Admin's ride පටන් ගත්ත හැට්.
මද්දට දවසක් ගෑල්ලමය ගෙන් ඉල්ලීමක් එනව "ආච්චි,සීය බලන්න යන්න ඔනි" කියල.
මේ වෙද්දි ගෘප් එක හැදිල දවස් 3ක් 4ක් ඇති.
ඉතින් චැට් එකේ ඉන්න ගමන් හර්ෂයට නිකමට වගේ කීවෙ "මචං මම සෙනසුරාදා බයික් එකේ බලංගොඩ යනව කියල" එතකොට තමයි හර්ෂය කීවෙ කට්ටියම යමු කියල කොහොමත් කට්ටියම යද්දි ෆන් නිසා මමත් කැමති උනා.
යන්න තියෙන ඒරියා එකත් මාරම වීව්ස් ටිකක් එහෙම පහු කරන් යන්න තියෙන්නෙ. නාන්න එහෙමත් මාර තැන් ටිකක් තියෙනව.
ඉතින් මුලින්ම අදහස උනේ ගෘප් ඇඩ්මින්ල ටික දෙනා ගිහින් එමු කියලයි. මමත් ඒ අදහසට කැමති උනා අනිත් අයට රස්තියාදුවේ යන්න කතාකරන්න කලින් අපි කරල ඉන්න එපැයි. පස්සෙ මේ ගමන ගැන හර්ෂය post එකක් දාල කිබ්බා ගෘප්එකේ එකට හම්බඋන ප්‍රතිචාර නිසා මම පොඩි ඉවෙන්ට් එකක් හැදුව හැබැයි ගෘප් එක ඇතුලෙ විකරයි. එලියෙ කැනක දැම්මනම් ඒ තට්ටයාගෙ එකේ දාපු කමෙන්ට් එක්ක තමයි.
ඔය අතරෙ තමයි අපේ කලනයාට අලුත් බයික් එක්කට මාරුවෙන අදහස එන්නෙ ඉතින් මෙයාට දැනට පදින බඹරයි අලුතෙන් අරන් එන්න යන එකයි දෙකම ගමනට ගෙනියන්න ඔනි වෙනව උෘට,ගමන තනියම නෙමෙයි මෙයත් මෙයාගෙ ගෑල්ලමය එක්ක තමයි යන්න හදන්නෙ. ඉතින් මූ මට කියනව "මද්ද මට බයික් දෙකම ගෙනියන්න ඕනි උඹට බැරිද මගෙ බයික් එකක් අරන් යන්න" කියල
මගෙ අශ්වයා දාල යන්න දුක උනත් එයාගෙත් පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තිබ්බ නිසා මම අදහසට කැමති වෙනව. (දැන් කට්ටිය බලයි කෝ දැන් ඔය කියන බඹරා පොටෝ එක්කවත් නෑහැයි කියල , ඉස්සරහට එ් ඇයි කියල දැන ගන්න ලැබෙයි).
මේ අතරෙ තමයි "ලහිරු චාමර මල්ලි" යි දිල්හානුයි දෙන්නත් ගමන යන්න හදන්නෙ අවාසනාවට දිල්හානයට සති අන්තේ නිවාඩු ලබා ගන්න විදියක් නැතිනිසා දුකෙන් උනත් එයා නවතිනව (හොද වෙලාවට නැත්තම් ලහිරු මල්ලි එකක මූත් තව දඩයක් ගෙනව ආපහු එද්දි)
මම කියල කියල චේතිවත් ගමනට කැමති කරගන්නව. මොකද එයා එයාගෙ classic Sl එක ගලවන්න සූදානම් කරල තිබ්බ නිසා ගමන යන්න අකමැති උනා. පස්සෙ මගෙ ඉල්ලීම නිසා එහෙනම් එ් ට්‍රිප් එකත් ගිහින් ඇවිල්ලම ගලවමු කියල චේතිත් කැමති වෙනව.
මේ අතරෙ තමයි ලහිරු මල්ලි ඉවෙන්ට එකට ජොයින් වෙන්නෙ මට නම් මූ යයි කියල විස්වාසක් තිබ්බෙමනෑ. කොහොම හරි මෙයත් හර්ෂගෙ ගම් පලාතෙ නිසා හර්ෂටම බාර දුන්නා එයාට විස්තර දෙන එක.අහම්බෙන් සෙට් උනාට කොල්ල කීව විදියටම හැමෝටම කලින් ආව.
දැන් සෙට් එක 7යි. බයික් 5යි.
_______________________________________________
යන දවසට කලින් දවසෙ ඉදන් කලනය offline මම බැලුව පොල්ලක් වත් තිබ්බද කියල? හැබැයි මම ද්නන කලනයා නම් එහෙම එකෙක් නෙමෙයි.මොනා කරන්නද දුක තමයි රන්ජනී ඉතින් අපිට මෙයා නැතිව ගමන යන්න උනා මද්දත් බඹරා වෙනුවට අස්සය පිටේ ගියා එකේ යන්න නොහිටිය නිසා ඉස්සරහ බ්රේක් වල තිබ්බ ප්‍රශ්නෙ කලින් හදාගන්න බැරි උනා.
_______________________________________________
කොහොමින් කොහොම හරි ගමන යන්න හිටපු සෙනසුරාදටත් ලංවෙද්දි තමයි යන්න අවශ්‍ය තැන් වල විස්තරයි තැනුයි බලන්න ගත්තෙ. මැප් එකේ පිහිට පැතුවට ඒ කිට්ටුව නවතින්න තැන් නෑ යනව නම් බෙලිහුල් ඔය තමයි.
7 දෙනෙක් ප්ලෑන් කරාට දෙන්නෙක් අඩුවෙන ලකුණු තියෙන නිසා නවතින්න ගෑනු ලමයගෙ බලංගොඩ ටවුම කිට්ටුවෙන් ඉන්න බාප්ප කෙනෙක්ගෙ ගෙයක් තෝර ගන්නව. එකත් මරු, පොකටි එකටත් වාසියි.
ඉතින් ඔන්න ගමන යන්න හිටපු සෙනසුරාවත් ආව උදේ වරුවෙ වැඩ නිසා දවල් 1.30ට තමයි පිටත් වෙන්න දාගත්තේ (හික්ස් අව්ව එහෙම පොඩ්ඩයි) ඉතින් නියම වෙලාවටත් කලින් හර්ෂයි ලහිරු මල්ලියි
පානදුරට ඇව්ත් තිබ්බා
ලහිරු මල්ලි හෙල්මට් එක ගලොපුවාම තමයි දැක්කෙ අර ඔලු කට්ට ගලෝපුවාම හිට්න පාරවල් ටික තියෙව කියල. මුට මොලේට මොනා හරි වෙලා ගලෝලද නැත්තම් බාබර්ගෙ පොඩි එකා දැලිපිහියෙන් චිත්‍ර ඇදලද තියල හිතාගන්නත් මට ටිකක් අමාරු උනා.
හර්ෂයාට නම් තව ටිත දවසක් යද්දි බාබර්ල හම්බ වෙන්න යන්න වෙන එකක් නැති ලකුණු තමයි තිබ්බෙ.
ඊලගට මම,
එතනට ගිහින් ටික වෙලාක් යද්දි චේතිත් එතනට ආව මම නම් මූව කලින් ස්කූටර් එකේ එනව දැකල තිබ්බට හර්ෂයි ලහිරුයි පුදුමෙන් වගේ බැලුවෙ ස්කූටර් එක කොහොම මුගෙ බර දරාගන්නවද කියලද මන්නදා?
කට්ටිය සෙට් වෙලා මනිත්තුගානක් යද්දි මද්දගෙ ගෑනු ලමයත් එතෙන්ට ආව කියමුකෝ.
ඉතින් ඔන්න එහෙනම් පලවෙනි රස්තියාදුව පිටත් උනා.
ගමනෙ විස්තර ඊලග පෝස්ට් එකෙන්
9 comments
Lassanai mchn dgtama liyapan good luck
ReplyDeleteඈහ් මේ රුකාමද? ටැංකු ටැංකු
Deleteනම් පැටලිලා නේද?
Deleteබීලා නේද ඉන්නේ...
අන්තිම ටික කලබලේට බං ලීවෙ ඔන්න හැදුව
Deleteකලනයි ලහිරුයි පුදුමෙන්
Deleteකලනයි ලහිරුයි පුදුමෙන්
Deleteඇයි යකො කොටස් කොටස් දාන් නැතුව එක දිගටම දාපන්කො...මගුල....
ReplyDeleteහික්ස්
ReplyDeletesinhala sub
ReplyDelete