ගමන් දෙකක්ම සාර්සථක ලෙසම ඉවර කරපු රෝද දෙකේ රස්තියාදුව තුන් වෙනි රස්තියාදුව ගහන්න පොලොන්නරුව තෝර ගත්තා.
හතර වටින් කට්ටිය අම්බානට සෙට් වේගෙන ආව. මීටිමක් එහෙම තියල අපේ ඇඩ්මින්ල සෙට් එක ටයිම් ටේබල් එකක් එහෙම ලෑස්ති කරල දිග..... සතිඅන්තයක් වෙච්චි දෙසැම්බර් මාසෙ 1,2 දවස් දෙක තෝර ගත්තා.
හැබැයි කාලගුණික වෙනස් වීමත් එක්ත අපේ සැලසුම් අවුල් ගියා සංචාරයත් නවතින තැනට වැඩ සකස් වීගෙන එද්දි තමා උන බහින්නෙම නැති බයික් පිස්සො සෙට් එකගෙන් සැරින් සැරේ මැසේජ් ආවෙ "මද්දා වැස්සත් යනව නේද?" කියල ඉතින් මද්දටත් සහලෝල උන නිසාත්, වැස්සකට උනත් නවතින්න අකමැති මම වගේම තවත් උන කාරයන් සිට්න නිසාත්, යන තරම් පිරිසක් සමග ගමන ගිහින් එනව කියල තීරනය කලා.
යනව කියපු අය එක එක අඩු වෙද්දි අලුත් පිස්සො ටිකක් එකතු උනා අන්තිමට 14 දෙනෙක් එකතු උනා.
මලිය, සචින්තන, සචිත්‍ර ගිය පාර ටුවර් එකේදි මට හම්බ උනු පිස්සො අතරින් සුපිරිම පිස්සො ටික. ඊට අමතරව හැමදාම මට හයියක් උන හර්ෂ,චේති,සමීර, මුන් ටික ගැන කලින් පෝස්ට් එකේ කියපුනිසා ආයෙ මොකටද හෝද හෝද මඩේ දාන්නෙ.
ලහිරු මදුසංක (බලපංකො ඉතිම් නමටත් කෙලියා) ගිය පාර ටුවර් එකත් මිස් කරගෙන සෑහනේන දුකනේ හිටියේ.මේ පාර වැස්ස නෙමෙයි කුනාටුවක් ආවත් එනව කියල ස්තීර කලා. ගමන යනව කියල මාව හම්බෙන්ම ඇවිත් කියල ගියපු ලහිරුත් පැතුම් වත් ෂුවර් ලිස්ට් එකට ආව (ගෘප් එකෙන් බාගයක්ම ලහිරුල ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම වගේ) ගොඩක් තැන් රෝද දෙකෙන් කවර් කරල තිබ්බ්බ කෙනෙක් හැබැයි තනියම.
චතුරංගත් ටිකක් කල් ඉදන් ගෘප් එකේ හිටියට මේක තමයි අපිත් එක්ක ගිය පලමු සංචාරය, එයාම තමයි අපිට කෙසර වත් සම්බබන්ද කරේ නියම පිස්සෙක් තමයි කෙසර. මීට අමතරව තමයිි රන්දික සෙට් උනේ වතුරට බය උනාට වැස්සට නම් බය නෑ හැබැයි.
තව කිහිප දෙනෙක්ම යන්න හිටියත් වැස්සටත් වඩා එයාලගෙ ගමනට රාජකාරී කටයුතු හරස් උනා.
පුල පුලා බලන් හිටපු දෙසැම්බර් පලවෙනිදට එලි උනේ වැස්ස අඩු නොවීමයි. 7.30 දාල තිබ්බ ආරම්භය 8.30ට තල්ලු කරල බලන් හිටියෙ වැස්ස ටිකක් අඩු වෙනකන් මොන අඩුවක්ද? බොහෝම අමාරුවෙන් ගෑනු ළමයවත් කැමති කරවගෙන වැස්සෙම එලියට බැස්සා.
අපේ හර්ෂ මහත්තයත් ආව මාව එක්කන් යන්න ගෙදරටම.
කොහොම හරි 9.00 විතර වෙද්දි පිලියන්දලින් පිටත්වෙන අය ඇවිත් හිටිය එක්කෙක් ඇරෙන්න.
ඔව්, සමීර තමා නැත්තෙ එලියට බැහැගන්න බැරි් තරම් වැස්ස වැඩි නිසා 10.00 විතර වෙනකන් බලන් ඉදල තමයි එයාව එලියට ගන්න පුලුවන් උනේ. ඒ අතර මගදි ජංගමයාව මග වට්ටල ඒක අහුලපු එකත් අපිට ලස්සන ටොෆියක් දීල වටයක් යවල තව ටිකක් පරක්කු කලා.
කොහොමහරි අපි ගමන පිටත් වෙද්දි පස්යාලෙන් එකතුෙ වෙන්න හිටපු අය එතනට ඇවිල්ල. වැස්සට යටින් පිලියන්දල ඉදන් වරකාපොලට ඉගිලුනා. එ් වෙද්දි සචීල දෙන්නත් කුරුණැගලට ඇවිත් වෙනමම ටුවර් එකක් දාල තිබ්බා.
ඉතින් දවල්ට පොලොන්නරුෙවන් දවලට කන්න හිටපු ලන්ච් එකත් මගින්ම කාල, ආයමෙ පාරට වැටිල කුරුණැගලට ආව, හිටි හැටියෙම සමීර ආගිය අතක් නැති උනා.
ටික වෙලාවතින් රා්ෙද දෙක සුදු ඉරක් මතින් රැගෙන යාමේ භාග්‍ය කරණකාෙට ගෙන මහා දඩ රාජයෙක් අතැතිව ජයග්‍රාහී විලාශයෙන් පැමිනියා (මූ එලියට බහිද්දි මොකාව දැකලද මන්දා).
ඉතින් මද්දගෙ හෝම් ටවුම වෙච්ච කුරුණැගල බයික් එක පදින්න ආසම පාරවල් දෙකෙන් එකක්(අනිත් එක තමයි ඇතුගල උඩට යපාර ඒක සචීල දෙන්නම් කවර් කරල තිබ්බා.) උනු වැව රවුම හරහා කට්ටිය රවුමක් ගෙනියන්නත් අමතක කලේ නෑ.
වැදගත්ම දේ තමයි වැහිදෙයියෝ තමන්ට අවනත නොවුන මේ රස්තියාදු කාරයො ටිකට සමාව දීල වැස්ස එ් පැත්තෙන් අරන් ගිහින් තිබ්බා.
ගියපාර අදින්න බැරි උන ටීෂර්ට් ටික මේ පාර නම් අදින්න පුලුවන් උනා අලුත් සාමාජිකයන්ට වගේම කලින් පාර නොලැබුන අයටත් ටී-ෂර්ට් ටික බෙදල දුන්නෙත් වැව අද්දරට වෙලාම තමයි.
පාර මැද්දෙම ඇදන් හිටපු ටීෂර්ට් ටික ගලෝල දාපු අපේ කොල්ලොටික රෝද දෙකේ ටී එකට මාරු උනේ පුදුම ආසාවකින්. ඒක දැක්කම ටී-ෂර්ට් හොයන්න,මහන්න කාපු කට්ට පාඩුක් නෑ කියලත් හිතට දැනුනා.
ඉතින් ගන්න පුලුවන් තරමක් පොටෝස් කැමරා කාච වල සටහන් කරගෙන ආයතේ පාරට ආව.
කට්ටියවම එකම පේලියකට තියා ගන්න ටිකක් අමාරු උනත් ටික වලොවක් යද්දි හැමෝම ඒකට පුරුදු වෙලා. ඒ උත්සාහය සාර්ථකයි කියල දැනගත්තෙ හර්ෂ කියපු වචන ටික්කින්. "මචං හෙඩ් ලයිට් ටික දාගෙන එකම පේලියට යන එකේ ලස්සන පේන්නෙ පිටිපස්සෙන්ම එන උන්ට බං පාර දෙපැත්තෙ ඉන්න මිනිස්සුන්ගෙ හිනාව පේන්නෙත් පිටි පස්සෙන් එන උන්ට"
ඔව් මචං ඒ හිනාව අැතුලෙ බලා පොරොත්තුවකුත් ඇති කරමින් තව ගොඩක් තැන් තියෙනව ඇවිදින්න.
දඹුල්ලට එකන්ම එක හුස්මට ඇවිත් පොඩ්ඩකට නතර උනේ තෙල් ටැංකි සමහරක් හිදෙන්න කිට්ටුවෙලා තිබුන නිසයි.
ටැංකිය පුරවන් එලියට එද්දි දැකපු දර්ශනයනම් මගෙ හිතට ඒතරම් ඇල්ලුවෙ නෑ.
සචින්තනයා එයාගෙ ක්ලැසික් කොල්ලගෙ වයර් ට්ක ආයෙම අදින්න පටන් අරන් තිබ්බා.
අම්ම ගායි මතකයිනෙ ගියපාර දුන්න ආතල් එක. ඒක මතක් වෙලා මගෙ ඇග සීතල වෙලා ගියෙ තාම හබරණ පහු කරල නෑ කියල මතක් උනාමයි. කොහොම හරි හාර්නස් එකේ තැන් 10ක් විතර කපල ටේප් කි.මි 2ක් 3ක් ගහල නැවත පන ගන්න ගත්තා. දැන් නම් සෝක් ස්පොකට් වීල් දෙකත් දාලම තිබ්බ නම්.
ආයෙම රෝද දෙකේ දම්වැල ඉස්සරහට ඇදෙන්න පටන් ගත්තා ටික ට්ක කලුවරත් පරිසරය වෙලා ගද්දි අපි හබරණ. පාර හැම තැනම හූනො ගහපු බොඩ් ගොඩක් තිබ්බා. මම හිතන්නෙ හරියට හූනො ඇති හබරණ කැලේ.
කි.ම් 2කට කිට්ටු දුරක් යද්දි තමයි පාර අයිනෙ ඉදපු යාලුවෙක්ව අපිට හම්බ උනේ බයිසිකල් දම්වැලේ ඉස්සරහම ගියපු ලහිරු මහත්තය අලියෙක් දැක්කම ඌට කෑගහල කුලප්පු කරන්න හැදුවෙ ඇයි කියල මට නම් තේරෙන්නෙ නෑ,එක්කො මූට අලිය මෙචචර ලොකුවට ඉදලත් පෙනිල නෑ. කොහොම හරි මද්ද ඊට පිටු පස්සෙන් ගියපු නිසා "තොට පිස්සුද කියල" ඇහුවම උටත් හොද සිහිය ආව. මම හිතන්නෙ ඌට එක පාරටම මතක් උනා මූ අලියෙක් කියල.
කොහොම හරි ඒ අහිංසකයගෙන් කාටවත් හිරිහැරයක් නැති පාටයි. ඊට පස්සෙ දෙතුන් පාරක් නැවැත්තුවෙ කිහිප දෙනෙක්ගෙම (මද්දත් ඇතුලුව) අැස් වලට පොඩි පොඩි සත්තු කිහිපදෙනෙක් ගිය නිසයි.
ඇත්තටම මේ පාරෙ දුර සදහන් කරල දාපු බෝඩ් ගහපු එකා නැත්තම් මැනපු එකා මොනා හරි කරල ඉදල තියෙන්නෙ. මොකද එ්වගෙ පෙන්නපු විදියට පොපොන්නරුවට තියෙන දුර අඩු වෙලා ඊග එකේදී ආයෙම වැඩි වෙනව.
කොහොම හරි පොලොන්නරුවට ලගාවෙද්දි අදුර පරිසරය වෙලාගෙන ඉවරයි.
ඊට පස්සෙ මාලු කඩයක් ලග නතර වෙලා BBQ වලට සුදුසු මාලු හෙව්වත් තියෙන ඒව ඒ වැඩේට ගැලපෙන්නෙ නෑ කියලයි ඒ අය කීවෙ ඉතින් BBQ වෙනුවට deep fry කරන්න එතන හිටපු ලොකුම මාලුවාව කප්ප ගත්තු අපි නවතින්න ලෑස්ති කරපු තැනට (සමීරගෙ වයිෆ් තූමීලගෙ ගෙදර) ලගා උනා.
කට්ටියම බයික් ටිකට විවෙක ගන්න දීල ගේ ඇතුලෙ තිබුනු පිටු වලට බර දුන්නා.
මද්ද හෙමිහිට ගෙදර අංකල්ට කතා කරල බීම ජාති තියෙන තැනක් ගැන ඇහුවම අංකල් අපේ අයව තැන පෙන්නන්නම එක්කගෙනත් ගියා. අන්න එහෙමයි වැදගත් මිනිස්සු.
සමීරය නොබීවට ඌ පින් කරල තියනව ඒවගේ අනර්ඝ මාමන්ඩි කෙනෙක්ව ලබන්න. හැයි අංකල් නම් පව් කරල මූ වගේ එකෙක් ලැබෙන්න.
මේ අතරෙ තමයි සමීර සෑහෙන්න වෙහෙසක් දැරුවෙ අපේ කට්ටියව නාවන්න. කොලඹ ඉදන් ඇති වෙන්න නාල ආවත් සබන් ගාල ආයෙම නාන්න අවශ්‍ය නිසා මද්දනම් කලින්ම බාත් රූම් එක ඇතුලට පැනගත්තා.
හැබැයි කිහිප දෙනෙක්ම නාගන්න සෑහෙන්න අකමැති බවක් තමයි පෙනුනේ.
නාල එහෙම ඉවරවෙලා තෙත නැති ඇදුම් වලට මාරු වෙලා නිදා ගන්න ලෑස්ති කරපු තැනට ආව. කලින් වෙනම ගෙයක් බුක් කරල තිබ්බත් පිරිසඅඩු නිසා සමීරගෙ අදහස අනුව එතනම අලුතින් හදල තිබුන (විවෘත කරල නම් නෑ මම හිතන්නෙ) ගෙදර කාමරයක් ලෑස්ති කරන අදහසට මම කැමති උනා.
ලහිරු පැතුම් කොලඹ ඉදන්ම උස්සන් ආපු බොංගො එකේ හඬට සචින්තනගෙ සින්දුත් එකතු වෙන අතරෙ බෝතල් විවෘත වෙලා.
දේශීය හා ඉන්දියානු දුම්කුත් ඒ පැත්තෙන් ආව කියලයි දන්න අය නම් කියන්නෙ.
ලක්මාලි අක්කගෙ (සමීර හාමිනේ) අම්ම බැඳල දුන්න වැව් මාලු ටික බයිට් වලට වඩා ඩයිට් එක වෙන අතරේ මද්දා ඇතුලු අමධ්‍යප විරෝදී සංගමයට ඒකට ඉඩ දෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. දෙවනි ප්ලේට් එකත් ඒ වැඩේම වෙනව දැකපු මද්දට බලන් ඉන්න බැරිම තැන ඒකෙන් බාගයක් වෙන් කරල දීල ඉතිරි කොටස රැක ගන්නත් සෑහෙන වෙනසක් දරන්න උනා. සින්දු කිහිපයක්ම ඉවර වෙලා රෑට කෑම කන්න තීරනය උනා. කෑම ටිකගැන නම් කියන්න වචන නෑ බත් පිගන් දෙකකට විතර වග කියල නිදාගන්න තැනට ආව.
ඊට තමයි සචින්තන ගෙ ගීත වල විචාර වැඩ සටහන පටන් ගත්තෙ ඇත්තටම මොනා උනත් ඒ සින්දු ලියපු කෙනාවත් මේව හිතල තිබුනද කියල මටනම් සැකයි.
හතර වටින් කට්ටිය අම්බානට සෙට් වේගෙන ආව. මීටිමක් එහෙම තියල අපේ ඇඩ්මින්ල සෙට් එක ටයිම් ටේබල් එකක් එහෙම ලෑස්ති කරල දිග..... සතිඅන්තයක් වෙච්චි දෙසැම්බර් මාසෙ 1,2 දවස් දෙක තෝර ගත්තා.
![]() |
මේ විදියෙ කාලගුණයක ඇවිදින්නෝ කවර නමකින් හැදින්වේද? |
යනව කියපු අය එක එක අඩු වෙද්දි අලුත් පිස්සො ටිකක් එකතු උනා අන්තිමට 14 දෙනෙක් එකතු උනා.
මලිය, සචින්තන, සචිත්‍ර ගිය පාර ටුවර් එකේදි මට හම්බ උනු පිස්සො අතරින් සුපිරිම පිස්සො ටික. ඊට අමතරව හැමදාම මට හයියක් උන හර්ෂ,චේති,සමීර, මුන් ටික ගැන කලින් පෝස්ට් එකේ කියපුනිසා ආයෙ මොකටද හෝද හෝද මඩේ දාන්නෙ.
ලහිරු මදුසංක (බලපංකො ඉතිම් නමටත් කෙලියා) ගිය පාර ටුවර් එකත් මිස් කරගෙන සෑහනේන දුකනේ හිටියේ.මේ පාර වැස්ස නෙමෙයි කුනාටුවක් ආවත් එනව කියල ස්තීර කලා. ගමන යනව කියල මාව හම්බෙන්ම ඇවිත් කියල ගියපු ලහිරුත් පැතුම් වත් ෂුවර් ලිස්ට් එකට ආව (ගෘප් එකෙන් බාගයක්ම ලහිරුල ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම වගේ) ගොඩක් තැන් රෝද දෙකෙන් කවර් කරල තිබ්බ්බ කෙනෙක් හැබැයි තනියම.
චතුරංගත් ටිකක් කල් ඉදන් ගෘප් එකේ හිටියට මේක තමයි අපිත් එක්ක ගිය පලමු සංචාරය, එයාම තමයි අපිට කෙසර වත් සම්බබන්ද කරේ නියම පිස්සෙක් තමයි කෙසර. මීට අමතරව තමයිි රන්දික සෙට් උනේ වතුරට බය උනාට වැස්සට නම් බය නෑ හැබැයි.
තව කිහිප දෙනෙක්ම යන්න හිටියත් වැස්සටත් වඩා එයාලගෙ ගමනට රාජකාරී කටයුතු හරස් උනා.
පුල පුලා බලන් හිටපු දෙසැම්බර් පලවෙනිදට එලි උනේ වැස්ස අඩු නොවීමයි. 7.30 දාල තිබ්බ ආරම්භය 8.30ට තල්ලු කරල බලන් හිටියෙ වැස්ස ටිකක් අඩු වෙනකන් මොන අඩුවක්ද? බොහෝම අමාරුවෙන් ගෑනු ළමයවත් කැමති කරවගෙන වැස්සෙම එලියට බැස්සා.
අපේ හර්ෂ මහත්තයත් ආව මාව එක්කන් යන්න ගෙදරටම.
කොහොම හරි 9.00 විතර වෙද්දි පිලියන්දලින් පිටත්වෙන අය ඇවිත් හිටිය එක්කෙක් ඇරෙන්න.
ඔව්, සමීර තමා නැත්තෙ එලියට බැහැගන්න බැරි් තරම් වැස්ස වැඩි නිසා 10.00 විතර වෙනකන් බලන් ඉදල තමයි එයාව එලියට ගන්න පුලුවන් උනේ. ඒ අතර මගදි ජංගමයාව මග වට්ටල ඒක අහුලපු එකත් අපිට ලස්සන ටොෆියක් දීල වටයක් යවල තව ටිකක් පරක්කු කලා.
කොහොමහරි අපි ගමන පිටත් වෙද්දි පස්යාලෙන් එකතුෙ වෙන්න හිටපු අය එතනට ඇවිල්ල. වැස්සට යටින් පිලියන්දල ඉදන් වරකාපොලට ඉගිලුනා. එ් වෙද්දි සචීල දෙන්නත් කුරුණැගලට ඇවිත් වෙනමම ටුවර් එකක් දාල තිබ්බා.
කාලම යමු බං |
ඉතින් දවල්ට පොලොන්නරුෙවන් දවලට කන්න හිටපු ලන්ච් එකත් මගින්ම කාල, ආයමෙ පාරට වැටිල කුරුණැගලට ආව, හිටි හැටියෙම සමීර ආගිය අතක් නැති උනා.
ටික වෙලාවතින් රා්ෙද දෙක සුදු ඉරක් මතින් රැගෙන යාමේ භාග්‍ය කරණකාෙට ගෙන මහා දඩ රාජයෙක් අතැතිව ජයග්‍රාහී විලාශයෙන් පැමිනියා (මූ එලියට බහිද්දි මොකාව දැකලද මන්දා).
ඉතින් මද්දගෙ හෝම් ටවුම වෙච්ච කුරුණැගල බයික් එක පදින්න ආසම පාරවල් දෙකෙන් එකක්(අනිත් එක තමයි ඇතුගල උඩට යපාර ඒක සචීල දෙන්නම් කවර් කරල තිබ්බා.) උනු වැව රවුම හරහා කට්ටිය රවුමක් ගෙනියන්නත් අමතක කලේ නෑ.
ඉස්සර අපි වල බහින කාලෙ මේව මෙහෙම කාපට් පාරවල් නෙමේ අපේ හාමුදුර්නෙ. |
වැදගත්ම දේ තමයි වැහිදෙයියෝ තමන්ට අවනත නොවුන මේ රස්තියාදු කාරයො ටිකට සමාව දීල වැස්ස එ් පැත්තෙන් අරන් ගිහින් තිබ්බා.
ගියපාර අදින්න බැරි උන ටීෂර්ට් ටික මේ පාර නම් අදින්න පුලුවන් උනා අලුත් සාමාජිකයන්ට වගේම කලින් පාර නොලැබුන අයටත් ටී-ෂර්ට් ටික බෙදල දුන්නෙත් වැව අද්දරට වෙලාම තමයි.
පාර මැද්දෙම ඇදන් හිටපු ටීෂර්ට් ටික ගලෝල දාපු අපේ කොල්ලොටික රෝද දෙකේ ටී එකට මාරු උනේ පුදුම ආසාවකින්. ඒක දැක්කම ටී-ෂර්ට් හොයන්න,මහන්න කාපු කට්ට පාඩුක් නෑ කියලත් හිතට දැනුනා.
ඉතින් ගන්න පුලුවන් තරමක් පොටෝස් කැමරා කාච වල සටහන් කරගෙන ආයතේ පාරට ආව.
කට්ටියවම එකම පේලියකට තියා ගන්න ටිකක් අමාරු උනත් ටික වලොවක් යද්දි හැමෝම ඒකට පුරුදු වෙලා. ඒ උත්සාහය සාර්ථකයි කියල දැනගත්තෙ හර්ෂ කියපු වචන ටික්කින්. "මචං හෙඩ් ලයිට් ටික දාගෙන එකම පේලියට යන එකේ ලස්සන පේන්නෙ පිටිපස්සෙන්ම එන උන්ට බං පාර දෙපැත්තෙ ඉන්න මිනිස්සුන්ගෙ හිනාව පේන්නෙත් පිටි පස්සෙන් එන උන්ට"
ඔව් මචං ඒ හිනාව අැතුලෙ බලා පොරොත්තුවකුත් ඇති කරමින් තව ගොඩක් තැන් තියෙනව ඇවිදින්න.
දඹුල්ලට එකන්ම එක හුස්මට ඇවිත් පොඩ්ඩකට නතර උනේ තෙල් ටැංකි සමහරක් හිදෙන්න කිට්ටුවෙලා තිබුන නිසයි.
ටැංකිය පුරවන් එලියට එද්දි දැකපු දර්ශනයනම් මගෙ හිතට ඒතරම් ඇල්ලුවෙ නෑ.
සචින්තනයා එයාගෙ ක්ලැසික් කොල්ලගෙ වයර් ට්ක ආයෙම අදින්න පටන් අරන් තිබ්බා.
සචිය ප්ලීස් මචං ඇති |
![]() |
හරියට හූනෝ ලු. |
ආයෙම රෝද දෙකේ දම්වැල ඉස්සරහට ඇදෙන්න පටන් ගත්තා ටික ට්ක කලුවරත් පරිසරය වෙලා ගද්දි අපි හබරණ. පාර හැම තැනම හූනො ගහපු බොඩ් ගොඩක් තිබ්බා. මම හිතන්නෙ හරියට හූනො ඇති හබරණ කැලේ.
කි.ම් 2කට කිට්ටු දුරක් යද්දි තමයි පාර අයිනෙ ඉදපු යාලුවෙක්ව අපිට හම්බ උනේ බයිසිකල් දම්වැලේ ඉස්සරහම ගියපු ලහිරු මහත්තය අලියෙක් දැක්කම ඌට කෑගහල කුලප්පු කරන්න හැදුවෙ ඇයි කියල මට නම් තේරෙන්නෙ නෑ,එක්කො මූට අලිය මෙචචර ලොකුවට ඉදලත් පෙනිල නෑ. කොහොම හරි මද්ද ඊට පිටු පස්සෙන් ගියපු නිසා "තොට පිස්සුද කියල" ඇහුවම උටත් හොද සිහිය ආව. මම හිතන්නෙ ඌට එක පාරටම මතක් උනා මූ අලියෙක් කියල.
කොහොම හරි ඒ අහිංසකයගෙන් කාටවත් හිරිහැරයක් නැති පාටයි. ඊට පස්සෙ දෙතුන් පාරක් නැවැත්තුවෙ කිහිප දෙනෙක්ගෙම (මද්දත් ඇතුලුව) අැස් වලට පොඩි පොඩි සත්තු කිහිපදෙනෙක් ගිය නිසයි.
ඇත්තටම මේ පාරෙ දුර සදහන් කරල දාපු බෝඩ් ගහපු එකා නැත්තම් මැනපු එකා මොනා හරි කරල ඉදල තියෙන්නෙ. මොකද එ්වගෙ පෙන්නපු විදියට පොපොන්නරුවට තියෙන දුර අඩු වෙලා ඊග එකේදී ආයෙම වැඩි වෙනව.
කොහොම හරි පොලොන්නරුවට ලගාවෙද්දි අදුර පරිසරය වෙලාගෙන ඉවරයි.
මාලු වැවේ ඒව. |