රෝද දෙකේ රස්තියාදුව @ පුලතිසිපුර.

by - December 07, 2017

ගමන්  දෙකක්ම සාර්සථක ලෙසම ඉවර කරපු රෝද දෙකේ  රස්තියාදුව තුන් වෙනි රස්තියාදුව ගහන්න පොලොන්නරුව තෝර ගත්තා.


 හතර වටින් කට්ටිය අම්බානට සෙට් වේගෙන ආව. මීටිමක් එහෙම තියල අපේ ඇඩ්මින්ල සෙට් එක ටයිම් ටේබල් එකක් එහෙම ලෑස්ති කරල ⁣දිග..... සතිඅන්තයක් වෙච්චි දෙසැම්බර් මාසෙ 1,2 දවස් දෙක තෝර ගත්තා.
මේ විදියෙ කාලගුණයක ඇවිදින්නෝ කවර නමකින් හැදින්වේද?
හැබැයි කාලගුණික වෙනස් වීමත් එක්ත අපේ සැලසුම් අවුල් ගියා සංචාරයත් නවතින තැනට වැඩ සකස් වීගෙන එද්දි තමා උන බහින්නෙම නැති බයික් පිස්සො සෙට් එකගෙන් සැරින් සැරේ මැසේජ් ආවෙ "මද්දා වැස්සත් යනව නේද?" කියල ඉතින් මද්දටත් සහලෝල උන නිසාත්, වැස්සකට උනත් නවතින්න අකමැති මම වගේම තවත් උන කාරයන් සිට්න නිසාත්,  යන තරම් පිරිසක් සමග ගමන ගිහින් එනව කියල තීරනය කලා.

යනව කියපු අය එක එක අඩු වෙද්දි අලුත් පිස්සො ටිකක් එකතු උනා අන්තිමට 14 දෙනෙක් එකතු උනා.

මලිය, සචින්තන, සචිත්‍ර ගිය පාර ටුවර් එකේදි මට හම්බ උනු පිස්සො අතරින් සුපිරිම පිස්සො ටික. ඊට අමතරව හැමදාම මට හයියක් උන හර්ෂ,චේති,සමීර, මුන් ටික ගැන කලින් පෝස්ට් එකේ කියපුනිසා ආයෙ මොකටද හෝද හෝද මඩේ දාන්නෙ.

ලහිරු මදුසංක (බලපංකො ඉතිම් නමටත් කෙලියා) ගිය පාර ටුවර් එකත් මිස් කරගෙන සෑහනේන දුකනේ හිටියේ.මේ පාර වැස්ස නෙමෙයි කුනාටුවක් ආවත් එනව කියල ස්තීර කලා. ගමන යනව කියල මාව හම්බෙන්ම ඇවිත් කියල ගියපු ලහිරුත් පැතුම් වත් ෂුවර් ලිස්ට් එකට ආව (ගෘප් එකෙන් බාගයක්ම ලහිරුල ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම වගේ) ගොඩක් තැන් රෝද දෙකෙන් කවර් කරල තිබ්බ්බ කෙනෙක් හැබැයි තනියම.
චතුරංගත් ටිකක් කල් ඉදන් ගෘප් එකේ හිටියට මේක තමයි අපිත් එක්ක ගිය පලමු සංචාරය, එයාම තමයි අපිට කෙසර වත් සම්බබන්ද කරේ නියම පිස්සෙක් තමයි කෙසර. මීට අමතරව තමයිි රන්දික සෙට් උනේ වතුරට බය උනාට  වැස්සට නම් බය නෑ  හැබැයි.
තව කිහිප දෙනෙක්ම යන්න හිටියත් වැස්සටත් වඩා එයාලගෙ ගමනට රාජකාරී  කටයුතු  හරස් උනා.
පුල පුලා බලන් හිටපු දෙසැම්බර් පලවෙනිදට එලි උනේ වැස්ස අඩු නොවීමයි. 7.30 දාල තිබ්බ ආරම්භය 8.30ට තල්ලු කරල බලන් හිටියෙ වැස්ස ටිකක් අඩු වෙනකන් මොන අඩුවක්ද?  බොහෝම අමාරුවෙන් ගෑනු ළමයවත් කැමති කරවගෙන වැස්සෙම එලියට බැස්සා.
අපේ හර්ෂ  මහත්තයත් ආව මාව එක්කන් යන්න ගෙදරටම.
කොහොම හරි 9.00 විතර වෙද්දි පිලියන්දලින් පිටත්වෙන අය ඇවිත් හිටිය එක්කෙක් ඇරෙන්න.
ඔව්, සමීර තමා නැත්තෙ එලියට බැහැගන්න බැරි් තරම් වැස්ස වැඩි නිසා 10.00 විතර වෙනකන් බලන් ඉදල තමයි එයාව එලියට ගන්න පුලුවන් උනේ. ඒ අතර මගදි ජංගමයාව මග වට්ටල ඒක අහුලපු එකත් අපිට ලස්සන ටොෆියක් දීල වටයක් යවල තව ටිකක් පරක්කු කලා.
කොහොමහරි අපි ගමන පිටත් වෙද්දි  පස්යාලෙන් එකතුෙ වෙන්න හිටපු අය එතනට ඇවිල්ල. වැස්සට යටින් පිලියන්දල ඉදන් වරකාපොලට  ඉගිලුනා. එ් වෙද්දි සචීල දෙන්නත් කුරුණැගලට ඇවිත් වෙනමම ටුවර් එකක් දාල තිබ්බා.
කාලම යමු බං


 ඉතින් දවල්ට පොලොන්නරුෙවන්  දවලට කන්න හිටපු ලන්ච් එකත් මගින්ම කාල, ආයමෙ පාරට වැටිල කුරුණැගලට ආව, හිටි හැටියෙම සමීර ආගිය අතක් නැති උනා.
 ටික වෙලාවතින් රා්ෙද දෙක සුදු ඉරක් මතින් රැගෙන යාමේ භාග්‍ය කරණකාෙට ගෙන මහා දඩ රාජයෙක් අතැතිව ජයග්‍රාහී  විලාශයෙන් පැමිනියා (මූ එලියට බහිද්දි මොකාව දැකලද මන්දා).


ඉතින් මද්දගෙ හෝම් ටවුම වෙච්ච කුරුණැගල බයික් එක පදින්න ආසම පාරවල් දෙකෙන් එකක්(අනිත් එක තමයි ඇතුගල උඩට යපාර ඒක සචීල දෙන්නම් කවර් කරල තිබ්බා.) උනු වැව රවුම හරහා කට්ටිය රවුමක් ගෙනියන්නත් අමතක කලේ නෑ.
ඉස්සර අපි වල බහින කාලෙ මේව මෙහෙම කාපට් පාරවල් නෙමේ අපේ හාමුදුර්නෙ.

වැදගත්ම දේ තමයි වැහිදෙයියෝ තමන්ට අවනත නොවුන මේ රස්තියාදු කාරයො ටිකට සමාව දීල වැස්ස එ් පැත්තෙන් අරන් ගිහින් තිබ්බා.
ගියපාර අදින්න බැරි උන ටීෂර්ට් ටික මේ පාර නම් අදින්න පුලුවන් උනා අලුත් සාමාජිකයන්ට වගේම කලින් පාර නොලැබුන අයටත් ටී-ෂර්ට් ටික බෙදල දුන්නෙත් වැව අද්දරට වෙලාම තමයි.
පාර මැද්දෙම ඇදන් හිටපු ටීෂර්ට්  ටික ගලෝල දාපු අපේ කොල්ලොටික රෝද දෙකේ ටී  එකට මාරු උනේ පුදුම ආසාවකින්. ඒක දැක්කම ටී-ෂර්ට් හොයන්න,මහන්න කාපු කට්ට පාඩුක් නෑ කියලත් හිතට දැනුනා.
ඉතින් ගන්න පුලුවන් තරමක් පොටෝස් කැමරා කාච වල සටහන් කරගෙන ආයතේ පාරට ආව.
කට්ටියවම එකම පේලියකට තියා ගන්න ටිකක් අමාරු උනත් ටික වලොවක් යද්දි හැමෝම ඒකට පුරුදු වෙලා. ඒ උත්සාහය සාර්ථකයි කියල දැනගත්තෙ  හර්ෂ  කියපු වචන ටික්කින්. "මචං හෙඩ් ලයිට් ටික දාගෙන එකම පේලියට යන එකේ ලස්සන පේන්නෙ  පිටිපස්සෙන්ම එන උන්ට බං පාර දෙපැත්තෙ ඉන්න මිනිස්සුන්ගෙ  හිනාව පේන්නෙත් පිටි පස්සෙන් එන උන්ට"
ඔව් මචං ඒ හිනාව අැතුලෙ බලා පොරොත්තුවකුත් ඇති කරමින් තව ගොඩක් තැන් තියෙනව ඇවිදින්න.

දඹුල්ලට එකන්ම එක හුස්මට ඇවිත් පොඩ්ඩකට නතර උනේ තෙල් ටැංකි සමහරක් හිදෙන්න කිට්ටුවෙලා තිබුන නිසයි.
ටැංකිය පුරවන් එලියට එද්දි දැකපු දර්ශනයනම් මගෙ හිතට ඒතරම් ඇල්ලුවෙ නෑ.
සචින්තනයා එයාගෙ ක්ලැසික් කොල්ලගෙ වයර් ට්ක ආයෙම අදින්න පටන් අරන් තිබ්බා.
සචිය ප්ලීස් මචං ඇති
 අම්ම ගායි මතකයිනෙ ගියපාර දුන්න ආතල් එක. ඒක මතක් වෙලා මගෙ ඇග සීතල වෙලා ගියෙ තාම හබරණ පහු කරල නෑ කියල මතක් උනාමයි. කොහොම හරි හාර්නස් එකේ තැන් 10ක් විතර කපල ටේප් කි.මි 2ක් 3ක් ගහල නැවත පන ගන්න ගත්තා. දැන් නම් සෝක් ස්පොකට් වීල් දෙකත් දාලම තිබ්බ නම්.
හරියට හූනෝ ලු.






ආයෙම රෝද දෙකේ දම්වැල ඉස්සරහට ඇදෙන්න ප⁣ටන් ගත්තා ටික ට්ක කලුවරත් පරිසරය වෙලා ගද්දි අපි හබරණ. පාර හැම තැනම ⁣හූනො ගහපු බොඩ් ගොඩක් තිබ්බා. මම හිතන්නෙ හරියට හූනො ඇති හබරණ කැලේ.

කි.ම් 2කට කිට්ටු දුරක් යද්දි තමයි පාර අයිනෙ ඉදපු යාලුවෙක්ව අපිට හම්බ උනේ බයිසිකල් දම්වැලේ ඉස්සරහම ගියපු ලහිරු මහත්තය අලියෙක් දැක්කම ඌට කෑගහල කුලප්පු කරන්න හැදුවෙ ඇයි කියල මට නම් තේරෙන්නෙ නෑ,එක්කො මූට අලිය මෙචචර ලොකුවට ඉදලත් පෙනිල නෑ. කොහොම හරි මද්ද ඊට පිටු පස්සෙන් ගියපු නිසා "තොට පිස්සුද කියල" ඇහුවම උටත් හොද සිහිය ආව. මම හිතන්නෙ ඌට එක පාරටම මතක් උනා මූ අලියෙක් කියල.
කොහොම හරි ඒ අහිංසකයගෙන් කාටවත් හිරිහැරයක් නැති පාටයි. ඊට පස්සෙ දෙතුන් පාරක් නැවැත්තුවෙ කිහිප දෙනෙක්ගෙම (මද්දත් ඇතුලුව) අැස් වලට පොඩි පොඩි සත්තු කිහිපදෙනෙක් ගිය නිසයි.

ඇත්තටම මේ පාරෙ දුර සදහන් කරල දාපු බෝඩ් ගහපු එකා නැත්තම් මැනපු එකා මොනා හරි කරල ඉදල තියෙන්නෙ. මොකද එ්වගෙ පෙන්නපු විදියට පොපොන්නරුවට තියෙන දුර අඩු වෙලා ඊග එකේදී ආයෙම වැඩි වෙනව.
කොහොම හරි පොලොන්නරුවට ලගාවෙද්දි අදුර පරිසරය වෙලාගෙන ඉවරයි.


මාලු වැවේ ඒව.

ඊට පස්සෙ මාලු කඩයක් ලග නතර වෙලා BBQ වලට සුදුසු මාලු හෙව්වත් තියෙන ඒව ඒ වැඩේට ගැලපෙන්නෙ නෑ කියලයි ඒ අය කීවෙ ඉතින් BBQ වෙනුවට deep fry කරන්න එතන හිටපු ලොකුම මාලුවාව කප්ප ගත්තු අපි නවතින්න ලෑස්ති කරපු තැනට (සමීරගෙ වයිෆ් තූමීලගෙ ගෙදර) ලගා උනා.
කට්ටියම බයික් ටිකට විවෙක ගන්න දීල ගේ ඇතුලෙ තිබුනු පිටු වලට බර දුන්නා.





මද්ද හෙමිහිට ගෙදර අංකල්ට කතා කරල බීම ජාති තියෙන තැනක් ගැන ඇහුවම අංකල් අපේ අයව තැන පෙන්නන්නම එක්කගෙනත් ගියා. අන්න එහෙමයි වැදගත් මිනිස්සු.
සමීරය නොබීවට ඌ පින් කරල තියනව ඒවගේ අනර්ඝ මාමන්ඩි කෙනෙක්ව ලබන්න. හැයි අංකල් නම් පව් කරල මූ වගේ එකෙක් ලැබෙන්න.
මේ අ⁣තරෙ තමයි සමීර සෑහෙන්න වෙහෙසක් දැරුවෙ අපේ කට්ටියව නාවන්න. කොලඹ ඉදන් ඇති වෙන්න නාල ආවත් සබන් ගාල ආයෙම නාන්න අවශ්‍ය නිසා මද්දනම් කලින්ම බාත් රූම් එක ඇතුලට පැනගත්තා.
හැබැයි කිහිප දෙනෙක්ම නාගන්න සෑහෙන්න අකමැති බවක් තමයි පෙනුනේ.
නාල එහෙම ඉවරවෙලා තෙත නැති ඇදුම් වලට මාරු වෙලා නිදා ගන්න ලෑස්ති කරපු තැනට ආව. කලින් වෙනම ගෙයක් බුක් කරල තිබ්බත් පිරිසඅඩු නිසා සමීරගෙ අදහස අනුව එතනම අලුතින් හදල තිබුන (විවෘත කරල නම් නෑ මම හිතන්නෙ) ගෙදර කාමරයක් ලෑස්ති කරන අදහසට  මම කැමති උනා.
ලහිරු පැතුම් කොලඹ ඉදන්ම උස්සන් ආපු ⁣බොං⁣ගො එකේ හඬට සචින්තනගෙ සින්දුත් එකතු වෙන අතරෙ බෝතල් විවෘත වෙලා.
දේශීය හා ඉන්දියානු දුම්කුත් ඒ පැත්තෙන්  ආව කියලයි  දන්න අය නම් කියන්නෙ.
ලක්මාලි අක්කගෙ (සමීර හාමිනේ) අම්ම බැඳල දුන්න වැව් මාලු ටික බයිට් වලට වඩා ඩයිට් එක වෙන අතරේ මද්දා ඇතුලු අමධ්‍යප විරෝදී සංගමයට ඒකට ඉඩ දෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. දෙවනි ප්ලේට් එකත් ඒ වැඩේම වෙනව දැකපු මද්දට බලන් ඉන්න බැරිම තැන ඒකෙන් බාගයක් වෙන් කරල දීල ඉතිරි කොටස රැක ගන්නත් සෑහෙන වෙනසක් දරන්න උනා. සින්දු කිහිපයක්ම ඉවර වෙලා රෑට කෑම කන්න තීරනය උනා. කෑම ටිකගැන නම් කියන්න වචන නෑ බත් පිගන් දෙකකට විතර වග කියල නිදාගන්න තැනට ආව.
ඊට තමයි සචින්තන ගෙ ගීත වල විචාර වැඩ සටහන පටන් ගත්තෙ ඇත්තටම මොනා උනත් ඒ සින්දු ලියපු කෙනාවත් මේව හිතල තිබුනද කියල මටනම් සැකයි.




දෙවනි දවසට සූදානම්

පහුවදා ඇති වෙනකන් නිදා ගන්න වෙලාව තිබ්බත් 6.30 -7.00 වෙනකොට හැමෝම ඇහැරිල මූන එහෙම හොදල උදේට ලෑස්ති කරල තිබුන ඉදි ආප්ප 30 - 40කටත් වග කියල ලෑස්ති උනේ ගල් විහාරය හා ඒ ආශ්‍රිතව තිබුන නටබුන් ටික බලන්නයි.
සමීරගෙ බයික් එකේ හුලං අඩු වෙලා තිබ්බ,සචින්තන ආයෙම වයර් සුද්ද කිරීම හා ටේප් ගැසීමත් ඉවරකලාට පස්සෙ තමයි ආයෙම පාරට බැස්සෙ. සමීර කෙලින්ම ටයර් කඩයක් හොයන් ගියෙ ඉක්මනින්ම අපිට එකතු වෙනව කියලයි.
තිවංක පිලිමගෙය අසල

මුලින්ම තිවංක පිලිමගෙය ලගට ගිහින් එලියෙ ඉදන් ඇති වෙනක් බයික් වලයි සෙට් එකගෙයි පොටෝ ටික අරගත්තා. ඊ⁣ට පස්සෙ තමයි කට්ටියට මතක් උනේ ⁣මෙතන බලන්න නේද ආවෙ? කියල ඇතුලට ගිහින් එතන හිටපු තොරතුරු ලබා දෙන නිලදාරි තුමා එක්කත් විස්තර කතා කරල එතනින් පිටත් උනේ නෙලුම් පොකුණ බලන්න. (කොලඹ චීන්නු හදපු එක වගේම එකක් ඒකාලෙ අපේ අය ගල් වලින් හදල තිබ්බ ඒක නම් හදල තිබ්බෙ වතුර පුරවන්න මම හිතන්නෙ).

ලොකු අව්ලක් නෑලු
එතනින් පිටත් වෙන්න ලෑස්ති  වෙද්දි තමයි  සමීරගෙන් කොල් එකක් ආවෙ බයික් එකේ ටයර් එක මාරු කරන්නම වෙලා කියල. හර්ෂවයි චේතිවයි එතනට යවල ඉතිරි නටබුන් ට්ක කවර් කරද්දි තමයි හර්ෂ කීවෙ එයාගෙ කොල්ලත් ස්ටාර්ට් වෙන්න බෑ කියනව කියල කට්ට්යත් එක්කම ගරාජ් එක්කට ගෙනියල ඒකත් හදා ගන්න වැඩ් වෙලාවක් නම් ගියෙ නෑ.

ඊට පස්සෙ තමයි ගල් විහාරය බලන්න ගියේ එතන හිටපු වස්තර කියන මාම සෑහෙන වෙහෙක් දැරුව එතන තියෙන පිලිමෙ සැතපෙන පිලිමයක්ද , පිරිනිවනන් පාපු පිලිමයක්ද කි⁣යල කියන්න අහන් ඉදල එපාම උන තැනදි මද්ද පොඩ්ක් එතනින් ඉවත් වෙලා ගියා. ඇයි බං එකම පාරම කීවනන් හරිනෙ මේක අසවල් ආකාරයේ පිලිමයක්ය කියල.

සෝක් බාත් රූම් එක
එතනිනුත් පුලුවන් තරම් ඡායාරූප එහෙමත් අරගෙන ඇතියි කියල හිතුනට පස්සෙ ආයෙම පාරට ගත්ත අයිස් ක්‍රීම් ටික රිලවුන්ට දීල.

ඊලගට ගියේ කුමාර පොකුණක් බලන්න ඇත්තටම ඒකනම් සුපිරිම වැඩක් දැන් තියෙන සුපර් ලක්ෂරි බාත්රූම් පාරාදයි ඒකේ තිබ්බ බාත්රූම් එකට.

රජතුමා රස්නෙ කලෙට ඉන්න කියල හදාග්ත්ත වැවෙම තිබ්බ මාලිගාව දිහත් වැටට එහා ඉදන් බලල ආපහු අපි ආපහු නවාතැනට ආව.
දවල්ට කන්න පාර්සල් කරල දීපු කෑම ටිකත් එක්ක බෑග් ටිකත් පටෝගෙන පරාක්‍රම සමුද්‍රයේ  බන්ට් එක දිගේ බයික් දම්වැල ආයෙම ඉගිලෙන්න ගත්ත. ඇත්තටම ඒක මුලු ගමනෙම තිබුන හොදම පාරවල් අතරින් එකක්. වැ⁣වෙන් එන හුලඟ කපාගෙන ඉස්සරට යද්දි දැනෙන හැගීම සල්ලි වලට ගන්න බෑ මහත්තයෝ.
වැව කෙලවරටම ගියේ වැවට වතුර අරන් එන ගගක් (අංගම්මැඩිල්ල රක්ෂිතය හරහා එන ඇල මාර්ගය) හොයාගෙන ඒකෙන් නාන්නයි. ඒකෙ වතුර සෑහෙන්න බොර නිසා අපිට ආපහු වැවටම එන්න සිද්ද උනා.

ඊලගට තියෙන්නෙ ඉතින් නාන්න තැනක් සෙවීමේ මහාර්ඝ කාරි්‍යය තමා. සමීරගෙ මස්සිනා පොඩ්ඩ අපිට පාර පෙන්න කාර්යය භාර අරන් තිබුන නිසා ලොකු  අපහසුවක් තිබ්බෙ නෑ.
මුලින් පේන්නපු තැනට මස්සිනා මල්ලා එක්ක මාත් බැස්සෙ කොල්ලව විතරක් තනියම වතුරට බස්සන්න හිත දුන්නෙ නැති නිසා හරියන්නෙ නෑ ගැඹුර ඉතාම වැඩී.
දෙවනියට ගියපු තැන ගැඹුර මදි. ඒත් බයික් ට්ක වතුරට බස්සන්න හොදම තැන හිතෙන්නත් කලින්ම බයික් දෙක තුනක්ම වතුරට දාලත් ඉවරයි. මද්දත් ඉතින් off road බයික් එකක් තියන් ⁣පොල් ගාන්නද? ගෑනු ළමයගෙ කට හඬ ඇහෙන්නෙ නැති ගානට තමා බයික් එක ස්ටාර්ට් කර ගත්තේ (ඔව් ඉතන් බයික් එකේ එල්ලිලා රට වටේ රවුම ගැහුවට ඒත් ඉතින් කෙල්ලෙක්නේ?, මෙච්චර වෙලා කියපු වීර ක්‍රියා සියල්ලම දැඩි විරෝදය මැද්දෙ තමා)
මල්ලි ඕවට වතුර යනවද?

වතුරේ රවුම් 5ක් 6ක් ගහල ආයෙම තැනක් හොයන්න ගත්තා ඒ පාර නම් වාසනාව අපිත් එක්කමයි.
කට්ටියම වතුරට පැන්නා එකෙක් ඇරෙන්න (නම කියන එක හරි නෑනෙ)
ජීවිතේටම එකම පාරක් විතරක් හම්බ උනත් සහෝදරයො ටිකක් වගේ එකටම බැදෙන්න පැය කිහිපයක් හොදටම ඇති.
කොම්පිඩන්ස් ජම්ප් 100ක් දැම්මත් වතුරෙ අපි දාපු සෙල්ලම් දාන්න තරම් ෆිට් එකක් හැදෙයිද කියල නම් මද්දට විශ්වාසයක් නෑ.
සෑහෙන වෙලාවක් වතුරෙ දැගලුවට පස්සෙ බඩගින්න උත්සන්නයි. කෑම පාර්සල් ටික ලග තිබුන ඔරු කිහිපය මත තියාගෙන රසවිදල (මස්සින මල්ලි ස්තූතියි හදල දුන්නට) පාරට බහින්න තමයි හැදුවෙ. ඒත් කිහිප දෙනෙක් සුලගත් එක්ක ඔට්ටු වෙවී මොනවද කොල ජාතියක් රෝල් කරපු නිසා ටිකක්  විතර පර්කු කරල තමයි පිටත් උනේ.
සමීරත් එක්ක ලක්මාලි අක්ක ඒක්ක එයාලගෙ මල්ලි (අපිට කෑම හදල දුන්න, පාර පෙන්නපු, නාන්න තැන් හොයල දුන්න)  එතනදි අපෙන් වෙන් උනා.
නාල කාල යන්න කලින්

එතන ඉදල දඹුල්ලට යන්න අපි ටිකක් දුෂ්කර මාර්ගයක් තමයි තෝර ගෙන තිබුනේ. අංගම්මැඩිල්ල රක්ෂිතය කිට්ටුවෙන් වැටිල තිබුන පාරක් දිගේ ගිහින් බකමූන හංදියෙන් දඹුල්ලට.
පාර මුල් හරිය නියෙමට තිබුනත් ටිකක් දුර යද්දි දූවිලි පිරුනු වලවල් ගොඩක් බවට පත්වෙන්න වැඩි වලොවක් ගියේ නෑ අපේ බයික් දම්වැලත් කෑලි කිහිපයකට කඩද දාන්න පාර හදමින් හිටපු යන්ත්‍ර වලට පුලුවන් උනා. දූවිල්ල තමයි දරාගන්නම අමාරු උනේ.
මගදි අපිව නවත්තපු පොලිස් නිලධාරී තුමත්. ගෘප් එක ගැන විස්තර අහල හිනාවෙලා අපිට යන්න කියල අවසර දුන්නෙ වැඩි පරීක්ෂාවකින් තොරවමයි.
කොහොමින් හරි දූවලි පාරෙ අවසානයත් එක්කම අපිට දෙපැත්තට බෙදෙන්න සිද්ද උනා.
ලහිරුල දෙන්න,සචියල දෙන්න එක්කම මලියත්, රන්දිකත් නකල්ස් හරහා නුවරට ගිහින් කොලඹ යන්න තීරණය කලා.
මද්දට පහුවදාට දානයක් දෙන්න තියෙන නිසා අකමැත්තෙන් උනත් එ් පාරෙ නොයා කුරුණැගලට යන්න සිද්ද උනා. කෙසර,චතුරංග එක්ක හර්ෂයි,චේතිත් කුරුණැගල හරහාම යන්න මාත් එක්ක එකතු උනා ගියපු පාරම නිසා අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ කියලයි මට හිතනෙන්නෙ.
 නකල්ස් හරහා නුවරව ගිය රස්තියාදු කාරයන්ගෙ කතාව මලිය ලියල තියනෙව. ගොඩ වෙලා එන්න










You May Also Like

26 comments

  1. තෑන්ස් ලින්කුවට..පුරස්න වැලක් තියෙනව අහන්න.
    1."රා්ෙද දෙක සුදු ඉරක් මතින් රැගෙන යාමේ භාග්‍ය කරණකාෙට" යකූ එහෙම සීන් එකකුත් වෙලාද, මං දන්නෑනෙ?🙄
    2."මද්දනම් කලින්ම බාත් රූම් එක ඇතුලට පැනගත්තා" මූ බලාංකො.යකෝ බොරු කියන්න එපා,ගෑනි කෑගහල නේද අමාරුවෙන් වතුර ටිකක් ඇගට දාගත්තෙ😂

    ReplyDelete
    Replies
    1. චරිත ගාතනය කොරන්න එපා මමයි දෙවන්යට ගියේ

      සමීර මිසින් උනා මතකද?

      Delete
    2. මිසිං උනා මතකයි,එ්ත් දඩ ගහල කියලා දන්නෙ නෑ

      Delete
  2. අෆ්ෆා...සැහෙන දිගයිනෙ.. ඔෆිස් ඇරුන වෙලේ ඉන්දලා කියවලා දැන් තමා ඉවර උනේ.. ෆට්ට ආ...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඉතිම් මෙච්චර දවස් ගත්තේ.

      Delete
  3. Replies
    1. ස්තූතියි මචං.
      31 වෙනිදත් කැලයක් ඇතුලෙ යන්න බං හදන්නෙ.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඊලග එක තවත් රසවත්......

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මෙච්චර කාලෙකට හම්බඋනු හොදම ජාත්ය තමා මේ ජාතිය.
      ස්තූතියි ගොඩ උනාට

      Delete
  7. මලියගේ පෝස්ට් එක තමයි මේ රස්තියාදුව ගැන මුලින්ම කියෙව්වේ.. උඹල මේ නාකි අපිවත් පිස්සු වට්ටවනවා බං.. බොරු කියන්නේ මොකටද.. අම්මප පීලිං පට්ට ඉරිසියයි ඕයි.. :)

    ReplyDelete
    Replies
    1. යමු යමු මේපාර තඩියා මහතාත් එනවාය කීව.
      හැබැයි 31තමා යනවා.

      Delete
  8. Replies
    1. වැටකුත් ගහල
      ස්තූතියි

      Delete
  9. එකෙක් "හා" කිව්වාම ඔක්කෝම "හා" කියන සෙට් එකක් ලේසියකට සෙට් වෙන්නෙ නෑ බං.ඒ අතින් එකතු උනු සෙට් එක ඕන රෙද්දකට "බෑ" නම් කියන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඕන රෙද්දකට හා නොකීවත් බෑ නම් කියන්නෑ.

      Delete
  10. රාඡකීය බාත්රූම් පාවිච්චි කරන එක මරණිය දණ්ඩනය ලැබෙන වරදක්

    ReplyDelete
  11. අපිට කතා කරන්න තිබුණනෙ. මම දැන් වැඩ කරන්නෙ පොළොන්නරුවෙ. :-)

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ඒ දවස් වල දැනන් හිටියෙ නෑ නෙ.
      ආයෙ එන්න හිතන් ඉන්නව අංගමැඩිල්ල පැත්තෙ යන්න මේපාර බැරි උන නිසා.

      Delete
  12. මද්දදෙග් සවාරිය මරු නැෙව්ටත් ඒෙහම උන තිබුන කාලයක් තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ දැන් උන හොද වෙලාද?

      Delete
  13. පොලොන්නරැවට ගිහින් අර ගොවි පුතාගෙ ගෙදරට ගියෙ නැද්ද. පොළොවෙන් මතු උනු සරළ මිනිසා බලන්න යන්නම ඕනෙ නොවෑ.

    ReplyDelete
    Replies
    1. අපේ සමීරයා M.R ගෙ පස්සෙ නාමයෝජනා වලට නිර්දේශ උන එකෙක්.
      ඒකට මාමා සාෙලෙ මැද පොලොවෙන් මතු උන එකාගෙ පොටෝ එකක්
      තව පොඩ්ඩෙන් අපේ එකෙක් වට පිට නොබල කතා කොන්ට ගිහින් ආගන්තුක සත්කකාරත් නැති කරගන්නව (හොද වෙලාවට ලග හිටපු එකෙක් උට පොටෝව පෙන්නුව

      Delete