයාවත් බස් එකට නග්ගලා කලුපහනට පිටත් උනේ පොරොන්දුව පරිදි 6.30 වෙද්දි එතන ඉන්න ඕනි නිසයි. වංගු ටිකක් තිබුුනත් වේගය ටිකක් වැඩි කරල අදාල තැනත් පහු කරලා සෑහෙන ඉස්සරට ගිහින් තමා කන්ඩායමට කෝල් එකක් ගත්තේ. 

විනාඩි 10ක් 15ක් යද්දිම කස්ටියත් ආපු නිසා එක ගැම්මටම ඇල්ලට ඇද්දේ අපේ පලමු ගමනාන්තය උන පුංචි සිරිපාදය නගින්නයිි. අතරමගදි අපිට සුපුරුදු බන්ඩාරවෙල කඩේට ගොඩ උනේ උදේකෑම ටික බඩට දාගන්නයි. (ඕක සුපුරුදු උනාට අහම්බෙන් සෙට් උනේ අර තඩියා මහත්තයා එක්ක පොත් ටිකක් අරන් බන්ඩාරවෙල පාසලකට ගියපු වෙලාවෙ තඩියල එනකන් ලකා ගහපු වෙලාවෙ බඩ ගින්න නිවාගන්න උදව් උන තැනක් විදයට) 
කෑම නෙමේ හෙල්මට් මේසය මේක


බඩත් පුරවන් ජීවන බරත් සැහැල්ලු කරගෙන නැවතත් පාරට වැටුන.

කස්ටියම එකම පෙලට ආව නිසා අතරමග නැවති නැවති එකතු කරන්න ඕනි උනේ නැහැ මධ්‍යස්ත වේගයත් එක්ක අපි හැමෝම එකටම යද්දි ගමන ඉක්මන්, ඇල්ල ටවුන් එකට ආපු අපි පස්සර පාරට හරවලා කඩයක් ලග නවත්තලා බයික් දාන්න තැනක් ඇහුවාම එතන දාල යන්න කියල අපේ හෙල්මට් , බෑග් ටිකත් කඩේ ඇතුලෙන් තියන්න තරම් මුදලාලි මහත්මයා කාරුනික උනා.

ගිනි අව්වට පිච්චි පිච්චි රස්නෙට ගැලපෙන ඇදුම් ඇදපු සුදු හම ඇත්තන් හා වෙන්ඩ පොෂ් කලු හම ඇත්තන් අතරින් අපිත් මුදුනටම ලගා උනා ටිකක් නැවතිලා ගිමන් ඇරපු අපි බුලාගෙ සෙල්පි ගැහිල්ලත් ඉවර කරාම ටිකක් නිදහසේ වටපිටාව වින්දා ඒව ඉතින් වචන කොරන්ට මම දන්න සිංහල මදි කඳු,ඇලි ගල් සහ ගල් දිහා බලන් ඉදල එපා උනාම ආයෙම බිමට බහිද්දි තවත් වැදගත් යමක් අපි දැක්කා අපේ රටේ ජර්සි ඇදන් ගිනි අව්වෙ කඳු නගින කලු පොස් පීපල්සලා බිම දාන ටොපි කොලෙත් පිටරටක ඉදන් ආපු සුදු හම ඇති ගොඩයො ටිකක් අහුලා සාක්කු වල පුරව ගන්නවා. අපි වගේ 2500 ඉතිහාසයක් හිමි ආඩම්බරකාර ජාතියක් එක එකාගෙ කුනු අහුලයිද නේද?
‍
මීලග නැවතුම විදියට ආරුක්කු 9ක පාලම තෝරාගත්තු අපිට අනවශ්‍ය රස්තියාදුවකින් බේරගත්තේ කඩේ මුදලාලි මහත්තයාම තමයි එයා පෙන්නපු අඩි පාර(විත් පඩිපේලි) දිගේ මිනිත්තු 10-15ක ගමනකින් පසුව අපිට පාලමට සේන්දු වෙන්න පුලුවන් උනා අපි ගිහින් ටික වලොවකිින් දුම්රරියක් එහෙමත් ආවනිසා අපිට පාලම මතින් දුම්රිය ගමන් කරන දසුන දැකගන්න තරම් වාසනාවකුත් තිබුනා ඡායාරූප ගැනීම නම්වූූ භාරදූර කටයුතු අහවර උනාට පස්සෙ නැවතත් පාරට


(අතරමගින් කනට වැටුන දෙබසක්
"මම කීවෙ රෝද දෙකේ රස්තියාදුව තමයි කියල"
            -"එයාලගෙ ජීවිතේම ඇවිදින එක වෙන්න ඇති"
"එතකොට අම්මෙ එයාලට සල්ලි?"
එතිනින් එහාට අපිට මුකුත් ඇහුනෙ නෑ)

 ආපු අපි නැවතත් රෝද දෙක මතට ආවෙ එක හුස්මට ගැස්සි ගැස්සි තෙමි තෙමී පස්සරට ආපු අපි ස.තො.ස ඇතුලට රිංගුවේ කන්න බොන්න ඕනි කරන නුුඩ්ල්ස් පාන් ආදී උෟ අටෝරාශීයක් උෟ අඩුම කුඩුම ටික අරගන්න. 

"කොත්තුමී කප් 5යි තියෙන්නෙ''
"පාන් නෑ"
"සොසේජස් ලොකු පැකට් එකක් ගන්න සල්ලි ඇතිද?"
"ලීටර් 5හේ වතුර නෑ"

ටවුම වටේම එහෙ මහෙ ඇවිදලා අවශ්‍ය දේවවල් ටික ලෑස්ති කරගත්තු අපි නැවතත් පිටත් උනේ අපේ මීලග නැවතුම වූූ පුංචි ලෝකාන්තය (පිටමාරුව) හොයාගෙනයි මේ අතරේ තමා මතක් උනේ දවල්ට කෑවෙ නැහැ කියල පොඩි කඩේකට ගොඩවෙලා පාන් බනිස් උම්ඹඹලකඩ සම්බෝල ඇස්ටට්‍රා ආදීී දේවල් ටිකක් එහෙට මෙහෙට පෙරලල බඩ පුරවාගෙන තේ එකක් එහෙමත් බීල හිස් බෝතල් ටිකත් පුරවාගත් අපි නැවතත් පාරට වැටුනා අබලන් තත්වය තවත් වැඩි උනත් වටපිටාවෙන් මැවුන දසුන නිසා ඒක එච්චරම පුශ්නනයක් උනේ නැහැ.


කට්ටියම තනි කෑල්ලටම පෝලිමේ කදු පාමුලට ලගා උනාට පස්සෙ තමයි අපේ මලියාගේ බයික් එකේ චේන් එක සෙල්ලමක් පෙන්නුවේ පසුව එජස් කරන බලාපොරොත්තුවෙන් සචියාගේ බයික් එකේ පිටි පස්සේ ලනුවක ආධාරයනේ කදුමුදුනට අරන් යන්නත් සචින්තනගෙ බයික් එක හැමදාම ඇදන් යාමෙන් මිදීී ඇගෙන යන්නා බවට පත් කරන්නත් හැකියාව ලැබුනා.


බෑවුම ලග බිම පෙරලි පෙරලි පොටෝ ගත්තු අපිදරිල්ලේ ගල හොයාගෙන පිටත් උනා (දැන් මැප් එකෙයි ගුලෙයි හොයන්න එපා ඒක ජාත්ත්‍යයන්තරේට ගිහිිින් නෑ අපි නම් එහෙම යවන්න අදහසකුත් නැහැ.) කදු මුදුනට ගියපු අපි ඊලග අභියෝග ටික ගැන බලද්දි තව ආතල් එකක් හර්ෂගෙ රෝදයක පැච් එකක් සචිත් එක්ක ලහිරු ටෙන්ට් ගහද්දි සචින්තන, සජිත් රෝ‍දය ගැලෙව්වෙ පහුවදා පෝය දවසක් නිිිසා ටයර් කඩ වසා තිබීමේ අවධානමෙන් ගැලවෙන්නයි.
වීඩියෝ කෑල්ලක් එහෙමත් අරගෙන අපේ ගමනාන්තය උන

ගින්(දර)
මලියා, සංජය එක්ක මම අවට රවුමක් දාල දර හෙව්ව කියන්න සංතෝෂෂයි දර තිබ්බ අපි අර පොඩි කාලෙ සෙල්ලම් ලිපට දාන සයිිිිස් එකෙන් ඒ වේලාවෙ එතනට ආපු පොඩි මල්ලිලා දෙන්නෙකුත් අපිට ගොඩක් උදව් උනා දර හොයන්න ටෙන්ට් ගහන්න එහෙම භාෂාව තමා පරහකට හිටියේ අතින් පයින් දන්න වචන ටික දාල අපි පුලුවන් විදයට කතා කරා අපි සැලෙයි. මෙහෙම ගියාෙත් කාල හමාරයි සංජය අයිය වැඩ කරන ආයතනයට සම්බන්ධ වෙලා වැඩ කරන කෙනෙක්ගෙ නමිබර් එකක් හොයාගන කතා කරල කිමි කිහිපයක් දුරට ගිහින් දර කොටයක් හොයාගන්න අපට පුලුවන් වෙනව.



ටික වෙලාවක් යද්දි පැච් එක දමාපු ටයර් එකත් අරන් සචින්තනල ආවට පස්සෙ තමයි අපි ගිනි මැලේ වටා රොක් උනේ.

"rs.200 කින් 8 දෙනෙක්ට ගන්න පුලුවන් තෑගි මොනාද? - දවසේ පැනය "

දවසේ හොදම ආතල් එක නූූූූඩ්ල්ස් පැකට් 6ක් මිසින්ග් කප් 5 නම් තියෙනව උදේට කන්න ගෙනාපු පාන් 4න් එකක් අපි සෙට් එක අතරේ බෙදාගෙන බඩ ගින්න නිවා ගත්තු අපි තේ එකක් එහෙම හදාගෙන බීල ටිකක් කයියක් දැම්ම. අඩි 5කට වඩා දුර නොපෙනෙන තරමට මීදුම වැඩි වෙද්දි කස්ටියම නිදා ගන්න ගියේ දවස පුරාම බයික් පැදපු මහන්සසියත් එක්කමයි.








උදේ පාන්දරම නැගිටලා ඉර මාමා උඩට එනව බලන් ඉදල බයික් වලින් කන්ද පුරා සැරි සරා ඒ ආතල් එකත් අරන් පාන් එක්ක මීීීීට් බෝල් කරියට වග කියල තමා ආපහු එන්න පිටත් උනේ.




ඔය ඉන්න පොඩ්ඩො තමා කලින් දවසෙ උදව් උනේ උදේමත් ආව අපිව බලන්න.







Share
Tweet
Pin
Share
18 comments

මේ පාර නම් කතාව එන්නෙ කොටස් කීපයක් විදියට ඒක මුලින්ම කියන්න එපැයි.

හරි එහෙනම් ගලේ කන්ද ගිහින් ආවට පස්සෙ මද්දට ටිකක් විතර මහන්සි දැනුන ඉතින් "රෝද දෙකේ රස්තියාදුවට" ටික දවසකට සමු දෙන්නයි හදුවෙ

ඒ මේ අතරට මද්දගෙ වෙඩිමත් ආවම සෑහෙන්න බිසී උනා.
 පවුලෙ අයගෙන් අෑත් වෙලා කොලඹට සින්න වෙලා ඉන්න නිසා දැන් කුරුණැගල ඉන්නෙ අතේ ඇගිලි වලින් ගනින්න පුලුවන් තරම් යාලුවො ටිකක් විතරයිිි. ඉතිරි ඔක්කොම ටික ඔපිස් වලයි "රස්තියාදුවෙයිි" යාලුවො ටික තමයි ඒ ටිකෙනුත් බහුතරය කොළඹ.
ඉතින් පාටියත් මොරටුවේම ගන්න තීීරණය උනා. මාසයක් වගේ කෙටි කාලයක් ඇතුත පොඩිවට ලස්සන ටිකක් වෙනස් උත්සවයක් සංවිධානය කරගත්තෙ තනියමයි. රෝද දෙකේ රස්තියාදු කාරයො තමයි හැම දේටම උදව් කලේ ඔව් බය නැතිව කීවෑකි උන් ඇරෙන්න වෙන කිසිම එකෙක්ගෙන් උදව් ගත්තෙ නෑ.

ටුුවර් එකක් ගැන කියන්න ඇවිත් වැල් බයිිිල කියල වැඩක් නෑනෙ ආපහු මුලට

ඉතින් ඔන්න ඔය හේතු නිසා රස්තියාදුව ටෙම්පරි ස්ටෑන්ඩ්බයි දාන්න හැදුවට වැඩේ හරිගියේ නෑ. මේක දැන් ලේ වලටම මුසු වෙලාද කොහෙද.
ඊටත් වඩා එකා දෙන්න අහන්න ගත්තම යන්නැද්ද ආයෙ කවද්ද ඊලග එක කොහෙ? දීපන්කකො උත්තර 😅

තැන් 100ක් විතර අතරින් අන්තතිමට තිවා තැනක් හොයාගන තිබ්බ. හැමදාම හොයන හොයන තැන මම මොකක් හරි අඩුපාඩුවක් කියන නිසා තිවා මාත් එක්ක මලෙන්ද මන්ද හිටියෙත්. කෝමඋනත් මේපපාරත් හොයපු මුල්මතැනට  මම බාල්දියක් පරෙලුවේ දුර, පහසුකම්, විස්තර මදිබව ආදී හේතු දක්වල. ඊට පස්සෙ ආයෙම දෙන්න එක්ක මැප් එක පීීරන්න ගත්තා. එහෙම ඉද්දි තමයි සති අන්තයක මට කෝල් එකක් දීල කීවෙ තැනක් සෙට් උනා අද බලන්න යනවයි කිිියල.

අන්තිමට හබරණ පැත්තේ කැලෑවක් හොයාගන තිබ්බ (කමත එකෝ ලොජ් එකේ කෑම්පින්ග් සයිට් එක.) පොටෝ එහෙම එවල තව කිමි කිහිපයක ඕෆ් රෝඩ් අත්දැකීමක් එහෙමත් ගන්න පුලුවන් කීීවම හිත නිදහස්.
හැබැයි පොඩි අවුලක් ගාන ටිකක් සැරයි කමක් නෑ හැමදාම බාල්දි පෙරලනව කියල හිතයි මේකකටත් බෑ කීීවොත් ඔන්න ඔහෙ හා කියනව කියල හිතල කැමැත්ත දුන්න.

ඉවෙන්ට් එක දැම්මම තමා තත්වය එලියට ආවෙ. අපේ කොල්ලො ගොඩක් අය මහලොකු සල්ලි කාරයො නෙමයෙි කියන එක මද්ද හොදටම දන්නව. අනිත් එක තමයිි අපි ඉපදුන අපේ රටේ අැවිදින්න සුද්දො වගේ සල්ලි විසි කරන්න ඕනිිද අපිම කියන තැන තමා මද්ද ඉන්නනෙ. ඉවෙන්ට් එකට සහභාගීීත්වය අනිවාරනේම අඩු වෙනව කියන එක මද්ද දන්නව මොකද රස්නනෙ පලාතක් වීම කියන සාදකය හා මිල ඉතිිිින් මේ ගැන කතා කර කර ඉද්දි තමයි අපේ සචින්තන අදහසක් දාන්නෙ කෑම උයන්න කුකෙක්ව ගමුයි කියල. ඒ අදහස ස්තීර කර ගත්තාට පස්සෙ අපිට පුලුවන් වෙනව තවත් රු.500/= විතර ගාන අඩු කරගන්න.

ගමනට සති තුනයි!
 යන්න කස්ටිය නෑ!
කස්යටියම බිසීී වෙලා මද්දදව ගිිරේට අහුවෙ‍ලා!
 මෙච්චර කල් අපි ලග තිබුන සාර්ථකත්වය නැති කරන්න බැහැ මොකද එහෙම වෙනතුරු ගොඩක් අය බලන් නාෙහිටියාම නෙමෙයි.

කෝම නමුත් අයින් වෙලා ඉන්නම් කියල හිතපු ඉවෙන්ටුව ආයෙම අතට ගත්තා. පොස්ට් හැදුව පොටෝ හැදුව හතර වටේ පබ්ලිෂ් කරා. වැඩේ ටික ටික නැගල ආව අන්තිමට හැමදාම වගේ 30ක් පැන්නම වැඩේ නැවැත්තුවා. 30 බලාපොරොත්තුව 42ක් උනා ටෙන්ට් මදිි මේ පාරත් ඒ වගකීීම සචින්තනට බාර දුන්නා (උඹට කතා කරොත් වැඩක් බාර දෙනව කියන ගමන් වැඩේ බාරගත්තා)

සේරම ලෑස්තතියිි 25 වෙනිද පාන්දර 5.00ට පිටත් වෙන බලාපොරොත්තුවෙන් 4.30ට ඉවෙන්ට් එක දැම්ම. 😎

  කවමදාවත් නොවුන විදියට බලාපොරොත්තු උන වෙලාවටත් කලින් බහුතරයක් ඇවිත් හිටියා මද්ද යද්දිත් 4.30 පහුවෙලා විනාඩි කිහිපයක් ගත වෙලා තිබුන. එක්කෙනෙක් දෙන්නකේ විතරයි පරක්කු උනේ එ්කත් කියන්න තරම් දෙයක් නෙමෙයි කලින් වතාවන් එක්ක සසදද්දි. 4.45විතර කෝල් කරල මද්දා බෙඩ්ශීීීීට් ඕනිද ඇහුවෙ කව්ද කියන එක හරි නෑනෙ.

කස්ටියම කොට්ටාවනේ පිටත් උනා පටන් ගද්දිම පුුංචි අඩුපාඩුවක් හොම්බ දිග කැමරාව අරන් එන්න කියල දාපුු ඇරේනන්ජ් මන්ට් එක හරියට කමිනි කේට් වෙලා නැහැ. (හැම දෙයක් ගැනම ඩබල් චෙක් කරද්දි උෟව පේන් ඉන්ද අෑස් වගේ දැනුනට බනින්න එපා මේ අඩු පාඩු වෙන බව දන්න නිසයි එහෙම කරන්න වෙන්නෙ) මද්ද මේ ගැන වැඩිය හොයා නොබලපු එකේ වරද (ඒකයි මේ පාර ඇල්බබම් එක පරක්කු).

කෝමින් හරි අපේ මුල්ම නැවතුම උනේ අත්තනගල්ල පංසල අසලයි අපේ රමිදු එක්ක මෙච්චර කල් අපිත් එක්ක යන්න හිටපු හැම ටුවර් එකක්ම මගෑරුනු දිනූූූූත් වෙලාවම වගේ ටිකක් පරක්කු වෙලා ආව. ඒකෙන් පාඩු උනේ මාලෙ රුපියා රුපියල් වලට මාරු කරන් අාපු එකෙක්ට කිියලයි ආරංචිය. (දෙවැනි අඩු පාඩුව බයි මද්දා යන අයට උදේට තේ එකක් ලෑස්ති නොකිරීම සමා වෙලා ඊලග පාර අපි ඒව හදාගමු)

එතනින් ඊලග නැවතුම උන පස්යාලට යද්දි බලාපොරොත්තු උනාට වඩා ටිකක් ප්‍රමාද උනේ උෟරපොල පාරෙ(හරි නේද නම පස්යාලෙන් අත්තනගල්ලට වැටෙන පාර) කිමි ගානක වාහන පෝලිිම නිසා. එතනට කෙසර අයියා වගේ මලිත්(තව මලියෙක්) අලුත්ම සාමාජික මල්ලිලා ටිකත් ඇවිත් හිටියා.
කොල්ලො තියා බල්ලවත් ගන්න නොගන්න සුපුරුදු දේශනාව

 පොඩි දැනුවත් කිරීමක් එහෙම කරල අපි ගමන ආරම්භ කරේ පහු උන චරිදු අඹේ පුස්සටම ගිහින් කෝල් එකක් දුන්නමයි.

ඊලග නැවතුම උන කුරුණෑගලට යන අතරෙ වෑන් එකක් නිකන් ගේමට වගේ අපිව ඉස්සර කරන් ගිහින් පාර මැද තියල ස්ලලෝ කරා මද්දගෙ කට්ට පැනල වමෙන් දාල ගියේ කන පිරෙන්න දෙකක් කියන්නයි බලද්දි පිටිපස්සෙ හිටපු පොඩි මල්ලි කෙනෙක්ට අපිට වීීඩියෝ කරගන්න ආස හිතිලයි එහෙම ගිහින් තියෙන්නෙ එයාටත් සැලියුට් එකක් දාගෙන කෙලින්ම ඇද්දෙ පොල්ගහවෙලට.  එතනින් එකතු වෙන්න හිටපු ලවංගා සහ එයාගෙ හස්බන්ඩාවයිි, කියපු වෙලාවටත් කලින් ඇවිත් පැයකටත් වඩා රස්තියාදු උන සිතුම් මල්ලියි (කුරුවිට ඉදන්ම ආපු) එකතු කරගනෙ කුරුණැගලට ඇද්දෙ උදේ කෑම ගන්න බලාගනෙයි 40කට නෙමේ 100කට උනත් ඉඩ තිබ්බ මාතර බත්කකඩේ (ඉස්සර නම් වේල් තුනෙන් දෙකක්ම කාපු තැන) 40කට ගන්න පාන් තියනවාද බලපන් කීවම සචින්තන වෙන කොහදෙ තැනකින් පාන් සමග හොදි ලීටර් 5ක් විතර අරගෙන තිබ්බා. ඒකත් අරගෙන සුපුරුදු වැව රවුමට ඇවිත් කන්න බලද්දි හැමෝම කියපු විදියටම පිගන් අරන් ඇව්ල්ල තිබුන නිසා😔😔 එක පිගානකින් 10ක් විතර වටවෙලා හිතේ හැටියට පරිප්පු එහෙෙමත් නාගත්තා.



ගෘප් පොටෝ එකක් එහෙම
 අරගත්තු අපි නැවතත් පාරට වැටුන සැරින් සැරේ නවතින්න සිද්ද උනේ සමහරුන්ගෙ අධික වේගයයි සමහරුන්ගෙ වේගගය අධික ලෙස මදි වීම නිසයි.
මේක කරන්න බෑ බං උන්ටිකට ආතල් එක ගන්න දීල අපි 70වට යමු 
 අන්තිමට හෙවන තිබුන තැනක නවත්තලා පිටි පස්සනේ ආපු හැමෝමත් නවත්තගනෙ අපේ පුරුදු පිලිවෙත උන 70 උපරිමය තියාගමු වේගෙන් ගියපු කිහිප දෙනාට එයාලගෙ ආතල් එක ගන්න දෙමුයි කියල ආපහු අපේ දම්වැලේ පුරුක් අමුන ගත්තා ටිකෙන් ටික දඹුල්ල එහෙමත් පහු කරලා අදාල ස්ථානයට යන පාරට හැරවේවා.


ඇත්තටම කමත හිමි කරු වෝනර් මහත්තයා හරි ලස්සනට තැන ප්ලෑන් කරල තියෙනව එයාගෙ පුතා තමා අපි යද්දි එතන නිලලත් බලධාරියා වෙලා හිටියේ.


 අනිිත් අයට විවේක ගන්න දීල තිවා එක්ක කෑම හොයන් පිටත් උනේ දවල් කෑම වෙලාව නිසා අපේ මහන්සිය අමතක කරල දාලයි.

කඩවල් කිහිපයක්ම පහු උනත් ඒ කිසිම තැනක 40 දෙනෙකුට කෑම තිබුනෙ නැහැ අන්තිමට අහම්බෙන් වගේ ගිහින් තිබ්බෙ නියම තැනකට 40කට නෙමේ 400කට උනත් කෑම එයාල ලග තිිබුනා. ටිකක් වෙලා ගියත් කෑම ටික ලස්සනට හදල දුන්නා තිවාට මේසෙ උඩම නින්දත් ගියා 😂😂😂. ඇවිත් කෑම බෙදද්දි තමා සීීන් එක කලබලේට හෝ හිතාමතාම කෑම තුනක් අඩුවෙන් තමා දීල තියෙන්නි වෙනද හැමට අන්තතිමට කෑම ගත්තට සෙට් එකක් ඇවිදින්න ගිහින් හිටපු නිසා මද්දත් ඒ වෙද්දි කෑම කන්න පටන් අරන් ඉවරයි. මදි කෑම තුන වෙනුවට සහෝදර කම බෙදාගත්තු අපේ උන්ටික බඩ පුුරව ගත්තා.


_________________________________________________________________________________

ඕෆ් රෝඩ් යන්න ගියත් චේන් එක බුරුල් උන නිසා ආපහු හරවන් ඇවිත් කඩේ ගියෙමි. ඒක අපි මනූූෂටම ලියන්න කියමු. (හෙ හේ අපේ අලුත්ම සාමාජිකයා)
_________________________________________________________________________________

පුඩි සිටිය හා තවත් කඩවල් කීපයකටම ගොඩවැදිල අවශ්‍ය අඩුම කුඩුම අරන් එද්දි හැමෝම ඇවිත් තිබුන නිසා ඊලගට අපි පිටත් උනේ හබරණ වැවට වතුරත් හොදින් තිබුන අහල පහල හිටපු ගමේ අයගෙන් ආරක්ෂිත තොටුපලක විස්තර අහගෙන කස්ටියම හිතේ හැටියට නාගත්තා කලුවර වැටෙන්න කිට්ටු වෙද්දි පාරට ආපු අපි උනු උනු ප්ලේනන්ටියක් එක්ක පොල් රොටීී කිහිපයකටත් වග කියලා කමතට ආවෙ කෑම්ප් සයිට් එකට යන්න වෙලාව හරි නිසා (මේ පාර නම්  නිදහසේ එහෙට මෙහටෙ යන්න වෙලාව තිබුනු සපුරන්න බැරි තරම් ඉලක්ක ගොඩක් අපේ ගොඩ පුරව ගත්තු නැති නිසයි. ඇත්තටම දැන් ට්‍රැවලින්ග් තරගයක් වෙලා හැමෝමමට ඕනි තැන් ගොඩක පිංතූර වලින් තමන්ගගෙ ට්‍රැවල් ෆෝල්ඩර් එක පුරවා ගන්න ඒත් හිත පිරිලද?)

ටිකක් අමාරු පාරක් දිගේ කෑම්ප් සයිට් එකට එද්දි ගෑස් ලාම්පුු දෙකකින් එලිය උන කඳවුරු බිම මනරම් දර්ශනයක් කියලයි මට නම් හිතෙන්නනෙ. ගිනි මැලය හා ගල්අඅගුරු ටික පත්තු වෙන අතර මදි පාඩුවට අපි ගෙනාපු ටෙන්ට් ටිකත් ඉදි උනා.


 

 


මස් ටික පිලිස්සෙන අතරේ කට්ටියම තමතමන් අදුන්වලා දුන්නා ඒ අතරේ ගමනෙදී වෙච්ච අඩුපාඩු හා ඉදිරියට වෙන්න ඕනි දේවල් ගැන යෝජනා එහෙමත් අරගත්තු අපි අපේ 7 වන චාරිකාව බොහෝදුරට අතිසාර්තක කියන මට්ටමට අපි අවුරුද්දක් පුරාවට ගත්තු අත්දැකීම් විසින් යොමු කරල තිබුනා කියල නිහතමානීී ආඩම්බරයක් නැති වාම නොවෙයි.

සචින්තතනගෙ ගිටාර් එක නැති උනත් ආතත සංගිත භාන්ඩ වලට දක්ෂයෙක් වෙච්ච ලසාල් තේනුුවර දර්බග්(හරි නේද නම) එකක් හා බැරල් එකක් හරහා මවපු සංගීතයත් එක්ක සචින්තතන අතුල ගායකයො ටික සිංදුවක් කියද්දි මල් වලට මල් පැනි වලට අදාල අය ඒ කර්තව්‍යයන් වල නියැලුනාලු කියලයි කියන්නෙ ගියපාර ඉගෙන ගත්තු පාඩම නිසා හැමෝම කෑම කාල එහෙම ඉවර වෙනකන් එහෙම ඉවසා වදාරල තමා මද්ද නම් අවශේෂ කාර්යයන් සදහා යොමු උනේ.



______________________________________
ඕප් රෝඩ් රසකතා ලිපියක් මනූූෂගෙන් බලාපොරොත්තුවෙන් ලියුම නවත්වන්නම්.
____________________________________________
අදට(16.09.2018) අපිට අවුරුද්දයි ආපු නාපු ව⁣ච⁣නයෙන් හරි සහවූ සැමට ස්තූතියි
කේක් කෑල්ලක් ඔයාලටත්


 






























Share
Tweet
Pin
Share
14 comments
Older Posts

අපි ගැන

About Me


රෝද දෙකේ රස්තියාදුව හැදෙන්නෙ බයික් වලට ආදරේ කරන අයටයි. ජපන්/ඉන්දීයන්/මැලේසියා/යුරෝපා කොහේ හැදුවත් පදින රොද දෙකට ආදරේනම් එකතුවෙන්න තහනමක් නෑ. රට වටේ ඇවිදින්න කැමති bikersලා සෙට් එකක් හදන එකයි මූලික අරමුන මොකද ගොඩක් අය බයික් එකේ brand/model එක්ක තමයි group වලට සෙට් වෙලා ඉන්නෙ එයාලගෙ trip දැකල ඉරිසිය හිතුනු අවස්ථා ඕනි තරම්. මේකෙ සමාජික වෙන්න තියෙන එකම සුසුදුසුකම bike lover ,කෙනෙක් වීම පමනයි.

අව ගිය අය

Labels

R2R official events පිළිවෙලක් නැති ගමන්.

recent posts

Blog Archive

  • ▼  2020 (2)
    • ▼  July (1)
      • බෝගහපැලැස්ස සොයා මුලින්ම කියන්න ඕනි මේක හොයන්න ...
    • ►  January (1)
  • ►  2019 (5)
    • ►  October (1)
    • ►  May (1)
    • ►  April (2)
    • ►  January (1)
  • ►  2018 (7)
    • ►  October (2)
    • ►  September (1)
    • ►  July (1)
    • ►  May (1)
    • ►  April (1)
    • ►  January (1)
  • ►  2017 (6)
    • ►  December (1)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (3)

Created with by BeautyTemplates | Distributed by Gooyaabi Templates