31 රෑ with රෝද දෙකේ Welcome 2k18

by - January 08, 2018


🎶🎶🎶 අම්මට සිරි 6.30 නේද ?
යකෝ වැඩ්ඩ වගේ ටෝක් දුන්නෙ 7.00 වෙද්දි ගොලු මඩම හන්දියට එන්න කියල.
ලෑස්ති වෙන්න නම් මොනාද ආය තව විනාඩි  10ක් විතර නිදාගන්නත් වෙලා තියෙනව. ඒත් මේ ටෙන්ට් ටික පටෝගන්න  එපැයි.
 අස්සය බෝර් කරල 40ට එහා යන්න එපාලු පලයන්කො දැන් පුක (පුක යනු කුනුහරපයක් නෙමෙ කියල කව්ද ලියල තිබ්බා) රිදනෙකන් පිටිපස්සෙ ඉදගෙන.

''තිවන්ක අයියේ උඹ එන ගමන්ද?'' කෝල් එක දෙද්දිත් ඌ ලෑස්ති  වෙලා.

හර්ෂය නෝ  ආන්සර්,

''අසිකයෝ අපේ පැත්තට වරෙන් ටෙන්ට්  ටික ගෙනියන්න කට්ටිය ඕනි.''
-''එල මද්ද මම එන්නම්''

 ♩ ♪ ♫ ♬ ♭ ♮ ♯  ♩ ♪ ♫ ♬ ♭ ♮ ♯ ♩ ♪ ♫ ♬ ♭ ♮ ♯

ආයෙම රින්ග් වෙනව මේක
"මද්ද හර්ෂ ෆෝන් එක ගන්නෑ මම වාද්දූවෙ'' සාරංගත් කෝල් කලා.
''ලෑස්ති වෙනව ඇති පොඩ්ඩක් ඔතන හිටපන් දැන් එයි. උෟත් එකක් අපේ  දිහාට වරෙන් ටෙන්ට් ටික පටෝගන්න  ඕනි.''‍

 ♩ ♪ ♫ ♬ ♭ ♮ ♯  ♩ ♪ ♫ ♬ ♭ ♮ ♯ ♩ ♪ ♫ ♬ ♭ ♮ ♯

''මද්ද මම ඇවිත් ඉන්නෙ ''
''හරි හරි දුමින්ද අයියෙ, අපි මේ ටෙන්ට් ටික බයික් වලට පටෝනව ඔතනම හිටපන්''
.............................................................................................................................. 

ඔන්න ඔය විදියට තමයි රස්තියාදු කාරයන්ගෙ හතරවෙනි සංචාරය පටන් ගත්තෙ 
 2017 ට බායි කියල 2018 පටන්ගන්න හිතුවෙ කැලයක් (ඇත්තට කියනවනම් කැලයක් වෙන්න දීපු අක්කර 60ක විතර රබර් වත්තක්) ඇතුලට වෙලා කෑම්පින්ග් අත් දැකීමක් එක්කමයි.

දෙසැම්ඉර් 31 - ජනවාරි 01 දිග නිවාඩුවනේ පස්සෙ ආයෙ ලෝන්ග් වීක්එන්ඩ්ස්  නෑ කියල දැන ගත්තම අකමැත්තනේ උනත් ඒ දවස් දෙකට ටුවර්  එකක් දාන්න සිද්ධ  උනා (ගොඩක් අයට එ් දවස් දකේ බෑ කියල දැන දැනම) යන්නෙ  කොහෙද කියල තැනක් හොයද්දි තමයි තුසිත අයියා කීවෙ මද්ද අපේ ලෑන්ඩ් එකක් තියෙනව ඒක මැදින් දිය ඇල්ලක් එහෙමත් යනව එතන කැමතිනම් කෑම්ප්  එක අටව ගන්න කියල.

අන්තිමට ඉවෙන්ට් එක එතන කරමු කියල යෝජනා ස්තීර උනා. දැන් තියෙන්නෙ ටෙන්ට් හොයන්න තමයි. මුහුනුපොතේ නොදැකපු මිතුරෙක් උන හර්ෂ නිරෝෂන් (ඔව් තවත් හර්'ෂයෙක්) තමයි උදව්වට ආවෙ, අනතිම මොහොත වෙනකන් ගමන යනව කියල ස්තීර කරගන්න බැරි උනත් අවශ්‍ය හැම දේම හොයල දුන්නා. සහෝදරයෙක් වගේ අවශ්‍ය දේවල් කියලත් දුන්නා.

හර්ෂ, අසික,තිවන්ක අයියා, සාරංග ආව ටෙන්ට් ටික පටෝගන්න  ගේ  ලගටම. ඊට 
පස්සෙ තමයි රත්මලාන ගොලු මඩම හංදියට සෙට් උනේ ඒ වෙද්දි දුමින්ද අයියයි, එයාගෙ යාලුවෙක් උන නලීන් ප්‍රභාත් සහෝදරයි එතනට ඇවිල්ල  තිබ්බා. ටික වෙලාවක් යද්දි නුවන් (කොඩ්ඩ) එතන්ටම සෙට් උනා.
රත්මලානට එකතු උන සෙට් එක.

චරිදුයි කේසරයි දෙන්නා මගින් සෙට් වෙන්නම් කියපු නිසා කට්ටියම ගමන පිටත් උනා.
මේ වෙද්දි අපේ නුවර ඉදන් ආපු සෙට් එක සචින්තන, සචිත්,ලහිරු,කවීෂ යි ගමනේ පලමු නැවතුම උන අවිස්සාවේල්ලට කිට්ටු වෙලයි තිබ්බේ.
මේ පාර ලංකාවට ගොාඩ බැහැල හිිිිටපුු අපේ තඩියත් අපිත් එක්ක ගමනට එකතු උනා , එයත් ඒ වෙද්දි නුවරින් අාපු අයත් එක්ක අවිස්සාවේල්ලට සෙට් වෙලා තිබ්බා.
සරේ අවසාන උදේ ආහාරය.
 උදේට කන වලොවත් පහු වේගන ආපු නිසාත්, මගෙයි කොඩ්ඩගයෙි ලගදි බෝර් කරල තිබ්බ බයික් දෙකම  අම්බානට රත් වෙලා තිබ්බ නිසාත්, අපි අවිස්සාවේල්ලට ටිකක් කලින් නවත්තල කෑම කන්න තීරනය කලා. සචින්තනට කෝල් එකක් දීල එහෙන් ආපු අයටත් කෑම අරන් දෙන්න කියල දැනුවත් කරල අපිත් මගින් අරන් ආපු පාන් ටිකට වග කියන්න ලෑස්තිඋනා.
පොඩි ප්‍රශ්නයකට තිබ්බෙ හොදි දාගන්න භාජනයක් නැති එක, ලඟ තිබ්බ කඩේකට ගොඩවලො බුලත් දාල තබ්බ හාජනේ ඉල්ලන් ආපු දුමින්ද අයියා ඒ ප්‍රශ්නයත් විසදල දුන්නා. චරිදුගෙ ඩියෝ එකේ සීට් එක මේසයක් කරගත්තම සේරම ලෑස්තියි.ගෙනාපු පාන් ටික ඉවර කරල දාන්න අරන් ආපු හොදි මදි උනත් ලග කඩෙන් අරගත්තු කෙසලේ ගෙඩි ටික ඒ අඩු පාඩුව පුරවල දුන්නා.


පුවක්පිටිය පාලම ලගින් තමයි කන්ඩායම් දෙකම එකට එකතු උනේ.
කාලෙකින් නාල.
පලමු වෙනි නැවතුම උනේ කුමාරි ඇල්ල කිට්ටුව තිබුන නාන්න සුදුසු විදියට හැදුන පුංචි තටාකයක් වතුරෙ බැස්සම වෙලාව යනව තේරුනේම නෑ. ගමනට අලුතින් එක් උන අයව හරියටම ෆිට් උනතේ එතනදි තමයි
කොඩ්ඩ,කවිය දෙන්න කියන්නෙ නම් සුපිරිම පිස්සො දෙන්නෙක් බ්ලොග් එක පිරෙනකන් ලීවත් මදි මුන් දෙන්නගෙ පිස්සු වැඩ.
ඊලගට අපේ තිවන්ක අයියා අහම්බෙන් සෙට් උනත් නියම සහෝදරයෙක් ටුවර් එකේ ගොඩක් වැඩ වලට සහයෝගය දුන්න.
සාරංග අලුත් නොවුනට මේක  එයාගෙ පලවෙනි ටුවර් එක, නලීන් ප්‍රභාත් නම් අන්තිම මොහාෙත තමයි අපිට සෙට්උනේ.
ඊගට ඉතිම් අපි කව්රුත් දන්න  අපේ තඩිය තමයි ලංකාවට ඇවිත් යන්න ආපු කෙටි නිවාඩුවෙන් දවසක් අපිත් එක්ක  ගෙවන්න  දපොරක් හිතුවෙ නෑ.
හර්ෂ නිරෝෂන් කියන්නෙ ගෙදරව වඩා ටෙන්ට් එකක් ඇතුලට වෙලා දිවි ගෙවන්න කැමති සුපිරිම චරිතයක් එයාගෙ 287 වෙනි කෑම්පින්ග් එක තමයිඑදා අපිත් එක්ක ගෙවුවෙ.
මචං දැන්වත් යමුද?
සෑහෙන වෙලාවක් වතුරට බැහැගන දගලපු කට්ටිය ගොඩට ආවෙනම් ටිකක් විතර අකමැත්තෙන්. ගග ඉවුරට වෙලා සිංදුවක් එහෙම කියල බයික් ටික නවත්තල තිබ්බ තැනට ආවම තමයි කට්ටියට ෆොටෝ ගන්න ඕනි උනේ පාර බ්ලොක් උනා ටිකක් විතර ඒ වැඩෙන්.
තුන්සකරියක් එලවන් ආපු අන්කල් කෙනෙක් බැන බැන යද්දි. ඒ ජාතියේම වාහනයක් පදවන් ආපු ආන්ටි කෙනෙක් "වාව් නියමයිනෙ" කියල ගියා.





ඊලග සචින්තනයි මායි ප්ලෑන් කරපු විදියට ගම වටේ රවුමක් දාගෙන ආපහු පුවක් පිටියට ආව.
පුවක්පිටිය පාලම ලගින් 1 (කුමාරි ඇල්ල)  ලගට එතනින් තමයි අපි නෑවෙ
ඊට පස්සෙ ඔය නිල් පාටින් තියෙන පාර දිගේ ගියා රන්මුදු ඇල්ල හරහා ආපහු 1 (කුමාරි ඇල්ල) පහුකරගෙන කහපාට දක්වල තියෙන පාර දිගේ නැවතත් පුවක්පිටිය පාලම අසලට.
අර පරංගියා කෝට්ටෙ  ගියාට වඩා අපි හොදයි නේද? 
එතනට ලන්වෙද්දි දවල් කෑම වෙලාව හොදටම පහුවෙලා
කෑම කන්න තැනක් හොයන් හතර වටේම පීරුවත් අපිට අවිස්සාවේල්ලට යනකන්ම තැනක් හොයාගන්න බැරි උනා.

අන්තිමට තැනක් ලැබුනා තැනේ හැටියටවත් කෑමෙ ගුනාත්මයත් නොවටිනා තරම් ගානක් ගවෙල උනත් අපිට එතනින් කෑම ගන්නව ඇරෙන්න වෙන විකල්පයක් ඉතිරි වෙලා තිබ්බෙ නෑ.
ඒ අතර තුරේ තමයි අපේ මලියත් අපිට එකතු උනේ. හැබැයි ඒ වෙද්දි තඩියටත් අපනේ සමුගන්න වෙලාව ඇව්ත් තිබුනා. අකමැත්තෙන් උනත් බ්ලොග් එක හරහා අදුනගත්ත දෙවනි සහෝදරයට සමු දෙන්න සිද්දඋනා.

මේ අතරෙ අහබු සිදුවීමක් සිද්ද උනා අපේ සෙට් එක දැකපු පාරෙ ගියපු කාර් එකක් නවත්තල විස්තර අහල මල්ලි විනාඩි පහක් ඔතනම හිටපල්ල කියල ඉගිලිලා ගියා ගියපු වේගෙන්ම අනිත් අතට ආවෙ කිරි පැකට්  පුරවපු කාඩ්බෝඩ්  පෙට්ටියක් අරගනෙයි
"මල්ලි  අපිත් ඉස්සර ඕවකලා බං, ඕනි වෙලාවක මේ පැත්තනේ යද්දි කතා කරපන් කියල සුභ පතපු ඒ අපූරු මනුස්සය අපිට සමු දුන්නා.
"අයියේ උඹ මේක දකින්නෙ නැති වෙයි ඒත් අපේ මතකෙ හැමදාම උඹ ඉන්නව" ලංකාවේ හතර වටේම ඉන්නම අපේ  පිස්සෝ  ටිිිකට උඹව අමතක වෙන්නෙෑ.

බයිසිකල් දම්වැල කුරුවිට පැත්තට පියාබද්දි සුපුරුදු පරිදිම සචින්තනගෙ බයික් එක ලෙඩ දෙන්න ගත්තා. හොදටම රෑ වෙලා තිබුන නිසා මම,හර්ෂ (ලා දෙන්නම),චරිදු,කවියා,සාරංග එක්ක කෑම්ප් සයිට් එකට ගියේ ටෙන්ට් ටික තවත් රෑ  උනොත් අටව ගන්න බැරි වෙන නිසයි.
තුසිත අයියා අපිට පාර හොයාගන්න ලේසි වෙන්න පාරටම කෙනෙක්ව එවල තිබුන නිසා තැන හොයාගන්න වැඩි අපහසුවක් උනේ නෑ. ලගම තිබුන ගෙදර බයික් ටික දාල පුලුවන් ඉක්මන්ට කෑම්ප් සයිට් එකට පිටත් උනා.

අම්මට සිරි බලාන්කො මෙක
තුසිත අයිය අපි වෙනුවනේම එතන සුද්ද කරවල‍්, බිම මට්ටම් කරල වෙන එකක් තියා ගිනි ගොඩ ගහන්න අවශ්‍ය දර ටික පවා ලෑස්ති කරල තිබුන.
හර්ෂ නිරෝෂන්ගෙ  උපදෙස් අනුව යමින් ටෙන්ට් තුනම ඉතාම ඉක්මනනින් හදා ගන්න අපිට පුලුවන් උනා (ඇත්තම කියනව නම් හර්ෂ නිරෝෂන් ම තමයි වැඩේ කලේ අපි අත් උදව් දුන්නා පමනයි)
 ටික වෙලාවක් යද්දි සීසසන් කරපු චිකන් ටිකත් එක්ක ග්‍රිල් එක ආවම,ග්‍රිල්එකට  ගල්  අගුරු ටිකත් එක්ක ගිනි අගුරු ටිකක් දාල    (මේකත් ර්ෂ නිරෝෂන්ගෙ  උපදෙසක්ම තමයි මෙච්චර දවස් මම ගල් අගුරු ටික පත්තු කරන්න විදපු දුකක්  )  නාගන්න කියල පහලින් තිබුන දොල පාරට ගියා කෑම්ප් එකට දොල පාරේ සංගීතය ඇහනෙ දුරින් තමයි ඒක ගලන් ගියේ.
වතුර පාර සාමාන්‍ය සීතලක් තිබුනත් තිබුනත් තිබුන මහන්සියත් එක්ක ඒ සීතල ඇගේ තිබ්බ විඩාවත් අරන්ම පහලට ගලාගෙන ගියා.

කෑම්ප් එකට ගිහින් ඇදුම් එහෙම මාරු  කරල BBQ ටික දාන්න පටන් ගද්දි රෑ  කෑම ටිකත් ආව විනෝදදෙන් කතා බහ කරන අතරෙ කාලයත් ටික ටික ගෙවීන යනකොට අපේ නඩේ ඉතිරි අයත් කෑම්ප් එකට ආව.
අත් හෝදන්නෙවත් රයිඩ් කරපු ග්ලව්ස් ටික ගලවන්නවත් අමතක කරපු කට්ටියම   BBQ එකට වග කියන්න  ගත්තෙ මොන හදිස්සියකින්ද කියල මට නම් තේරුනේ නෑ.

 කොහොම හරි ඒ ටික ඉවර කරපු සෙට් එකම දොල පාරට ගිහින් නාගනෙ එහෙම ඇවිත් ගිනි ගොඩ වටේට එකතු වෙද්දි සවින්තගෙ ගිටාර් එකේ සංගීතෙට සින්දු කීපයක් ගලාගෙන ගියා
(දැන් කාට හරි හිතෙයි තොපි මේපාර බීවෙ නැද්ද කියල? නෑ  මේපාර බීවෙ නෑ ඊට වඩා හොද යමක් කලා කියමුකෝ. හැබැයි අපේ සෙට් එකේ කිහිපදනෙයි ඒත් මාත් එක්කම)

♪ ♫ මේක රෝද දෙකේ රස්තියාදුව........♪ ♫

♪ ♫ සිහින සැබෑ කරන අපේ ලෝකය............♪ ♫♪ ♫

♪ .......................


කාලෙක ඉදන් හිතේ තිබ්බ හීනකෙට තටු දුන්නෙ සචින්තන,කොඩ්ඩ එක්ක තිවන්ක අයියා.
අපේම කියල සින්දුවක්.

 මාරම සතුටුයි. සෑහෙන්න රෑ වනෙකන් සින්දු සතුටු කතාබහ අතරින් ගෙවිල යද්දි කීප වරක්ම කීවට පස්සෙ  කට්ටිය රෑ කෑම ගැන හිතල තිබුන.
ගෙදරටත් වඩා හොදට නිද්දගියා කෑම්ප් එකක් ඇතුලෙ තියෙන සනීපෙ ස්ප්‍රින්ග් මෙට්ට 10ක් දාල නිදාගත්තත් දැනනෙ එකක් නෑ කවදාවත්. උදේ ඇහරිලා එලියට  එද්දි අපේ උන් ටික තේ හදන්න  ලෑස්තිය ඉක්මනින් ගිහින් මූණ එහෙම හෝදන් ඇවිත් බිස්කට් පැකට් ටිකත් කඩල ලෑස්ති කරල දුන්නා  මොකද කියනවනම් උදේ කෑම එක ටිකක් විතර පරක්කු වෙනනිසා මම කලින්ම බිස්කට් ගොඩක් ගෙන්නවලයි තිබුනෙ.

ඊට පස්සෙ තමයි කට්ටියගෙ සෙල්ලම පටන් ගත්තෙ ලග ගදෙරක දාල තිබුන බයික් ටික සයිට් එකට අරන් ආවෙ දොල පාර හරහට දාල තිබුන ගල් වැටිය දිගෙයි ටිකක් විතර අමාරු උනත් මගෙයි කොඩ්ඩගෙයි අස්සයො දෙන්නා වැඩි අමාරුවක් නැතිවම ඒ ටික තරනය කලා.
ඊට පස්සෙ සුද්ද කරප තිබ්බ  අක්කර දෙකක විතර ප්‍රමානය පුරාම රවුම් කරකවන්න බයික් දෙක අතින් අතට මාරු උනා. කවියා ජනාරි පලවෙනිදම ඔලුව තුවාල කරගන්නත්, මලිය වැටෙන්න ගිහින් නොවැටි බේරෙන්නත් ඒ අතරෙ සමත්කම් දැක්කුවා.

ටික වෙලාවක් යද්දි උදේ කෑමත් අරගෙන ආපු තුසිත අයියි තවස් සප්රයිස් එකක් දුන්නා අක්කර 60 පමන උන ඉඩම ඇතුලමෙ සාමාන්‍ය තරමේ දිය ඇල්ලක් තියෙව කියල ඉතින් ටිකක් විතර දුෂ්කර පාරක් දිගේ දිය ඇල්ල ගාවට යන්න අපිට පුලුවන් උනා.
 එකනටම අරන් ගියපු කිරි බත් ටිකත් රසවිදින ගමන් නාගන්නත් පලුවන් උනා (ඔව් ඔව් නාන ගමන් තමයි කෑවෙ) ඇති වෙනකන් දිය කෙලියෙහි යෙදුනට පස්සෙ  කට්ටිය වෙව්ල වෙව්ල  ගොඩට ආවෙ එදා දවසෙ අපිට වෙන් වෙලා තිබුන වෙලාව අවසන් කියල මගේ නිවේදන කිහිපයක්ම නිකුත් කලාට පස්සෙ තමයි.
තුසිත අයිය වගෙු්ම ඉඩම බලාගන්න හිටපු හැම දෙනාටත් ස්තූති කරල අපි කෑම්ප් එක අකුලගෙන ආපහු එන්න පිටත් උනා.
කට්ටියක් දිවා ගුහාව බලන්න යන අතරෙ කට්ටියක් කඩයක් ගාව සින්දු කීව, මද්ද ටිකකට මිසින්ග් උනේ ගෑල්ලමය කුරුවිට ටවුන් එකනේ ගන්න තිබ්බ නිසා(ආ.........එයා මේ ගෙදර ගිහින් එන ගමන් බැස්ස) ආපහු කට්ටියට එකතු වෙද්දි සින්දු කිය කිය හිටපු අයට පොඩි ෙපාඩි සංග්‍රහයන් එහෙමත් ලැබිල තිබුන. දිවාගුහාව බලල අනිත් කට්ටියත් ආවට පස්සෙ අපිට දෙපැත්තට බෙදෙන්න සිද්ධ උනා නුවර යන අය එක පැත්තකටත් කොලඹට එන අය තවත් පැත්තකටත් පිටත් උනේ.




ප.ලි - ඉඩම පිහිටා ඇත්තේ දිවා ගුහාව ආසන්න ගමකයි. අවශ්‍ය අයෙක් වෙතොත් තොරතුරු ලබා දිය හැක.


You May Also Like

35 comments

  1. සිරාවට ආස හිතුනා

    ReplyDelete
    Replies
    1. ෆොටෝස් වලින් මං ආසම ෆොටෝ එක බයිසිකල් පේලියට තියන ෆොටෝ එක.. ඒක සුපිරී..

      Delete
    2. අාස හිතිල විතරක් මදි යමු රවුමක් ගහින් එන්න.

      ස්තූතියි ගොඩඋනාට.

      Delete
  2. එල එල බොලව්..... ඇයි බන් උබ නේද අර අවිස්සාවෙල්ලට යනව කියල අනිත් පැත්තට කිලෝමීටර් 17ක් ගිය එකා😂😂😂😂

    ReplyDelete
    Replies
    1. 👆👆 චරිත ඝාතනය කලේ නෑ ඉතිම් පොඩි එකාගෙ.

      Delete
  3. රෝද වල හුලං යන්ඩ ඕන මම නං කියන්නෙ

    ReplyDelete
    Replies
    1. අෑහ් ඒ අහවල් එකක් හින්දද?
      කෝම උනත් අර පෑගුවාම හුලං එන එක්කුත් අරන් යන්නෙ ඕං.
      නරකද ආවොත් අර තියෙන රෝද දෙකේ නැගල

      Delete
    2. අටං අයියේ ස්තූතියි ගොඩ උනාට මේ පැත්තට.

      Delete
  4. එකෙන්ම...ඊලග එකත් යමු..

    ReplyDelete
    Replies
    1. අනිව අනිව මිස් කොරන්ටඑපා

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආයෙ මොකටද වෙස්වලාගෙන අපිත් මද්දගෙ ගෑනු ළමයත් යනවනෙ (මේකට නම් ආවෙ නෑ) එයත් එක්ක සෙට් වෙන්ට බැරියැ.

      Delete
  6. එලම, මදිද මන්දා විස්තර...

    ReplyDelete
    Replies
    1. සෑහනේන ෆිල්ටර් කලා
      අනික සෙට් එකම එකට හිටපු විස්තර විතරයි දැම්මෙ.

      Delete
    2. උඹලා මම දන්නවා මට මොටෝ බයිසිකලෙකුත් ගන්නවලා තමයි මේ උලව් ලියැවිල්ලයි දිවිල්ලයි නතර වෙන්නෙ! එළම එළ! මට තව ටික කාලයක් කකුල්දෙකේ හයිය තියෙන්න ඕනෙ Around the Pearl පදින්න . එක මගේ Bucket List එකේ තියෙන එකක්කොල්ලෝ! නැත්නම් මේ වෙනකොට එකවතාවක් වත් ඇවිත්!

      Delete
    3. Around the Pearl යන්නත් අදහසක් තියෙනව හැබැයි ෙමාටෝ සයිකලේ විස්තර දන්වල මේලයක් දමන්නම්කෝ.
      හැබැයි අයියේ උඹ එකක් හරි අපි එක්ක එන්න නම් ඕනිමයි.

      Delete
  7. පට්ට , නියම ගමනක් .
    මේවගේ නිදහසකට තමයි නියම නිදහසක් කියන්නේ .
    පින්තුර ටිකත් නියමයි මල්ලි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      හැමෝටම ආරාධනාව විවෘතයි අපි එක්ක යනවනම්.

      Delete
  8. මලියගේ එකේ පලවෙනි කොමෙින්ටුව මගේ මෙි.අපිත් හිටපු ගමන් රෝද දෙකේ රස්තියාදුවෙි යනවා.එක පටිට..ගමන නමි මරැ වගේ..අයෙත් ඔය රස්තියාදුවෙි යනකොට උඩවලව පැත්තේ එහෙම එනව නමි කියන්න...හැකි වෙිවි උදවි කරන්න...

    ReplyDelete
    Replies
    1. තැන් හොය හොයා යන්නෙ දනෙ දෙයිෙයා ගෙටම ගෙනත් දෙනවලු. මේ දවස්වල 2018ට යන්න තැන් ලිස්ට් එක හදනව මේ දවස් වල.
      වැඩි විස්තර දැන ගත හැකි මගක් කියන්ඩෝ.

      ස්තූතියි ගොඩ උනාට.
      මීලග සංචාරය සදහා අරාධනාවත් විවෘතයි. යන්න ඉන්නෙ ආනමඩුව පැත්තට.

      Delete
    2. එන්න නමි ආසයි එ්ත් ගෙදරින් අවසර ගන්න එක නේ වැඩෙි අයියේ.අවුලක් නැ මෙි පැත්තේ එනව නමි කියන්න එත⁣කොට සෙටි වෙින්න බැරිය ...

      Delete
    3. ගෙදර ප්‍රශ්නය ගොඩක් අයට තියනෙව. අපි ඒ ගැන විකල්පයක් බලමුකෝ.

      Delete
  9. අඩෝ උබ එල කොල්ලෙක් ඈ.....උඹේ පෝස්ට් දෙක තුන දැක්කයින් පස්සෙ මටත් හිතුණා අපි ගියපු එව්වයෙත් විස්තරයක් බොලොග් එකේ දාන්න. මාත් කාලෙක ඉදන් බොලොග් එකේ සංචාර ගැන ලියන්න ලියන්න ඉන්නවා. ඒත් මේ මාසෙනම් දානවා. උඹ පෝස්ට් වලින් මෙව්ව ආස එවුන් ඇවිස්සෙනවා එල මචෝ...........

    ReplyDelete
    Replies
    1. යමං යමං යමං
      බ්ලොග් කාරයො 4යි එකකොට.(ලගදිම තට්ටයාවත් ඇදන් එනව 5ක් ෙවන්න.)
      පලෙවෙනි එකයි දෙවනි එකයි ඇති අපේ කූටරයා.... ෙම් දවස්වල එයා තිරිහන් වෙනව.

      Delete
  10. පළවෙනි වතාවට ආවේ රස්තියාදුවට.. ආව පළවෙනි දවසෙම රස්තියාදුවක් - නමටම ගැළපෙන විදියට!

    තව තවත් රස්තියාදුවෙ යන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.
      දැනට4යි.
      මේ මාසෙ අන්තිමට තව එකක් දානව.
      ගිහින් ඇවිත් විස්තර දාන්නම්කො.

      Delete
  11. ඒ වගෙ ෆන් එකක් ගන්න මමත් ආශයි මචං ආයෙත් යද්දි චුට්ටක් මතක් කරපං හරිද

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් මතක් කරා.
      ඊලගට යන්නනේ............. හරිත කන්ද හොයන්.
      ජූූනිි මස 16 වැනිදා
      විස්තර මූූනු පොතේ ගෘප් කෑල්ලෙ ඇති
      https://www.facebook.com/events/1986123924766406/

      Delete
  12. අඩේ දැන් සති තුනකට කලියෙන් කුරුවිට දවස් දෙකක් කැරකිලා ආව, දිවාගුහාව, බටදොඹලෙන, බෝපත් ඇල්ල බලල. මේ ගැන උඹෙන් අහන්න අමතක උනා :(

    ReplyDelete
  13. MGM - Dr.Mcd.com
    MGM Casinos 익산 출장샵 & Entertainment - MGM Resorts. MGM Resorts operates 동두천 출장샵 as an 안산 출장안마 MGM Resorts International and owns 인천광역 출장샵 two properties in Las Vegas, Nevada and Macau. 경상북도 출장샵

    ReplyDelete