• Home
  • Facebook
  • Youtube

රෝද දෙකේ රස්තියාදුව

facebook google
ගමන්  දෙකක්ම සාර්සථක ලෙසම ඉවර කරපු රෝද දෙකේ  රස්තියාදුව තුන් වෙනි රස්තියාදුව ගහන්න පොලොන්නරුව තෝර ගත්තා.

 හතර වටින් කට්ටිය අම්බානට සෙට් වේගෙන ආව. මීටිමක් එහෙම තියල අපේ ඇඩ්මින්ල සෙට් එක ටයිම් ටේබල් එකක් එහෙම ලෑස්ති කරල ⁣දිග..... සතිඅන්තයක් වෙච්චි දෙසැම්බර් මාසෙ 1,2 දවස් දෙක තෝර ගත්තා.
මේ විදියෙ කාලගුණයක ඇවිදින්නෝ කවර නමකින් හැදින්වේද?
හැබැයි කාලගුණික වෙනස් වීමත් එක්ත අපේ සැලසුම් අවුල් ගියා සංචාරයත් නවතින තැනට වැඩ සකස් වීගෙන එද්දි තමා උන බහින්නෙම නැති බයික් පිස්සො සෙට් එකගෙන් සැරින් සැරේ මැසේජ් ආවෙ "මද්දා වැස්සත් යනව නේද?" කියල ඉතින් මද්දටත් සහලෝල උන නිසාත්, වැස්සකට උනත් නවතින්න අකමැති මම වගේම තවත් උන කාරයන් සිට්න නිසාත්,  යන තරම් පිරිසක් සමග ගමන ගිහින් එනව කියල තීරනය කලා.

යනව කියපු අය එක එක අඩු වෙද්දි අලුත් පිස්සො ටිකක් එකතු උනා අන්තිමට 14 දෙනෙක් එකතු උනා.

මලිය, සචින්තන, සචිත්‍ර ගිය පාර ටුවර් එකේදි මට හම්බ උනු පිස්සො අතරින් සුපිරිම පිස්සො ටික. ඊට අමතරව හැමදාම මට හයියක් උන හර්ෂ,චේති,සමීර, මුන් ටික ගැන කලින් පෝස්ට් එකේ කියපුනිසා ආයෙ මොකටද හෝද හෝද මඩේ දාන්නෙ.

ලහිරු මදුසංක (බලපංකො ඉතිම් නමටත් කෙලියා) ගිය පාර ටුවර් එකත් මිස් කරගෙන සෑහනේන දුකනේ හිටියේ.මේ පාර වැස්ස නෙමෙයි කුනාටුවක් ආවත් එනව කියල ස්තීර කලා. ගමන යනව කියල මාව හම්බෙන්ම ඇවිත් කියල ගියපු ලහිරුත් පැතුම් වත් ෂුවර් ලිස්ට් එකට ආව (ගෘප් එකෙන් බාගයක්ම ලහිරුල ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම වගේ) ගොඩක් තැන් රෝද දෙකෙන් කවර් කරල තිබ්බ්බ කෙනෙක් හැබැයි තනියම.
චතුරංගත් ටිකක් කල් ඉදන් ගෘප් එකේ හිටියට මේක තමයි අපිත් එක්ක ගිය පලමු සංචාරය, එයාම තමයි අපිට කෙසර වත් සම්බබන්ද කරේ නියම පිස්සෙක් තමයි කෙසර. මීට අමතරව තමයිි රන්දික සෙට් උනේ වතුරට බය උනාට  වැස්සට නම් බය නෑ  හැබැයි.
තව කිහිප දෙනෙක්ම යන්න හිටියත් වැස්සටත් වඩා එයාලගෙ ගමනට රාජකාරී  කටයුතු  හරස් උනා.
පුල පුලා බලන් හිටපු දෙසැම්බර් පලවෙනිදට එලි උනේ වැස්ස අඩු නොවීමයි. 7.30 දාල තිබ්බ ආරම්භය 8.30ට තල්ලු කරල බලන් හිටියෙ වැස්ස ටිකක් අඩු වෙනකන් මොන අඩුවක්ද?  බොහෝම අමාරුවෙන් ගෑනු ළමයවත් කැමති කරවගෙන වැස්සෙම එලියට බැස්සා.
අපේ හර්ෂ  මහත්තයත් ආව මාව එක්කන් යන්න ගෙදරටම.
කොහොම හරි 9.00 විතර වෙද්දි පිලියන්දලින් පිටත්වෙන අය ඇවිත් හිටිය එක්කෙක් ඇරෙන්න.
ඔව්, සමීර තමා නැත්තෙ එලියට බැහැගන්න බැරි් තරම් වැස්ස වැඩි නිසා 10.00 විතර වෙනකන් බලන් ඉදල තමයි එයාව එලියට ගන්න පුලුවන් උනේ. ඒ අතර මගදි ජංගමයාව මග වට්ටල ඒක අහුලපු එකත් අපිට ලස්සන ටොෆියක් දීල වටයක් යවල තව ටිකක් පරක්කු කලා.
කොහොමහරි අපි ගමන පිටත් වෙද්දි  පස්යාලෙන් එකතුෙ වෙන්න හිටපු අය එතනට ඇවිල්ල. වැස්සට යටින් පිලියන්දල ඉදන් වරකාපොලට  ඉගිලුනා. එ් වෙද්දි සචීල දෙන්නත් කුරුණැගලට ඇවිත් වෙනමම ටුවර් එකක් දාල තිබ්බා.
කාලම යමු බං


 ඉතින් දවල්ට පොලොන්නරුෙවන්  දවලට කන්න හිටපු ලන්ච් එකත් මගින්ම කාල, ආයමෙ පාරට වැටිල කුරුණැගලට ආව, හිටි හැටියෙම සමීර ආගිය අතක් නැති උනා.
 ටික වෙලාවතින් රා්ෙද දෙක සුදු ඉරක් මතින් රැගෙන යාමේ භාග්‍ය කරණකාෙට ගෙන මහා දඩ රාජයෙක් අතැතිව ජයග්‍රාහී  විලාශයෙන් පැමිනියා (මූ එලියට බහිද්දි මොකාව දැකලද මන්දා).


ඉතින් මද්දගෙ හෝම් ටවුම වෙච්ච කුරුණැගල බයික් එක පදින්න ආසම පාරවල් දෙකෙන් එකක්(අනිත් එක තමයි ඇතුගල උඩට යපාර ඒක සචීල දෙන්නම් කවර් කරල තිබ්බා.) උනු වැව රවුම හරහා කට්ටිය රවුමක් ගෙනියන්නත් අමතක කලේ නෑ.
ඉස්සර අපි වල බහින කාලෙ මේව මෙහෙම කාපට් පාරවල් නෙමේ අපේ හාමුදුර්නෙ.

වැදගත්ම දේ තමයි වැහිදෙයියෝ තමන්ට අවනත නොවුන මේ රස්තියාදු කාරයො ටිකට සමාව දීල වැස්ස එ් පැත්තෙන් අරන් ගිහින් තිබ්බා.
ගියපාර අදින්න බැරි උන ටීෂර්ට් ටික මේ පාර නම් අදින්න පුලුවන් උනා අලුත් සාමාජිකයන්ට වගේම කලින් පාර නොලැබුන අයටත් ටී-ෂර්ට් ටික බෙදල දුන්නෙත් වැව අද්දරට වෙලාම තමයි.
පාර මැද්දෙම ඇදන් හිටපු ටීෂර්ට්  ටික ගලෝල දාපු අපේ කොල්ලොටික රෝද දෙකේ ටී  එකට මාරු උනේ පුදුම ආසාවකින්. ඒක දැක්කම ටී-ෂර්ට් හොයන්න,මහන්න කාපු කට්ට පාඩුක් නෑ කියලත් හිතට දැනුනා.
ඉතින් ගන්න පුලුවන් තරමක් පොටෝස් කැමරා කාච වල සටහන් කරගෙන ආයතේ පාරට ආව.
කට්ටියවම එකම පේලියකට තියා ගන්න ටිකක් අමාරු උනත් ටික වලොවක් යද්දි හැමෝම ඒකට පුරුදු වෙලා. ඒ උත්සාහය සාර්ථකයි කියල දැනගත්තෙ  හර්ෂ  කියපු වචන ටික්කින්. "මචං හෙඩ් ලයිට් ටික දාගෙන එකම පේලියට යන එකේ ලස්සන පේන්නෙ  පිටිපස්සෙන්ම එන උන්ට බං පාර දෙපැත්තෙ ඉන්න මිනිස්සුන්ගෙ  හිනාව පේන්නෙත් පිටි පස්සෙන් එන උන්ට"
ඔව් මචං ඒ හිනාව අැතුලෙ බලා පොරොත්තුවකුත් ඇති කරමින් තව ගොඩක් තැන් තියෙනව ඇවිදින්න.

දඹුල්ලට එකන්ම එක හුස්මට ඇවිත් පොඩ්ඩකට නතර උනේ තෙල් ටැංකි සමහරක් හිදෙන්න කිට්ටුවෙලා තිබුන නිසයි.
ටැංකිය පුරවන් එලියට එද්දි දැකපු දර්ශනයනම් මගෙ හිතට ඒතරම් ඇල්ලුවෙ නෑ.
සචින්තනයා එයාගෙ ක්ලැසික් කොල්ලගෙ වයර් ට්ක ආයෙම අදින්න පටන් අරන් තිබ්බා.
සචිය ප්ලීස් මචං ඇති
 අම්ම ගායි මතකයිනෙ ගියපාර දුන්න ආතල් එක. ඒක මතක් වෙලා මගෙ ඇග සීතල වෙලා ගියෙ තාම හබරණ පහු කරල නෑ කියල මතක් උනාමයි. කොහොම හරි හාර්නස් එකේ තැන් 10ක් විතර කපල ටේප් කි.මි 2ක් 3ක් ගහල නැවත පන ගන්න ගත්තා. දැන් නම් සෝක් ස්පොකට් වීල් දෙකත් දාලම තිබ්බ නම්.
හරියට හූනෝ ලු.






ආයෙම රෝද දෙකේ දම්වැල ඉස්සරහට ඇදෙන්න ප⁣ටන් ගත්තා ටික ට්ක කලුවරත් පරිසරය වෙලා ගද්දි අපි හබරණ. පාර හැම තැනම ⁣හූනො ගහපු බොඩ් ගොඩක් තිබ්බා. මම හිතන්නෙ හරියට හූනො ඇති හබරණ කැලේ.

කි.ම් 2කට කිට්ටු දුරක් යද්දි තමයි පාර අයිනෙ ඉදපු යාලුවෙක්ව අපිට හම්බ උනේ බයිසිකල් දම්වැලේ ඉස්සරහම ගියපු ලහිරු මහත්තය අලියෙක් දැක්කම ඌට කෑගහල කුලප්පු කරන්න හැදුවෙ ඇයි කියල මට නම් තේරෙන්නෙ නෑ,එක්කො මූට අලිය මෙචචර ලොකුවට ඉදලත් පෙනිල නෑ. කොහොම හරි මද්ද ඊට පිටු පස්සෙන් ගියපු නිසා "තොට පිස්සුද කියල" ඇහුවම උටත් හොද සිහිය ආව. මම හිතන්නෙ ඌට එක පාරටම මතක් උනා මූ අලියෙක් කියල.
කොහොම හරි ඒ අහිංසකයගෙන් කාටවත් හිරිහැරයක් නැති පාටයි. ඊට පස්සෙ දෙතුන් පාරක් නැවැත්තුවෙ කිහිප දෙනෙක්ගෙම (මද්දත් ඇතුලුව) අැස් වලට පොඩි පොඩි සත්තු කිහිපදෙනෙක් ගිය නිසයි.

ඇත්තටම මේ පාරෙ දුර සදහන් කරල දාපු බෝඩ් ගහපු එකා නැත්තම් මැනපු එකා මොනා හරි කරල ඉදල තියෙන්නෙ. මොකද එ්වගෙ පෙන්නපු විදියට පොපොන්නරුවට තියෙන දුර අඩු වෙලා ඊග එකේදී ආයෙම වැඩි වෙනව.
කොහොම හරි පොලොන්නරුවට ලගාවෙද්දි අදුර පරිසරය වෙලාගෙන ඉවරයි.


මාලු වැවේ ඒව.

ඊට පස්සෙ මාලු කඩයක් ලග නතර වෙලා BBQ වලට සුදුසු මාලු හෙව්වත් තියෙන ඒව ඒ වැඩේට ගැලපෙන්නෙ නෑ කියලයි ඒ අය කීවෙ ඉතින් BBQ වෙනුවට deep fry කරන්න එතන හිටපු ලොකුම මාලුවාව කප්ප ගත්තු අපි නවතින්න ලෑස්ති කරපු තැනට (සමීරගෙ වයිෆ් තූමීලගෙ ගෙදර) ලගා උනා.
කට්ටියම බයික් ටිකට විවෙක ගන්න දීල ගේ ඇතුලෙ තිබුනු පිටු වලට බර දුන්නා.





මද්ද හෙමිහිට ගෙදර අංකල්ට කතා කරල බීම ජාති තියෙන තැනක් ගැන ඇහුවම අංකල් අපේ අයව තැන පෙන්නන්නම එක්කගෙනත් ගියා. අන්න එහෙමයි වැදගත් මිනිස්සු.
සමීරය නොබීවට ඌ පින් කරල තියනව ඒවගේ අනර්ඝ මාමන්ඩි කෙනෙක්ව ලබන්න. හැයි අංකල් නම් පව් කරල මූ වගේ එකෙක් ලැබෙන්න.
මේ අ⁣තරෙ තමයි සමීර සෑහෙන්න වෙහෙසක් දැරුවෙ අපේ කට්ටියව නාවන්න. කොලඹ ඉදන් ඇති වෙන්න නාල ආවත් සබන් ගාල ආයෙම නාන්න අවශ්‍ය නිසා මද්දනම් කලින්ම බාත් රූම් එක ඇතුලට පැනගත්තා.
හැබැයි කිහිප දෙනෙක්ම නාගන්න සෑහෙන්න අකමැති බවක් තමයි පෙනුනේ.
නාල එහෙම ඉවරවෙලා තෙත නැති ඇදුම් වලට මාරු වෙලා නිදා ගන්න ලෑස්ති කරපු තැනට ආව. කලින් වෙනම ගෙයක් බුක් කරල තිබ්බත් පිරිසඅඩු නිසා සමීරගෙ අදහස අනුව එතනම අලුතින් හදල තිබුන (විවෘත කරල නම් නෑ මම හිතන්නෙ) ගෙදර කාමරයක් ලෑස්ති කරන අදහසට  මම කැමති උනා.
ලහිරු පැතුම් කොලඹ ඉදන්ම උස්සන් ආපු ⁣බොං⁣ගො එකේ හඬට සචින්තනගෙ සින්දුත් එකතු වෙන අතරෙ බෝතල් විවෘත වෙලා.
දේශීය හා ඉන්දියානු දුම්කුත් ඒ පැත්තෙන්  ආව කියලයි  දන්න අය නම් කියන්නෙ.
ලක්මාලි අක්කගෙ (සමීර හාමිනේ) අම්ම බැඳල දුන්න වැව් මාලු ටික බයිට් වලට වඩා ඩයිට් එක වෙන අතරේ මද්දා ඇතුලු අමධ්‍යප විරෝදී සංගමයට ඒකට ඉඩ දෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. දෙවනි ප්ලේට් එකත් ඒ වැඩේම වෙනව දැකපු මද්දට බලන් ඉන්න බැරිම තැන ඒකෙන් බාගයක් වෙන් කරල දීල ඉතිරි කොටස රැක ගන්නත් සෑහෙන වෙනසක් දරන්න උනා. සින්දු කිහිපයක්ම ඉවර වෙලා රෑට කෑම කන්න තීරනය උනා. කෑම ටිකගැන නම් කියන්න වචන නෑ බත් පිගන් දෙකකට විතර වග කියල නිදාගන්න තැනට ආව.
ඊට තමයි සචින්තන ගෙ ගීත වල විචාර වැඩ සටහන පටන් ගත්තෙ ඇත්තටම මොනා උනත් ඒ සින්දු ලියපු කෙනාවත් මේව හිතල තිබුනද කියල මටනම් සැකයි.


Share
Tweet
Pin
Share
26 comments

ඔන්න ඉතින් අපි හතර දෙනාගෙ බලංගොඩ සංචාරයෙන් පස්සෙ  රෝද දෙකේ රස්තියාදුකාරයො එක එක්කෙනා අපිත් එක්ක එකතු උනා,
ටිකෙන් ටික ඊලග ගමන ගැන ඉල්ලීම් ආව,

තැන් කිහිපයක්ම යොජනා උනත් අන්තිමට තීරනය උනේ සිංහරාජය හරහා ගමන යන්නයි.
අපේ ආරම්භකයන් වගේම පලවෙනි ගමනෙ සාමාජික උන චේති කලින් ඒ ගමන ගිහින් තිබ්බ කෙනෙක්.ඒ වගේම හර්ෂනත් කලින් ගිහින් තිබ්බ  කීපවරක්ම. ඉතින් අපේ අන්තිම තීරනය උනේ ඒක.
ඊට පස්සෙ තමයි නවතින තැන් හොයන්න පටන් ගත්තෙ කොහෙද මද්දට එහෙ කව්රුත් නෑයො නෑනෙ කලින් පාර වගේ පිනා චාන්ස් වදින්න.

ඉතින් බුකින් ඩොට් කොම් පීරන්න පටන් ගත්තා තැන් කිහිපයක්ම බැලුව සමහර ඒවයෙ ඉඩ නෑ, ගාන වැඩියි (සල්ලි කාරයො අඩුයි නේද බයික් පදින), තියෙන පැකේජ් flexible නෑ, ඔහොම ප්‍රශ්න ගොඩකට මූන දීල ඉද්දි තමයි මද්දගෙ හොදම යාලුවෙක් උන(සහෝදරයෙක් කීව නම් තමයි හරි) සමීරගෙ ගම ඒ කිට්ටුව කියල මට මතක් උනේ ඉතින් මැසේජ් එකක දාල වැඩි වෙලාවක යන්න කලින් "උඹ බය වෙන්න එපා යන ගාන හරියට කිපන් මම හොයල දෙන්නම් කියල රිප්ලයි එකක් ආවෙ"
තවත් මොනවද දෙයියො දැක්ක වගේ.
සමීරගෙ වචන මට අම්ම තාත්ත වගේ සුවර්, පොඩි අව්ලකට තිබ්බෙ බයික් වල ටුවර් යන්න මෙයා එච්චර කැමති කෙනෙන් නොවන එක හැබැයි මම ටිකක් කෙදිරි ගෑවම කැමති උනා යමු කියල.
ගෘප් එකට දාල සති දෙකක් යද්දි ඌත් බයික් පිස්සුව තදටම හැදිල ඉවරයි.
ඊලගට චේති ස්කූටර් එක restoration එකක් කරන්න බලන් හිටපු නිසා කැමති උනේම නෑ යන්න ඒත් හොදටම කැලැසික් පිස්සුව තියෙන නිසා සචින්තනගෙ බයික් එක ඇමක් විදියට පාවිච්චි කරල නමා ගන්න පුලුවන් උනා.
Sachinthana's bike Honda CD 125 (early 90'S ) චේති ආවෙ මේක පදින්නමයි 


හරි හරි සචින්තන ගැනත් කියන්නම් කැලණිය  සරසවියෙන් උපාදිය ඉවර කරල ලගදි තමයි පෞද්ගලික අංශයේ රැකියාව පටන් අරන් තිබ්බෙ හැබැයි සහලෝල බයික්/classic/traveling කියන උන වලින් පෙලුන කෙනෙක් තමයි, නුවර පැත්තෙ හාදයෙක් උනාට නුවර උනනම් නෑ. සචින්ත එක්ක හර්ෂිිියි තව බයික් පිස්සෙක් වෙච්ච සචිත්වයි එක්කගෙන මූත් සුපරිම බයික් පිස්සෙක් තමයි.
මේ අතරේ තමයි මට ලසිතව සෙට් උනේ එයා මිනුවන්ගොඩ පදිචි මෙයා පෞද්ගලික ආයතනයක අලෙවි අංශයේ තමයි වැඩ කරන්නෙ (ලංකාවෙ ලොකුම IT company එකක) මෙයා තමයි මිනුවන්ගොඩ කිට්ටුවෙන් ගමනට ආපු අයව සම්බන්ධීකරන කටයුතු කලේ.
‍අසික පෙරේරා ගම මාතර කිට්ටුව උනාට ඉන්නෙ කටුබැද්දෙ.අර මේන් මෙච්චර විතර ලොකු තඩි ජෙනරේටර් කොම්පැනියකනෙ වැඩකරන්නෙ. අපේ ඔපීසියල් පොටෝ ගැපර් උනේ මෙයා.
ඔය අතරෙ චේතිගෙ යාලුවො තුන්දෙනෙකුත් සම්බන්ද උනා සසිදු,චරිදු,මදුශංක මේ තුන්දෙනාක් හොදවම බයික් උන හැදිල තිබ්බෙ.
තව මලියගෙ සටහන ලියන මලියත් අපිත් එක්ක සෙට් වෙලා ඉන්නව කියල දැනගත්තෙ අන්තිම දවස් වෙද්දියි(මේ පාර පොටෝ ටිකයි වීඩියෝ ටිකයි එඩිට් කරන වැඩ ටික මලියගෙ කරපිට).
මේ අතෙර තමයි රත්නපුරේ ඉදල තුසිත අයියා විස්තර ඇහුවෙ ගමන ගැන අන්තිමට මැසේ්ජ්  100ක් විතර දාල එයාවත් ගමන යන්න කැමති කරගත්තා පලවෙනි දවසෙ රෑ අපිට සුපිරිමකෑම වේලක් හදල දුන්නෙ මෙයාගෙ අතින් තමයි.
ඒ අතරෙදි තමයි ගාල්ලෙන් චරිත කියල තවත් සුපිරිම බයික්/traveling පිස්සෙක්ව හම්බ උනේ, STF  එකේ වැඩකරන කෙනෙක් උනාට නිවාඩුවක් දාලම ආව අපි එක්ක ගමන යන්න. එයා ගානෙ ගියපු හැම බයික් එක්කටම සමරු ස්ටිකර් එකක් එයා හදන් ඇවිත්තිබ්බා.
යන්න කිට්ටුම වෙලා තමයි අපිට දුමින්ද අයියව හම්බ උනේ බලන් යද්දි මම කාලයක් ජීවත් උන කුරුණෑල ගමේම කෙනෙක්.
ඊට අමතරව ඉතින් මද්දයි හර්ෂයයි තමා අපි ගැන මොනා කියන්නද කියන්න දේවල් හුගක් ඇතී  ඒත් ඕනිනෑ.

වැඩිය නෑ බයික්15යි,කොල්ලො16යි,කෙල්ලො4යි.

ඔන්න ඔහොමයි පෙලගැස්ම.


කෑම බීම අපිම හදාගන්නයි plan කලේ.මේ අතරෙ තමයි T-shirt එකකුත් ඕනි කියන අදහස ආවෙ. දවස් දෙදක් විතර discuss කරල තමයි final එක තිරනය උනේ. ඉතින් ඒ ඩිසයින් එකත් අරන් සමීරයි මායි ඉරිද උදේම පිටකොටුවට ගියා අපි නැග්ගම පුවක් ගස් වල දෙබල්නෙමෙි කරටියත් නෑ . කඩ ඔක්කොම වහල. සැලෙන්නෙ නෑ පිංවතු⁣නි ඇද්ද පමුනුවෙ එහෙත්ගොඩක් ඒව වහල හැබැයි එක තැනක් සාධාරණ ගානකට කරල දෙන්න කැමතිඋනා දවල්ට කෑමත් නෑ ගෙදර එද්දි 3.00  පහුවෙලා.
මෙන්න ටිකකින්  චේති ගෙන් කොල් එකක් එනව "අයියෙ උඹලට කීයටද සෙට් උනෙි ටී එක"
මද්දත් ඉතින් "ඇයි උඹට අඩුවට සෙට් උනාද කියපන් බලන්න ගාන"
"අයියෙ $$$කට පුලුවන් කීව"
අම්ම ගායි යකෝ උදෙි ඉදන් අව්වෙ කට්ට කාල හොයාගන්න බැරි උන එක මූ ගෙදර ඉදන් මෙච්චර ලාබෙට හොයල .
එහෙනම් ඉතින් එතෙනට බාර දියන් කියල design එකක් එතනට email කලා.
එ්කත් හරි දැන් ඉතින් යන්න තමයි තියෙන්නෙ.
ආ.......එකතොට BBQ
හර්ෂවත් ඇදගෙන යනදවසට කලින් දවසෙ මස් කඩ ගානෙ ඇවිදල අඩුවටම fresh චිකන් 10 kg උස්සන් ආව. දැන් ඉතින් දාන්න එපැයි ඕක ප්‍රිජ් එකට ඉඩ නෑ යකෝ ඇනෙක්ස් එකේ තියෙන්නෙ තනි දොරේ එකක්.

ඔන්න ඉතින් දවස ආව. මුලින් අපි සෙට් එක පානදුරට එකතු උනා. තුසිත අයියයි හර්ෂනයි රත්නපුරෙන් පිටත් වෙලා  ඒ වෙද්දි. සචින්තනත් නුවර ඉදන් එනගමන් මලියයි ලසියයි දෙන්නත් මගින් අහුලෙගන තිබ්බා.

දැන් පිටත් වෙන වෙලාව උනාට චේති  නෑ  තාමත්, කෝල් එකක් දුන්න කෙලල තියෙන්නෙ ටී  ෂර්ට්  ටික ලැබිල නෑ ප්රින්ට් කරන්න දීපු එකා බුලක් කෙලල 1.30 යන්න හිටියට මේක නිසා පිටත්  වෙන්නත් පරක්කු උනා
චරිතට කව්ද කීවලු අපායට ගියත් කලින් යන්න කියල ඒක නිසා මෙයා 3.30 එන්න කීවට 3ටත් කලින් පැලවත්තට ඇවිත් 5.00ත් පහුවෙනකන් කට්ටක් කෑව.
මතුගම හරියෙදි සචින්තනගෙ බයික් එක ගරාජ් එකක ගාල් කරන් ඉද්දි  අපි උන්ටික හොයා ගත්තා. ස්ටාර්ට් නාෙවී  තිබ්බ බයික් එක ස්ටාර්ට් කිරීමේ ගෞරවය මම දන්න විදියටනම් හර්ෂට තමයි  දෙන්න ඕනි.

ආයෙම පාරට ටික ටික අදුර වැටීගෙන එනකොට කට්ටියගෙ වේගයත් ටික ටික වැඩි උනා ඒ අතරෙ කට්ටියක් පහුවෙලා මද්ද ඉස්සරහින්ම ගියත් සෑම පැය භාගයකට වගේ සැරයක් කට්ටියම ඉස්සර වෙන්න දීල පස්සටම එනව හැමෝම  හොදින්ද බලන්න මේ විදියට එකපාරක් බලනකොට තමයි දැක්කෙ අපේ කැලැසික් කාරෙයා දෙන්න එක්ක තව කිහිප දෙනෙක්  පිටු පසින් කියල සමහර තැන් වලදි මද්දට විනාඩි 20ක්,30ක් බලන් ඉන්න උනා. ආයෙම ඉස්සරහින් යන අයව බලන්න ඉගිලෙන්නත් උනා (මේක නිසා තමයි ඊලග සංචාරයට උපරිම හා අවම වේගයක් ඕනි කියල අන්තිම ඇඩ්මින් හමුවෙදි තීරනයකට ආවෙ)

මේ අතර මගින් චරිතවත් අපේ සෙට් එකට එකතු උනා. මෙතනදි තමයි පොලීස් රාලහාමි කෙනෙක් ජීප් එකකින් බැහැල ලගට එනකම්ම දැක්කෙ නෑ ඔයාල කොහෙද?, කොහෙද යන්නෙ? කියල බොහෝම සුහදව ඇහුවම මද්දට පුදුමත් හිතුන කොළඹ  ඉදන් ආව බවත් සංචාරයකට ආව කියල කීවම, කීවම හිනා වෙලා බයික් ගොඩක් නවත්තල නිසයි ඇහුවෙ  කියලා  පිටත් උනා.


තවත් ඉතිරි වෙලා තිබ්බෙ කි.මි. 35ක්  විතර. ඒ ටික ඇවිත් තමයි කන ජාති බොන ජාති අරගන්න කඩවල් හොයන්න පටන් ගත්තෙ බොන්න ඕනෙ කරන දේවල් නම් අමාරුවක් නැතිවම හම්බඋනා. සමීරයි මායි දෙන්න එක්ක තමයි සිල්ලර කඩයි එලවලු කඩ ගානෙයි ඇවිද්දෙ අන්තිමට බඩු මලු අතින් කටින් එල්ලන් ඇවිත් කට්ටිය අතරෙ බෙදල දුන්නෙ තව ටික දුරක් අරන් යන්න තිබුනු නිසා. දෙතුම් පාරක් ම පාර වරද්ද ගෙන අන්තිමට අදාල තැන හොයාගත්ත. (කොහෙද ඉතින් යන්නෙම ලොකේෂන් දාපන් බං කියල මැප් එක දිහා බලාගෙන මනෙ ඉතින් පාරක් කීවට අහගන්න තේරෙන්නෑ නෙ.)

චෙෆ් තුසිතත් එක්ක මාස්ටර් චෙෆ් සමීර
ගියපු ගමන් ඔක්කො ටික පූල් එකට පැන්න අම්මපල්ල මුන්ට වතුර පෙන්නන්ම බෑනෙ. මද්දට නම් වතුර දිහා බලන්නවත් වලොවක් තිබුනෙ නෑ හර්ෂ අයියයි සමීරවයි කුස්සියට හිරකරල,



පොල් කටු වල බලේ්
හර්ෂයවත් ඇදගෙන ගල් අගුරු ටික පත්තු කරන්න පටන් ගත්තා. ගල් අගුරුත් එක්ක පොල් කටු කෑලි ටිකක් දාල ගිනිතිබ්බමම වැඩේ හරි.


ඔන්න ඉතින් බෝතල් එකින් එක ඇරෙන අතරේ ත්‍රයිලෝක විජය පත්‍ර සුවදකුත් දසත පැතිරුණා කියමුකෝ.

ගිහින් හිටපු ස්ත්‍රී පාර්ශවයෙ කට්ටියට ආහාර අරගෙන නිදාගන්න ලෑස්ති කරල දුන්නා.
BBQ By  මද්දා

කොල්ලො  ටිකට නම් නිදා ගන්න අහහසක් නෑ වගේ සචින්තනයි ලසිතයි දෙන්නගෙ ගිටාර් වාදනයත් එක්ක ලස්සන සින්දු ටිකක් රසවින්දාග හැබැයි මට තාමත් තියෙන ප්‍රශ්නෙ තමයි එච්චර ඉක්මනට BBQ  අතුරුදහන් වෙන්නෙ කොහොමද කියන එක.

තුසිත අයිය හදල දුන්න  Fried rice එකෙත් පිගන් දෙකකම වග කියන්න මද්ද නම් අමතක කලේ නෑ.
 පාන්දර 2ක 3න චෙනකන් වැඩේ නැගලම ගියා පහුවදාට යන්න තියෙන ගමනෙ බැරෑරුම් කමනිසා අකමැත්තෙන් උනත් මද්දට කැප්ටන් රයිට්ස් අතට අරන් කට්ටියව ඇදන් වලට යවන්න සිද්ද උනා.

මොනා උනත් එක ඇඩ්මින් කෙනෙක් විතරක් කබරයෙක් හම්බෙලා එන්න ගිහින් තිබුනා චෙති මල්ලි මහ රෑ එයාව ෂවර් එකක් යටට ගෙනිහින් නෑව්ව කියත් ආරන්චියි. (චේතිය බීවෙ නැති උනාට බීපු උන්ට දෙන්න ඕනි ප්‍රතිකර්ම නම් දන්නව)


Share
Tweet
Pin
Share
32 comments

රත්නපුර පහුකරගෙන කිරිඇල්ල පැත්තට එනකම් කියන්න තරම්  විෂේශ දෙයක් උනේ නම් නෑ හුලංකපාගෙන සාමාන්‍ය වේගයකින් තමයි ආවෙ. කට්ටියම මට ඉස්සර වෙන්න දීල පිටිපස්සෙන් ආපු නිසා ඉරිනොකපා බස්,ලොරි,40' කන්ටේනර් එහෙම සෑහෙන්න අමාරුවෙන් ඉස්සර කරන් යන්න උනා මොකද ඒපාරට කඩ ඉරි අදින්න අමතක වෙලාද කොහෙද.සරින් සැරේ ලහිරු මල්ලිනම් පියාබල ගියේ එයාව පාස් කරන් යන බයික් දැක්කම මොකක්ද  අමුතු ලෙඩක් හැදෙන නිසා කියල දැනුනෙ පස්සෙයි. මගෙ බයික් එකට සපීඩ්  කන්ට්‍රෝලර් එකක් පිටිපස්සෙ සීට් එකට හයිකරල තිබ්බ නිසා සැරින් සැරේ වර්නින්ග් ටොන් නොවැදුනාම වෙමෙයි.
මද්ද හැමදාම යනනෙ සේෆ්වේගයකින් කියන එක නම් වෙනස්වෙන්නෙ නෑ. කලින් ඕගනයිස් කරල තිබ්බ රෝඩ් ට්‍රිප් වලදි වෙච්ච අනතුරු මාත් එක්ක යන සෙට් එකට කවදාවත් වෙන්න බෑ කියන එකයි මගෙ එකම හැගීම.

කිරිඇල්ලෙ wijaya holiday resort එකේ
රෙස්ටුරන්ට් එකෙන්පොඩ් ස්නැක් එකක් අරගන්න නවත්තනකන්ම එන්න තිබුනෙ එකම විදියක පාරක් තමයි.

                   ආයෙත් පිටත්වෙන්න සූදානමින්.

ඊලගට තමයි හුලංපාර කපාගෙන නමල යන්න පුලුවන් වංගු සහිත ලස්සන වතු යාවල් ටිකක් මැදින් වැටුන පාර පටන් ගත්තෙ. රෝද දෙකේ නියම පීලින්ග් එක එන්න මෙහෙම පාරක් ලැබෙනනම ඕනි. මද්දට වීඩියෝ එකක් ගන්න ආසාවක් ආවෙ මේ හරියෙදි තමයි. ගත්ත වීඩියෝ එක තාම චේතියාගෙ කැමරාවෙ මම හිතන්නෙ තාමත් දැක්කෙ නෑ ඇහැටවත්

රගපාල ඉවරවෙලා

                                                             


රත්නපුරට වෙනකන්ම නිදහසේ ආවට ඊට පස්සෙ ආයෙත් වාහන ගොඩක් මැද්දෙ පාරවල් හොයන්න උනා,

පාර ඉවරයි තව 46km

                                  

බලංගොඩට ලන්වෙද්දි නම් ටික ටික පාර නිදස් උනා ආයෙම ලස්සන කදු ටිකක් එක්ක නියම පාරක්. මද්ද එක තැනකදි ලොකු කොන්ක්‍රීට් මික්සර් එකක් පටවන් ගියපු ස්කැමල් එකක් ඉස්සර කරන්න ගිහින් බ්‍රේක් ගැහුවම තමයි පටිපස්සෙන් ආපු චෙතියම මගෙ බයික් එකේ වැදුනෙ හොද වෙලාවට ඒ වැදුනෙ ස්ටැන්ඩ් එකේ. (ආයෙනම් මලාට ඒවගේ තැන්වල ඉස්සර කරන්නෙ නෑ) වාසනාවට මුකුත් අනතුරක් උනේ නෑ.

තවත් කදු 5ක් 6ක් ඇදදට පස්සෙ ඔන්න කට්ටියම බලංගොඩ.

 ඔරලෝසු කනුව
 වෙන්න බාප්ප (වෙන්ඩ වයිප් ගෙ බාප්පට කියන නම මේක නෙද?) කෙනෙක්ගෙ ගෙදර තමයි කට්ටිය රෑට නවතින්න ප්ලෑන් කරල තිබ්බෙ. ඉතින් මද්දයි හර්ෂයයි සුපර් මාකට් එකක් හොයන් ගියා එකන හිටපු ත්‍රී රෝද පදවන කට්ටියත් පාර පෙන්නල දුන්න රෑට එන අධික පිපාසෙ නිවාගන්න තැනක් ආපුවාම. නිකම්ම ගෙවල් වලට හිස් අතින් යන්න හොදනෑ කියපු නිසා පොඩිවට හැම්පර් එකක් හදාගත්තා (ඒත් කරල තියෙන්නෙ ගොන් වැඩක් කියල තේරුනෙ බාප්ප පොඩිවට අවවාදයක් දුන්නම තමයි මම හිතන්නෙ ඒපැත්තෙ අය ගෙදරට එන අමුත්තො එහෙම දේවල් ගේනවට කැමති නෑ මද්දත් හද්ද ගමේ තමයි පස්සෙ තමයි කල්පනා උනේ අපේ ගමේ තියෙන ගෙදරකට උනත් ඔහොම දෙයක් අරන් ගියානම් වෙන්නෙ ඕකම තමයි නේද කියල)



ඔය පිටි පස්සෙ ඉන්න අයගෙන් තමයි පාර අහගත්තෙ.


ලහිරුට නම් ඕනි කීවෙ සැර අඩු ජාතියක් ඉතින් එයාට බියරුයි. හර්ෂ බොනව කියපු ඕන එකක් කියන වර්ගෙ තිබ්බෙ නැති නිසා පරනයි කියල ගහල තිබ්බ බොතලේකුයි අරගත්තා, චේති ඉතින් අමධ්‍යප ව්‍යාපාරෙ නිසා ටිකක් ලොකුවගෙන් කලවම් කරන ජාතියෙ බොතලයක් හර්ෂ අරන් තිබ්බා.

ඔන්න ඉතින් අමාරුවෙන් තෝරගත්තු දේවල් ටිකත් අරන් එලියට එනකොට කලුවර වෙලා.
පස්සෙ පාරත් හොයාගෙන කලුවරේම අදාල තැනට පිටත් උනා.
ප්‍රධාන පාරෙනම් අව්ලක් නැති උනාට ගෙදර ලගට යන්න තිබ්බ පාර නම් කියල වැඩක් නෑ. මගෙ බයික් එක නම් ගේමක් නැතිව කකන්ද නැග්ගා අනිත් අය පොඩි චකිතයකින් තමයි කන්ද නැග්ගෙ. චේතිය සෑහෙන්න බය වෙලා තිබ්බා ( මුට පිස්සු පරන[ classic කියල කීවනම් තමයි හරි  ]  උනාට ස්කූටර් එකට ඒක දැනුනෙවත් නෑ දැනුනම් ඒ තඩියාවගේ නැගල  ඉන්න උගෙ බර තමයි.)



කිමි 130ක් ඉවර කරල


අන්තිමට නවතින ස්ථානයටත් ආව. මාර ලස්සනයි කන්දක් උඩ තිබ්බෙ. හැමෝම සීතලයි කීවට මටනම් කියන්න තරම් සීතලක් තිබ්බෙ නෑ (සමහර විට 16°C තිබ්බ 10X10 කාමරේක සර්වර් ටිකක් එක්ක අවුරුදු 3ක් ගෙවපු නිසාද දන්නෑ).
ඉතින් බයික් ටිකට පොඩි විවෙකයක් දීල අපිටත් තේ එකක් එහෙම ලැබුනා.

ඉතින් එලියට බැහැල පොඩ්ඩක් පරිසරය විදින ගමන්තමයි මම හෙමීට අනකල්ගෙන් අහල බැලුවෙ පොඩිවට මොනවහරි බීම ටිකක් බොන්න තැනක් . හිටපු හමුදා නිලධාරියෙක් උන ⁣එයාට අමුතුවෙන් කියන්ව දෙක් තිබ්බෙ නෑ






 ගේ කිට්ටුවෙන්ම හදල තිබ්බ කෑල්ලක් (හදිසි අවශ්‍යතා වෙනුවෙන් හදලයි ත්බ්බෙ මම හිතන්නෙ දරමඩුවක ඇඩ්වාන්ස් වර්ශන් එකක්, අව්ලට කිබ්බෙ ඇතුලෙ දර නැති එකයි, කොන්ක්‍රීට් එහෙම දාල වහලට ශීට් හෙවිල කරල එහෙම තිබ්බෙ)
ඔය පිටිපස්සෙන් ඉන්නෙ ලහිරු නෙමෙයි

ඉතින් හැමොගෙම කැමත්ත එතන සෙට් වෙන එක නිසා අපි එතන තෝර ගත්තා.
හර්ෂයි මමයි හෙමිහිට පරන බොතලේ ඉවර කරන අතරේ ගහිරු බියර් වලට වගකීව. අන්කල් ගෙනුත් බොතලේ ඉවර කරන්න පොඩි පොඩි උදව් ලැබුනා. ගෑනු ලමය නම් මේ වෙද්දි නිදි මම හිතන්නෙ. බොතලේ භාගයක් විතර ඉවර වෙද්දි ලහිරුවා බියර් දෙකම බීල ඉවරයි (මිනිහෝ බියර් බොන්න ඕනි හෙමීට කීවට ඇහුයවැ ) බොතලේ කාලක් වගේ නෙකොට ලහිරු බීල,සින්දු අහල,සින්දුකියල ඔක්කොම ඉවරයි. ඊට පස්සෙ කබරයෙක්වත් මතක් කරල පුටුව මත සැතපිලා. ඉතින් හර්ෂයි මමයි අවන් අදිරයට ඇවිත් (මුටත් දෙයියන්ගෙ පිහිවටෙන් මට වගේම තමයි වැඩිය බොන්න බෑ)ඉන්නකොට තමයි දැනගත්කෙ අන්කල්ගෙ ආදරනීය බිරිද අපි ඉවරකරල එනකන් කෑමත් නොකා අපිට කෑම ලෑස්ති කරල බලන් ඉන්නව කියල (අම්මල එමහමයි නේද? ආන්ටි කාල නිදාගන්න කීවම හිනාවෙලා හිටිය මිසක් අපි නින්දට යනකම්ම කෑම කෑව දක්කෙ නෑ). ලහිරුවටනම් කන්න අවෂ්‍ය නෑ වගේ හිතුන නිසා ඇදකට දාල අපි තුන්දෙනා(චේති,හර්ෂන හා මම) බත්පිගන් කිහිපයකටත් වගකියල තමයි නින්දට ගියේ.
ඇගේ තිබ්බ මහන්සියටයි බොතලේ තිබිබුදේවල් වලින් ලැබුන අනුග්‍රහයයි හින්ද ඉක්මනින්ම නින්ද ගියා.

කන්නත් බෑලු බයික් එක නැතිව
අපි හැමෝගෙම ආදරය දිනාගත්තු
classic KL එකේ(චේතිගෙ) ඉන්න ලහිරු
උදේ නැගිටල කෝපි එකක් එහෙම බීල (අනික් අයනම් ටී මම හිතන්නෙ මද්ද ඉතින් උදේ පාන්දරට කලුපාට කෝපි තමයි.) එලියට එනකොට හර්ෂයා බයික් එකේ ප්ලග් එකක් එක්ක ඔට්ටු වෙනව. අපරාදෙ කියන්න බෑ මද්දට ලෝබ නැතිව බොරලුගොඩේ පාවහන් රහිතව බයික් එකක් තල්ලු කිරීමේ (තල්ලු ස්ටාර්ට්) භාග්‍ය හර්ෂයා විසින් සලසා දුන්නා. හර්ෂයා බයික් එක ගලෝනව දරාගෙන ඉන්න බැරිඋන චේතිත් බයික් එකට කූරු වලින් අනිනව දැක්කත් ඌනම් මද්දට ව්‍යායාම සදහා අවස්ථාවක් දුන්නෙ නෑ.

ඉතින් රොද දෙකට හයිවෙලා තිබ්බ එන්ජින් ඔක්කොම ධාවනයට සුදුසුයි කියල නිගමනයකට ආවට පස්දෙ උදේ කෑම. කිරිබත් සමග ස්පෙෂල් හතු බැදුමක් (අර කඩේ කිනෙ උම්බලකඩ සම්බෝලෙ වගේ ) ලුනුමිරිස්, පාන්,බටර්,ජෑම් ආදියෙන් සමන්විත සුපිරිම උදේ කෑම වේලකුත් අපේ අංකලුයි එයාගෙ බිරිදයි ලෑස්ති කරල දුන්නා. කිරිබත් කෑලි 5ක් 6ක් පාන්පෙති හතරක් පහක් එක්ක කාල දැම්මම බඩගින්න අඩුවෙලා ගියා.
ඊට පස්සෙ වත්තෙ තිබුන වෙරලු ගහයි අලිගැටපේර ගහයි සුද්ද කරල දීල. අපේ ගමනෙ ඉතිරි කොටස පිටත් උනා.


බලංගොඩින් හැටන්පාරට වැටුන අපි එකහුස්මටම පින්නටලට ආව.(අලි ඉන්න එක නෙමෙයි)
අලි නැති පින්නවලට ආපු...................නෑ නෑ      චේති එක්ක හර්ෂ
ඊට පස්සෙ තමයි කදුත් එක්ක තේවතු ටික මාර ලස්සනයි ටිකක් බයානකයි. පාරල් පටුයි, වැලමිටට වඩා පොඩ්ඩක් වැඩි නැම්මක් තියෙන වංගු එහෙමත් තියෙනව. මේ හරියෙදිත් පොඩි වීඩියෝ එකක් එහෙම අරගෙන තමයි ගමනාන්තයට ගියේ.















ඊට පස්සෙ ගමනාන්තය. මාරතැන්නෙන් හැරිල ඇතුලට ටික දුරක් ගියාම තමයි අපි හොයන් ආපු දිය ඇල්ල තිබුනේ. ටිකක් විතර දුෂ්කර පාරකින් තමයි එතනට යන්න තිබ්බෙ 


සිරාවම මාර මාරතැන්න.
ලස්සන වගේම තමයි  සීතල  හැබැයි පිරිසිදුයි එතනින් තමයි දිය පාර පටන්ගන්නේ. හැබැයි අපි යද්දිත් එතනට පිරිසක් ඇවිත් හිටියා, (පසුව ආරන්චි උන විදියට එයාලත් ලංකාවෙ තියෙන දියඇලි හොයන් යන පිරිසක් ) අපි වතුර පාර පටන්ගන්න ඉහල කොටස  බලන්නයි  ගියේ.
දිය පාර පටන් ගැන්ම 
විදුරුවක් තරම් පැහැදිලි වතුර ඒ වගේම  සීතලයි. ටිකක් වෙලා ඉදල පහලට එනකොට කව්රුත් හිටයෙ නෑ ඉතින් එතන තිබුන විශාල තටාකයක් වගේ ගල්වලින් හැදිල තිබුන වලට තමයි කට්ටියම පැන්නෙ. උඩ ඉදල ජම්ප් එකක් දාන්න වගේම rock sliding කරන්නත් පුලුවන් තැනක් තිබ්බ.ගලේම ඉහලින් තිබ්බ පොඩි තටාකයකට බැහැල එතන ඉදන් තමයි sliding කරන්න තිබ්බෙ හර්ෂ පීනන්න එච්චර දන්නෙ නෑ කියල හෙමින් හෙමින් තටාකයට බහින අතරෙ මම කලෙ ඉහල ඉදන් ඒකට පැනපු එක, අම්ම ගහයි ඒකෙ පතුලක්නම් නෑ (පසුව දැනගක් පරිදි එය දුරට විහිදෙන උමගක් කිසිම කෙනෙක් බහින්නෙ නැතිලු) දෙපාරක්ම උඩ ඉදන් පැනල sliding කරා, හැබැයි එතන ඉතාමත්පොඩි  කූඩැල්ලන් අපි  දෙන්නගෙ ඇග හැම තැනම.


1. ඔය තියන එකට තමයි පැන්නෙ, හර්ෂ ගල දිගේ හෙමින් බැස්සා

2. Rock sliding කූඩැල්ලන් එක්කම









හැමදේම ලියන්නගියොත් අදත්  ඉවර ක⁣රන්න බැරිවෙනව ඉතින් ඇතිවෙනකන් නාල ගෑනු ලමයගෙ නෑදැ වෙන කෙනෙක්ගෙ ගෙදරින් ලෑස්ති කරල දුන්න කෙසෙල්කොලේ බැදපු කෑමත් අරගෙන ආපසු එන්න පිටත් උනා.
ආමෙ 90°පොඩ්ඩක් අඩු කන්දක් නැගගෙන ගියපු පාරෙන්ම ආපහු ආව (ලහිරුට නම්ලොකු හදිස්සික්  තිබ්බා කව්ද මන්ද  ගෑල්ලමයෙක්ට දුන්න නම්බර් එකක් වැඩකරයි කියන්නෙ) යද්දි විස්තර කරපු පාරෙම ආපු නිසා ආයෙ කියන්න දෙයක් නෑ. ටික දුරක් ඇවිත් කෑම කන්න පොඩි කඩයක් ලග නැවැත්තුවා කිසිම විරුද්ධත්වයක් නැතිව අපිට එතන තිබ්බ සමර් හට් එකේ  කෑම කන්න ඉඩදුන්නා.කඩේ හිටපු මල්ලි කෙනෙක් තමයි ගෘප් පොටෝ එකක් අරදුන්නේ .

ඉතින් කෑමත් කාල අපහු බලංගොඩට ඊට පස්සෙ තමයි ලහිරු අපෙන් වෙන්වෙලා කාවද හම්බවෙලා එන්නම් කියලගියේ  එහෙම ගිහින් එද්දි තමයි පොලිසියට වෙට්ටු දාන්න ගිහින් උසාවි යන්න දිනයක් අරගෙන ආවෙ. අපරික්ෂාරී ධාවනය කමක්නෑ අනතුරක් නැතිව එහෙමඋන එකත් හොදයි. ආපහු එනගමනුත් සුපුරුදු තැනින්මතේ එකක් එහෙම බීල පානදුරට එනොට ප.ව 8.00ත් පහුවෙලා.

කලින්  හම්බවෙලා  නැතිසහොදරයන් දෙන්⁣නට සමු දුන්නෙ පානදුරදි

_____________________

ඔන්න එකපාරින්ම ලියල ඉවර කලා තොපිට සතුටුයිද දැං.
______________________
අපේ ඊලග ට්‍රිප් එක සිංහරාජය පැත්තට.මේ මාසෙ 28රොද දෙකක් එක්ක එන්ජිම තියෙනවනම් එකතුවෙන්න අපිත් එක්ක.






























Share
Tweet
Pin
Share
8 comments


මද්දට දවසක් ගෑල්ලමය ගෙන් ඉල්ලීමක් එනව "ආච්චි,සීය බලන්න යන්න ඔනි" කියල.
මේ වෙද්දි ගෘප් එක හැදිල දවස් 3ක් 4ක් ඇති.
ඉතින් චැට් එකේ ඉන්න ගමන් හර්ෂයට නිකමට වගේ කීවෙ "මචං මම සෙනසුරාදා බයික් එකේ බලංගොඩ යනව කියල" එතකොට තමයි හර්ෂය කීවෙ කට්ටියම යමු කියල කොහොමත් කට්ටියම යද්දි ෆන් නිසා මමත් කැමති උනා.

යන්න තියෙන ඒරියා එකත් මාරම වීව්ස් ටිකක් එහෙම පහු කරන් යන්න තියෙන්නෙ. නාන්න එහෙමත් මාර තැන් ටිකක් තියෙනව.
ඉතින් මුලින්ම අදහස උනේ ගෘප් ඇඩ්මින්ල ටික දෙනා ගිහින් එමු කියලයි. මමත් ඒ අදහසට කැමති උනා අනිත් අයට රස්තියාදුවේ යන්න කතාකරන්න කලින් අපි කරල ඉන්න එපැයි. පස්සෙ මේ ගමන ගැන හර්ෂය post එකක් දාල කිබ්බා ගෘප්එකේ  එකට හම්බඋන ප්‍රතිචාර නිසා මම පොඩි ඉවෙන්ට් එකක් හැදුව හැබැයි ගෘප් එක ඇතුලෙ විකරයි. එලියෙ කැනක දැම්මනම් ඒ තට්ටයාගෙ එකේ දාපු කමෙන්ට් එක්ක තමයි.

ඔය අතරෙ තමයි අපේ කලනයාට අලුත් බයික් එක්කට මාරුවෙන අදහස එන්නෙ ඉතින් මෙයාට දැනට පදින බඹරයි අලුතෙන් අරන් එන්න යන එකයි දෙකම ගමනට ගෙනියන්න ඔනි වෙනව උෘට,ගමන තනියම නෙමෙයි මෙයත් මෙයාගෙ ගෑල්ලමය එක්ක තමයි යන්න හදන්නෙ. ඉතින් මූ ම⁣ට කියනව "මද්ද මට බයික් දෙකම ගෙනියන්න ඕනි උඹට බැරිද මගෙ බයික් එකක් අරන් යන්න" කියල 
මගෙ අශ්වයා දාල යන්න දුක උනත් එයාගෙත් පොඩි පොඩි  වැඩ ටිකක් කරන්න තිබ්බ නිසා මම අදහසට කැමති වෙනව. (දැන් කට්ටිය බලයි කෝ දැන් ඔය කියන බඹරා පොටෝ එක්කවත් නෑහැයි කියල , ඉස්සරහට එ් ඇයි කියල දැන ගන්න ලැබෙයි).
මේ අතරෙ තමයි "ලහිරු චාමර මල්ලි" යි දිල්හානුයි දෙන්නත් ගමන යන්න හදන්නෙ අවාසනාවට දිල්හානයට සති අන්තේ නිවාඩු ලබා ගන්න විදියක් නැතිනිසා දුකෙන් උනත් එයා නවතිනව (හොද  වෙලාවට නැත්තම් ලහිරු මල්ලි එකක මූත් තව දඩයක්  ගෙනව ආපහු එද්දි)
මම කියල  කියල චේතිවත් ගමනට කැමති කරගන්නව. මොකද එයා එයාගෙ classic Sl එක ගලවන්න සූදානම් කරල තිබ්බ නිසා ගමන යන්න අකමැති උනා. පස්සෙ මගෙ ඉල්ලීම නිසා එහෙනම් එ් ට්‍රිප් එකත් ගිහින් ඇවිල්ලම ගලවමු කියල චේතිත් කැමති වෙනව.
මේ අතරෙ තමයි ලහිරු මල්ලි ඉවෙන්ට එකට ජොයින් වෙන්නෙ මට නම් මූ යයි කියල විස්වාසක් තිබ්බෙමනෑ. කොහොම හරි මෙයත් හර්ෂගෙ ගම් පලාතෙ නිසා හර්ෂටම බාර දුන්නා එයාට විස්තර දෙන එක.අහම්බෙන් සෙට් උනාට කොල්ල කීව විදියටම හැමෝටම කලින් ආව.
දැන් සෙට් එක 7යි. බයික් 5යි.
_______________________________________________

යන දවසට කලින් දවසෙ ඉදන් කලනය offline මම බැලුව පොල්ලක් වත් තිබ්බද කියල? හැබැයි මම ද්නන කලනයා නම් එහෙම එකෙක් නෙමෙයි.මොනා කරන්නද දුක තමයි රන්ජනී ඉතින් අපිට මෙයා නැතිව ගමන යන්න උනා මද්දත් බඹරා වෙනුවට අස්සය පිටේ ගියා එකේ යන්න නොහිටිය නිසා ඉස්සරහ බ්‍රේක් වල තිබ්බ ප්‍රශ්නෙ කලින් හදාගන්න බැරි උනා. 
_______________________________________________

 කොහොමින් කොහොම හරි ගමන යන්න හිටපු සෙනසුරාදටත් ලංවෙද්දි තමයි යන්න  අවශ්‍ය තැන් වල විස්තරයි තැනුයි බලන්න ගත්තෙ. මැප් එකේ පිහිට පැතුවට ඒ කිට්ටුව නවතින්න තැන් නෑ යනව නම් බෙලිහුල් ඔය තමයි.
7 දෙනෙක් ප්ලෑන් කරාට දෙන්නෙක් අඩුවෙන ලකුණු තියෙන නිසා නවතින්න ගෑනු ලමයගෙ බලංගොඩ ටවුම කිට්ටුවෙන් ඉන්න බාප්ප කෙනෙක්ගෙ ගෙයක් තෝර ගන්නව. එකත් මරු, පොකටි එකටත් වාසියි.

ඉතින් ඔන්න ගමන යන්න හිටපු සෙනසුරාවත් ආව උදේ වරුවෙ වැඩ නිසා දවල් 1.30ට තමයි පිටත් වෙන්න දාගත්තේ (හික්ස් අව්ව එහෙම පොඩ්ඩයි) ඉතින් නියම වෙලාවටත් කලින් හර්ෂයි ලහිරු මල්ලියි
 පානදුරට ඇව්ත් තිබ්බා 
ලහිරු මල්ලි හෙල්මට් එක ගලොපුවාම තමයි දැක්කෙ අර ඔලු කට්ට ගලෝපුවාම හිට්න පාරවල් ටික තියෙව කියල. මුට මොලේට මොනා හරි වෙලා ගලෝලද නැත්තම් බාබර්ගෙ පොඩි එකා දැලිපිහියෙන් චිත්‍ර ඇදලද තියල හිතාගන්නත් මට ටිකක් අමාරු උනා. 
හර්ෂයාට නම් තව ටිත දවසක් යද්දි බාබර්ල හම්බ වෙන්න යන්න වෙන එකක් නැති ලකුණු තමයි තිබ්බෙ.
ඊලගට මම, 
එතනට ගිහින් ටික වෙලාක් යද්දි චේතිත් එතනට ආව මම නම් මූව කලින් ස්කූටර් එකේ එනව දැකල තිබ්බට හර්ෂයි ලහිරුයි පුදුමෙන් වගේ බැලුවෙ ස්කූටර් එක කොහොම මුගෙ බර දරාගන්නවද කියලද මන්නදා?
කට්ටිය සෙට් වෙලා මනිත්තුගානක් යද්දි මද්දගෙ ගෑනු ලමයත් එතෙන්ට ආව කියමුකෝ.

ඉතින් ඔන්න එහෙනම් පලවෙනි රස්තියාදුව පිටත් උනා. 

ගමනෙ විස්තර ඊලග පෝස්ට් එකෙන්



Share
Tweet
Pin
Share
9 comments
පලවෙනි පොස්ට් එකේදි  කියපු විදියට මද්දට ඒ ගමන යන්න බැරිවෙනව. මද්ද කියන්නෙ පොලු තියෙන එකෙක් නෙමෙයි ඒක නිසා හර්ෂයට කලින්ම කිව්ව එන්න වෙන්නෙ නෑ කියල.මොනා උනත් පට්ට දුකකින් හිටියෙ තවත් මද්ද නැතිව රස්තියාදුකාරයො ටිකක් සෙට් වෙයි මද්දව අමතකවෙයි කියල.
කොහොම හරි හර්ෂයි, හර්ෂනයි කියන්නෙ මාරම බුලට් දෙකක් කියල දැන ගන්නෙ පහුවදා ආරන්චි උන දෙත් එක්කයි. මුන් දෙන්නගෙන් එකෙක් මරල හරි මම ඕක ගැන ලියවනවමයි. (ඇයි යකෝ නොගිය ගමනක් ගැන මද්ද කොහොම ලියන්නද ?)
ඉතින් ප්ලෑන් කරපු විදියටම නැතත් දෙන්නත් එක්ක ගමන ගිහින් ඇවිත් තිබුනා (දෙන්නා කීවට හර්ෂනගෙ ආදරනීය බිරිදත් ගමනට එකතු වෙලා තිබුනා.)
පහුවදා හර්ෂයට මැසේජ් එකක් දැන්මෙ ගමන ගැන, අහගන්න ඊට පස්සෙ තමයි දැන ගත්තෙ 100% සාර්තක ඉවෙන්ට් එකක් නොවෙන විත්තිය. ඉතින් මද්දට ආපු අදහස උනේ අනුන්ගෙ ගෘප් වල ඉවෙන්ට් ප්ලෑන් නොකර අපිටම  කියල  ගෘප්එකක් හදපන් කියන එක.
මාගලක් විතර දිග චැට් එකකින් පස්සෙ හර්ෂනය ඒකත් මගෙ ඇගේම ගැහුවෙ "මචං ඉන්දියන් පොඩි  බයික් එකක් පදින මම  ඕක හැදුවට හරියන්නෙ නෑ උඹම හදපන් කියල" (කොහොමත් චන්දෙ දෙන්නත් ඉල්ලන එකා එන වාහනේ දිහා බලන රටේ  ඒ කතාවත් අැත්ත මම හිතන්නෙ). මද්ද මහලොකු එකක් පදින්නෙ නැති උනත් ජපන් කෑල්ලක් පදිනව අමාරුවෙන් අරගත්තු.
ඔය විදියට තමයි මද්ද ගෘප් එක අටවන්නෙ. ඊට පස්සෙ දන්න කියන හැම ගෘප් එකකමයි  ⁣දකින දකින පේජ් වලයි ලින්ක් එක එල්ල එල්ල යද්දි තමයි අපේ චේතිය මල්ලි මේක දකින්නෙ. ⁣චේතිය කියන්නෙ

චේතිය කියන්නෙ Bajaj classic sl එකක් පදින (ඔය පහලින්  තියෙන්නෙ).


මේක එයාගෙ girl friend කියලනෙ ඌ කියන්නෙ (ඔන්න උබේ  ගෑනු ලමයගෙ ⁣පින්තූරයක් ඉස්සුව බුකියෙන්)

-රස්තියාදු 5-6ක්ම ගිහින් අද්දැකීම් තියෙන කොල්ල මූඉතින් පුලුවන් ඉක්මනින් ගෘප් ඇඩ්මින්කමක් කරෙන් තිබ්බ. බලන් ඉද්දි සාමාජික ගාන 150ක් කරල ගත්තෙ මෙයා තමයි. මෙයා ගැන රසකතා ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි. අනිත් එක තමයි මද්ද එක්ක එකම පීල්ඩ්එකේ ඩැඩකරන එකෙක් වෙච්ච එක (I.T කාරයෙක් තමයි.)
ඔය අතරෙ තමයි මද්දගෙ තවක් එක නොදැකපු වාලුවෙක් වෙච්ච හැබැයි අවුරුදු ගානක ඉදන් දන්න කලනයා ගෘප් එක දකින්නෙ (අවුරුදු 2-3ක්ස එකම clan eke පහුගිය දවස්වල ලංකාව 6වෙනි ස්ථානය අරන් හිටපු clan එක. මද්දත්මේකෙ ආරම්භක සාමාජිකයෙක් අර "clash of clan"  කියන ගේම්එකේදි සෙට් උන හැබැයි මම වගේම  බයික් පිස්සුව ලෙසටම තියෙන එකෙක් ක්යල දැන ගත්තෙ එතොටයි ) පස්සෙ උටත් ඇඩ්මින් කම කරෙන් තියල සාමාජික ගාන 180ක් වගේ උනා.

ඊලග පොස්ට් එකෙන් අපි මෙයාගෙ වැඩ ගැන ටිකක් කතාකරන්න හිතන් ඉන්නෙ. කියන්න අමතක උනා මෙයාට ඉන්දියාවේ කේරළයත් එක්ක ලොකු බැදීමක් එහෙම තියෙනව කියලයි කට්ටිය කියන්නෙ.
_________________________________________
මේකත් අම්බානට දිග එකක් උනා ඊලග පොස්ට් එකෙන් ගමනෙ සවිධාන කටයුතු කරපු ව්දිය ලියන්නම්















Share
Tweet
Pin
Share
9 comments
"පොඩි කාලෙ ඉදන් තිබ්බ ආසාවක් තමයි බයික් එකක් ගන්න එක"


මගෙ විතරක් නෙමෙයි රෝද දෙකේ රස්තියාදුවෙ ඉන්න ගොඩක් අයට තමන්ගෙ කතාව පටන් ගන්න වෙන්නෙ ඔය විදියට තමයි. ⁣බයික් එක ගත්තු කතාව පස්සට තියල, රෝද දෙකේ රස්තියාදුව ගෘප් එක වෙනුවෙන් පටන්ගතු blog එක නිසා මුලින්ම ගෘප් එක ඒක පටන් ගත්තු හැටියි, පටන්ගන්න හෙතු උන දේවල් ටිකයි ලියල ඉන්නම්.
 ගෘප් එකේ ඉන්න,ලෙසටම බ්ලොග් කියවන එකා මම උනාට බ්ලොග් එකක් ලියමු කියන අදහස දුන්නෙ "හර්ෂ පීරිස්" එයත් කලින් බ්ලොග් එකක් කරන්න උත්සාහ කරල තිබුනා. ඒක නිසා හරි ඒත් නැත්තම් සමහර විට මමම මුට යවපු තට්ටයාගෙ බයිසිකල් ටුවර් එක කියවල වෙන්නත් පුලුවන්, (ඒකේ ලින්ක් එක යැව්වෙ චැට් එකේ අපේ පලවෙනි රස්තියාදුව ප්ලෑන් කරන දවස් වල.)
හරි එහෙනම් ආයෙම
"රෝද දෙකේ රස්තියාදුව හැදුන හැටි."

බුකියෙ ටිකක් ප්‍රසිද්ධ ගෘප් එකක ඉවෙන්ට් එකක් දකින මට හිත ඇතුලෙ හැංගිල හිටපු ආසවක් ටිකක් එලියට එන්න දගලුවෙ හරියට අම්බානට  හෙල්ලුන බියර් එකක් කැඩුවවගේ. ,"සිලෝන් ස්කූටර් කලබ්" එකයි "තට්ටයාගෙ  කොලමයි" මේවට වග කියන්න ඕනි ආ... "කාර් පිස්සුවාත්" ඉන්නව ඔය ලිස්ට් එකේ.
ඉවෙන්ට් එක වෙන්නෙ උදේ පාන්දර 4.00 ට ගාලුමුවොර පිට්යෙ ඉදන් නුවරට බයික් වලින් යන්න තියෙන ප්ලෑන් එකක ගැන. අර "හර්ෂන ප්‍රනීත්" කියල ඉන්න "රොද දෙකේ රස්තියාදුකාරය" තමයි සංවිධානය කරල තිබ්බෙ. 
මද්දත් ඉතින් කමෙන්ට් එකක් එහෙම කොටල විස්තර අහනව ( ගමන යන්න බැරි උනත් කොල්ල උනන්දුයි කියල පෙන්නන්න එපැයි ) ඒත් ඉතින් ඉවෙන්ට් එක දකින්නෙ යන දවසට එක දවසක් කලින් ( දුක තමයි රංජනී මද්දගෙ ගෑල්ලමය වැඩක් දාගෙන එදාටම)
ගමන යන්න තියෙන දවසට කලින් දවසෙ හර්ෂ කියල එකෙක්ගෙන් මැසෙජ් එකක් එනව( මේ මොකෙක්ද මේ?) ගමන යනවද අහල, මද්දගෙ පුරුද්ද තමයි කරන්න ෂුවර් එකක් නැත්තම් පොරොන්දු නොදී ඉන්න එක. ඒත් යන්නෙ නෑ කියන්නත් ⁣ අවුල් වගෙ බැරි වෙලාවත් ගෑල්ලමය කැමති උනොත් එයාගෙ ගමන අවලංගු කරල යන්න (ඔව් ඔව් ඉදල හිතල එහෙම කවදාවත්  සිද්ද වෙනම නැති දේවලුත් වෙයි කියල අපිට හිතෙනව).

ඉතින් කුරුණෑගල ඉපදුන මද්ද රැකියාවට යන්න ලේසි වෙන්න කියල අර සිංහලෙන් ඇනෙක්ස් කියල කියන ජාතියෙ එකක් කටුබැද්ද හරියෙන්  අරන් පදිංචිටවලා ඉන්නෙ. ආපු මැසේජ් එකෙන් අහන්නෙ පාන්දර ඌත් එක්කම සෙට් වෙලා ගෝල්ෆේස් යමුද කියල මොකද කියනව වාද්දූව (ආ.. මුගෙ ගම වාද්දූව කියල ප්‍රෝෆයිල් එක චැක් කොරද්දි මාත් දැක්ක.) ඉදන් එද්දි  ඌත් කටුබැද්ද පහුකරගෙන යන නිසා. ඒත් ඉතින් ඒ වෙලාව වෙද්දි  මද්ද⁣ට ඉහලින් දැනුම් දීල ඉවරයි ගමන වෙනස් කරන්න බැරි විත්තිය. ඉතින්  මද්දට ඉතුරුවෙලා තියෙන්නෙ සුභ පතන එක විතරයි. බොක්කෙන්ම  ගමනට සුභ පතල මද්දත් ඉතින් නිදා ගන්නව. 


______________________________+__
වචන 200ත්  පැනල වගේ
එහෙනම් අපි හර්ෂගෙන් හරි හර්ෂනගෙන් හරි (මුන්දෙන්නගෙ නම් දෙකත් නිකන්  දී කිරියි- මී කිරියි වගේ) ගමන ගියපු විදිය ගැන  ලිපියක්  ලියල දෙයි කියල බලාපොරොත්තු වෙමු .
මද්ද එහෙනම්  ගෘප් එක හැදුන හැටි ඉතුරුටිකත් එක්ක  "පලවෙනි රස්තියාදුව වෙච්ච " Admin's Ride " එක ගිය ගමනේ ආරම්භය  ඊලග පොස්ට් එකෙන්  අරන් එන්නම්.










Share
Tweet
Pin
Share
17 comments
Newer Posts

අපි ගැන

About Me


රෝද දෙකේ රස්තියාදුව හැදෙන්නෙ බයික් වලට ආදරේ කරන අයටයි. ජපන්/ඉන්දීයන්/මැලේසියා/යුරෝපා කොහේ හැදුවත් පදින රොද දෙකට ආදරේනම් එකතුවෙන්න තහනමක් නෑ. රට වටේ ඇවිදින්න කැමති bikersලා සෙට් එකක් හදන එකයි මූලික අරමුන මොකද ගොඩක් අය බයික් එකේ brand/model එක්ක තමයි group වලට සෙට් වෙලා ඉන්නෙ එයාලගෙ trip දැකල ඉරිසිය හිතුනු අවස්ථා ඕනි තරම්. මේකෙ සමාජික වෙන්න තියෙන එකම සුසුදුසුකම bike lover ,කෙනෙක් වීම පමනයි.

අව ගිය අය

Labels

R2R official events පිළිවෙලක් නැති ගමන්.

recent posts

Blog Archive

  • ►  2020 (2)
    • ►  July (1)
    • ►  January (1)
  • ►  2019 (5)
    • ►  October (1)
    • ►  May (1)
    • ►  April (2)
    • ►  January (1)
  • ►  2018 (7)
    • ►  October (2)
    • ►  September (1)
    • ►  July (1)
    • ►  May (1)
    • ►  April (1)
    • ►  January (1)
  • ▼  2017 (6)
    • ▼  December (1)
      • රෝද දෙකේ රස්තියාදුව @ පුලතිසිපුර.
    • ►  November (1)
      • සිංහරාජ හරහා රෝද දෙකේ සංචාරය
    • ►  October (1)
      • Admin's Ride.
    • ►  September (3)
      • Admin's ride පටන් ගත්ත හැට්.
      • හැදුන හැටි 2
      • හැදුන හැටි

Created with by BeautyTemplates | Distributed by Gooyaabi Templates