• Home
  • Facebook
  • Youtube

රෝද දෙකේ රස්තියාදුව

facebook google

5th Ride රෝද දෙකේ රස්තියාදුව


වර්ෂ 2018ක් උෟ මාර්තු මස 31 වෙනිදා පාන්දර 4.00
එලාම් එක වදිනව,
කාව ඇහැරවන්නද?
මද්ද ඇරල.😉

උදේ පාන්දරම ටෙන්ට් ටික පටෝගෙන එන්න යන්න තියෙනව පානදුරට. ගමනාරම්භය උදෑසන 6.00 කොළඹ ලෝක වෙලද මධ්‍යස්ථාානය අසලින් ගමනාන්තය ආනමඩුව- නවගත්තේගම  එහෙමයි මද්ද නිවේදනය කරල තිබුනෙ.(අපේ උන් කවද්ද වෙලාවට ආවෙ)

හර්ෂ් ගෙන් කෝල් එක එනකොටත් උදේ පාන්දරම නාල යුනිෆොම් එක දාගන්න හදනව. 4.30 වෙද්දිි පානදුරට එන්න කියල තිබ්බත් හර්ෂය ඒ වෙද්දිි නැගිටලත් නෑ ඉතින් හර්ෂ් සහ මම සුපුරුදු පරිදිම පැය භාගයක විතර කට්ටක් කෑව පානදුරට වෙලා.

මද්දගෙ අස්පයාට අලුතින්ම හයි කරපුු කැරියර් එකක් තිබුනත්  එක ටෙන්ට් එකක් විතරයි පැටව්වෙ ඩබල් දාල යන නිසාත් දෙන්නනාගෙම බඩුු පටවන්න ඕනිි නිසාත්. ඉඩ ඉතිරි කරගත්තා හර්ෂ හා හර්ෂ් දෙන්නා ටෙන්ට් දෙක ගානෙ පටවගන්න අතරේ මද්දා පිටත් උනේ ගෑල්ලමය ගන්නයි බෑග් ටික පටවගන්නයි.

ඒ වෙන කොටත් අලුතින් අපිත් එක්ක එකතු උන කීී‍ප දෙනෙක්ම කටුබැද්දට සෙට්වවෙලා ඉවරයි.
කට්ටියත් එකක්කම wtc එක වෙලාවටම එකතු වෙන්නත් පුලුවන් උනා. උදේ පාන්දරම උනත් පාකිං ටිකට් වලටත් ගෙවලම තමයි පිටත් වෙන්න උනේ (අපරාදෙ ස්වර්ණ පත්‍ර 5ක විතර සල්ලි)

*******************************************************************************
මෙදාපාර 25+ පමන පිරිසක් සහභාගීී උෟ නිසා හැම කෙනාගැනම වෙන් වෙන් වශයෙන් විස්තර දාන්න අමාරුයි.
*******************************************************************************

කියපු වෙලාටවම (පැකට කිට්ටු වෙන්න පරක්කු වෙලා) තිවංකයි,ජෝෂ්,අසිකත් එක්කම අපේ කවියත් ආව.

මේ පාර රස්තියාදුවට ටාටා සිංගල් කැබ් එකකුත් ආවෙ හදිසි අවස්ථාවක් උවහොත් බයික් එකක් උනත් පටවගන්න පුලුවන් වෙන්නයි කුඩාරම්/bbq pit/බෑග්/ආහාර දුව්‍ය ආදිය පටවන් යන්න. ඉතින් සේරම දේවල් එක්ක අපේ කවියවත් ට්‍රක් එකට පැටව්වෙ රියදුරු මහත්තය පාන්දර 2.30 විතර වෙනකතුරු නිදිමරල හිටපු නිසා කයියක් දාගෙනම වරෙන් කියලයි.

ඉතින් කලයුතු නොකලයුතු දේවල් කල යුතු දේවල් ගැන මද්දගෙ පඩි ටෝක් දෙකතුනකින් පස්සේ කට්ටියම පිටත් උනා. අලුත් පාලම ගාවින් අපේ tw (දමිත් රනසිංහ) මල්ලිවත් අරගෙන ඊලග නැවතුම උන ජා-ඇල කේ සෝන් එක ලගට ගියේ පොටෝ ටිකක් ගන්නයි. මේ පාර ඉදන් අපිත් එක්ක එකතු උන ඩිලානෝගෙ යාලුවෙක් උන #$ පූූූූසා (මහෙෂ්) ව ගන්නත් පොඩි පොටෝ කෑලි දෙක තුනක් ගන්නත් එක්කමයි.

මිලග නැවතුම උනේ මිනුුවන්ගගොඩ කිට්ටුව තිබුන ඉඩ කඩ ඇති කෑම කඩේකින් කලවම් හොදිත් එක්ක කරකරපු පාන් වලින් උදේ ආහාරය පිරිිමහන්නයි. අර අච්චුවක් නැතිව හදන රෝස් පාන් එකේම රාත්තල් වර්ශන් එකෙන් ගෙඩි 10කට 15කට වගකිව. පොඩි නමට චිකන් කෑල්ලක් දාන්න කියන න්‍යායෙන් අන්තිම පාන් කෑල්ලත් මද්දා සතුකරගන්න හැකි උනා කියලත් ලාවට වගේ මතකයක් තියෙනව.

නැවතත් පාරට පෝලිිමේ එක පෙලට ටික දුරකුත්, ගාල කඩාගත්ත හරක් වගේ තවටික දුරකුත්, ටීීීීම් දෙක තුනකට කැඩිල තව ටික දුරකුත් විදියට දඹදෙනිය පහු වෙනකන් (අ)සාර්ථක රයිඩ් එක්ක සුව විදින්න ලැබෙනව.

ඉස්සර ඉදන්ම රස්තියාදුවෙ යන්න ප්ලෑන් කරපු ඒත් මේපාර මුලින්ම සම්බන්ධ උන අංජන මල්ලිගෙ බයික් එක තව දුර යන්න බෑ කියල මග නවතිනව. කලින් ප්ලෑන් කරපු විිදිියට අනිත් අයට හෙමින් ඉස්සරහට යන්නයි කියල මම තිවා එක්ක ජෝෂ්(මෙයාගෙත් පලමුවෙනි රයිඩ් එක) බයික් එක අවගන්න උත්සසාහක් දරල බැරිම තැන එයාව ලොරියට පටවල ගරාජ් එක්කට යවන්න තීීරනයකට එනව.

හෙමින් හෙමිිිින් මමයි අංජනයි ඉස්සර යද්දිි තිවා එක්ක අසික හා ජොෂ් ටිකක් පරක්කු වෙලා ලොරිය ලගට එන්න එතන නවතිනව.

එක පාරටම honda AX-1  විදුලිි වේගයෙන් යනව ලාවට වගේ දකුනු ඇහැට පේනව. අැසි පිය හෙලන පමාවට ඒ පිටිපස්සසෙන් තිවාගෙ බයික් එකත් ගුවන් ගත වෙනව මද්ද දකිනව. පිටි පස්සෙ ඉන්න ගෑල්ලමයටත් "මුට කියල වැඩක් නෑ" කියන මද්දා තව විනාඩි දෙකක් විතර ඉස්සරහට යනව එක පාරටම පාරෙ වම් පැත්තෙ කලින් ගියපු AX-1 එක නවත්තල තියෙන විදියත් මිනිස්සු පිරිල ඉන්න විදියත් දකිනව.

මාර සනීපයි තිවා කානුව සිපගෙන ලෑන්ඩ් කරල.

ජයග්‍රාහකයන්ට

*.කකුලට මැහුම් දැමීම (තිවා)
*.හොස්පපිටල් ඇඩ්මමිට් වෙන්න ටිකට් එකක් තුවාල (තිවාගෙ ගෑල්ලමය)
*බර ගානක් ගෙවා වෑන් රථයකින් කොළඹට යෑමේ වාසනාව (තිිිිවා,තිවාගෙ ගෑල්ලමය,අසික)

සැනසිලි තෑගි

* අනිත් උන් ඔක්කෝටම කඩ පිලක් උඩට වෙලා පැය හතරක් කට්ට කෑමේ වාසනාව.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
මීලගට අැරබෙන්නේ තිවා අතින් ලයිෂන් ඉන්ෂුුවරන්ස් ලබාගත් කවියා හා බයික් එකේ යතුර තමා සතුකරගත් ජොෂ් අතර බයික් එක පැදිය යුත්තෙ කවිද යන්න තෝරා ගැනීීමේ විවාධයයි.
අතක් පයක් නොකැඩි දෙන්න සාමධානයෙන් වැඩේ බේරාගනෙ තිබ්බා කෑම කාල ඉවර වෙද්දිිි.

පෝය නිසා වහල තිබුන කෝ-ප් කියල ගහල තිබුන ‍පොෂ් වෙච්ච සමූූපාකාරයක ඉස්සරහ පඩි පෙලේ ඉදගනෙ වට පිටාවෙ කඩවල් 2ක 3ක් ම පිහිලාම එකතු කරන් ආපු බත් පැකට් ටික කාල ඉවර කරල.
මේ පාර අපිත් එක්ක පලමු වතාවට එකතු උන තරිදු, L.C නානායක්කාර,ජොෂ්  එක්ක මම ලන්ච් ෂීීට් වලින් ඉදුල් වෙන් කරේ මෙහෙ පුරුද්දට ඒත් එහෙ එහෙම වෙන් කරපු කසල බදුන් තියා නිකමවත් කසල බදුනක් තිබ්බබෙ නෑ.
අසංක (මෙයත් පලවෙනි පාර යන්නෙ) බත් ටික අනල අහල පහල කැරකුනු බල්ලලො ටිකට බෙදල දුන්නා. තිබුන එකම විකල්පය උනේ එතන තිබුන පරන කුුුුනු ගිනිතියපු තැනකටම පත්තර ටිකයි කෑම ඔතන කොල ටිකයි දාල ගිනි තියන එක විතරයි.

අංජන මල්ලිි ගෙ දඩු මොනරත් ලොරිියට නග්ගල හිටපු නිසා කට්ටියම ආයෙම පිටත් උනා නාරම්මලින් කට්ටියක් පාර වරද්දගෙන ආයමෙ ටිකක් පරක්කු වෙන්නත් පුලුවන් උනා.

ආ.................... මේ වෙද්දිි නුවර ඉදන් ආපු සචිත් මල්ලි, ඉෂාරයි, දර්ශනයි එක්කම අපිට එකතු වෙලා හිටියෙ.

වාරියපොල හරහා පාදෙනියට ඇවිත් අනුුුුරාධපුර පාරට හැරවේව (පරංගියා කෝට්ටෙ ගෙනිච්චචෙ නෑයෙක් එහෙම නෙමෙයි හෙතුවක් ඇතිවයි වටයක් දාන්නෙ. නිකවැරටියේ යොවුන් පුරයද මොකක්ද ලබ්බක් හින්ද
අම්බානයි තව ටිකක් ට්‍රැපික්, ඒ මදිවට යන හැම වාහනේම චැක් කොරනවලු. ඉල්ලන් කන්න ඕනිි නෑනෙ දන්නෝ දනිති)

පාදෙනියෙත් ටිකක් නවතින්න උනා අපේ හර්ෂ් පෙට්ට්‍රල් ගහන්න ගිහින් මගෑරුන නිසා. මද්දටත් චාන්ස් එකක් ආව ජීීීීවන බරක් සැහැල්ලුු කරගන්න වැසිකිලියක් සෙවීමේ කර්තව්‍යට අසල තිබ්බ සර්විස් සෙන්ටර් එක්කි අදාල පහසුකම් තිබුන නිසා හර්ෂ් පාර හොයන් එන ටිකට ඒ වැඩ කටයුුතුත් සම්පූූර්න කරගත්තා කියමුකෝ.

පාදෙනියෙන් අනුරාධ පුර පාරෙ ගල් ගමුවට යනතුරු තියෙන තනිකෙලින් පාර ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ වේග සීමාව පැ.කි.මීී 70ට යන්න මාරම මාර ඉවසීමක් ඕනි. ඒකත් (අ)සාර්ථථකයි කීීප දෙනෙක්ටටම ඒක තිබුනෙ නෑ . හැබැයි ගොඩක් අයට තිබුන ඉගිලෙන්න ඕනි අය ඉගිිලෙද්දි ඉතිරි බහුතරය පාර දිගටම හරි ලස්සන දම්වවැලක් හැදුව ගල්ගමුවට යනකන්ම.

ගල්ගමුවෙන් නවගත්තේගමට යන පාරෙ මැද හරියෙදි තමා ඉෂාර ලීීීීක් කර ගන්නෙ
ඔව් ඔව් ලීීීීක් ලීීීීක් රේඩියේටරේ අන්න ඒ ආකාරයට තමා පුතීී ඉෂාර වර්නකුල සූූූූරිය පත්තරේ ඇඩ් එකක් නොදාම රේඩඩියේටර් ලෙසින් ගරු නාමයක් උප්පැන්නෙට එකත් කරගන්නේ.

නවගත්තතේගම ටවුමට යද්දී අපි හොදටම හවස් උනා නෙමේ රෑ උනා. ඉන්දික අයිය එතෙන්ට අපිට පාර පෙන්නන්න එවල තිබුන අයියත් ඉස්සර කරගෙන අදාල ස්ථථානය එනම් වැව,
වැව  කීීවට වැව් තාවුල්ල (නම නම් දාන්ට බැරිියොා්.....) හොයාන පිටත් උනා.
මේ අතරෙදි තමයි උදේ අපිත් එක්ක එන්න බැරි උන ලහිරු(පැතුම්) තට්ට තනියම දුර කතරගෙවාෙගෙන අවිත් අපිත් එක්ක සෙට් උනෙත්.

කලුවර එක්ක තරෙගෙට පැද්දත් අපි පරාදයි.
දිනුම් කනුව පෙනි පෙනී පැරදුනා (ඒ ලයිට් එක දුර වැඩීී)
වැඩට බැහැල 
වැච් පිටිය වටේ පැය බාගයක් විතර එහෙට මෙහෙට කරක්ගහල පස්ට ඕප් රෝඩ් පාරක් දිගේ අදාල ස්ථථානයට ලගා උනා.

කෙසර ඇතුලු කස්ටියක් BBQ වැඩේට අත ගහද්දි,  මම හර්ෂ, හර්ෂ් (කූඩාරම් හර්ෂ කියලත් කියනවලු) තව කීීීප දෙනෙක් ටෙන්ට් ගහන්න තැන් හොයන්න පටන් ගත්තා.
වැව් පිටියක තව මොනා හොයන්නද? හෙයන්නෙද? කූඹියෝ  නැති තැනක්.
මුලු ජීවිතේටම දැකලනෑ එහෙම කූඹි තොගයක් තනකොල කොලයක් කොලයක් ගානෙ කූඹි.

වැවි වල වඩදිය නෑ නේ?
අවසාන නිගමනය උනේ වතුර තිට්ටුව යනතම් තෙත් පොලොවෙ කූඹි නැහැ කියලයි ඉතින් එතන ටෙන්ට් ටික ගහගෙන ඉවර කරල,

සමහරු ගුවන් ගත වෙන්නත් තව කට්ටියක් BBQ එක ලගට වෙලා බෝතලයක් හිස් කරන්ත් කටයුතු කරල තිබ්බ.

අතිශය (අ)සාර්තක ගමනක් නිසා ප්ලෑන් කරප තිබුන කෑම්පිිිින්ග් ඉවනෙට් සේරම සාර්ථක ලෙස කැන්සල් වෙනව.

මේ අතරෙ කීීප දනෙක් ඉන වටක් ගැඹුරේ කරවටක් ජලයේ ගිලිල නාන්නත් සමත් වෙනව.

ඉන්දික අයියගෙ ඔපීීයෙ යාලුවො ටිකයි එක්කගන ඇවිත් තිබුන කුක්මහත්තයි එකතු වෙලා පලාතම සුවද වෙන විදියට කෑම වේලක් හදද්දි මද්දත් බෝතල් ගැටෙන ඉසව්ව හාෙයන් ඇදුන. අපරාදෙ කියන්න බෑ අපේ කොල්ලො බහුතරය අමධ්‍යපයි එතනිනුත් සුලු කොටසක් ගගන ගාමීීන්. මද්ද  ඔය හැම කුලකයටම අයත් නිසා එහෙමටම අව්ලක් උනේ නැහැ.

රසකතා අංක 1(පාදඩ අසපුවේ දාපු කමනේට් එකක්)

අපේ උන් දෙන්නනෙක් අඩි 6-7ක් උස ගලක් උඩට වෙලා ගුවන් ගතවලො

මද්දත් ඉතින් සුරා මේරය මද පමනට ග්ලාස් එකක් දාගද්දිි දෙන්නකේ මද්දෝ................ මද්දෝ.................

කියල කෑ ගහනව බලද්දි අර මි්‍ත්‍රයෝදෙන්න

මමත් ඉතින් මල් වට්ටියට අතගහන්ට කතාකරනව කියල හිතන් අඩි දෙකනේ ගලඋඩ නැග්ගගා

පළවෙනිය- උඹ කෝමද බං ඔච්චර ඉක්මමන්ට උඩට නැග්ගෙ

දෙවනිය - ඇයි බං ඔච්චර උඹ උස?

මද්දා - කෝදියන් පාරක් ෙෙෂාට් එකත් බාගටෙ දාල ආවෙ.

පළවෙනිය - ඒක ඉරයි බං අපිට මේ බිමට බැහැගන්න බෑ මේක හෙන උසයි ඒකයි කතා කරේ

මද්දා - ########

රසකතා අංක 2
*ඒ ලයිට් එක හෙන දුරයි බං - මතක එකෙක් කමනේට් කරපල්ලා
*කව්ද එකෙක් උසස් තැනකලු හිටියෙ.
* ගලක් බදාගෙන නිිදාගත්තේ කව්දද? (කලු ගලක්)

Share
Tweet
Pin
Share
19 comments
Newer Posts
Older Posts

අපි ගැන

About Me


රෝද දෙකේ රස්තියාදුව හැදෙන්නෙ බයික් වලට ආදරේ කරන අයටයි. ජපන්/ඉන්දීයන්/මැලේසියා/යුරෝපා කොහේ හැදුවත් පදින රොද දෙකට ආදරේනම් එකතුවෙන්න තහනමක් නෑ. රට වටේ ඇවිදින්න කැමති bikersලා සෙට් එකක් හදන එකයි මූලික අරමුන මොකද ගොඩක් අය බයික් එකේ brand/model එක්ක තමයි group වලට සෙට් වෙලා ඉන්නෙ එයාලගෙ trip දැකල ඉරිසිය හිතුනු අවස්ථා ඕනි තරම්. මේකෙ සමාජික වෙන්න තියෙන එකම සුසුදුසුකම bike lover ,කෙනෙක් වීම පමනයි.

අව ගිය අය

Labels

R2R official events පිළිවෙලක් නැති ගමන්.

recent posts

Blog Archive

  • ►  2020 (2)
    • ►  July (1)
    • ►  January (1)
  • ►  2019 (5)
    • ►  October (1)
    • ►  May (1)
    • ►  April (2)
    • ►  January (1)
  • ▼  2018 (7)
    • ►  October (2)
    • ►  September (1)
    • ►  July (1)
    • ►  May (1)
    • ▼  April (1)
      • අතිශයන්ම (අ)සාර්තක උෟ පස්වන සංචාරය.
    • ►  January (1)
  • ►  2017 (6)
    • ►  December (1)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (3)

Created with by BeautyTemplates | Distributed by Gooyaabi Templates