• Home
  • Facebook
  • Youtube

රෝද දෙකේ රස්තියාදුව

facebook google
මේ පාරත් වැඩට බැස්සා.



සිගරට් එකක් රු.55 - 60ක්.
අඩියක් ගහන්න රු 3000/= වත් අඩුම වියදම් කරනව.
⁣පුංචි එකෙක්ට මුලු අවුරුද්දක්ම ලියන්න එකම එක පොතක් දෙන්න සිගරට් එකක මුදල කැප කරන්න පුලුවන් යාලුවො ඉන්නව නම් මැසේජ් එකක් දාන්න.
R2R එක මෙවරත් පුංචි හිත් වලට සතුට අරන් යන්න සූදානම්.

Share
Tweet
Pin
Share
No comments

මුලින්ම කියන්න ඕනි මේකත් "රෝද දෙකේ රස්තියාදුව" නිල සංචාරයක් නොවුන බව 



හරියටම රෑ 12.00ට ඇහැරුනුත් තිබුන වැස්සත් එක්ක ඇදෙන් බහින්න කම්මැලි හිතුන. කෝම හරි පාන්දර 2.00 ට විතර ඇදෙන් බැහැල නාගෙන එද්දි වයිෆ්තුමීත් නැගිටලා හිටිය තේ එකක් එහෙම බීල ගෙදරින් එලියට බහිද්දි පාන්දර 3.00 විතර වෙලා තිබුනා. ගමන් යන්නම කස්ටම් කරගත්තු ලැගේජ් එකේ (ගියපාර හබරන යන්න කලින් හදව ගත්තු යකඩ ආධාරකය සවි කරගත්තාම ලීටර් 80ක බැක් පැක් එක කිසිම අපහසුවක් නැතිව එල්ල ගන්න පුලුවන් ) බැක් පැක් එකත් ස්ථාන ගත කරල හෙඩ් ලයිට් නැති අඩුව පොග් ලයිට් දෙකෙන් කවර් කරගෙන පාරට වැටුනා.
 කිලෝ මීටර් 250 ක ගමනේ කිිමි 125 ක දුර බලංගොඩ දක්වවා යන්න හිටියේ මද්දත් වයිෆ් තුමියත් විතරයි. පානදුර, හොරණ, ඉංගිරිය දක්වා පාර නිදහස් නිසා වේග සීමා අමතක කරල ගුවනට මුසු උනත් එතිනිින් එහාට වේගය මට්ටු කරන් සමත් වංගු ටිකත් වෙනදට  වඩා වේගයකින් නමාගෙන රත්පුර හරහා බලංගොඩට එද්දි උදේ 6.00 වෙලා තිබුනා.

කලින් දවසේ බඹරකන්ද අවට තැනක කඳවුරු බැදපු කූඩාරම් හර්ෂ, සචිත්, සචින්තන,මලියා, ලහිරු හා සජිත් මල්ලි ඇතුලු කන්ඩායමට එකතු වෙන්න තිබුනෙ කලුපහන අවටින්. ඒ වෙද්දිිත් ඇමතුම් දෙකක්ම මගෑරිල තිබුනා හර්ෂගෙ තුන් වෙනි ඇමතුමත් එක්කම වගේ වයිෆ්තුමීගෙ ගමට යන බස් එකත් ආපු නිසා එයාවත් බස් එකට නග්ගලා කලුපහනට පිටත් උනේ පොරොන්දුව පරිදි 6.30 වෙද්දි එතන ඉන්න ඕනි නිසයි. වංගු ටිකක් තිබුුනත් වේගය ටිකක් වැඩි කරල අදාල තැනත් පහු කරලා සෑහෙන ඉස්සරට ගිහින් තමා කන්ඩායමට කෝල් එකක් ගත්තේ. 

විනාඩි 10ක් 15ක් යද්දිම කස්ටියත් ආපු නිසා එක ගැම්මටම ඇල්ලට ඇද්දේ අපේ පලමු ගමනාන්තය උන පුංචි සිරිපාදය නගින්නයිි. අතරමගදි අපිට සුපුරුදු බන්ඩාරවෙල කඩේට ගොඩ උනේ උදේකෑම ටික බඩට දාගන්නයි. (ඕක සුපුරුදු උනාට අහම්බෙන් සෙට් උනේ අර තඩියා මහත්තයා එක්ක පොත් ටිකක් අරන් බන්ඩාරවෙල පාසලකට ගියපු වෙලාවෙ තඩියල එනකන් ලකා ගහපු වෙලාවෙ බඩ ගින්න නිවාගන්න උදව් උන තැනක් විදයට) 
කෑම නෙමේ හෙල්මට් මේසය මේක


බඩත් පුරවන් ජීවන බරත් සැහැල්ලු කරගෙන නැවතත් පාරට වැටුන.

කස්ටියම එකම පෙලට ආව නිසා අතරමග නැවති නැවති එකතු කරන්න ඕනි උනේ නැහැ මධ්‍යස්ත වේගයත් එක්ක අපි හැමෝම එකටම යද්දි ගමන ඉක්මන්, ඇල්ල ටවුන් එකට ආපු අපි පස්සර පාරට හරවලා කඩයක් ලග නවත්තලා බයික් දාන්න තැනක් ඇහුවාම එතන දාල යන්න කියල අපේ හෙල්මට් , බෑග් ටිකත් කඩේ ඇතුලෙන් තියන්න තරම් මුදලාලි මහත්මයා කාරුනික උනා.

ගිනි අව්වට පිච්චි පිච්චි රස්නෙට ගැලපෙන ඇදුම් ඇදපු සුදු හම ඇත්තන් හා වෙන්ඩ පොෂ් කලු හම ඇත්තන් අතරින් අපිත් මුදුනටම ලගා උනා ටිකක් නැවතිලා ගිමන් ඇරපු අපි බුලාගෙ සෙල්පි ගැහිල්ලත් ඉවර කරාම ටිකක් නිදහසේ වටපිටාව වින්දා ඒව ඉතින් වචන කොරන්ට මම දන්න සිංහල මදි කඳු,ඇලි ගල් සහ ගල් දිහා බලන් ඉදල එපා උනාම ආයෙම බිමට බහිද්දි තවත් වැදගත් යමක් අපි දැක්කා අපේ රටේ ජර්සි ඇදන් ගිනි අව්වෙ කඳු නගින කලු පොස් පීපල්සලා බිම දාන ටොපි කොලෙත් පිටරටක ඉදන් ආපු සුදු හම ඇති ගොඩයො ටිකක් අහුලා සාක්කු වල පුරව ගන්නවා. අපි වගේ 2500 ඉතිහාසයක් හිමි ආඩම්බරකාර ජාතියක් එක එකාගෙ කුනු අහුලයිද නේද?
‍
මීලග නැවතුම විදියට ආරුක්කු 9ක පාලම තෝරාගත්තු අපිට අනවශ්‍ය රස්තියාදුවකින් බේරගත්තේ කඩේ මුදලාලි මහත්තයාම තමයි එයා පෙන්නපු අඩි පාර(විත් පඩිපේලි) දිගේ මිනිත්තු 10-15ක ගමනකින් පසුව අපිට පාලමට සේන්දු වෙන්න පුලුවන් උනා අපි ගිහින් ටික වලොවකිින් දුම්රරියක් එහෙමත් ආවනිසා අපිට පාලම මතින් දුම්රිය ගමන් කරන දසුන දැකගන්න තරම් වාසනාවකුත් තිබුනා ඡායාරූප ගැනීම නම්වූූ භාරදූර කටයුතු අහවර උනාට පස්සෙ නැවතත් පාරට


(අතරමගින් කනට වැටුන දෙබසක්
"මම කීවෙ රෝද දෙකේ රස්තියාදුව තමයි කියල"
            -"එයාලගෙ ජීවිතේම ඇවිදින එක වෙන්න ඇති"
"එතකොට අම්මෙ එයාලට සල්ලි?"
එතිනින් එහාට අපිට මුකුත් ඇහුනෙ නෑ)

 ආපු අපි නැවතත් රෝද දෙක මතට ආවෙ එක හුස්මට ගැස්සි ගැස්සි තෙමි තෙමී පස්සරට ආපු අපි ස.තො.ස ඇතුලට රිංගුවේ කන්න බොන්න ඕනි කරන නුුඩ්ල්ස් පාන් ආදී උෟ අටෝරාශීයක් උෟ අඩුම කුඩුම ටික අරගන්න. 

"කොත්තුමී කප් 5යි තියෙන්නෙ''
"පාන් නෑ"
"සොසේජස් ලොකු පැකට් එකක් ගන්න සල්ලි ඇතිද?"
"ලීටර් 5හේ වතුර නෑ"

ටවුම වටේම එහෙ මහෙ ඇවිදලා අවශ්‍ය දේවවල් ටික ලෑස්ති කරගත්තු අපි නැවතත් පිටත් උනේ අපේ මීලග නැවතුම වූූ පුංචි ලෝකාන්තය (පිටමාරුව) හොයාගෙනයි මේ අතරේ තමා මතක් උනේ දවල්ට කෑවෙ නැහැ කියල පොඩි කඩේකට ගොඩවෙලා පාන් බනිස් උම්ඹඹලකඩ සම්බෝල ඇස්ටට්‍රා ආදීී දේවල් ටිකක් එහෙට මෙහෙට පෙරලල බඩ පුරවාගෙන තේ එකක් එහෙමත් බීල හිස් බෝතල් ටිකත් පුරවාගත් අපි නැවතත් පාරට වැටුනා අබලන් තත්වය තවත් වැඩි උනත් වටපිටාවෙන් මැවුන දසුන නිසා ඒක එච්චරම පුශ්නනයක් උනේ නැහැ.


කට්ටියම තනි කෑල්ලටම පෝලිමේ කදු පාමුලට ලගා උනාට පස්සෙ තමයි අපේ මලියාගේ බයික් එකේ චේන් එක සෙල්ලමක් පෙන්නුවේ පසුව එජස් කරන බලාපොරොත්තුවෙන් සචියාගේ බයික් එකේ පිටි පස්සේ ලනුවක ආධාරයනේ කදුමුදුනට අරන් යන්නත් සචින්තනගෙ බයික් එක හැමදාම ඇදන් යාමෙන් මිදීී ඇගෙන යන්නා බවට පත් කරන්නත් හැකියාව ලැබුනා.


බෑවුම ලග බිම පෙරලි පෙරලි පොටෝ ගත්තු අපිදරිල්ලේ ගල හොයාගෙන පිටත් උනා (දැන් මැප් එකෙයි ගුලෙයි හොයන්න එපා ඒක ජාත්ත්‍යයන්තරේට ගිහිිින් නෑ අපි නම් එහෙම යවන්න අදහසකුත් නැහැ.) කදු මුදුනට ගියපු අපි ඊලග අභියෝග ටික ගැන බලද්දි තව ආතල් එකක් හර්ෂගෙ රෝදයක පැච් එකක් සචිත් එක්ක ලහිරු ටෙන්ට් ගහද්දි සචින්තන, සජිත් රෝ‍දය ගැලෙව්වෙ පහුවදා පෝය දවසක් නිිිසා ටයර් කඩ වසා තිබීමේ අවධානමෙන් ගැලවෙන්නයි.
වීඩියෝ කෑල්ලක් එහෙමත් අරගෙන අපේ ගමනාන්තය උන

ගින්(දර)
මලියා, සංජය එක්ක මම අවට රවුමක් දාල දර හෙව්ව කියන්න සංතෝෂෂයි දර තිබ්බ අපි අර පොඩි කාලෙ සෙල්ලම් ලිපට දාන සයිිිිස් එකෙන් ඒ වේලාවෙ එතනට ආපු පොඩි මල්ලිලා දෙන්නෙකුත් අපිට ගොඩක් උදව් උනා දර හොයන්න ටෙන්ට් ගහන්න එහෙම භාෂාව තමා පරහකට හිටියේ අතින් පයින් දන්න වචන ටික දාල අපි පුලුවන් විදයට කතා කරා අපි සැලෙයි. මෙහෙම ගියාෙත් කාල හමාරයි සංජය අයිය වැඩ කරන ආයතනයට සම්බන්ධ වෙලා වැඩ කරන කෙනෙක්ගෙ නමිබර් එකක් හොයාගන කතා කරල කිමි කිහිපයක් දුරට ගිහින් දර කොටයක් හොයාගන්න අපට පුලුවන් වෙනව.



ටික වෙලාවක් යද්දි පැච් එක දමාපු ටයර් එකත් අරන් සචින්තනල ආවට පස්සෙ තමයි අපි ගිනි මැලේ වටා රොක් උනේ.

"rs.200 කින් 8 දෙනෙක්ට ගන්න පුලුවන් තෑගි මොනාද? - දවසේ පැනය "

දවසේ හොදම ආතල් එක නූූූූඩ්ල්ස් පැකට් 6ක් මිසින්ග් කප් 5 නම් තියෙනව උදේට කන්න ගෙනාපු පාන් 4න් එකක් අපි සෙට් එක අතරේ බෙදාගෙන බඩ ගින්න නිවා ගත්තු අපි තේ එකක් එහෙම හදාගෙන බීල ටිකක් කයියක් දැම්ම. අඩි 5කට වඩා දුර නොපෙනෙන තරමට මීදුම වැඩි වෙද්දි කස්ටියම නිදා ගන්න ගියේ දවස පුරාම බයික් පැදපු මහන්සසියත් එක්කමයි.








උදේ පාන්දරම නැගිටලා ඉර මාමා උඩට එනව බලන් ඉදල බයික් වලින් කන්ද පුරා සැරි සරා ඒ ආතල් එකත් අරන් පාන් එක්ක මීීීීට් බෝල් කරියට වග කියල තමා ආපහු එන්න පිටත් උනේ.




ඔය ඉන්න පොඩ්ඩො තමා කලින් දවසෙ උදව් උනේ උදේමත් ආව අපිව බලන්න.







Share
Tweet
Pin
Share
18 comments

මේ පාර නම් කතාව එන්නෙ කොටස් කීපයක් විදියට ඒක මුලින්ම කියන්න එපැයි.

හරි එහෙනම් ගලේ කන්ද ගිහින් ආවට පස්සෙ මද්දට ටිකක් විතර මහන්සි දැනුන ඉතින් "රෝද දෙකේ රස්තියාදුවට" ටික දවසකට සමු දෙන්නයි හදුවෙ

ඒ මේ අතරට මද්දගෙ වෙඩිමත් ආවම සෑහෙන්න බිසී උනා.
 පවුලෙ අයගෙන් අෑත් වෙලා කොලඹට සින්න වෙලා ඉන්න නිසා දැන් කුරුණැගල ඉන්නෙ අතේ ඇගිලි වලින් ගනින්න පුලුවන් තරම් යාලුවො ටිකක් විතරයිිි. ඉතිරි ඔක්කොම ටික ඔපිස් වලයි "රස්තියාදුවෙයිි" යාලුවො ටික තමයි ඒ ටිකෙනුත් බහුතරය කොළඹ.
ඉතින් පාටියත් මොරටුවේම ගන්න තීීරණය උනා. මාසයක් වගේ කෙටි කාලයක් ඇතුත පොඩිවට ලස්සන ටිකක් වෙනස් උත්සවයක් සංවිධානය කරගත්තෙ තනියමයි. රෝද දෙකේ රස්තියාදු කාරයො තමයි හැම දේටම උදව් කලේ ඔව් බය නැතිව කීවෑකි උන් ඇරෙන්න වෙන කිසිම එකෙක්ගෙන් උදව් ගත්තෙ නෑ.

ටුුවර් එකක් ගැන කියන්න ඇවිත් වැල් බයිිිල කියල වැඩක් නෑනෙ ආපහු මුලට

ඉතින් ඔන්න ඔය හේතු නිසා රස්තියාදුව ටෙම්පරි ස්ටෑන්ඩ්බයි දාන්න හැදුවට වැඩේ හරිගියේ නෑ. මේක දැන් ලේ වලටම මුසු වෙලාද කොහෙද.
ඊටත් වඩා එකා දෙන්න අහන්න ගත්තම යන්නැද්ද ආයෙ කවද්ද ඊලග එක කොහෙ? දීපන්කකො උත්තර 😅

තැන් 100ක් විතර අතරින් අන්තතිමට තිවා තැනක් හොයාගන තිබ්බ. හැමදාම හොයන හොයන තැන මම මොකක් හරි අඩුපාඩුවක් කියන නිසා තිවා මාත් එක්ක මලෙන්ද මන්ද හිටියෙත්. කෝමඋනත් මේපපාරත් හොයපු මුල්මතැනට  මම බාල්දියක් පරෙලුවේ දුර, පහසුකම්, විස්තර මදිබව ආදී හේතු දක්වල. ඊට පස්සෙ ආයෙම දෙන්න එක්ක මැප් එක පීීරන්න ගත්තා. එහෙම ඉද්දි තමයි සති අන්තයක මට කෝල් එකක් දීල කීවෙ තැනක් සෙට් උනා අද බලන්න යනවයි කිිියල.

අන්තිමට හබරණ පැත්තේ කැලෑවක් හොයාගන තිබ්බ (කමත එකෝ ලොජ් එකේ කෑම්පින්ග් සයිට් එක.) පොටෝ එහෙම එවල තව කිමි කිහිපයක ඕෆ් රෝඩ් අත්දැකීමක් එහෙමත් ගන්න පුලුවන් කීීවම හිත නිදහස්.
හැබැයි පොඩි අවුලක් ගාන ටිකක් සැරයි කමක් නෑ හැමදාම බාල්දි පෙරලනව කියල හිතයි මේකකටත් බෑ කීීවොත් ඔන්න ඔහෙ හා කියනව කියල හිතල කැමැත්ත දුන්න.

ඉවෙන්ට් එක දැම්මම තමා තත්වය එලියට ආවෙ. අපේ කොල්ලො ගොඩක් අය මහලොකු සල්ලි කාරයො නෙමයෙි කියන එක මද්ද හොදටම දන්නව. අනිත් එක තමයිි අපි ඉපදුන අපේ රටේ අැවිදින්න සුද්දො වගේ සල්ලි විසි කරන්න ඕනිිද අපිම කියන තැන තමා මද්ද ඉන්නනෙ. ඉවෙන්ට් එකට සහභාගීීත්වය අනිවාරනේම අඩු වෙනව කියන එක මද්ද දන්නව මොකද රස්නනෙ පලාතක් වීම කියන සාදකය හා මිල ඉතිිිින් මේ ගැන කතා කර කර ඉද්දි තමයි අපේ සචින්තන අදහසක් දාන්නෙ කෑම උයන්න කුකෙක්ව ගමුයි කියල. ඒ අදහස ස්තීර කර ගත්තාට පස්සෙ අපිට පුලුවන් වෙනව තවත් රු.500/= විතර ගාන අඩු කරගන්න.

ගමනට සති තුනයි!
 යන්න කස්ටිය නෑ!
කස්යටියම බිසීී වෙලා මද්දදව ගිිරේට අහුවෙ‍ලා!
 මෙච්චර කල් අපි ලග තිබුන සාර්ථකත්වය නැති කරන්න බැහැ මොකද එහෙම වෙනතුරු ගොඩක් අය බලන් නාෙහිටියාම නෙමෙයි.

කෝම නමුත් අයින් වෙලා ඉන්නම් කියල හිතපු ඉවෙන්ටුව ආයෙම අතට ගත්තා. පොස්ට් හැදුව පොටෝ හැදුව හතර වටේ පබ්ලිෂ් කරා. වැඩේ ටික ටික නැගල ආව අන්තිමට හැමදාම වගේ 30ක් පැන්නම වැඩේ නැවැත්තුවා. 30 බලාපොරොත්තුව 42ක් උනා ටෙන්ට් මදිි මේ පාරත් ඒ වගකීීම සචින්තනට බාර දුන්නා (උඹට කතා කරොත් වැඩක් බාර දෙනව කියන ගමන් වැඩේ බාරගත්තා)

සේරම ලෑස්තතියිි 25 වෙනිද පාන්දර 5.00ට පිටත් වෙන බලාපොරොත්තුවෙන් 4.30ට ඉවෙන්ට් එක දැම්ම. 😎

  කවමදාවත් නොවුන විදියට බලාපොරොත්තු උන වෙලාවටත් කලින් බහුතරයක් ඇවිත් හිටියා මද්ද යද්දිත් 4.30 පහුවෙලා විනාඩි කිහිපයක් ගත වෙලා තිබුන. එක්කෙනෙක් දෙන්නකේ විතරයි පරක්කු උනේ එ්කත් කියන්න තරම් දෙයක් නෙමෙයි කලින් වතාවන් එක්ක සසදද්දි. 4.45විතර කෝල් කරල මද්දා බෙඩ්ශීීීීට් ඕනිද ඇහුවෙ කව්ද කියන එක හරි නෑනෙ.

කස්ටියම කොට්ටාවනේ පිටත් උනා පටන් ගද්දිම පුුංචි අඩුපාඩුවක් හොම්බ දිග කැමරාව අරන් එන්න කියල දාපුු ඇරේනන්ජ් මන්ට් එක හරියට කමිනි කේට් වෙලා නැහැ. (හැම දෙයක් ගැනම ඩබල් චෙක් කරද්දි උෟව පේන් ඉන්ද අෑස් වගේ දැනුනට බනින්න එපා මේ අඩු පාඩු වෙන බව දන්න නිසයි එහෙම කරන්න වෙන්නෙ) මද්ද මේ ගැන වැඩිය හොයා නොබලපු එකේ වරද (ඒකයි මේ පාර ඇල්බබම් එක පරක්කු).

කෝමින් හරි අපේ මුල්ම නැවතුම උනේ අත්තනගල්ල පංසල අසලයි අපේ රමිදු එක්ක මෙච්චර කල් අපිත් එක්ක යන්න හිටපු හැම ටුවර් එකක්ම මගෑරුනු දිනූූූූත් වෙලාවම වගේ ටිකක් පරක්කු වෙලා ආව. ඒකෙන් පාඩු උනේ මාලෙ රුපියා රුපියල් වලට මාරු කරන් අාපු එකෙක්ට කිියලයි ආරංචිය. (දෙවැනි අඩු පාඩුව බයි මද්දා යන අයට උදේට තේ එකක් ලෑස්ති නොකිරීම සමා වෙලා ඊලග පාර අපි ඒව හදාගමු)

එතනින් ඊලග නැවතුම උන පස්යාලට යද්දි බලාපොරොත්තු උනාට වඩා ටිකක් ප්‍රමාද උනේ උෟරපොල පාරෙ(හරි නේද නම පස්යාලෙන් අත්තනගල්ලට වැටෙන පාර) කිමි ගානක වාහන පෝලිිම නිසා. එතනට කෙසර අයියා වගේ මලිත්(තව මලියෙක්) අලුත්ම සාමාජික මල්ලිලා ටිකත් ඇවිත් හිටියා.
කොල්ලො තියා බල්ලවත් ගන්න නොගන්න සුපුරුදු දේශනාව

 පොඩි දැනුවත් කිරීමක් එහෙම කරල අපි ගමන ආරම්භ කරේ පහු උන චරිදු අඹේ පුස්සටම ගිහින් කෝල් එකක් දුන්නමයි.

ඊලග නැවතුම උන කුරුණෑගලට යන අතරෙ වෑන් එකක් නිකන් ගේමට වගේ අපිව ඉස්සර කරන් ගිහින් පාර මැද තියල ස්ලලෝ කරා මද්දගෙ කට්ට පැනල වමෙන් දාල ගියේ කන පිරෙන්න දෙකක් කියන්නයි බලද්දි පිටිපස්සෙ හිටපු පොඩි මල්ලි කෙනෙක්ට අපිට වීීඩියෝ කරගන්න ආස හිතිලයි එහෙම ගිහින් තියෙන්නෙ එයාටත් සැලියුට් එකක් දාගෙන කෙලින්ම ඇද්දෙ පොල්ගහවෙලට.  එතනින් එකතු වෙන්න හිටපු ලවංගා සහ එයාගෙ හස්බන්ඩාවයිි, කියපු වෙලාවටත් කලින් ඇවිත් පැයකටත් වඩා රස්තියාදු උන සිතුම් මල්ලියි (කුරුවිට ඉදන්ම ආපු) එකතු කරගනෙ කුරුණැගලට ඇද්දෙ උදේ කෑම ගන්න බලාගනෙයි 40කට නෙමේ 100කට උනත් ඉඩ තිබ්බ මාතර බත්කකඩේ (ඉස්සර නම් වේල් තුනෙන් දෙකක්ම කාපු තැන) 40කට ගන්න පාන් තියනවාද බලපන් කීවම සචින්තන වෙන කොහදෙ තැනකින් පාන් සමග හොදි ලීටර් 5ක් විතර අරගෙන තිබ්බා. ඒකත් අරගෙන සුපුරුදු වැව රවුමට ඇවිත් කන්න බලද්දි හැමෝම කියපු විදියටම පිගන් අරන් ඇව්ල්ල තිබුන නිසා😔😔 එක පිගානකින් 10ක් විතර වටවෙලා හිතේ හැටියට පරිප්පු එහෙෙමත් නාගත්තා.



ගෘප් පොටෝ එකක් එහෙම
 අරගත්තු අපි නැවතත් පාරට වැටුන සැරින් සැරේ නවතින්න සිද්ද උනේ සමහරුන්ගෙ අධික වේගයයි සමහරුන්ගෙ වේගගය අධික ලෙස මදි වීම නිසයි.
මේක කරන්න බෑ බං උන්ටිකට ආතල් එක ගන්න දීල අපි 70වට යමු 
 අන්තිමට හෙවන තිබුන තැනක නවත්තලා පිටි පස්සනේ ආපු හැමෝමත් නවත්තගනෙ අපේ පුරුදු පිලිවෙත උන 70 උපරිමය තියාගමු වේගෙන් ගියපු කිහිප දෙනාට එයාලගෙ ආතල් එක ගන්න දෙමුයි කියල ආපහු අපේ දම්වැලේ පුරුක් අමුන ගත්තා ටිකෙන් ටික දඹුල්ල එහෙමත් පහු කරලා අදාල ස්ථානයට යන පාරට හැරවේවා.


ඇත්තටම කමත හිමි කරු වෝනර් මහත්තයා හරි ලස්සනට තැන ප්ලෑන් කරල තියෙනව එයාගෙ පුතා තමා අපි යද්දි එතන නිලලත් බලධාරියා වෙලා හිටියේ.


 අනිිත් අයට විවේක ගන්න දීල තිවා එක්ක කෑම හොයන් පිටත් උනේ දවල් කෑම වෙලාව නිසා අපේ මහන්සිය අමතක කරල දාලයි.

කඩවල් කිහිපයක්ම පහු උනත් ඒ කිසිම තැනක 40 දෙනෙකුට කෑම තිබුනෙ නැහැ අන්තිමට අහම්බෙන් වගේ ගිහින් තිබ්බෙ නියම තැනකට 40කට නෙමේ 400කට උනත් කෑම එයාල ලග තිිබුනා. ටිකක් වෙලා ගියත් කෑම ටික ලස්සනට හදල දුන්නා තිවාට මේසෙ උඩම නින්දත් ගියා 😂😂😂. ඇවිත් කෑම බෙදද්දි තමා සීීන් එක කලබලේට හෝ හිතාමතාම කෑම තුනක් අඩුවෙන් තමා දීල තියෙන්නි වෙනද හැමට අන්තතිමට කෑම ගත්තට සෙට් එකක් ඇවිදින්න ගිහින් හිටපු නිසා මද්දත් ඒ වෙද්දි කෑම කන්න පටන් අරන් ඉවරයි. මදි කෑම තුන වෙනුවට සහෝදර කම බෙදාගත්තු අපේ උන්ටික බඩ පුුරව ගත්තා.


_________________________________________________________________________________

ඕෆ් රෝඩ් යන්න ගියත් චේන් එක බුරුල් උන නිසා ආපහු හරවන් ඇවිත් කඩේ ගියෙමි. ඒක අපි මනූූෂටම ලියන්න කියමු. (හෙ හේ අපේ අලුත්ම සාමාජිකයා)
_________________________________________________________________________________

පුඩි සිටිය හා තවත් කඩවල් කීපයකටම ගොඩවැදිල අවශ්‍ය අඩුම කුඩුම අරන් එද්දි හැමෝම ඇවිත් තිබුන නිසා ඊලගට අපි පිටත් උනේ හබරණ වැවට වතුරත් හොදින් තිබුන අහල පහල හිටපු ගමේ අයගෙන් ආරක්ෂිත තොටුපලක විස්තර අහගෙන කස්ටියම හිතේ හැටියට නාගත්තා කලුවර වැටෙන්න කිට්ටු වෙද්දි පාරට ආපු අපි උනු උනු ප්ලේනන්ටියක් එක්ක පොල් රොටීී කිහිපයකටත් වග කියලා කමතට ආවෙ කෑම්ප් සයිට් එකට යන්න වෙලාව හරි නිසා (මේ පාර නම්  නිදහසේ එහෙට මෙහටෙ යන්න වෙලාව තිබුනු සපුරන්න බැරි තරම් ඉලක්ක ගොඩක් අපේ ගොඩ පුරව ගත්තු නැති නිසයි. ඇත්තටම දැන් ට්‍රැවලින්ග් තරගයක් වෙලා හැමෝමමට ඕනි තැන් ගොඩක පිංතූර වලින් තමන්ගගෙ ට්‍රැවල් ෆෝල්ඩර් එක පුරවා ගන්න ඒත් හිත පිරිලද?)

ටිකක් අමාරු පාරක් දිගේ කෑම්ප් සයිට් එකට එද්දි ගෑස් ලාම්පුු දෙකකින් එලිය උන කඳවුරු බිම මනරම් දර්ශනයක් කියලයි මට නම් හිතෙන්නනෙ. ගිනි මැලය හා ගල්අඅගුරු ටික පත්තු වෙන අතර මදි පාඩුවට අපි ගෙනාපු ටෙන්ට් ටිකත් ඉදි උනා.


 

 


මස් ටික පිලිස්සෙන අතරේ කට්ටියම තමතමන් අදුන්වලා දුන්නා ඒ අතරේ ගමනෙදී වෙච්ච අඩුපාඩු හා ඉදිරියට වෙන්න ඕනි දේවල් ගැන යෝජනා එහෙමත් අරගත්තු අපි අපේ 7 වන චාරිකාව බොහෝදුරට අතිසාර්තක කියන මට්ටමට අපි අවුරුද්දක් පුරාවට ගත්තු අත්දැකීම් විසින් යොමු කරල තිබුනා කියල නිහතමානීී ආඩම්බරයක් නැති වාම නොවෙයි.

සචින්තතනගෙ ගිටාර් එක නැති උනත් ආතත සංගිත භාන්ඩ වලට දක්ෂයෙක් වෙච්ච ලසාල් තේනුුවර දර්බග්(හරි නේද නම) එකක් හා බැරල් එකක් හරහා මවපු සංගීතයත් එක්ක සචින්තතන අතුල ගායකයො ටික සිංදුවක් කියද්දි මල් වලට මල් පැනි වලට අදාල අය ඒ කර්තව්‍යයන් වල නියැලුනාලු කියලයි කියන්නෙ ගියපාර ඉගෙන ගත්තු පාඩම නිසා හැමෝම කෑම කාල එහෙම ඉවර වෙනකන් එහෙම ඉවසා වදාරල තමා මද්ද නම් අවශේෂ කාර්යයන් සදහා යොමු උනේ.



______________________________________
ඕප් රෝඩ් රසකතා ලිපියක් මනූූෂගෙන් බලාපොරොත්තුවෙන් ලියුම නවත්වන්නම්.
____________________________________________
අදට(16.09.2018) අපිට අවුරුද්දයි ආපු නාපු ව⁣ච⁣නයෙන් හරි සහවූ සැමට ස්තූතියි
කේක් කෑල්ලක් ඔයාලටත්


 






























Share
Tweet
Pin
Share
14 comments


ඊළග රස්තියාදුව න්න තැනක් හොයමින් ඉද්දි තමයි අපිට බන්ඩාරවෙල පැත්තේන් හරිත කන්ද ගැන ආරංචියක් ආවෙ. තැන ගැන හොයල කෑම බීම ගැනත් බලල අවසරේ ගන්නත් ලෑස්ති වෙලා ඉද්දි තමයි අපිට නරක ආරංචියක් ආවෙ. එතන තියන අනතුරුදායක තත්වය ටිකක් විතර වැඩි වෙලා කියල මේ පාර අපිත් එක්ක පොඩ්ඩො දෙන්නෙක් එහෙමත් එන නිසාත් පිරිස වැඩි නිසාත් අපිට සිද්ද උනා එතන අතහරින්න.

 ඊට පස්සෙ තමයි සචින්තන ගේමට බැස්සෙ. හොයා ගත්තු කදු මුඳුනක තුන් පාරක්ම රිකී කරල ග්‍රාම නිළධාරි කාර්‍යාල, ප්‍රදේශීය ලේඛම් කාර්‍යාල ආදී තැන් වලටත් කීප වරක්ම බඩ ගාල තමයි අපි වෙනුවෙන් මේ තැන වෙන් කර ගත්තේ.
--------------------------------------------------------------------------------------------------------------------------
    උදේ පාන්දරම නුවරින් වගේම කොලඹිනුත් අපේ රස්තියාදු කාරයො ටික මෙදා ⁣පාර උදේ රැයින්ම පිටත් වෙන්නයි යොදාගෙන තිබ්බේ. ඒක නිසා පාන්දර 3.30 වෙද්දිිම හතරවටෙන් අැමතුම් ගලාගෙන ආව. පාන්දර 4.30 වෙද්දි කොට්ටාවෙනුත්, පාන්දර 6.00 පේරාදෙණියෙනුත් කන්ඩායම් දෙකක් විදියට ගමන් ආරම්භ කිරීමයි අපේ අභිප්‍රාය උනේ. නමුත් හිතපු විදියට අපිට ටෙන්ට් ටික ලැබුනෙ නැති නිසා කොළඹ අපි පිටත් වෙද්දිත් උදේ 6.30 විතර උනා.
කොලඹින් අපි පිටත් වෙලා ටික වෙලාවක් යද්දි අපේ නුවර රස්තියාදු කාරයො ටිකත් එහෙන් පිටත් උනා කියන ආරංචිය ආව.
සාමාන්‍ය විදියටම අපිට කරවනැල්ලට ලගා වෙනකන් ටිකක් විතර තදින් අක්සටල්ටර් එක මිරිකන්න අවසථාව ලැබුනේ උදේ පාන්දරම එතරම් තදබදයක් නොතිබ්බ නිසයි. අතරමගින් එකතු වෙන්න හිටපු කිහිපදෙනත් එක්කම අපි කරවනැල්ලට අවා. එතනින් තවත් සමාජිකයින කීප දෙනෙක් හා අපේ පලමුවැනි(රෝද දෙකක් හිමි)සාමාජිකාව එකතු වෙන්න මග බලන් හිටිය,  ඒ කස්ටියත් එකතු කරගෙන හනිකට ගිනිගත්හෙන⁣ට එද්දි තමයි මහ වැස්සක් කඩා පාත් උනේ, ටිකකට නැවතිලා වැහි කබා, වැහි ආවරන, බෑග් ආවරන දාගෙන නැවතත් කල⁣බලේම පිටත් උනේ ගිනිගත්හෙනදී හැමෝම එකටම එකතු වෙලා උදේ කැම ගන්න බලාපොරොත්තුවෙනුයි.

ඒත් වැස්සයි උදේ උන පරක්කුවයි නිසා අපි උදේ කෑම කිතුල්ගල ගග අයිනෙ තිබුන පුංචි කඩේකින් අරගෙන නාවලපිටියට යද්දි අපේ නුවර යාලුවො ටික අපිව හොයන් පෙරමගටම ඇවිත් තිබනා.නාවලපිටිය  ෆූඩ් සිටි එකෙන් අවශ්‍ය අඩුම කුඩුම ටිකත් අර⁣ගෙනම ගමන පිටත් උනේ කට්ටියව 
ගමන ගැනත්,
අපේ නීතිරීති ගැනත් හොදින්ම දැනුවත් කරලයි
.

පරංගියා කෝට්ටේ යාම මනාව ප්‍රගුණ කරල තිබුන නිසා අපි කෙලින් පාරෙ නොයා නාවලපිටි⁣යෙන් හැරිල කඩියන් ලෙන ඇල්ල පැත්තේන් පුස්සැල්ලාවට යන්නයි ගියේ වර්ෂාව නිසා ඇල්ලට නොබැස්සත්  එතන ටික වෙලාවක් නැවතිලා වීඩියෝ එකක් එහෙම අරගෙන තමයි අපි පිටත් උනේ ලස්සන වචනයෙන් කියන්න අමාරු පාරවල් වලින් (අතරමං වෙලා පාරත් වරද්දගෙන) අපි පුස්සැල්ලාවට එද්දි හොදටම පරක්කුයි.
(මෙතනින් එහාට නම් පාර කියන්න එපා කියල ආපු ඉල්ලීම් නිසා නොකිය ඉන්නම්, ඒ උනාට යන්න අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මද්දට මේලක් ඒව්වොත් තැනයි අවසර ගන්න විදිය ගැනයි කියල දෙන්නම්)
එතනිනුත් රාත්‍රියට අවශ්‍ය දේවල් නැවත බෑග් වලට
කෙසෙල් නම් ලිස්ට් එකේ නෑ 
 දාගත්තු අපි දවල් කෑම ලෑසස්ති කරල තිබ්බ තැනට එද්දි හොදටම හවස් වෙලා, කෑමට වඩා ගම⁣නාන්තය වැදගත් නිසා කෑම ටිකත් බෑග් වලටම දාගෙන අපේ ගමන පටන් ගත්තා (සමහරු නම් කියනව ලංකාවෙ තියෙන අමාරුම පාරලු එයාල අපේ සිංහරාජ රයිඩ් එක නොගිය නිසාම හොදයි)

ඇත්තටම කන්දක් නගින්න තිබ්බ නිසා පාර ටිකක් දුෂ්කරයි Off Road පුරුදු නැති අයෙක් නම් කියයි ගොඩක් අමාරුයි කියල.
බයික් තුනකම ක්ලච් ⁣ප්ලේට් වලට කෙල උනා තව බයික් කිහිපයක් මග නවත්වා යන්න තීරනය කලා
කිහිප දෙනෙක් පොලොව සිපගන්නත් අමතක කරේ නෑ.

වැදගත්ම දේ තමා අපේ එකම සාමාජිකාව ගමනාන්තයට මුලින්ම ගියපු කන්ඩා⁣යමත් එක්කම හරි හරියට හිටියා.









අකුරු කරලා ඉවර කරන්න අමාරු ගමනානතය පොටො වලින්ම බලා ගන්න. සීතලත් හුලගත් එක්ක දැඩි පරිශ්‍රමක් දරල ටෙන්ට් ටික අටව ගද්දි හොදටම කලුවර වැටිල ඉවරයි.














තෙත බරි උන දර අවුල ගන්න සෑහෙන වෙහෙසක් දරන්න සිද්ද උනත් අපි සාර්තක උනා. කාබයිට් වලටත් වඩා චේති මල්ලිගෙ කොලරොඩු සාත්තුව ගිනිගොඩ ඇවිලෙනකන් එක දිගටම ලැබුන නිසා සාර්තක උනා  ⁣කීවොත් තමා නිවැරදි.
අමාරුවෙන් ගල් අගුරු ටිකත් පත්තු කරගෙන BBQ වැඩෙට බැස්සෙ සුමුදු අයිය.
කෑම ගෙන්න පහලට යන්න තිබුනත් ඒ වෙලාවෙ ආයෙ පහලට යන්න තරම් හිතක් නොතිබ්බ නිසා අපිට සිද්ද උනා ඉතා මිලාදික ඩිලවරි සර්විස් එකක සේවය ඉල්ලා හිටින්න.

//මද්දට නින්ද ගිය, සමහරුන්ට ටෙන්ට් මාරු උන. BBQ ඉවරයි කියල හිතන් මස්ටික පැත්තක තියෙද්දා හූල්ලපු. සින්දු කවි උන, සමහරුන්ට මල ඇනයක් උන සමහරු(මම නම් දන්නෑ ඕං), සචින්තගෙ ගිටාර් එකට නියම බොංගො පාට්නර් කෙනෙක් සෙට් උන, සුමිහිරි මතක කමෙන්ට් වලට ඉතිරි කරල රැය ගෙව්ව කියමුකෝ.//

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
පහුවදා උදේම නැගිටලා තේ එකක් එහෙමත් හදාගෙන බීල

හර්ෂගෙ ස්පෙෂල් චොක්ලට් පානයෙනුත් උගුරු තුන හතරක් ගහල ටෙන්ට් ටික අකුලන අතරේ වටා පිටාවෙ තිබුන ⁣කුනු කෑල්ලක් වත් ඉතිරි නොවෙන්න සුද්දයක් දානනත් ඉතිරි උන ඉදුල් ටික ලන්ච් ෂිට් වලින් වෙන් කරල ලන්ච් ශීට් ටික බෑග් එකකට සථාන ගත කරල විනාශ කරන්න දාන්න ගේන්නත් ඉදුල් ටික වලල දානනත් කටයතු කරල සුපුරුදු පාරෙම අපි අපහු පල්ලම් බැස්සා.

ලසිතගෙ බයික් එකත් ඇදගෙන කොඩ්ඩ නුවරට ගියේ ක්ලච් ප්ලේට් ලෙඩේ උග්‍ර වෙලා තිබ්බ නිසයි.
යන්න කලින් ලසිත ලගටම ඇවිත් කීවෙ "මද්ද මම නිසා අනිත් උන්ට කට්ටක් සෙට් කරන්න එපා උඹ උන් ටික අරන් යමන් මම එන්නම්" කියලයි. එත් දාල යන්න තරම් හිතක් නොතිබ්බත් කොඩ්ඩ වගකීම බාර ගත්තු නිසා අනිත් අයත් අරගෙන කිට්ටුව තිබුන වේල්ලක් ලගට ගියේ මහනසිය වතුරෙ දිය කරල අරින්නයි, BRANCH එකක් ගන්නයි.පහලට බහිද්දි උදේ කෑම වෙලාව හොදටම පහුවෙලා නිසාත් දවල් කෑම වෙලාව ලග ලග අාපු නිසාත් වේල් දෙකම එක පාරින් ඇදල දැම්ම.


නාල කාල ඉවර වෙලා බයික් ටිකේ පෝටටෝ ටිකක් එහෙමත් අරගෙන 


අපි ආපහු එන්න පිටත් උනා. අතර මගදි පොඩි බඩගිින්නක් එහෙමත් මෝදු වේගන එද්දි තමයි කවියා අපිට අරාධානා කරේ තේ එකක් බීීල යන්න ගෙදරට එන්න කියල කවියගෙ ආච්චි අම්ම දීපු තේ එකත් එක්ක කිට්ටුව කඩෙකින් උස්සන් ආපු කේක් කිලෝ කීපයක් එක්ක ෂෝටීීස් ටිකටත් වග කියල තමයි අපි ගමන ඉවර කරේ

ඔන්න ගියපු අය ටික







මීීළග රස්තියාදුව අගෝ 25,26 මෙතනින් එන්න පුලුවන්




Share
Tweet
Pin
Share
14 comments


පිළිවෙලක් නැති ගමන්. 01

මුලින්ම කියන්න ඒනි මේ ලියන්න හදන්නෙ "රෝද දෙකේ රස්තියාදුව" විසින් සංවිධානය කල සංචාරයක් ගැන නොවේ.හුදෙක් මද්දා සහ තව කිහිප දෙනකේ නිදහසේ  රැයක් පහන් කරන්න ගියපු ගමනක් කීවොත් නිවැරදියි.

අපේ කිහිප දෙනෙක්ම අවුරුදු නිවාඩුවට ලංකාව වටේ කවර් කරපු එක ගැන මලිය ලියල තිබ්බනේ. තවත් කිහිප දනෙක්ම එහෙ මහෙෙ රවුම් ගැහුවත්, මද්ද හිටියෙ ඇදේ ඕලඩ් අරක්කුවක්, වැස්සට කමෙුන එකවත්, හෑෂ් වත් හින්ද නෙමේ ඈ වහලෙට නැගල කොන්ද මක්කද උනා.

ඇරියස් කවර් කරන්නත් එක්ක වෙසක් නිවාඩුවට කොහෙ හරි යමු කියල 45 දෙනාටම කීවත් ගොඩක් අයට විවිධ හේතු නිසා ඒ දවස අමාරුයි කියල තේරුනා. මේ වෙද්දි චරිදුටත් මගෙ ලෙඩේම හැදිල තිබ්බ, "කොන්දෙ අමාරුව නෙමේ බං, කන්දක් නැගීමේ උන" කෝම හරි හැමෝටම දන්වල කන්න තියෙන කට්ට පුලුවන් උපරිමෙන් පැහැදිලි කරල දුන්නට පස්සෙ අන්තිමටම ඉතිරි වෙලා හිටියෙ 6 දෙනයි. මම,හර්ෂ(කූඩාරම් හර්ෂ),ලහිරු පැතුම්,සචිත්,චරිදු,නිරෝෂ් තමා නම් වලින් කියනව නම් මීට අමතරව බුලා නොහොත් සචිත්ගේ යාලුවෝ දෙන්නකෙුයි.
ටෙන්ට්, කෑම, ආදියේ වගකීම් මේපාර එච්චර බරටම නැති නිසා සැහැල්ලුවෙන් ගමන යන්න ලෑස්ති උනා.

හරි එහෙනම් බයිල තියල ගමන විතරක් යමු නේ? මද්ද කෝමත් පදුරු තැලිල්ල දන්නෑ.

පාන්දර 4.00ට තමයි කොළඹින් පිටත් වෙන්න දා ගත්තෙ. හර්ෂ එක්ක මම කොට්ටාවටත් එතනින් චරිදු, නිරෝෂ් දෙන්න එක්ක මාවනැල්ලටත්, මාවනැල්ලෙන් ලහිරු, සචිත් හා අනිත් දෙන්නත් සමග "බතලේගල"ට.

දවස පටන් ගත්තෙම අත් වැරදීමකින් ෆෝන් එක චාජ් එකට ගහල තිබ්බට චාජර් එකේ අවුලක් නිසා ඩෙඩ් වෙලාම ගිහින් හොද වෙලාවට අම්මගෙ ෆෝන් නම්බර් එක හර්ෂ ලග තිබුන මගෙ එකට ට්‍රයි කරල කරල බැරිම තැන ඒකට ගද්දිත් මම මූන හොදනව. යන්න ලෑස්ති වෙන්න.
ටයිම් ලයින් එකේ හැටියට හර්ෂ් ගෙදරින් 4.00ට එද්දි මම ලෑස්ති වෙලා ඉන්න ඕනි නමුත් ටිකක් ව්තර පරක්කු උනා. කස්ටිය ටිකක් බයත් වෙලා මද්ද ෆෝන් ඕෆ් කරන් පොලු තිබ්බද කියල,
මද්ද ලග ඒ වගේ වැඩ ඉතිහාසෙටම නෑ පුලුවන් නම් පුලුවන් බැරිනම් බෑ.

හර්ෂ් ඇවිත් තිබුනෙ ගෙනියන්න නියමිත ටෙන්ට් 2ම අරගෙන, එකක් මගෙ කැරියයර් එකට පටවලා ඉවර වෙලා තමා ඇහුවෙ කෝ අනික කියල ඒකත් බැක් පැක් එක ඇතුලෙ කීවම මට පුදුමත් හිතුන. ඒත් නියම backpacker කෙනෙක් උන හර්ෂට එක ගානක්වත් නෑ.
ලීටර් 80ක බෑග් එක ඇතුලෙ උයන්න භාජන, 6 person tent එක. ප්‍රථමාධාර, අැදුම්, නිදාගන්න අයිටයම් සේරම පුරවලත් තව ඉඩ තිබුන.

කෝම හරි වැඩි වෙලාවක් නොගෙන කොට්ටාවට ඇද්දා පිලියන්දල හරහා. අපි ගිහින් විනාඩි කිහිපයක් යද්දිම අනිත් දෙන්නත් එතනට ආව. පෝය දවසෙ සිල්ගන්න ඕනි කියන අදහස චරිදුට අැති උනත් පාප මිත්‍ර⁣යෝ ව්දියට අපි එයාව එ් අදහසින් මිදෙව්වෙ සිල්ගන්න යන්න ලෑස්තිවෙලා පාරට බැහැපු නංගි කෙනෙක් ඉනනව ක්යල දැකපු නිසයි. (සිල් ගන්න කෙසේ වෙතත් බිදගන්න අපේ චරිදු හරි හපන නොව)




මම හැමදාම ගෙදර යන පාර නිසා වැඩි අමුත්තක් තිබුනෙ නෑ පුරුදු ව්දියටම කිරිදිවැ ල පහුකරල තේ බොන කඩේ නවත්තල තේ එකක් බොමු කීවෙ පුරුද්දට වගේ මෙන්න මේ අවස්ථාවෙ තමයි අපිට සුපුරුදු කෑමක් නුපුරදු නමකින් ඇස ගැටෙන්නෙ?

සීීීීනි බට්ටා
එතනින් මද්දාගේ ජාතින පානය වල ප්ලේන් කෝපි නොලුබුන නිසා තේ ⁣එකකින් සැහිමට පත්වෙලා ආයෙම එක හුස්මට නතරකලේ මාවනැල්ලට කිලෝමීටර් 20කට කලින් පාර අයිනෙ තිබ්බ කඩයක් ලග.        
නවත්පුවම බැස්ටිය බුරුල් වෙනවලු.

නැවතත් මාවනැල්ල බලා "මාවනැල්ල හොයන් google map බලාගෙන නම් යන්න එපා වැටෙන්නෙ හතර හංදි කැඩිච්ච ආතක් පාතක් නැති පාලු හංදියකට.
ලහිරුගෙන් පාරක් අහගන්න එක ඊට අමාරුයි. අන්තිමට ලයියගෙ ගෙදරට හැරෙන පාර ලග තිබ්බ ජ** පිරවුම් හල ලෑන්ඩ් මාක් එකක් විදියට දාගෙන එතනට ගියා අපිව ගෙදරට එක්කන් යන්න ලයියත් පාරටම ඇවිත් හිටිය.
පාර පෙන්නන් ලයිය ඉස්සර උනා. අන්න පාරවල් කියල වැඩක් නැ පාර 90°ට වඩා පොඩ්ඩක් අඩු බෑවුම කන්ඩිෂන් එක සිංහරාජෙ ගයපු ඔප් රෝඩ් පරාදයි මොවව උනත් ඒව තමා පාරවල් කියන්න වචන නෑ.

ගෙදරට ගිහින් ලයියගෙ ලොකු අක්ක හදල දුන්න තෙ එක බොන ගමන් ටිකක් පරක්කු කලේ සච්ත් මාවනැල්ලට කොළඹටත් වඩා කිලෝමීටර් බර ගානක් ඈතින්  තිබුන කඩුග්න්නාවෙ ඉදල එනන ඕනි නිසා (මාවනැල්ල කඩුගන්නාව අතර දුර නොදන්නා අයට විනාඩියයි තත්පර එකයි කාලක කනගාටුව.)

කඩුගන්නාවට බතලේගල පේන අයුරු බලන්න දුර....... 😂😂
හස් ප්ලාස්ටික් බෝතල් මෙහෙයුම දියත් කරල ලීටර් 3ක් බැක් පැක් එකටත් තව ලීටර් 2ක් මගදි පාවිච්චියටත් හැම කෙනාම වෙන් වෙන් වශයෙන් පැක් කරගත්තා. තව 10 දෙනෙකුට විතර අවශ්‍ය බෝතල් ප්‍රමානයත් ලයියගෙ ගෙදර ඉතිරි වෙලා තිබුන. හෙට අනිද්දම අපිට සීනි කාරයොන්ටබදෙන කෑම අරන් ලයියලාගෙ ගෙදර ආය යන්න වෙනව කියල ඒ ⁣බීම බෝතල් තොගය දැක්කම හිතාගන්න පුලුවන්.

මීලගට මාවනැල්ල ෆුඩ්සිටි එකට ගියේ අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ටික අරගන්න හිතාගෙන. ඒකටත් සෑහෙන වෙලාවක් ගත උනත් තාමත් සචිත් නැහැ.


ලහිරු මුල්ම කොල් එක දීල කීවෙ ඌ තාම ගෙදර කියල. මද්දට ඉවසීම නැතිවේගන ඇවිත් තිබුන නිසා "දිපන් මට කෝල් එක ඕකට ඔහොම කියල හරියන්නෑ" කියල කතා කරල අහද්දි කීාව දැන් ලග ඉන්නෙ ව්නාඩි 5න් එනව කීවම ආයෙ මොකට බනින්නද කියල හිතල කට් කරල දැම්ම විනාඩි 5 හෙමින් මෙින් දහය පහලොව වෙද්දි හර්ෂගෙ ඉවසීමත් ඉවර උනා.

සචියාගේ ලාස්ට් වෝර්නිිිින් දීීීීමමොහොතක් තියා
ජාතිය අමතන්න හැදුවත් ෆෝන් එක උස්සන්නෙ නැති නිසා අකමැත්කෙතන් උනත් අපිට පිටත් වෙන්න සිද්ද උනා. නැතත් මාවනැල්ලට ගිහින් උදේට දවල්ට දෙකටම හරියන්න brunch එකක් විදියට බිතර රොටීී සමග පරාට  පාර්සල් කරගත්තා වෙසක් උනාට දන්සලුත් නෑ, ඒ මදිවට කඩත් වහල දැන් ගිලපන්කො පිටි ගුලි.

ඒ සේරම අරගෙන එද්දි සෑහෙන්න දුර ගෙවෙන් බස් එකේ ආව නම් පැය භාගෙක විතර දුර පැය 4කින් විතර සචිත් ඇවිත් හිටියා. එක්කගෙන ආපු යාලුවො දෙන්නත් හරි ලස්සනට දැනුවත් කරල තිබ්බ යන ගමන ගැන.
සිරාවටම පව් ඒ කොල්ලො දෙන්න අඩු තරමින් රෑට අදින්න නිදාගද්දි ඇදුමක් පෙරවගන්න  ෂීට් එකක් ගේන්නවත් කියල තිබුනෙ නැහැ මූූූ.
මෙන්න මේහෙම ලිස්ට් එකක් සතිය‍කටත් කලින් දීීීල තිබුන.
කොහොමින් හරි නැවතත් ගමන පිටත් උනා කන්ද ලගට යන්න කලින් බඩගිනි ආපු නිසා අතර මග තිබුනු බස් හොල්ට් එකක් කෑම මේසය විදියට තොරාගත්තා.

බතලේ ගල පර්වතයට පාර ඇරඹමට ආවෙ අතර මග දන්සලක්න් සසිල් බීම එකක් එහෙමත් බීල.

කඳු පාමුලට යන්න තියෙන පාරත් 90° ඉතා කිට්ටුවෙන් යන බෑවුමකින් යුක්ක උනා දෙවනි හා තුන්වෙනි ගියර් වල තමා මේ කි.මි 1.5 පමන දුර ගෙවන්න උනේ. ටයර්, බ්රේක් ගැන විශේෂ උනන්දුවක් දක්වන්න වේවි මේ පාරෙ යනව නම්.
කඳු පාමුලට ගිහින් තමයි බයික් ටික නවත්තන්න තැනක් හොයල බැලුවෙ කිට්ටුව තිබුන ගෙදරක අයිය කෙනෙක්ගෙන් ඇහුවම දෙපාරක් හිතන් නැත්ව එයාගෙ මිදුලෙ තියල යන්න අවසර ලැබුන. ඒ විතරක් නෙමෙයි අපේ හෙල්මට් ටිකත් ගේ ඇතුලෙන්ම අරන් තියන්න තරම් කරුනාවන්ත උනා.
මීලගට යෙදී ඇත්තේ ද්‍රව්‍ය ලැයිස්තුව ⁣නැවත පරීෂාවයි. 1.භුමි තෙල් අමතක වෙලා
2.පොල්තෙල් අමතක වෙලා.
භුමි තෙල් ගන්න කඩයක් හොයන් ගියපු චරිදු, නිරෝෂ්
දෙන්න කිට්ටුව තිබුන ගෙදරකින් භූමිතෙල් ටිකක් මිලට අරන් තිබුන.
පොල් තෙල් එච්චරම ප්‍රශ්නයක් නෑ කියල හිතාන අපි ඒක කපා හැරිය (අවශ්‍ය නෑ යයි හිතුන පුංචි දෙයක් නිසා සමහර ප්ලෑන් අවුල් වෙනව නොසිතූ විදියට)

Trekking pole විදියට හොද ශක්තිමත් ලීයක් එහෙම ලෑස්ති කරගත්තේ හර්ෂව අනුගමනය කරමින් (ගොඩක් උපකාරීී වෙනව) 

එහෙනම් නැගිල්ල තමා තියෙන්නනෙ

එතරම් අසීරු නෑ නමුත් තරමක ආනතියක් තියෙනව
හිතුවට වඩා ඉක්මන්ට මහන්සි ආව මම ලහිරු එක්ක තව එක්කෙනෙක් පහු උනා චරිදු,නිරෝෂ් එක්ක තව තුන්දෙනෙක් ගේමක් නැතිව උඩටම අදිනව ගේමක් නැතිව

පලවෙනි නැතුම ඉවරයි ග්ලුකෝස් දාපු වතුර ටිකක් බීීල ආයෙම පටන් ගත්තා අඩිි 10යි ආයෙ නැවතුනා. තුන්වෙනිය දීීල ඇද්ද කබරය පාරක්(හයික් එකට කලින් දවසෙ bracdi ගැහුවම එහෙම වෙනව ගෘප් එකෙු් උන් හලල වෙනමම සෙට් උනාමත් එහෙම වෙනව) ජයග්‍රාහීී ලෙස තුන් තුනකම කබරයා සහන් කරල ඉහලටම ආව.
 නිවාඩු දවසක් නිසා කන්ඩායම් කිහිපයක්ම උඩට පහලට යනව හමු උනා. කව්රුත් ගිහින් තිබුනෙ බලල එන්න නවතින් නගියපු එකම කන්ඩායම අපි විතරයි.
කන්ද මුදුනට ආවම මහන්සිය කොහෙන් ගියාද නෑ. මුලින්ම බෑග් ටික බිමින් තියල කදු මුදුනේ කෙරවල දෙකටම ඇවිදලා වටපිටාව වින්දා. සචිත් කියපු විදියෙ වතුර පාරක් නම් තිබුනෙ නැහැ හැබැයි.(මූූව කන්න එපැයි) හොද වෙලාවට අපි 5දෙනා වතුර ලීීීීටර් 3 ගානෙ ගෙනාව.

කන්ද මුදුනට පිවිසෙන තැනම නියම ප්ලෙස් එක ටෙන්ට් ටික සවිකරන්න හැමෝටම ඕනි උනේ එතන නවතින්න ඡන්දෙ විමසුවේ සර්ෂ විසින් නිකම්ම නෙමෙයි මැතිවරන ප්‍රචන්ඩක්ක්‍රියා(හරිද බං වචනෙ) නවත්තන දර කපන්න ගෙනා පිහිය පවා පාවිච්චි කරන්න සිද්ද උනා  පොරට එච්චරට බීීෂනේ.

නැවත පාරක් සරච් එකක් දාද්දදි අපි නැගපු පැත්තට විරුද්ද පැත්තෙ පහලින් තිබුන ගුහාවත් හා ඊට ටිකක් එහායින් තිබුන කුටියක් බවට පත්කල විශාල ගුහාවක් ඊටත් ටිකක් එහායින් පුංචි ගුහාවක් තිබුන අන් ඒකෙ ගලදිගේ වතුර බින්දු බින්දු බිමට වැටුන එතනට බෝතතයක් කපල තියල වතුර එකතු කරන්න උත්සායක් ගත්තා තරමක් දුරට සාර්ථකයි. ඒ අවට පොලිතීීීීන් බෝතල් කෑන් ආදිය අඩු නැතිව විසිරිලා තිබුන බලන් ඉන්න බැරිම තැන එකම විල්පපය විදියට ඒ ටික එකතු කරල පුච්චලා දාන්න අපි තීරනයක් ගත්තා (හොදම නොවුනත් එකම විසදුම විදියට)

ආපහු යද්දි දර ටිකකුත් එකතු කරගනිමින් නැවතත් තොරා ගත්තු කදවුරු භූමිය පැත්තට අදුනෙ ටෙන්ට් ටික අටවලා ඉවරයක් කරල දාන්න අවශ්‍ය නිසා.
වැස්සට කලින්

වෙනද වගේම හර්ෂගෙ ගුරුහරු කම් වලින් කට්ටියම නියමෙට වැඩේ අල්ලන් ගියා ලහිරුයි සචිත් දෙන්නනම් ටෙන්ට් එකත් එක්ක සෑහෙන්න ඔට්ටු උනේ කාර්මික දෝෂයක් ආපු නිසයි. සෙරම ඉවර කරල ගිනි මැලය හදද්දි තමා "මහ වැස්සක පෙර නිමිති පේනනවා "  මතක් උනේ.

මේ අතරෙ එතනට ආපු කිට්ටුුව තිබුන ගමක අයිය කෙනෙක් ඉතාම මිත්‍රශීීලීී විදියට අපිට කීවෙ "මල්ලිිිිලා ඔතන ඉන්න එකනම් එච්චර හොදනෑ ඔය ගහට නිතරම අකුනු ගහනව" කියලයි. ඉතින් අපි තීීීීරනය කලා කලින් කියපු විශාල ගුහාව(කුටිය) අැතුලට සංක්‍රමනය වෙන්න. මේ අතරෙ දකින් ලස්සන නමුත් භයානක දර්ශනයක් උනේ අවට තිබුන කදු මුදුන් වලට අකුණූ පාත්වෙන අන්දමයි. එකම තැනට දෙපාරක් නෙමෙයි තුන් හතර පාරක්ම අකුණු වදිනව අපි දැක්කා.

ගල් ලෙන තුල කූඩාරම

තේ හදන්න. හොදි හදන්න ඕනි එක්කට රෙඩි
ඒ දර්ශනය කාෙච්චචර ලස්සන උනත් වැස්ස මහ වැස්සසක් වෙන්න කලින් ලෙන අැතුලට ගිහින් ටෙන්ට් ටික අටවන්න සිද්ද වෙනව. කට්ටියක් ටෙන්ට් සකස් කරන අතරෙ හර්ෂ නියම "ප්ලේන් ටීී" එකක් දැම්ම.

ටික වෙලාවක් යද්දි වැස්ස තද කරා ඇතුලටත් වතුර කාන්දු වෙන්න පටන් ගත්තා චරිදුගෙ කර උඩට නැගගත්තු කෝනනාර(සචිත්ගෙ යාලුවො දෙන්නගෙන් එක්කකෙනෙක්ගෙ නම කෝනාර උනාට අපේ උන්ට දෙන්නනම කෝනාර උනා) මල්ලි ඉටි රෙද්දකින් වහලය (ගලේ තිබු විවරය) ආවරනය කරා යම් තරමකට සාර්ථකයි.

මීලගට රෑකෑම හෙවත් මිශන් රොටීී මේකින්ග්
හර්ෂ ගෙනත් තිබුන භාජන කිහිපයෙන් එකක් තමා අපි රොටී හදන්න ගත්තේ ඒවා එකක්වත් නන් ස්ට්ක් පාෙෂ් මොඩල් භාජන නම් නෙමෙයි.
රොටී පිටි අනල තිබුනෙත් පොල්තෙල් දිහා බලන්නනවෙත් නැතිව. අපේ පුුඩ් සිටී බඩුු ලිස්ට් එකේ තිබ්බ පොල්තෙල් අපිට අමතක උනා කියල මම කලින්ම කීවනෙ.
සාර්ථක ලෙස දෙවනි රොටියත් භාජනයේ අඩිය වැලද ගත්තා කියමුකෝ.
වේලාව ගෙවීගෙන යද්දිි, රොටී එක එක ඇලෙද්දි, කස්ටටියගෙ මූූනු බටගින්නෙන් පිරෙද්දි, ලහිරුව අමු පිටි කද්දි මද්දට හිතෙනව පරාජය බාරගන්න.
පිෂ් කරි කෑන් ටික කඩල රත් කරල පාන් පෙති 6ක් එක්ක මාලු කෑලි 3ක් බෙදල දීල ඩිනර් එක විදියට පහුවදා උදේ කෑමට ගෙනාපු කෑම වලින් භාගයක් බෙදල දුන්නා. මදි වෙයි කියල හිතුවට වැඩිත් උනා සමහරු පාන් පෙති කීීපයක් ඉතිරි කරපු නිසා ඒ ටික ආයෙම එකතු කරල තිබුුන බෑග් වලටම දැම්මෙ පහුවදාට ගන්න.
හර්ශ හදාපු ඉගුරු තේ එකත් බීල ගගන ගාමියො ටික ගුවන් ගතවෙලා ඉද්දි තමයි



"වැස්ස අඩු වෙලා කව්ද එන්නෙ මුදුනට ගිහින් පහල වෙසක් එකට දාල තියෙන ලයිට් බලන්න" කියල
ඉබ්බ වතුරට දැසම්ම මොකක්ද එකක් කීීව වගේ අපේ උනුත් කියයි බෑ කියල. ජැකට් දාගෙන ටෝච් අරගෙන පොලිමටම කස්ටිය කදු මුදුනට ලගා උනා.


කියන්න තරම් නැති උනත් තරමක විදුලි බුබුලු පුමානයක් කන්ද පහලින් පේන්න තිබුනා වගේම සමහරුන්ට තොටලග, පිටකොටුව ආදී ස්ථාන වල තොරන් පේන්න තරම් දුර පෙනීමේ හැකියාවක් තිබුන.

ටිකක් වෙලා එතන ගතකරපු අපි නැවතත් අපේ තාකාලික නිවස වෙච්ච කූඩාරම් වලට. ඇවිත් තවත් අභ්‍යාවකාස යානක් ගුවන් ගතකරල නිදාගන්න සූූදානම් වෙද්දි තමයි. ගනිත ගැටලුවක් ආවෙ.

කඩේකට ආපු ගෑනු කෙනෙක් රු1000ක් දීල රු 200/= ක් වටින භාන්ඩයක් මිලට ගන්නව.
කඩේ මාරු නැති නිසා ලග කඩේකිින් රු.1000 මාරු කරල තමයි මුදලාලි ඉතිරි රු 800/= දෙන්න්නෙ
ටික වෙලාවකිින් අල්ලපු කඩේ එකා ඇවිත් මේක හොර නොට්ටුවක් කියල මුදලාලිගෙන් රු 1000‍/= අරන් යනව 
මිනිහගෙ පාඩුව කීයද?

 තවත් පැය ගානක් ගනන් හදපු කස්ටිය නින්දට ගියා මද්දට නම් එලි වෙනතුරු එකම නිද්දක් ලැබීමේ භාග්‍ය හිමි උනා.

පාන්දර 4.30 වෙද්දි නැගිට්ටෙ පහලින් ඉර පායන දර්ශය බලන්න තිබුන ආසාව නිසාමයි තේ එකක් හදලා ගෙනත් තිබුන සොසේජස් ටික බැදිනතුරු අනිත් අය ටෙන්ට් ටෙනට් ටික ගලෝල පැක් කරා කිහිප දෙනෙක් මුදුනට ගිහින් එක ටෙන්ට් එකක් ඇටෙව්වෙ බෑග් කෑම ආදිය පින්නෙන්් ආරක්ෂා කරගන්නත් එක්කමයි.


මද්දා අතුලු තවත් කිහිප දෙනෙක් ගෙනාපු පොතීන්, ප්ලාස්ටික් වතුර බෝතල් ආදි උෟ නොදිරන දේවල් ටික දාපු බෑග් දෙකක් හදාගත්තෙ ඉදපුු තැනක කුනු දාල යන පුරුද්ට සමුදීීල දැන් සෑහෙන කාලක් වෙන නිසයි.

කන්ද මුදුනෙ දැකපු දර්ශශනය නම් මුලු ජීීවිතේටම අමතක කරන්නවත්. මෙතන ලියන්න වචන හොයන්නවත් පුලුවන් එකක් නෙමේ කඳු මුදුනක ගෙවන දවසේ ලස්සනම පැය කීපය වෙන්නනෙ ඉර නගින දිහා බලන් ඉන්න වෙලාව කීවොත් එ්ක තමයි ඇත්ත. (කෝමද ඒකත් බලාගෙන ත්‍රෙෙයි ලෝක විජය පත්‍රයක් ගහන එක නිතන් නමේ මේව හෝම් මේඩ් අෑ වස විසෙන් තොරයි)

ටික ටික ඉහලට එන ඉරත් එක්කම අපි හිටපු කන්දෙ ඡායාව පහලින් පෙනුන (ඔව් සීීගිරිය කියල රැවටෙන එක සාධාරනයි)

ටික වෙලාවකින් ආපු බඩ ගනින්න නිවන්න පාන් පෙතිි තුන හතරක් එක්ක සොසේජ් වලින් නිමල දාපු අපි ,


පහලට බහින්න පටන් ගත්තා මග නැවතීීීීම් කිසිවක් නැතිව එක හුස්මට කන්ද පහල සමහර තැන් වල බෑවුමට ඇග සීතල උෟ අවස්ථාවන් නැතිවාම නොවේ.


අපි බයික් ටික දාපු ගෙදර අයට ස්තූති කරල එහෙ හිටපු පුංචි දුවෙක්ට පොඩි තෑග්ගකුත් දීල ආපහු එන්න පිටත් උනා.

ඇති නේ ගියපු පාරෙම තමා ආපහු ආවෙ :p





Share
Tweet
Pin
Share
18 comments

5th Ride රෝද දෙකේ රස්තියාදුව


වර්ෂ 2018ක් උෟ මාර්තු මස 31 වෙනිදා පාන්දර 4.00
එලාම් එක වදිනව,
කාව ඇහැරවන්නද?
මද්ද ඇරල.😉

උදේ පාන්දරම ටෙන්ට් ටික පටෝගෙන එන්න යන්න තියෙනව පානදුරට. ගමනාරම්භය උදෑසන 6.00 කොළඹ ලෝක වෙලද මධ්‍යස්ථාානය අසලින් ගමනාන්තය ආනමඩුව- නවගත්තේගම  එහෙමයි මද්ද නිවේදනය කරල තිබුනෙ.(අපේ උන් කවද්ද වෙලාවට ආවෙ)

හර්ෂ් ගෙන් කෝල් එක එනකොටත් උදේ පාන්දරම නාල යුනිෆොම් එක දාගන්න හදනව. 4.30 වෙද්දිි පානදුරට එන්න කියල තිබ්බත් හර්ෂය ඒ වෙද්දිි නැගිටලත් නෑ ඉතින් හර්ෂ් සහ මම සුපුරුදු පරිදිම පැය භාගයක විතර කට්ටක් කෑව පානදුරට වෙලා.

මද්දගෙ අස්පයාට අලුතින්ම හයි කරපුු කැරියර් එකක් තිබුනත්  එක ටෙන්ට් එකක් විතරයි පැටව්වෙ ඩබල් දාල යන නිසාත් දෙන්නනාගෙම බඩුු පටවන්න ඕනිි නිසාත්. ඉඩ ඉතිරි කරගත්තා හර්ෂ හා හර්ෂ් දෙන්නා ටෙන්ට් දෙක ගානෙ පටවගන්න අතරේ මද්දා පිටත් උනේ ගෑල්ලමය ගන්නයි බෑග් ටික පටවගන්නයි.

ඒ වෙන කොටත් අලුතින් අපිත් එක්ක එකතු උන කීී‍ප දෙනෙක්ම කටුබැද්දට සෙට්වවෙලා ඉවරයි.
කට්ටියත් එකක්කම wtc එක වෙලාවටම එකතු වෙන්නත් පුලුවන් උනා. උදේ පාන්දරම උනත් පාකිං ටිකට් වලටත් ගෙවලම තමයි පිටත් වෙන්න උනේ (අපරාදෙ ස්වර්ණ පත්‍ර 5ක විතර සල්ලි)

*******************************************************************************
මෙදාපාර 25+ පමන පිරිසක් සහභාගීී උෟ නිසා හැම කෙනාගැනම වෙන් වෙන් වශයෙන් විස්තර දාන්න අමාරුයි.
*******************************************************************************

කියපු වෙලාටවම (පැකට කිට්ටු වෙන්න පරක්කු වෙලා) තිවංකයි,ජෝෂ්,අසිකත් එක්කම අපේ කවියත් ආව.

මේ පාර රස්තියාදුවට ටාටා සිංගල් කැබ් එකකුත් ආවෙ හදිසි අවස්ථාවක් උවහොත් බයික් එකක් උනත් පටවගන්න පුලුවන් වෙන්නයි කුඩාරම්/bbq pit/බෑග්/ආහාර දුව්‍ය ආදිය පටවන් යන්න. ඉතින් සේරම දේවල් එක්ක අපේ කවියවත් ට්‍රක් එකට පැටව්වෙ රියදුරු මහත්තය පාන්දර 2.30 විතර වෙනකතුරු නිදිමරල හිටපු නිසා කයියක් දාගෙනම වරෙන් කියලයි.

ඉතින් කලයුතු නොකලයුතු දේවල් කල යුතු දේවල් ගැන මද්දගෙ පඩි ටෝක් දෙකතුනකින් පස්සේ කට්ටියම පිටත් උනා. අලුත් පාලම ගාවින් අපේ tw (දමිත් රනසිංහ) මල්ලිවත් අරගෙන ඊලග නැවතුම උන ජා-ඇල කේ සෝන් එක ලගට ගියේ පොටෝ ටිකක් ගන්නයි. මේ පාර ඉදන් අපිත් එක්ක එකතු උන ඩිලානෝගෙ යාලුවෙක් උන #$ පූූූූසා (මහෙෂ්) ව ගන්නත් පොඩි පොටෝ කෑලි දෙක තුනක් ගන්නත් එක්කමයි.

මිලග නැවතුම උනේ මිනුුවන්ගගොඩ කිට්ටුව තිබුන ඉඩ කඩ ඇති කෑම කඩේකින් කලවම් හොදිත් එක්ක කරකරපු පාන් වලින් උදේ ආහාරය පිරිිමහන්නයි. අර අච්චුවක් නැතිව හදන රෝස් පාන් එකේම රාත්තල් වර්ශන් එකෙන් ගෙඩි 10කට 15කට වගකිව. පොඩි නමට චිකන් කෑල්ලක් දාන්න කියන න්‍යායෙන් අන්තිම පාන් කෑල්ලත් මද්දා සතුකරගන්න හැකි උනා කියලත් ලාවට වගේ මතකයක් තියෙනව.

නැවතත් පාරට පෝලිිමේ එක පෙලට ටික දුරකුත්, ගාල කඩාගත්ත හරක් වගේ තවටික දුරකුත්, ටීීීීම් දෙක තුනකට කැඩිල තව ටික දුරකුත් විදියට දඹදෙනිය පහු වෙනකන් (අ)සාර්ථක රයිඩ් එක්ක සුව විදින්න ලැබෙනව.

ඉස්සර ඉදන්ම රස්තියාදුවෙ යන්න ප්ලෑන් කරපු ඒත් මේපාර මුලින්ම සම්බන්ධ උන අංජන මල්ලිගෙ බයික් එක තව දුර යන්න බෑ කියල මග නවතිනව. කලින් ප්ලෑන් කරපු විිදිියට අනිත් අයට හෙමින් ඉස්සරහට යන්නයි කියල මම තිවා එක්ක ජෝෂ්(මෙයාගෙත් පලමුවෙනි රයිඩ් එක) බයික් එක අවගන්න උත්සසාහක් දරල බැරිම තැන එයාව ලොරියට පටවල ගරාජ් එක්කට යවන්න තීීරනයකට එනව.

හෙමින් හෙමිිිින් මමයි අංජනයි ඉස්සර යද්දිි තිවා එක්ක අසික හා ජොෂ් ටිකක් පරක්කු වෙලා ලොරිය ලගට එන්න එතන නවතිනව.

එක පාරටම honda AX-1  විදුලිි වේගයෙන් යනව ලාවට වගේ දකුනු ඇහැට පේනව. අැසි පිය හෙලන පමාවට ඒ පිටිපස්සසෙන් තිවාගෙ බයික් එකත් ගුවන් ගත වෙනව මද්ද දකිනව. පිටි පස්සෙ ඉන්න ගෑල්ලමයටත් "මුට කියල වැඩක් නෑ" කියන මද්දා තව විනාඩි දෙකක් විතර ඉස්සරහට යනව එක පාරටම පාරෙ වම් පැත්තෙ කලින් ගියපු AX-1 එක නවත්තල තියෙන විදියත් මිනිස්සු පිරිල ඉන්න විදියත් දකිනව.

මාර සනීපයි තිවා කානුව සිපගෙන ලෑන්ඩ් කරල.

ජයග්‍රාහකයන්ට

*.කකුලට මැහුම් දැමීම (තිවා)
*.හොස්පපිටල් ඇඩ්මමිට් වෙන්න ටිකට් එකක් තුවාල (තිවාගෙ ගෑල්ලමය)
*බර ගානක් ගෙවා වෑන් රථයකින් කොළඹට යෑමේ වාසනාව (තිිිිවා,තිවාගෙ ගෑල්ලමය,අසික)

සැනසිලි තෑගි

* අනිත් උන් ඔක්කෝටම කඩ පිලක් උඩට වෙලා පැය හතරක් කට්ට කෑමේ වාසනාව.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
මීලගට අැරබෙන්නේ තිවා අතින් ලයිෂන් ඉන්ෂුුවරන්ස් ලබාගත් කවියා හා බයික් එකේ යතුර තමා සතුකරගත් ජොෂ් අතර බයික් එක පැදිය යුත්තෙ කවිද යන්න තෝරා ගැනීීමේ විවාධයයි.
අතක් පයක් නොකැඩි දෙන්න සාමධානයෙන් වැඩේ බේරාගනෙ තිබ්බා කෑම කාල ඉවර වෙද්දිිි.

පෝය නිසා වහල තිබුන කෝ-ප් කියල ගහල තිබුන ‍පොෂ් වෙච්ච සමූූපාකාරයක ඉස්සරහ පඩි පෙලේ ඉදගනෙ වට පිටාවෙ කඩවල් 2ක 3ක් ම පිහිලාම එකතු කරන් ආපු බත් පැකට් ටික කාල ඉවර කරල.
මේ පාර අපිත් එක්ක පලමු වතාවට එකතු උන තරිදු, L.C නානායක්කාර,ජොෂ්  එක්ක මම ලන්ච් ෂීීට් වලින් ඉදුල් වෙන් කරේ මෙහෙ පුරුද්දට ඒත් එහෙ එහෙම වෙන් කරපු කසල බදුන් තියා නිකමවත් කසල බදුනක් තිබ්බබෙ නෑ.
අසංක (මෙයත් පලවෙනි පාර යන්නෙ) බත් ටික අනල අහල පහල කැරකුනු බල්ලලො ටිකට බෙදල දුන්නා. තිබුන එකම විකල්පය උනේ එතන තිබුන පරන කුුුුනු ගිනිතියපු තැනකටම පත්තර ටිකයි කෑම ඔතන කොල ටිකයි දාල ගිනි තියන එක විතරයි.

අංජන මල්ලිි ගෙ දඩු මොනරත් ලොරිියට නග්ගල හිටපු නිසා කට්ටියම ආයෙම පිටත් උනා නාරම්මලින් කට්ටියක් පාර වරද්දගෙන ආයමෙ ටිකක් පරක්කු වෙන්නත් පුලුවන් උනා.

ආ.................... මේ වෙද්දිි නුවර ඉදන් ආපු සචිත් මල්ලි, ඉෂාරයි, දර්ශනයි එක්කම අපිට එකතු වෙලා හිටියෙ.

වාරියපොල හරහා පාදෙනියට ඇවිත් අනුුුුරාධපුර පාරට හැරවේව (පරංගියා කෝට්ටෙ ගෙනිච්චචෙ නෑයෙක් එහෙම නෙමෙයි හෙතුවක් ඇතිවයි වටයක් දාන්නෙ. නිකවැරටියේ යොවුන් පුරයද මොකක්ද ලබ්බක් හින්ද
අම්බානයි තව ටිකක් ට්‍රැපික්, ඒ මදිවට යන හැම වාහනේම චැක් කොරනවලු. ඉල්ලන් කන්න ඕනිි නෑනෙ දන්නෝ දනිති)

පාදෙනියෙත් ටිකක් නවතින්න උනා අපේ හර්ෂ් පෙට්ට්‍රල් ගහන්න ගිහින් මගෑරුන නිසා. මද්දටත් චාන්ස් එකක් ආව ජීීීීවන බරක් සැහැල්ලුු කරගන්න වැසිකිලියක් සෙවීමේ කර්තව්‍යට අසල තිබ්බ සර්විස් සෙන්ටර් එක්කි අදාල පහසුකම් තිබුන නිසා හර්ෂ් පාර හොයන් එන ටිකට ඒ වැඩ කටයුුතුත් සම්පූූර්න කරගත්තා කියමුකෝ.

පාදෙනියෙන් අනුරාධ පුර පාරෙ ගල් ගමුවට යනතුරු තියෙන තනිකෙලින් පාර ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ වේග සීමාව පැ.කි.මීී 70ට යන්න මාරම මාර ඉවසීමක් ඕනි. ඒකත් (අ)සාර්ථථකයි කීීප දෙනෙක්ටටම ඒක තිබුනෙ නෑ . හැබැයි ගොඩක් අයට තිබුන ඉගිලෙන්න ඕනි අය ඉගිිලෙද්දි ඉතිරි බහුතරය පාර දිගටම හරි ලස්සන දම්වවැලක් හැදුව ගල්ගමුවට යනකන්ම.

ගල්ගමුවෙන් නවගත්තේගමට යන පාරෙ මැද හරියෙදි තමා ඉෂාර ලීීීීක් කර ගන්නෙ
ඔව් ඔව් ලීීීීක් ලීීීීක් රේඩියේටරේ අන්න ඒ ආකාරයට තමා පුතීී ඉෂාර වර්නකුල සූූූූරිය පත්තරේ ඇඩ් එකක් නොදාම රේඩඩියේටර් ලෙසින් ගරු නාමයක් උප්පැන්නෙට එකත් කරගන්නේ.

නවගත්තතේගම ටවුමට යද්දී අපි හොදටම හවස් උනා නෙමේ රෑ උනා. ඉන්දික අයිය එතෙන්ට අපිට පාර පෙන්නන්න එවල තිබුන අයියත් ඉස්සර කරගෙන අදාල ස්ථථානය එනම් වැව,
වැව  කීීවට වැව් තාවුල්ල (නම නම් දාන්ට බැරිියොා්.....) හොයාන පිටත් උනා.
මේ අතරෙදි තමයි උදේ අපිත් එක්ක එන්න බැරි උන ලහිරු(පැතුම්) තට්ට තනියම දුර කතරගෙවාෙගෙන අවිත් අපිත් එක්ක සෙට් උනෙත්.

කලුවර එක්ක තරෙගෙට පැද්දත් අපි පරාදයි.
දිනුම් කනුව පෙනි පෙනී පැරදුනා (ඒ ලයිට් එක දුර වැඩීී)
වැඩට බැහැල 
වැච් පිටිය වටේ පැය බාගයක් විතර එහෙට මෙහෙට කරක්ගහල පස්ට ඕප් රෝඩ් පාරක් දිගේ අදාල ස්ථථානයට ලගා උනා.

කෙසර ඇතුලු කස්ටියක් BBQ වැඩේට අත ගහද්දි,  මම හර්ෂ, හර්ෂ් (කූඩාරම් හර්ෂ කියලත් කියනවලු) තව කීීීප දෙනෙක් ටෙන්ට් ගහන්න තැන් හොයන්න පටන් ගත්තා.
වැව් පිටියක තව මොනා හොයන්නද? හෙයන්නෙද? කූඹියෝ  නැති තැනක්.
මුලු ජීවිතේටම දැකලනෑ එහෙම කූඹි තොගයක් තනකොල කොලයක් කොලයක් ගානෙ කූඹි.

වැවි වල වඩදිය නෑ නේ?
අවසාන නිගමනය උනේ වතුර තිට්ටුව යනතම් තෙත් පොලොවෙ කූඹි නැහැ කියලයි ඉතින් එතන ටෙන්ට් ටික ගහගෙන ඉවර කරල,

සමහරු ගුවන් ගත වෙන්නත් තව කට්ටියක් BBQ එක ලගට වෙලා බෝතලයක් හිස් කරන්ත් කටයුතු කරල තිබ්බ.

අතිශය (අ)සාර්තක ගමනක් නිසා ප්ලෑන් කරප තිබුන කෑම්පිිිින්ග් ඉවනෙට් සේරම සාර්ථක ලෙස කැන්සල් වෙනව.

මේ අතරෙ කීීප දනෙක් ඉන වටක් ගැඹුරේ කරවටක් ජලයේ ගිලිල නාන්නත් සමත් වෙනව.

ඉන්දික අයියගෙ ඔපීීයෙ යාලුවො ටිකයි එක්කගන ඇවිත් තිබුන කුක්මහත්තයි එකතු වෙලා පලාතම සුවද වෙන විදියට කෑම වේලක් හදද්දි මද්දත් බෝතල් ගැටෙන ඉසව්ව හාෙයන් ඇදුන. අපරාදෙ කියන්න බෑ අපේ කොල්ලො බහුතරය අමධ්‍යපයි එතනිනුත් සුලු කොටසක් ගගන ගාමීීන්. මද්ද  ඔය හැම කුලකයටම අයත් නිසා එහෙමටම අව්ලක් උනේ නැහැ.

රසකතා අංක 1(පාදඩ අසපුවේ දාපු කමනේට් එකක්)

අපේ උන් දෙන්නනෙක් අඩි 6-7ක් උස ගලක් උඩට වෙලා ගුවන් ගතවලො

මද්දත් ඉතින් සුරා මේරය මද පමනට ග්ලාස් එකක් දාගද්දිි දෙන්නකේ මද්දෝ................ මද්දෝ.................

කියල කෑ ගහනව බලද්දි අර මි්‍ත්‍රයෝදෙන්න

මමත් ඉතින් මල් වට්ටියට අතගහන්ට කතාකරනව කියල හිතන් අඩි දෙකනේ ගලඋඩ නැග්ගගා

පළවෙනිය- උඹ කෝමද බං ඔච්චර ඉක්මමන්ට උඩට නැග්ගෙ

දෙවනිය - ඇයි බං ඔච්චර උඹ උස?

මද්දා - කෝදියන් පාරක් ෙෙෂාට් එකත් බාගටෙ දාල ආවෙ.

පළවෙනිය - ඒක ඉරයි බං අපිට මේ බිමට බැහැගන්න බෑ මේක හෙන උසයි ඒකයි කතා කරේ

මද්දා - ########

රසකතා අංක 2
*ඒ ලයිට් එක හෙන දුරයි බං - මතක එකෙක් කමනේට් කරපල්ලා
*කව්ද එකෙක් උසස් තැනකලු හිටියෙ.
* ගලක් බදාගෙන නිිදාගත්තේ කව්දද? (කලු ගලක්)

Share
Tweet
Pin
Share
19 comments
Newer Posts
Older Posts

අපි ගැන

About Me


රෝද දෙකේ රස්තියාදුව හැදෙන්නෙ බයික් වලට ආදරේ කරන අයටයි. ජපන්/ඉන්දීයන්/මැලේසියා/යුරෝපා කොහේ හැදුවත් පදින රොද දෙකට ආදරේනම් එකතුවෙන්න තහනමක් නෑ. රට වටේ ඇවිදින්න කැමති bikersලා සෙට් එකක් හදන එකයි මූලික අරමුන මොකද ගොඩක් අය බයික් එකේ brand/model එක්ක තමයි group වලට සෙට් වෙලා ඉන්නෙ එයාලගෙ trip දැකල ඉරිසිය හිතුනු අවස්ථා ඕනි තරම්. මේකෙ සමාජික වෙන්න තියෙන එකම සුසුදුසුකම bike lover ,කෙනෙක් වීම පමනයි.

අව ගිය අය

Labels

R2R official events පිළිවෙලක් නැති ගමන්.

recent posts

Blog Archive

  • ►  2020 (2)
    • ►  July (1)
    • ►  January (1)
  • ►  2019 (5)
    • ►  October (1)
    • ►  May (1)
    • ►  April (2)
    • ►  January (1)
  • ▼  2018 (7)
    • ▼  October (2)
      • රෝද දෙකෙන් අකුර අරන් (දෙවන ක්‍රියාන්විතය)
      • කව්රුත් යන ''මඩොල්සිම" කව්රුත් නොයන "කඳු මුදුනක...
    • ►  September (1)
      • රෝද දෙකෙන් කමතට (හබරණ) (7th Ride)
    • ►  July (1)
      • හරිත කඳුමුදුනක රැයක්
    • ►  May (1)
      • බතලේගල ගමන. (R2R සංචාරයක් ගැන නොවේ.)
    • ►  April (1)
      • අතිශයන්ම (අ)සාර්තක උෟ පස්වන සංචාරය.
    • ►  January (1)
  • ►  2017 (6)
    • ►  December (1)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (3)

Created with by BeautyTemplates | Distributed by Gooyaabi Templates