බතලේගල ගමන. (R2R සංචාරයක් ගැන නොවේ.)

by - May 26, 2018


පිළිවෙලක් නැති ගමන්. 01

මුලින්ම කියන්න ඒනි මේ ලියන්න හදන්නෙ "රෝද දෙකේ රස්තියාදුව" විසින් සංවිධානය කල සංචාරයක් ගැන නොවේ.හුදෙක් මද්දා සහ තව කිහිප දෙනකේ නිදහසේ  රැයක් පහන් කරන්න ගියපු ගමනක් කීවොත් නිවැරදියි.

අපේ කිහිප දෙනෙක්ම අවුරුදු නිවාඩුවට ලංකාව වටේ කවර් කරපු එක ගැන මලිය ලියල තිබ්බනේ. තවත් කිහිප දනෙක්ම එහෙ මහෙෙ රවුම් ගැහුවත්, මද්ද හිටියෙ ඇදේ ඕලඩ් අරක්කුවක්, වැස්සට කමෙුන එකවත්, හෑෂ් වත් හින්ද නෙමේ ඈ වහලෙට නැගල කොන්ද මක්කද උනා.

ඇරියස් කවර් කරන්නත් එක්ක වෙසක් නිවාඩුවට කොහෙ හරි යමු කියල 45 දෙනාටම කීවත් ගොඩක් අයට විවිධ හේතු නිසා ඒ දවස අමාරුයි කියල තේරුනා. මේ වෙද්දි චරිදුටත් මගෙ ලෙඩේම හැදිල තිබ්බ, "කොන්දෙ අමාරුව නෙමේ බං, කන්දක් නැගීමේ උන" කෝම හරි හැමෝටම දන්වල කන්න තියෙන කට්ට පුලුවන් උපරිමෙන් පැහැදිලි කරල දුන්නට පස්සෙ අන්තිමටම ඉතිරි වෙලා හිටියෙ 6 දෙනයි. මම,හර්ෂ(කූඩාරම් හර්ෂ),ලහිරු පැතුම්,සචිත්,චරිදු,නිරෝෂ් තමා නම් වලින් කියනව නම් මීට අමතරව බුලා නොහොත් සචිත්ගේ යාලුවෝ දෙන්නකෙුයි.
ටෙන්ට්, කෑම, ආදියේ වගකීම් මේපාර එච්චර බරටම නැති නිසා සැහැල්ලුවෙන් ගමන යන්න ලෑස්ති උනා.

හරි එහෙනම් බයිල තියල ගමන විතරක් යමු නේ? මද්ද කෝමත් පදුරු තැලිල්ල දන්නෑ.

පාන්දර 4.00ට තමයි කොළඹින් පිටත් වෙන්න දා ගත්තෙ. හර්ෂ එක්ක මම කොට්ටාවටත් එතනින් චරිදු, නිරෝෂ් දෙන්න එක්ක මාවනැල්ලටත්, මාවනැල්ලෙන් ලහිරු, සචිත් හා අනිත් දෙන්නත් සමග "බතලේගල"ට.

දවස පටන් ගත්තෙම අත් වැරදීමකින් ෆෝන් එක චාජ් එකට ගහල තිබ්බට චාජර් එකේ අවුලක් නිසා ඩෙඩ් වෙලාම ගිහින් හොද වෙලාවට අම්මගෙ ෆෝන් නම්බර් එක හර්ෂ ලග තිබුන මගෙ එකට ට්‍රයි කරල කරල බැරිම තැන ඒකට ගද්දිත් මම මූන හොදනව. යන්න ලෑස්ති වෙන්න.
ටයිම් ලයින් එකේ හැටියට හර්ෂ් ගෙදරින් 4.00ට එද්දි මම ලෑස්ති වෙලා ඉන්න ඕනි නමුත් ටිකක් ව්තර පරක්කු උනා. කස්ටිය ටිකක් බයත් වෙලා මද්ද ෆෝන් ඕෆ් කරන් පොලු තිබ්බද කියල,
මද්ද ලග ඒ වගේ වැඩ ඉතිහාසෙටම නෑ පුලුවන් නම් පුලුවන් බැරිනම් බෑ.

හර්ෂ් ඇවිත් තිබුනෙ ගෙනියන්න නියමිත ටෙන්ට් 2ම අරගෙන, එකක් මගෙ කැරියයර් එකට පටවලා ඉවර වෙලා තමා ඇහුවෙ කෝ අනික කියල ඒකත් බැක් පැක් එක ඇතුලෙ කීවම මට පුදුමත් හිතුන. ඒත් නියම backpacker කෙනෙක් උන හර්ෂට එක ගානක්වත් නෑ.
ලීටර් 80ක බෑග් එක ඇතුලෙ උයන්න භාජන, 6 person tent එක. ප්‍රථමාධාර, අැදුම්, නිදාගන්න අයිටයම් සේරම පුරවලත් තව ඉඩ තිබුන.

කෝම හරි වැඩි වෙලාවක් නොගෙන කොට්ටාවට ඇද්දා පිලියන්දල හරහා. අපි ගිහින් විනාඩි කිහිපයක් යද්දිම අනිත් දෙන්නත් එතනට ආව. පෝය දවසෙ සිල්ගන්න ඕනි කියන අදහස චරිදුට අැති උනත් පාප මිත්‍ර⁣යෝ ව්දියට අපි එයාව එ් අදහසින් මිදෙව්වෙ සිල්ගන්න යන්න ලෑස්තිවෙලා පාරට බැහැපු නංගි කෙනෙක් ඉනනව ක්යල දැකපු නිසයි. (සිල් ගන්න කෙසේ වෙතත් බිදගන්න අපේ චරිදු හරි හපන නොව)




මම හැමදාම ගෙදර යන පාර නිසා වැඩි අමුත්තක් තිබුනෙ නෑ පුරුදු ව්දියටම කිරිදිවැ ල පහුකරල තේ බොන කඩේ නවත්තල තේ එකක් බොමු කීවෙ පුරුද්දට වගේ මෙන්න මේ අවස්ථාවෙ තමයි අපිට සුපුරුදු කෑමක් නුපුරදු නමකින් ඇස ගැටෙන්නෙ?

සීීීීනි බට්ටා
එතනින් මද්දාගේ ජාතින පානය වල ප්ලේන් කෝපි නොලුබුන නිසා තේ ⁣එකකින් සැහිමට පත්වෙලා ආයෙම එක හුස්මට නතරකලේ මාවනැල්ලට කිලෝමීටර් 20කට කලින් පාර අයිනෙ තිබ්බ කඩයක් ලග.        
නවත්පුවම බැස්ටිය බුරුල් වෙනවලු.

නැවතත් මාවනැල්ල බලා "මාවනැල්ල හොයන් google map බලාගෙන නම් යන්න එපා වැටෙන්නෙ හතර හංදි කැඩිච්ච ආතක් පාතක් නැති පාලු හංදියකට.
ලහිරුගෙන් පාරක් අහගන්න එක ඊට අමාරුයි. අන්තිමට ලයියගෙ ගෙදරට හැරෙන පාර ලග තිබ්බ ජ** පිරවුම් හල ලෑන්ඩ් මාක් එකක් විදියට දාගෙන එතනට ගියා අපිව ගෙදරට එක්කන් යන්න ලයියත් පාරටම ඇවිත් හිටිය.
පාර පෙන්නන් ලයිය ඉස්සර උනා. අන්න පාරවල් කියල වැඩක් නැ පාර 90°ට වඩා පොඩ්ඩක් අඩු බෑවුම කන්ඩිෂන් එක සිංහරාජෙ ගයපු ඔප් රෝඩ් පරාදයි මොවව උනත් ඒව තමා පාරවල් කියන්න වචන නෑ.

ගෙදරට ගිහින් ලයියගෙ ලොකු අක්ක හදල දුන්න තෙ එක බොන ගමන් ටිකක් පරක්කු කලේ සච්ත් මාවනැල්ලට කොළඹටත් වඩා කිලෝමීටර් බර ගානක් ඈතින්  තිබුන කඩුග්න්නාවෙ ඉදල එනන ඕනි නිසා (මාවනැල්ල කඩුගන්නාව අතර දුර නොදන්නා අයට විනාඩියයි තත්පර එකයි කාලක කනගාටුව.)

කඩුගන්නාවට බතලේගල පේන අයුරු බලන්න දුර....... 😂😂
හස් ප්ලාස්ටික් බෝතල් මෙහෙයුම දියත් කරල ලීටර් 3ක් බැක් පැක් එකටත් තව ලීටර් 2ක් මගදි පාවිච්චියටත් හැම කෙනාම වෙන් වෙන් වශයෙන් පැක් කරගත්තා. තව 10 දෙනෙකුට විතර අවශ්‍ය බෝතල් ප්‍රමානයත් ලයියගෙ ගෙදර ඉතිරි වෙලා තිබුන. හෙට අනිද්දම අපිට සීනි කාරයොන්ටබදෙන කෑම අරන් ලයියලාගෙ ගෙදර ආය යන්න වෙනව කියල ඒ ⁣බීම බෝතල් තොගය දැක්කම හිතාගන්න පුලුවන්.

මීලගට මාවනැල්ල ෆුඩ්සිටි එකට ගියේ අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ටික අරගන්න හිතාගෙන. ඒකටත් සෑහෙන වෙලාවක් ගත උනත් තාමත් සචිත් නැහැ.


ලහිරු මුල්ම කොල් එක දීල කීවෙ ඌ තාම ගෙදර කියල. මද්දට ඉවසීම නැතිවේගන ඇවිත් තිබුන නිසා "දිපන් මට කෝල් එක ඕකට ඔහොම කියල හරියන්නෑ" කියල කතා කරල අහද්දි කීාව දැන් ලග ඉන්නෙ ව්නාඩි 5න් එනව කීවම ආයෙ මොකට බනින්නද කියල හිතල කට් කරල දැම්ම විනාඩි 5 හෙමින් මෙින් දහය පහලොව වෙද්දි හර්ෂගෙ ඉවසීමත් ඉවර උනා.

සචියාගේ ලාස්ට් වෝර්නිිිින් දීීීීමමොහොතක් තියා
ජාතිය අමතන්න හැදුවත් ෆෝන් එක උස්සන්නෙ නැති නිසා අකමැත්කෙතන් උනත් අපිට පිටත් වෙන්න සිද්ද උනා. නැතත් මාවනැල්ලට ගිහින් උදේට දවල්ට දෙකටම හරියන්න brunch එකක් විදියට බිතර රොටීී සමග පරාට  පාර්සල් කරගත්තා වෙසක් උනාට දන්සලුත් නෑ, ඒ මදිවට කඩත් වහල දැන් ගිලපන්කො පිටි ගුලි.

ඒ සේරම අරගෙන එද්දි සෑහෙන්න දුර ගෙවෙන් බස් එකේ ආව නම් පැය භාගෙක විතර දුර පැය 4කින් විතර සචිත් ඇවිත් හිටියා. එක්කගෙන ආපු යාලුවො දෙන්නත් හරි ලස්සනට දැනුවත් කරල තිබ්බ යන ගමන ගැන.
සිරාවටම පව් ඒ කොල්ලො දෙන්න අඩු තරමින් රෑට අදින්න නිදාගද්දි ඇදුමක් පෙරවගන්න  ෂීට් එකක් ගේන්නවත් කියල තිබුනෙ නැහැ මූූූ.
මෙන්න මේහෙම ලිස්ට් එකක් සතිය‍කටත් කලින් දීීීල තිබුන.
කොහොමින් හරි නැවතත් ගමන පිටත් උනා කන්ද ලගට යන්න කලින් බඩගිනි ආපු නිසා අතර මග තිබුනු බස් හොල්ට් එකක් කෑම මේසය විදියට තොරාගත්තා.

බතලේ ගල පර්වතයට පාර ඇරඹමට ආවෙ අතර මග දන්සලක්න් සසිල් බීම එකක් එහෙමත් බීල.

කඳු පාමුලට යන්න තියෙන පාරත් 90° ඉතා කිට්ටුවෙන් යන බෑවුමකින් යුක්ක උනා දෙවනි හා තුන්වෙනි ගියර් වල තමා මේ කි.මි 1.5 පමන දුර ගෙවන්න උනේ. ටයර්, බ්රේක් ගැන විශේෂ උනන්දුවක් දක්වන්න වේවි මේ පාරෙ යනව නම්.
කඳු පාමුලට ගිහින් තමයි බයික් ටික නවත්තන්න තැනක් හොයල බැලුවෙ කිට්ටුව තිබුන ගෙදරක අයිය කෙනෙක්ගෙන් ඇහුවම දෙපාරක් හිතන් නැත්ව එයාගෙ මිදුලෙ තියල යන්න අවසර ලැබුන. ඒ විතරක් නෙමෙයි අපේ හෙල්මට් ටිකත් ගේ ඇතුලෙන්ම අරන් තියන්න තරම් කරුනාවන්ත උනා.
මීලගට යෙදී ඇත්තේ ද්‍රව්‍ය ලැයිස්තුව ⁣නැවත පරීෂාවයි. 1.භුමි තෙල් අමතක වෙලා
2.පොල්තෙල් අමතක වෙලා.
භුමි තෙල් ගන්න කඩයක් හොයන් ගියපු චරිදු, නිරෝෂ්
දෙන්න කිට්ටුව තිබුන ගෙදරකින් භූමිතෙල් ටිකක් මිලට අරන් තිබුන.
පොල් තෙල් එච්චරම ප්‍රශ්නයක් නෑ කියල හිතාන අපි ඒක කපා හැරිය (අවශ්‍ය නෑ යයි හිතුන පුංචි දෙයක් නිසා සමහර ප්ලෑන් අවුල් වෙනව නොසිතූ විදියට)

Trekking pole විදියට හොද ශක්තිමත් ලීයක් එහෙම ලෑස්ති කරගත්තේ හර්ෂව අනුගමනය කරමින් (ගොඩක් උපකාරීී වෙනව) 

එහෙනම් නැගිල්ල තමා තියෙන්නනෙ

එතරම් අසීරු නෑ නමුත් තරමක ආනතියක් තියෙනව
හිතුවට වඩා ඉක්මන්ට මහන්සි ආව මම ලහිරු එක්ක තව එක්කෙනෙක් පහු උනා චරිදු,නිරෝෂ් එක්ක තව තුන්දෙනෙක් ගේමක් නැතිව උඩටම අදිනව ගේමක් නැතිව

පලවෙනි නැතුම ඉවරයි ග්ලුකෝස් දාපු වතුර ටිකක් බීීල ආයෙම පටන් ගත්තා අඩිි 10යි ආයෙ නැවතුනා. තුන්වෙනිය දීීල ඇද්ද කබරය පාරක්(හයික් එකට කලින් දවසෙ bracdi ගැහුවම එහෙම වෙනව ගෘප් එකෙු් උන් හලල වෙනමම සෙට් උනාමත් එහෙම වෙනව) ජයග්‍රාහීී ලෙස තුන් තුනකම කබරයා සහන් කරල ඉහලටම ආව.
 නිවාඩු දවසක් නිසා කන්ඩායම් කිහිපයක්ම උඩට පහලට යනව හමු උනා. කව්රුත් ගිහින් තිබුනෙ බලල එන්න නවතින් නගියපු එකම කන්ඩායම අපි විතරයි.
කන්ද මුදුනට ආවම මහන්සිය කොහෙන් ගියාද නෑ. මුලින්ම බෑග් ටික බිමින් තියල කදු මුදුනේ කෙරවල දෙකටම ඇවිදලා වටපිටාව වින්දා. සචිත් කියපු විදියෙ වතුර පාරක් නම් තිබුනෙ නැහැ හැබැයි.(මූූව කන්න එපැයි) හොද වෙලාවට අපි 5දෙනා වතුර ලීීීීටර් 3 ගානෙ ගෙනාව.

කන්ද මුදුනට පිවිසෙන තැනම නියම ප්ලෙස් එක ටෙන්ට් ටික සවිකරන්න හැමෝටම ඕනි උනේ එතන නවතින්න ඡන්දෙ විමසුවේ සර්ෂ විසින් නිකම්ම නෙමෙයි මැතිවරන ප්‍රචන්ඩක්ක්‍රියා(හරිද බං වචනෙ) නවත්තන දර කපන්න ගෙනා පිහිය පවා පාවිච්චි කරන්න සිද්ද උනා  පොරට එච්චරට බීීෂනේ.

නැවත පාරක් සරච් එකක් දාද්දදි අපි නැගපු පැත්තට විරුද්ද පැත්තෙ පහලින් තිබුන ගුහාවත් හා ඊට ටිකක් එහායින් තිබුන කුටියක් බවට පත්කල විශාල ගුහාවක් ඊටත් ටිකක් එහායින් පුංචි ගුහාවක් තිබුන අන් ඒකෙ ගලදිගේ වතුර බින්දු බින්දු බිමට වැටුන එතනට බෝතතයක් කපල තියල වතුර එකතු කරන්න උත්සායක් ගත්තා තරමක් දුරට සාර්ථකයි. ඒ අවට පොලිතීීීීන් බෝතල් කෑන් ආදිය අඩු නැතිව විසිරිලා තිබුන බලන් ඉන්න බැරිම තැන එකම විල්පපය විදියට ඒ ටික එකතු කරල පුච්චලා දාන්න අපි තීරනයක් ගත්තා (හොදම නොවුනත් එකම විසදුම විදියට)

ආපහු යද්දි දර ටිකකුත් එකතු කරගනිමින් නැවතත් තොරා ගත්තු කදවුරු භූමිය පැත්තට අදුනෙ ටෙන්ට් ටික අටවලා ඉවරයක් කරල දාන්න අවශ්‍ය නිසා.
වැස්සට කලින්

වෙනද වගේම හර්ෂගෙ ගුරුහරු කම් වලින් කට්ටියම නියමෙට වැඩේ අල්ලන් ගියා ලහිරුයි සචිත් දෙන්නනම් ටෙන්ට් එකත් එක්ක සෑහෙන්න ඔට්ටු උනේ කාර්මික දෝෂයක් ආපු නිසයි. සෙරම ඉවර කරල ගිනි මැලය හදද්දි තමා "මහ වැස්සක පෙර නිමිති පේනනවා "  මතක් උනේ.

මේ අතරෙ එතනට ආපු කිට්ටුුව තිබුන ගමක අයිය කෙනෙක් ඉතාම මිත්‍රශීීලීී විදියට අපිට කීවෙ "මල්ලිිිිලා ඔතන ඉන්න එකනම් එච්චර හොදනෑ ඔය ගහට නිතරම අකුනු ගහනව" කියලයි. ඉතින් අපි තීීීීරනය කලා කලින් කියපු විශාල ගුහාව(කුටිය) අැතුලට සංක්‍රමනය වෙන්න. මේ අතරෙ දකින් ලස්සන නමුත් භයානක දර්ශනයක් උනේ අවට තිබුන කදු මුදුන් වලට අකුණූ පාත්වෙන අන්දමයි. එකම තැනට දෙපාරක් නෙමෙයි තුන් හතර පාරක්ම අකුණු වදිනව අපි දැක්කා.

ගල් ලෙන තුල කූඩාරම

තේ හදන්න. හොදි හදන්න ඕනි එක්කට රෙඩි
ඒ දර්ශනය කාෙච්චචර ලස්සන උනත් වැස්ස මහ වැස්සසක් වෙන්න කලින් ලෙන අැතුලට ගිහින් ටෙන්ට් ටික අටවන්න සිද්ද වෙනව. කට්ටියක් ටෙන්ට් සකස් කරන අතරෙ හර්ෂ නියම "ප්ලේන් ටීී" එකක් දැම්ම.

ටික වෙලාවක් යද්දි වැස්ස තද කරා ඇතුලටත් වතුර කාන්දු වෙන්න පටන් ගත්තා චරිදුගෙ කර උඩට නැගගත්තු කෝනනාර(සචිත්ගෙ යාලුවො දෙන්නගෙන් එක්කකෙනෙක්ගෙ නම කෝනාර උනාට අපේ උන්ට දෙන්නනම කෝනාර උනා) මල්ලි ඉටි රෙද්දකින් වහලය (ගලේ තිබු විවරය) ආවරනය කරා යම් තරමකට සාර්ථකයි.

මීලගට රෑකෑම හෙවත් මිශන් රොටීී මේකින්ග්
හර්ෂ ගෙනත් තිබුන භාජන කිහිපයෙන් එකක් තමා අපි රොටී හදන්න ගත්තේ ඒවා එකක්වත් නන් ස්ට්ක් පාෙෂ් මොඩල් භාජන නම් නෙමෙයි.
රොටී පිටි අනල තිබුනෙත් පොල්තෙල් දිහා බලන්නනවෙත් නැතිව. අපේ පුුඩ් සිටී බඩුු ලිස්ට් එකේ තිබ්බ පොල්තෙල් අපිට අමතක උනා කියල මම කලින්ම කීවනෙ.
සාර්ථක ලෙස දෙවනි රොටියත් භාජනයේ අඩිය වැලද ගත්තා කියමුකෝ.
වේලාව ගෙවීගෙන යද්දිි, රොටී එක එක ඇලෙද්දි, කස්ටටියගෙ මූූනු බටගින්නෙන් පිරෙද්දි, ලහිරුව අමු පිටි කද්දි මද්දට හිතෙනව පරාජය බාරගන්න.
පිෂ් කරි කෑන් ටික කඩල රත් කරල පාන් පෙති 6ක් එක්ක මාලු කෑලි 3ක් බෙදල දීල ඩිනර් එක විදියට පහුවදා උදේ කෑමට ගෙනාපු කෑම වලින් භාගයක් බෙදල දුන්නා. මදි වෙයි කියල හිතුවට වැඩිත් උනා සමහරු පාන් පෙති කීීපයක් ඉතිරි කරපු නිසා ඒ ටික ආයෙම එකතු කරල තිබුුන බෑග් වලටම දැම්මෙ පහුවදාට ගන්න.
හර්ශ හදාපු ඉගුරු තේ එකත් බීල ගගන ගාමියො ටික ගුවන් ගතවෙලා ඉද්දි තමයි



"වැස්ස අඩු වෙලා කව්ද එන්නෙ මුදුනට ගිහින් පහල වෙසක් එකට දාල තියෙන ලයිට් බලන්න" කියල
ඉබ්බ වතුරට දැසම්ම මොකක්ද එකක් කීීව වගේ අපේ උනුත් කියයි බෑ කියල. ජැකට් දාගෙන ටෝච් අරගෙන පොලිමටම කස්ටිය කදු මුදුනට ලගා උනා.


කියන්න තරම් නැති උනත් තරමක විදුලි බුබුලු පුමානයක් කන්ද පහලින් පේන්න තිබුනා වගේම සමහරුන්ට තොටලග, පිටකොටුව ආදී ස්ථාන වල තොරන් පේන්න තරම් දුර පෙනීමේ හැකියාවක් තිබුන.

ටිකක් වෙලා එතන ගතකරපු අපි නැවතත් අපේ තාකාලික නිවස වෙච්ච කූඩාරම් වලට. ඇවිත් තවත් අභ්‍යාවකාස යානක් ගුවන් ගතකරල නිදාගන්න සූූදානම් වෙද්දි තමයි. ගනිත ගැටලුවක් ආවෙ.

කඩේකට ආපු ගෑනු කෙනෙක් රු1000ක් දීල රු 200/= ක් වටින භාන්ඩයක් මිලට ගන්නව.
කඩේ මාරු නැති නිසා ලග කඩේකිින් රු.1000 මාරු කරල තමයි මුදලාලි ඉතිරි රු 800/= දෙන්න්නෙ
ටික වෙලාවකිින් අල්ලපු කඩේ එකා ඇවිත් මේක හොර නොට්ටුවක් කියල මුදලාලිගෙන් රු 1000‍/= අරන් යනව 
මිනිහගෙ පාඩුව කීයද?

 තවත් පැය ගානක් ගනන් හදපු කස්ටිය නින්දට ගියා මද්දට නම් එලි වෙනතුරු එකම නිද්දක් ලැබීමේ භාග්‍ය හිමි උනා.

පාන්දර 4.30 වෙද්දි නැගිට්ටෙ පහලින් ඉර පායන දර්ශය බලන්න තිබුන ආසාව නිසාමයි තේ එකක් හදලා ගෙනත් තිබුන සොසේජස් ටික බැදිනතුරු අනිත් අය ටෙන්ට් ටෙනට් ටික ගලෝල පැක් කරා කිහිප දෙනෙක් මුදුනට ගිහින් එක ටෙන්ට් එකක් ඇටෙව්වෙ බෑග් කෑම ආදිය පින්නෙන්් ආරක්ෂා කරගන්නත් එක්කමයි.


මද්දා අතුලු තවත් කිහිප දෙනෙක් ගෙනාපු පොතීන්, ප්ලාස්ටික් වතුර බෝතල් ආදි උෟ නොදිරන දේවල් ටික දාපු බෑග් දෙකක් හදාගත්තෙ ඉදපුු තැනක කුනු දාල යන පුරුද්ට සමුදීීල දැන් සෑහෙන කාලක් වෙන නිසයි.

කන්ද මුදුනෙ දැකපු දර්ශශනය නම් මුලු ජීීවිතේටම අමතක කරන්නවත්. මෙතන ලියන්න වචන හොයන්නවත් පුලුවන් එකක් නෙමේ කඳු මුදුනක ගෙවන දවසේ ලස්සනම පැය කීපය වෙන්නනෙ ඉර නගින දිහා බලන් ඉන්න වෙලාව කීවොත් එ්ක තමයි ඇත්ත. (කෝමද ඒකත් බලාගෙන ත්‍රෙෙයි ලෝක විජය පත්‍රයක් ගහන එක නිතන් නමේ මේව හෝම් මේඩ් අෑ වස විසෙන් තොරයි)

ටික ටික ඉහලට එන ඉරත් එක්කම අපි හිටපු කන්දෙ ඡායාව පහලින් පෙනුන (ඔව් සීීගිරිය කියල රැවටෙන එක සාධාරනයි)

ටික වෙලාවකින් ආපු බඩ ගනින්න නිවන්න පාන් පෙතිි තුන හතරක් එක්ක සොසේජ් වලින් නිමල දාපු අපි ,


පහලට බහින්න පටන් ගත්තා මග නැවතීීීීම් කිසිවක් නැතිව එක හුස්මට කන්ද පහල සමහර තැන් වල බෑවුමට ඇග සීතල උෟ අවස්ථාවන් නැතිවාම නොවේ.


අපි බයික් ටික දාපු ගෙදර අයට ස්තූති කරල එහෙ හිටපු පුංචි දුවෙක්ට පොඩි තෑග්ගකුත් දීල ආපහු එන්න පිටත් උනා.

ඇති නේ ගියපු පාරෙම තමා ආපහු ආවෙ :p





You May Also Like

18 comments

  1. Duwata deepu thaagga mokakda??? Mewa dhAwena prashna yako

    ReplyDelete
    Replies
    1. 😂😂😂
      අර ගානට උත්තරේ හොයපන් කියනව.

      Delete
  2. අගේ ඇති ගමනක් නොවෙ. මට මැවිල පේනව පොල්තෙල් නැතුව මුං රොටී හදන හැටි. හැක්..

    ReplyDelete
    Replies
    1. නූඩ්ල්ස් ගෙනියමු කියද්දි මද්ද තමා වදේ දාල රොටීී අරන් ගියේ.

      ස්තූතියි ගොඩ වැදුනව

      Delete
  3. Replies
    1. ස්තූතියි ගොඩ උනාට

      Delete
  4. වෙසක් දවසේ තමා ඊගාව ගමන කිව්වා නේද.. අපේ උන් ටිකට වෙසක් දාට එලි වුණේ මල් වට්ටි අත ගහලා ගල් එහෙම වැඳ පුදාගෙන හබරාදුව පැත්තේ වෙරළේ ගල්තලාවක් උඩ.. ;)

    ලොකු බයික් ක්ලැන් එකක් එක්ක ටුවර් එකක් යනවා නම් ඉතින්, පුළුවන් තරම් එක වගේ ඔලු තියෙන උන් යන්න ඕනේ.. නැත්තම් ඉතින් කෙලියා තමා. (මගේ මැජික් නම්බරේ ඉතින් බයික් දෙක තමා, ඒක පට්ට)

    ReplyDelete
    Replies
    1. ලොකු බයික් ක්ලැන් එකක් එක්ක (මේකට ගියෙ නිත්‍ය සාමාජිකයෝ 6යි
      තව දෙන්නෙක් අහම්බෙන්.) නෙමේ මචං ලොකු සෙට් එක නම් 30 - 40ක් යනව (කලින් පෝස්ට්,)

      Delete
  5. //මද්දා අතුලු තවත් කිහිප දෙනෙක් ගෙනාපු පොතීන්, ප්ලාස්ටික් වතුර බෝතල් ආදි උෟ නොදිරන දේවල් ටික දාපු බෑග් දෙකක් හදාගත්තෙ ඉදපුු තැනක කුනු දාල යන පුරුද්ට සමුදීීල දැන් සෑහෙන කාලක් වෙන නිසයි// එල

    උඹලගෙ ගෲප් එකේ ලින්ක් එකත් දැම්මනම් වටිනවා බ්ලොග් එකට. කොහොම උනත් ඕන මන් උබලගේ ගෲප් එක අමාරුවෙන් හොයන් රික්වෙස්ට් එකක් දැම්මා එල ඈ

    ReplyDelete
    Replies
    1. ඉස්තූතී රෝමා
      ග්රූප් එක ඒල්ලනන විදියක් බලන්නම්

      Delete
  6. මමත් දවසක එන්නද ... හැබැයි මගේ උපරිම ස්ීඩ් එක පැයට කිලෝමීටර් 40යි

    ReplyDelete
    Replies
    1. ස්පීඩ් ඒක‍ හදාගන්ට බැරියැ යමු යමු ව.අගෝස්තුවේ එකක් යන්න ඉන්නෙ

      Delete
  7. ඔන්න මල්ලි ඉඩ ලැබුන හැටියෙ ඔයාගේ අඩවියට ආවා... රසවත්ව ලියලා තියෙනවා... හැබැයි බයික් පදිද්දී පරෙස්සමින්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයිය ගොඩ උනාට.
      අනිවාරනේම වේගය/ මාර්ග නීති පිලිබදව ලොකු අවධානයක් යොමුකරනව අපි ටුවර් ඔගනයිස් කරද්දදි

      Delete
  8. ඈ බං මද්දො, කඳු මුදුනට නැගපු එකේ වටේ පිටේ පේන්න පැනොරාමා පොජ්ජක් ගැහුවෙ නැතැයි ? අනික ගුවන්ගත වෙන්නම ඕන උනාද ? අර කුණු ටික අහක් කරපු එක නම් බොහොම වටිනා වැඩක්, ස්තුතියි බොලාට.

    ReplyDelete
    Replies
    1. මද්දගෙ ඔය පොටෝ ගහන වැඩ වලට වැඩි උනන්දුවක් නෑ නොවැ

      කාටත් හිරිහැරයක් නැති වැඩේනෙ ඉතිං අනික වහත් නෙමෙයි ෆුල් ඕර්ගගනික්

      ඒක දැන් ඔටෝම වෙන අනිිඡ්චානුක ක්‍රිිිිිිියාවක් ගානයි.

      ස්තූතියි ගොඩ උනාට

      Delete
  9. නියම්යි මද්දා මේ රස්තියාදුවත් .

    " අවට පොලිතීීීීන් බෝතල් කෑන් ආදිය අඩු නැතිව විසිරිලා තිබුන බලන් ඉන්න බැරිම තැන එකම විල්පපය විදියට ඒ ටික එකතු කරල පුච්චලා දාන්න අපි තීරනයක් ගත්තා "

    ගොඩක් වටිනවා මේ දේ . හයික් යන ගොඩක් අය නොකරන දෙයක් .

    ReplyDelete