සිංහරාජ හරහා රෝද දෙකේ සංචාරය

by - November 24, 2017


ඔන්න ඉතින් අපි හතර දෙනාගෙ බලංගොඩ සංචාරයෙන් පස්සෙ  රෝද දෙකේ රස්තියාදුකාරයො එක එක්කෙනා අපිත් එක්ක එකතු උනා,
ටිකෙන් ටික ඊලග ගමන ගැන ඉල්ලීම් ආව,

තැන් කිහිපයක්ම යොජනා උනත් අන්තිමට තීරනය උනේ සිංහරාජය හරහා ගමන යන්නයි.
අපේ ආරම්භකයන් වගේම පලවෙනි ගමනෙ සාමාජික උන චේති කලින් ඒ ගමන ගිහින් තිබ්බ කෙනෙක්.ඒ වගේම හර්ෂනත් කලින් ගිහින් තිබ්බ  කීපවරක්ම. ඉතින් අපේ අන්තිම තීරනය උනේ ඒක.
ඊට පස්සෙ තමයි නවතින තැන් හොයන්න පටන් ගත්තෙ කොහෙද මද්දට එහෙ කව්රුත් නෑයො නෑනෙ කලින් පාර වගේ පිනා චාන්ස් වදින්න.

ඉතින් බුකින් ඩොට් කොම් පීරන්න පටන් ගත්තා තැන් කිහිපයක්ම බැලුව සමහර ඒවයෙ ඉඩ නෑ, ගාන වැඩියි (සල්ලි කාරයො අඩුයි නේද බයික් පදින), තියෙන පැකේජ් flexible නෑ, ඔහොම ප්‍රශ්න ගොඩකට මූන දීල ඉද්දි තමයි මද්දගෙ හොදම යාලුවෙක් උන(සහෝදරයෙක් කීව නම් තමයි හරි) සමීරගෙ ගම ඒ කිට්ටුව කියල මට මතක් උනේ ඉතින් මැසේජ් එකක දාල වැඩි වෙලාවක යන්න කලින් "උඹ බය වෙන්න එපා යන ගාන හරියට කිපන් මම හොයල දෙන්නම් කියල රිප්ලයි එකක් ආවෙ"
තවත් මොනවද දෙයියො දැක්ක වගේ.
සමීරගෙ වචන මට අම්ම තාත්ත වගේ සුවර්, පොඩි අව්ලකට තිබ්බෙ බයික් වල ටුවර් යන්න මෙයා එච්චර කැමති කෙනෙන් නොවන එක හැබැයි මම ටිකක් කෙදිරි ගෑවම කැමති උනා යමු කියල.
ගෘප් එකට දාල සති දෙකක් යද්දි ඌත් බයික් පිස්සුව තදටම හැදිල ඉවරයි.
ඊලගට චේති ස්කූටර් එක restoration එකක් කරන්න බලන් හිටපු නිසා කැමති උනේම නෑ යන්න ඒත් හොදටම කැලැසික් පිස්සුව තියෙන නිසා සචින්තනගෙ බයික් එක ඇමක් විදියට පාවිච්චි කරල නමා ගන්න පුලුවන් උනා.
Sachinthana's bike Honda CD 125 (early 90'S ) චේති ආවෙ මේක පදින්නමයි 


හරි හරි සචින්තන ගැනත් කියන්නම් කැලණිය  සරසවියෙන් උපාදිය ඉවර කරල ලගදි තමයි පෞද්ගලික අංශයේ රැකියාව පටන් අරන් තිබ්බෙ හැබැයි සහලෝල බයික්/classic/traveling කියන උන වලින් පෙලුන කෙනෙක් තමයි, නුවර පැත්තෙ හාදයෙක් උනාට නුවර උනනම් නෑ. සචින්ත එක්ක හර්ෂිිියි තව බයික් පිස්සෙක් වෙච්ච සචිත්වයි එක්කගෙන මූත් සුපරිම බයික් පිස්සෙක් තමයි.
මේ අතරේ තමයි මට ලසිතව සෙට් උනේ එයා මිනුවන්ගොඩ පදිචි මෙයා පෞද්ගලික ආයතනයක අලෙවි අංශයේ තමයි වැඩ කරන්නෙ (ලංකාවෙ ලොකුම IT company එකක) මෙයා තමයි මිනුවන්ගොඩ කිට්ටුවෙන් ගමනට ආපු අයව සම්බන්ධීකරන කටයුතු කලේ.
අසික පෙරේරා ගම මාතර කිට්ටුව උනාට ඉන්නෙ කටුබැද්දෙ.අර මේන් මෙච්චර විතර ලොකු තඩි ජෙනරේටර් කොම්පැනියකනෙ වැඩකරන්නෙ. අපේ ඔපීසියල් පොටෝ ගැපර් උනේ මෙයා.
ඔය අතරෙ චේතිගෙ යාලුවො තුන්දෙනෙකුත් සම්බන්ද උනා සසිදු,චරිදු,මදුශංක මේ තුන්දෙනාක් හොදවම බයික් උන හැදිල තිබ්බෙ.
තව මලියගෙ සටහන ලියන මලියත් අපිත් එක්ක සෙට් වෙලා ඉන්නව කියල දැනගත්තෙ අන්තිම දවස් වෙද්දියි(මේ පාර පොටෝ ටිකයි වීඩියෝ ටිකයි එඩිට් කරන වැඩ ටික මලියගෙ කරපිට).
මේ අතෙර තමයි රත්නපුරේ ඉදල තුසිත අයියා විස්තර ඇහුවෙ ගමන ගැන අන්තිමට මැසේ්ජ්  100ක් විතර දාල එයාවත් ගමන යන්න කැමති කරගත්තා පලවෙනි දවසෙ රෑ අපිට සුපිරිමකෑම වේලක් හදල දුන්නෙ මෙයාගෙ අතින් තමයි.
ඒ අතරෙදි තමයි ගාල්ලෙන් චරිත කියල තවත් සුපිරිම බයික්/traveling පිස්සෙක්ව හම්බ උනේ, STF  එකේ වැඩකරන කෙනෙක් උනාට නිවාඩුවක් දාලම ආව අපි එක්ක ගමන යන්න. එයා ගානෙ ගියපු හැම බයික් එක්කටම සමරු ස්ටිකර් එකක් එයා හදන් ඇවිත්තිබ්බා.
යන්න කිට්ටුම වෙලා තමයි අපිට දුමින්ද අයියව හම්බ උනේ බලන් යද්දි මම කාලයක් ජීවත් උන කුරුණෑල ගමේම කෙනෙක්.
ඊට අමතරව ඉතින් මද්දයි හර්ෂයයි තමා අපි ගැන මොනා කියන්නද කියන්න දේවල් හුගක් ඇතී  ඒත් ඕනිනෑ.

වැඩිය නෑ බයික්15යි,කොල්ලො16යි,කෙල්ලො4යි.

ඔන්න ඔහොමයි පෙලගැස්ම.


කෑම බීම අපිම හදාගන්නයි plan කලේ.මේ අතරෙ තමයි T-shirt එකකුත් ඕනි කියන අදහස ආවෙ. දවස් දෙදක් විතර discuss කරල තමයි final එක තිරනය උනේ. ඉතින් ඒ ඩිසයින් එකත් අරන් සමීරයි මායි ඉරිද උදේම පිටකොටුවට ගියා අපි නැග්ගම පුවක් ගස් වල දෙබල්නෙමෙි කරටියත් නෑ . කඩ ඔක්කොම වහල. සැලෙන්නෙ නෑ පිංවතු⁣නි ඇද්ද පමුනුවෙ එහෙත්ගොඩක් ඒව වහල හැබැයි එක තැනක් සාධාරණ ගානකට කරල දෙන්න කැමතිඋනා දවල්ට කෑමත් නෑ ගෙදර එද්දි 3.00  පහුවෙලා.
මෙන්න ටිකකින්  චේති ගෙන් කොල් එකක් එනව "අයියෙ උඹලට කීයටද සෙට් උනෙි ටී එක"
මද්දත් ඉතින් "ඇයි උඹට අඩුවට සෙට් උනාද කියපන් බලන්න ගාන"
"අයියෙ $$$කට පුලුවන් කීව"
අම්ම ගායි යකෝ උදෙි ඉදන් අව්වෙ කට්ට කාල හොයාගන්න බැරි උන එක මූ ගෙදර ඉදන් මෙච්චර ලාබෙට හොයල .
එහෙනම් ඉතින් එතෙනට බාර දියන් කියල design එකක් එතනට email කලා.
එ්කත් හරි දැන් ඉතින් යන්න තමයි තියෙන්නෙ.
ආ.......එකතොට BBQ
හර්ෂවත් ඇදගෙන යනදවසට කලින් දවසෙ මස් කඩ ගානෙ ඇවිදල අඩුවටම fresh චිකන් 10 kg උස්සන් ආව. දැන් ඉතින් දාන්න එපැයි ඕක ප්‍රිජ් එකට ඉඩ නෑ යකෝ ඇනෙක්ස් එකේ තියෙන්නෙ තනි දොරේ එකක්.

ඔන්න ඉතින් දවස ආව. මුලින් අපි සෙට් එක පානදුරට එකතු උනා. තුසිත අයියයි හර්ෂනයි රත්නපුරෙන් පිටත් වෙලා  ඒ වෙද්දි. සචින්තනත් නුවර ඉදන් එනගමන් මලියයි ලසියයි දෙන්නත් මගින් අහුලෙගන තිබ්බා.

දැන් පිටත් වෙන වෙලාව උනාට චේති  නෑ  තාමත්, කෝල් එකක් දුන්න කෙලල තියෙන්නෙ ටී  ෂර්ට්  ටික ලැබිල නෑ ප්රින්ට් කරන්න දීපු එකා බුලක් කෙලල 1.30 යන්න හිටියට මේක නිසා පිටත්  වෙන්නත් පරක්කු උනා
චරිතට කව්ද කීවලු අපායට ගියත් කලින් යන්න කියල ඒක නිසා මෙයා 3.30 එන්න කීවට 3ටත් කලින් පැලවත්තට ඇවිත් 5.00ත් පහුවෙනකන් කට්ටක් කෑව.
මතුගම හරියෙදි සචින්තනගෙ බයික් එක ගරාජ් එකක ගාල් කරන් ඉද්දි  අපි උන්ටික හොයා ගත්තා. ස්ටාර්ට් නාෙවී  තිබ්බ බයික් එක ස්ටාර්ට් කිරීමේ ගෞරවය මම දන්න විදියටනම් හර්ෂට තමයි  දෙන්න ඕනි.

ආයෙම පාරට ටික ටික අදුර වැටීගෙන එනකොට කට්ටියගෙ වේගයත් ටික ටික වැඩි උනා ඒ අතරෙ කට්ටියක් පහුවෙලා මද්ද ඉස්සරහින්ම ගියත් සෑම පැය භාගයකට වගේ සැරයක් කට්ටියම ඉස්සර වෙන්න දීල පස්සටම එනව හැමෝම  හොදින්ද බලන්න මේ විදියට එකපාරක් බලනකොට තමයි දැක්කෙ අපේ කැලැසික් කාරෙයා දෙන්න එක්ක තව කිහිප දෙනෙක්  පිටු පසින් කියල සමහර තැන් වලදි මද්දට විනාඩි 20ක්,30ක් බලන් ඉන්න උනා. ආයෙම ඉස්සරහින් යන අයව බලන්න ඉගිලෙන්නත් උනා (මේක නිසා තමයි ඊලග සංචාරයට උපරිම හා අවම වේගයක් ඕනි කියල අන්තිම ඇඩ්මින් හමුවෙදි තීරනයකට ආවෙ)

මේ අතර මගින් චරිතවත් අපේ සෙට් එකට එකතු උනා. මෙතනදි තමයි පොලීස් රාලහාමි කෙනෙක් ජීප් එකකින් බැහැල ලගට එනකම්ම දැක්කෙ නෑ ඔයාල කොහෙද?, කොහෙද යන්නෙ? කියල බොහෝම සුහදව ඇහුවම මද්දට පුදුමත් හිතුන කොළ  ඉදන් ආව බවත් සංචාරයකට ආව කියල කීවම, කීවම හිනා වෙලා බයික් ගොඩක් නවත්තල නිසයි ඇහුවෙ  කියලා  පිටත් උනා.


තවත් ඉතිරි වෙලා තිබ්බෙ කි.මි. 35ක්  විතර. ඒ ටික ඇවිත් තමයි කන ජාති බොන ජාති අරගන්න කඩවල් හොයන්න පටන් ගත්තෙ බොන්න ඕනෙ කරන දේවල් නම් අමාරුවක් නැතිවම හම්බඋනා. සමීරයි මායි දෙන්න එක්ක තමයි සිල්ලර කඩයි එලවලු කඩ ගානෙයි ඇවිද්දෙ අන්තිමට බඩු මලු අතින් කටින් එල්ලන් ඇවිත් කට්ටිය අතරෙ බෙදල දුන්නෙ තව ටික දුරක් අරන් යන්න තිබුනු නිසා. දෙතුම් පාරක් ම පාර වරද්ද ගෙන අන්තිමට අදාල තැන හොයාගත්ත. (කොහෙද ඉතින් යන්නෙම ලොකේෂන් දාපන් බං කියල මැප් එක දිහා බලාගෙන මනෙ ඉතින් පාරක් කීවට අහගන්න තේරෙන්නෑ නෙ.)

චෙෆ් තුසිතත් එක්ක මාස්ටර් චෙෆ් සමීර
ගියපු ගමන් ඔක්කො ටික පූල් එකට පැන්න අම්මපල්ල මුන්ට වතුර පෙන්නන්ම බෑනෙ. මද්දට නම් වතුර දිහා බලන්නවත් වලොවක් තිබුනෙ නෑ හර්ෂ අයියයි සමීරවයි කුස්සියට හිරකරල,



පොල් කටු වල බලේ්
හර්ෂයවත් ඇදගෙන ගල් අගුරු ටික පත්තු කරන්න පටන් ගත්තා. ගල් අගුරුත් එක්ක පොල් කටු කෑලි ටිකක් දාල ගිනිතිබ්බමම වැඩේ හරි.


ඔන්න ඉතින් බෝතල් එකින් එක ඇරෙන අතරේ ත්‍රයිලෝක විජය පත්‍ර සුවදකුත් දසත පැතිරුණා කියමුකෝ.

ගිහින් හිටපු ස්ත්‍රී පාර්ශවයෙ කට්ටියට ආහාර අරගෙන නිදාගන්න ලෑස්ති කරල දුන්නා.
BBQ By  මද්දා

කොල්ලො  ටිකට නම් නිදා ගන්න අහහසක් නෑ වගේ සචින්තනයි ලසිතයි දෙන්නගෙ ගිටාර් වාදනයත් එක්ක ලස්සන සින්දු ටිකක් රසවින්දාග හැබැයි මට තාමත් තියෙන ප්‍රශ්නෙ තමයි එච්චර ඉක්මනට BBQ  අතුරුදහන් වෙන්නෙ කොහොමද කියන එක.

තුසිත අයිය හදල දුන්න  Fried rice එකෙත් පිගන් දෙකකම වග කියන්න මද්ද නම් අමතක කලේ නෑ.
 පාන්දර 2ක 3න චෙනකන් වැඩේ නැගලම ගියා පහුවදාට යන්න තියෙන ගමනෙ බැරෑරුම් කමනිසා අකමැත්තෙන් උනත් මද්දට කැප්ටන් රයිට්ස් අතට අරන් කට්ටියව ඇදන් වලට යවන්න සිද්ද උනා.

මොනා උනත් එක ඇඩ්මින් කෙනෙක් විතරක් කබරයෙක් හම්බෙලා එන්න ගිහින් තිබුනා චෙති මල්ලි මහ රෑ එයාව ෂවර් එකක් යටට ගෙනිහින් නෑව්ව කියත් ආරන්චියි. (චේතිය බීවෙ නැති උනාට බීපු උන්ට දෙන්න ඕනි ප්‍රතිකර්ම නම් දන්නව)





ඔන්න ඉතින් පහුවදා (පහුවදා කොහෙද බං නිදාගද්දි 3.00 යි) දහසක් බුදුන් බුදුවෙන හිමිදිරි පාන්දර 5.30 විතර කොහෙද ඉදන් ආපු කරුමක් කාරයෙක් නින්දෙන් ඇහැරවනව අපිට ( යකෝ බොන්නෙ නැති උනාට තේරුම් ගනින් රෑට බීපු උන්ට උදේට අමාරුයි කියල)
 "අර බලන්න පුතේ කුරුල්ලො උදේම නැගිටල පනුවො අල්ලන් කන ලස්සන"
"හොද වැඩේ උදේ පාන්දර නැගිටින පනුවන්ට"
උදේ පාන්දර නැගිටින පනුවො කන්න කුරුල්ලො හිටියට මේකව කන්න එකෙක් හිවියෙ නෑනෙ.

අපි මෙහෙමයි දත් මදින්නෙ
ඉතින් ඔන්න ඔය ආකාරයට නැගිට්ට ගත්ත කියමුකෝ‍.
 නාල,
 මූන හෝදල,
දත් මැදල (සෙල්පි ගහල)

 එහෙම ඉවර වෙලා තමයි උදේ කෑමයි දවල් කෑම පාර්සල් ටිකයි හදන්න පටන් ගත්තේ.

මද්ද ඉතින් විධායක බලතල පාවිච්චි කරල කීප දෙනෙක්වම කඩේ යැව්වයි කියමුකෝ. ඔය අතරේ
පාන් ගේන්න,
පත්තර ගේන්න
පොල් හොයන්න.

උදේට කන්න ජාතික ආහාරය වන පාන්  තමයි ලෑස්ති කරල තිබ්බේ.
ඉතින් දවල්ට කන්න කෑම එහෙමත් ඔතාගෙන අපේ සංචාරයෙ ප්‍රධාන අරමුණ උන සිංහරාජයට යන්න පිටත් උනේ.


මෙන්න මේ විදියට තමයි දඩු මොණරු  ටික පලෙ ගැහිල හිටියෙ


 අපේ ගමනෙ ප්‍රධාන අරමුණක් උනේ සිංහරාජය හරහා වැටිල තියෙන දුෂ්කර අඩි පාරක් දිගේ බයික් වලින් යන එක (ඇතුල් උන හා පිට උන ස්ථාන සදහන් නොකර ඉන්නම් මොකද අනවශ්‍ය ප්‍රසිද්දියක් ඒ පාරට ලැබෙනවට අපි කව්රුත් කැමති නෑ ඇත්තම කියනවනම් අපිට කලිනුත් ප්‍රසිද්ද යතුරු  පැදි සමූහයක් මේ පාරෙන් ගිහින් තිබ්බා  ) ඇත්තටම වචනවලින් විස්තර කරන්න අමාරු අත්දැකීමක්.

ඉතින් ඔන්න ඔය ගමන යන්න පිටත් උනා කියමුකෝ මග දිගට ෆොටෝස් වීඩියෝ ඉවරයක් නෑ ඒ අස්සෙ අර කැමරා කරන කුරුල්ලෙකුත් පියාඹනව කොහොම හරි අන්තිමට අදාල ස්ථානයට ලගා වෙද්දි දවල් කෑම වෙලාවත් ලංවෙලා ඒත් කාටවත් බඩගින්නක් නම් නෑ.

ඉතින් ඇතුල් වෙන තැනට බොරු 100ක් විතර කියල ඇතුලට බයික් අරන් යන්න අවසරයත් අරගත්තා. ඒත් හැමෝටම එකපාර යන්න ඉඩක් නෑ. බයික් 4 ගානෙ ගෘප් 4කට විතර කඩල අවසර දුන්න ඉතින් බොහෝම අමාරුවෙන් කූඩලු හමුදාවත් එක්ක හැප්පෙන ගමන් කිතුල් ලෑලි පාලම් උඩින්, මඩ ගොඩක, ගල් ගොඩවල්, වතුර පාරවල් හරහා තමයි පාර වැටිල තිබ්බෙ ඔක්කොටම වඩා දරුණු ගයිඩ්ලගෙ කරදරේ. (යකෝ අපේ රටේ අපිට ඕනි විදියට ඇවිදින්නත් නෑනෙ මේ සුදු හමට පශ්චාත් භාගය පුදන උන් එක්ක. කැලේට ආදරේ අපි බයික් වල  නෙමේ බුල් ඩෝසරයකින් ගියත් ගහක පොත්තක් වත් හිරෙන්නෙ නැත්තම් මුංට පාන්ද?)

ඔන්න ඒ ආකාරයට තමයි ලැබෙන්න තිබුන ලස්සන ඡායාරූප ගොඩක් අපිටනොලබී ගියෙ. රොද සටහන් හැර කිසිවක් නොතිය ආවත් ඡායා ඡායාරූප හැර වෙනත් කිසිවක් රැගෙන නොඑන්න ගිය අපිට දුකක් විතරයි අරන් එන්න උනේ. හැබැයි ගියපු හැමෝගෙම හිත් ඇතුෙල නම් දිග වීඩියෝ එකක් ඇති කවදාවත් නොමැකෙන.

ජීවිතේටම ආයෙ යන්න අවස්ථාවක් තියෙයිද කියල විශ්වාසයක් නැති ලංකාවෙ ‍තියෙන මම ආසම පාරවල් ගොන්නට තවත් පාරක් එකතු කරමින් පාර අවසන් උනා.

මීලගට ඉතිරි වලො තිබ්බෙ දූලි ඇල්ලෙ  ආඩම්බර කම් බලන්න යන්න තමයි නැවතත් සුපුරුදු ගමන පටන් ගත්තා ලස්සන පරිසයක කැඩුනු පාරවල් තමයි ඉතින්. ඕව මොනාද බ්‍රෝ රෝද දෙකට කීවලු. ඒ එන අතරමඟත් තැන් දෙක තුනකම මතක සටහන් කැමරා කාච වල සවහන් කරගෙන ඇල්ලට ලගා උනා නිකම්ම නමෙයි අම්බානට වැස්සතුත් අරගෙනම තමයි මගදිගට ආවෙ.
ලංකාවනේ.............. වහිනවනේ.................‍අපිනම් සැලෙයි. ඒ ‍උනාට සැලෙන්න උනා දිය අැල්ලට නම් 
අපි ගියෙ දිය ඇල්ලෙ  නාන්න මියක් වතුර පුරවපු තටාක වල නාන්න  නෙමෙයිනේ? දුක තමයි රංජනි, නානව තියා ලංවෙන්න වත් බෑ  වතුර පාර සැරයි. අම්බානට බොර පාටයි.
කැමරාව ගැන අාසාව අතෑරපු සචිත් මල්ලී


නාන්න වතුරට බහින්න ඕනි නෑ මීටර් 10ක් විතර දුරින් හිටගත්තම ඇති.

දූලිම තමයි වතුර නම් නැ.

දිවා ආහාර එතනින් ගන්න හිටියත් ඒ අවස්ථාවත් ගිලිහී ගියා

කැමරා කුරුල්ලත් උඩට නැගල හාත්පස මතකයන් එකතු කරගද්දි අපි ආපහු එන්න පිටත් උනා.







ආපහු එන අතර මග තිබුන කඩයක් ලග නැවතිලා දවල් කෑම කද්දි 3ත් පහුවෙලා. එතන හිටපු අයත් කඩේ ඇරල ඇතුලෙන් පුටු ටිකක් එහෙමත් ලෑස්ති කරල දුන්නා  ලංකාවෙ තාම මනුස්සකම් මැරිල නෑකියල මතක් කරල දුන්නා කීවොත් වැඩියම හරි මම හිතන්නේ.


ගමන නියමයි අත් දැකීම් ගොඩයි සහභාගී උන හැමටම ස්තූතියි.


මීලග සංචාරය පුලතිසිපුරවරට දෙසැම්බර් 1 වන සිකුරාදා උදෑසන 7.30ට පිළියන්දලින් 

මෙතනින් එන්න.














You May Also Like

32 comments

  1. රොද හතර අතුලේ ම්නිස්සු අඩන කොට රොද දෙක අපහසු උනත් අපි රොද දෙක උඩ හිනා උනා මුලු හදවතින්ම අපිට මෙහෙම අත්දැකීමක් විදින්න ලැබුණේ ඔයාල නිසයි එකට salute පුලුවන් තරම් කාලයක් එනවා රස්තියාදුවේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං
      තව විදින්න තැන් ගොඩයි මේ ලංකාව ඇතුලෙම

      Delete
  2. ඉරිසියයි.. කෙල්ලොත් ගියා කිව්වා????????? හලේ................ කූර ලෝකේ!!!!!!!

    අර කියාපු හාදයා නුවර කිව්ව නේ? අර මොකද්ද නැතිය කිව්වේ??? මෙහෙම සංචාරක සටහන් කියවන්න ලැබීම ( ඉරිසියාවට?) සතුටට කාරණයකි. මරු අනේ...

    ReplyDelete
    Replies
    1. සමහර පින්තුර පේන්නේ නැහැ. ( දෙකයි මට පේන්නේ )

      Delete
    2. කෙල්ලො කියන්නෙ වයිෆ් ලා දෙන්නයි,වෙන්ඩ වයිෆ්(මගෙ)1යි, අර නුවර හාදයගෙ ගෑල්ලමයයි.
      නුවර පැත්තෙ මම දන්න ගාෙඩක් අයට නුවර උන.(මෙහෙම නේද උන ලියන්නෙ) හැබැයි මූට ඒක නෑ.
      ස්තූතියි කොමෙන්ටුවට.
      පින්තූර කේස් එක ගැන බලන්නම්.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හොටු පෙරන්නෙ නැතිව යමුද රස්තියාදුවක් ගෑල්ලමයිත් ඉන්න නිසා අව්ලක් නෑනෙ?

      බොහෝම ස්තූතියි පින්තූර ගැන අප්ඩේට් එකක් දුන්නට.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. විල්පත්තුව විරෝධ තාවයටත් ගෘප් එකක් විදියට සහභාගී වන අදහසක් තියෙව ඒත් තාම සංවිධායකයන්ගෙන් මම අහපු ප්‍රශ්න වලට පිලිතුරු ආවෙ නෑ.

      Delete
  3. මරුනෙ බන්.... පින්තූර පේන් නෑ බන් මොනා හරි කොරපන්

    ReplyDelete
    Replies
    1. සචින්තගෙ බයික් එකයි, ඔක්කොම බයික් ලිස්ට් එකයි දත් බුරුසු කටේ ගහපු එකයි විතරයි පේන්නෙ.

      Delete
    2. මම google drive එකට දාල ලින්ක් එකෙන් දැම්මෙ එ්කයි අවුල.

      ස්තූතියි බං ගොඩ උනාට ලංකාවට ආපු ගමන් රස්තියාදුවක යමු.

      Delete
    3. අනිවා......මගෙත් අපාචි 180ක් තියනව( දැන්නම් තියනවද දන් නෑ ගිහින් තමයි බලන්ඩ වෙන්නෙ) කොහෙ හරි යමු.

      Delete
  4. මම හිතන්නෙ දැන් ෆොටෝ අවුල හරි

    ReplyDelete
  5. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු....මාරම ෆන් ටුවර් එකක් තමයි...කවදාවත් අමතක නොවෙන...මං යන්න හිටපු ආසම පලාතකට ලයිසන් නැතුව කොළඹ ඉදන් ගියා කිව්වමත් පුදුමයි ...ඒත් දුකයි මෙදා පාර එන්න වෙන්නෙ නැති එකට...

    ReplyDelete
    Replies
    1. එකම ගමේ එකම පාසලට ගිහිල්ලත් අදුරගන්න බැරි උන අපි මෙහෙම සෙට් උන එකම මාරයි අයියෙ.
      ලයිසන් නැති උනාට රයිඩින් සුපිරි. පිටිපස්සෙන්ම ඉදන් කොල්ලො ටික ගැන අවධානයෙන් ආපු එක ඊටත් වඩා සුපිරි.
      මෙදා පාර බැරි උනාට ඊලඟට යන්නෙ ඔයාගෙ හීන රයිඩ් එක හොදේ

      Delete
    2. ඊලග ටුවර් එක අනිවාරෙන්ම එනව....වෙනද ගියෙ ෝච්චියෙ..ඇන් යන්නෙ ෝද දෙකෙන්...

      Delete
    3. අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනි.

      Delete
    4. කවද දිහාට ගොඩ බහිනවාද යැයි දන්වා එවනවානම් යහපකි. මාගේ නම්බරේ ඔබ සතුව ඇක වටස් ඇප් යූස් කොරහන්.

      Delete
    5. එහෙමයි දේවයන් වහන්ස.....හැක් හැක් හැක්

      Delete
  6. ඇඩෙනවා.. ලිඛිතට වගේ.. ඉරිසියාවේ තන්තොසේ බෑ.. උඹේ කොමෙන්ට් හැම තැනම වගේ දැකල තියෙනවා උනත් බ්ලොග් එකට ගොඩ වෙන්න උනේ නෑ.. මාලිගේ එකේ දාපු කොමෙන්ට් එකකින් තමයි මේ රෝද දෙකේ සංචාර සීන් එක මීටර් උනේ..

    එල.. එල.. ඔහොම යන්..

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කොට කොටා අවුරුදු ගානක්ම හිටිය බ්ලොග් එකක් තිබ්බෙ නෑ.
      පස්සෙ රෝද දෙකේ ගෘප් එක හැදුවට පස්සෙ තමා අපේ හර්ෂයා ගෙන් බේරෙන්නම බැරි තැන ලියන්න ගත්තේ.

      Delete
    2. ස්තූතියි ගොඩ උනාට ආයෙ ෙමානාටද ඉරිසියා කර කර ඉන්නෙ යමු රවුමක් දාන්න අපිත් එක්ක.

      Delete
    3. මට බයික්කෙකක් නෑනේ.. මේ දවස්වල හිතාගෙන ඉන්නවා 'අහල පහළ' ගමන් වලට ලේසි වෙන්න 'ඩියෝ' එකක් ගන්න.. තාමත් ඒකට හිත නැමුනේත් නෑ.. 2006 ට කලින් වගේ නම් සෑහෙන්න බයික් පැද්ද.. ඊට පස්සේ ආරක්ෂාව ගැන හිතල බයික් පැදිල්ල අඩු කරා. ඒත් ලඟදි ඉඳන් ආයෙම පොඩි උණක් තියෙනවා සැප පහසුවේ යන්න පුළුවන් බයික් එකක් අරං ඔය උඹල වගේ මාසෙකට දෙකකට සැරයක් පොඩි රස්තියාදුවක් ගහන්න.. ඒක පටන් ගත්තේ 'චෙෆාකි' ගේ රෝයල් එන්ෆීල්ඩ් එක දැක්කට පස්සේ..රෝයල් එන්ෆීල්ඩ් නම් ගන්න බෑ.. හොඳ CD හරි CM එකක් හරිවත් බලන්න ඕනි.. එහෙම එකක් ගත්තම යමුකෝ රවුමක්.. :)

      Delete
    4. ආවෙන් යනවනම් එකෙක් පිටි පස්සෙ සීට් එක හරි ලෑස්ති කරල දෙන්න බැරියැ.
      නැත්තම් ඔය තියෙන්නෙ ඕනි තරම් එකක් රෙන්ට් කරල ගමු

      Delete
  7. කමෙන්ට් එකකින් හොයාගෙන ආවේ, කවුද මේ එකම බෝට්ටුවේ අනික් එළ කොල්ලෝ සෙට් එක කියලා බලන්න.. බයිකර්ස්ලා පැක් එකක් ලීඩ් කරගෙන දිග රයිඩ් එකක් යනවා කියන්නේ ගේමක් (විශේෂයෙන්ම ලංකාවේ). ඒ ගේම දන්නේ ගිය එවුන්ම තමා..

    මම නම් ටිකක් භයානක (ෂුවර් එකටම මගදී දණිස් ලෙලි යනවා කියලා දැනගෙන යන ඒවා) යන්නේ උපරිම බයික් දෙකේ ගමනක් විදියට.. ඇත්තටම, ඇත්තමට මට බයයි මම ගන්න පුප සීතල වෙන තීරණ ක්‍රියාත්මක කරලා මං එක්ක යන උන්ට කරදරයක් වෙනවට!

    අවාසනාවකට (වාසනාවකට) වැඩියෙන්ම අනතුරු කරගත්ත, මළ පාන්දර පැච් ගිය, එකම ගමනේදී දෙපොලකදී පැච් ගිය( කොයි ලෝකේ ඉන්නවදවත් නොදන්නා ඉසව්වල) හැම ගමනකම මම ගියේ තනි බයික් එකේ ගමන්.. මාර කට්ටක්, හැබැයි ජීවිතේ අප්‍රමාණ සතුටු වෙන්න පුළුවන් අත්දැකීම්..

    මේ ලින්ක් එකේ තියෙන්නේ මගේ ජීවිතේටම මම ගිය හොඳම,ත්‍රාසජනකම බයික් ගමන.. මේකත් තනි බයික් එක ගිය ගමනක්, පැසෙන්ජර් සීට් එකේ කෝකටත් තෛලය වගේ එල බුවෙක් දාගෙන ගිය ගමනක්..

    http://karuugesithroo.blogspot.com/2018/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. තනියෙන් යන එකත් සුපිරිම ආතල් එකක් (නිදහස්)
      කස්ටිය එක්ක යන එකත් තවත් ආතල් එකක් (එකම වගේ උන් සෙට් වෙන්න ඕනා )
      ස්තූතියි ගොඩ උනාට.

      Delete
  8. මේ කියන විදිහට කන්නෙළිය පැත්තෙන්ද සිංහරාජයට ඇතුල් උනේ ?

    ReplyDelete