• Home
  • Facebook
  • Youtube

රෝද දෙකේ රස්තියාදුව

facebook google


ඊළග රස්තියාදුව න්න තැනක් හොයමින් ඉද්දි තමයි අපිට බන්ඩාරවෙල පැත්තේන් හරිත කන්ද ගැන ආරංචියක් ආවෙ. තැන ගැන හොයල කෑම බීම ගැනත් බලල අවසරේ ගන්නත් ලෑස්ති වෙලා ඉද්දි තමයි අපිට නරක ආරංචියක් ආවෙ. එතන තියන අනතුරුදායක තත්වය ටිකක් විතර වැඩි වෙලා කියල මේ පාර අපිත් එක්ක පොඩ්ඩො දෙන්නෙක් එහෙමත් එන නිසාත් පිරිස වැඩි නිසාත් අපිට සිද්ද උනා එතන අතහරින්න.

 ඊට පස්සෙ තමයි සචින්තන ගේමට බැස්සෙ. හොයා ගත්තු කදු මුඳුනක තුන් පාරක්ම රිකී කරල ග්‍රාම නිළධාරි කාර්‍යාල, ප්‍රදේශීය ලේඛම් කාර්‍යාල ආදී තැන් වලටත් කීප වරක්ම බඩ ගාල තමයි අපි වෙනුවෙන් මේ තැන වෙන් කර ගත්තේ.
--------------------------------------------------------------------------------------------------------------------------
    උදේ පාන්දරම නුවරින් වගේම කොලඹිනුත් අපේ රස්තියාදු කාරයො ටික මෙදා ⁣පාර උදේ රැයින්ම පිටත් වෙන්නයි යොදාගෙන තිබ්බේ. ඒක නිසා පාන්දර 3.30 වෙද්දිිම හතරවටෙන් අැමතුම් ගලාගෙන ආව. පාන්දර 4.30 වෙද්දි කොට්ටාවෙනුත්, පාන්දර 6.00 පේරාදෙණියෙනුත් කන්ඩායම් දෙකක් විදියට ගමන් ආරම්භ කිරීමයි අපේ අභිප්‍රාය උනේ. නමුත් හිතපු විදියට අපිට ටෙන්ට් ටික ලැබුනෙ නැති නිසා කොළඹ අපි පිටත් වෙද්දිත් උදේ 6.30 විතර උනා.
කොලඹින් අපි පිටත් වෙලා ටික වෙලාවක් යද්දි අපේ නුවර රස්තියාදු කාරයො ටිකත් එහෙන් පිටත් උනා කියන ආරංචිය ආව.
සාමාන්‍ය විදියටම අපිට කරවනැල්ලට ලගා වෙනකන් ටිකක් විතර තදින් අක්සටල්ටර් එක මිරිකන්න අවසථාව ලැබුනේ උදේ පාන්දරම එතරම් තදබදයක් නොතිබ්බ නිසයි. අතරමගින් එකතු වෙන්න හිටපු කිහිපදෙනත් එක්කම අපි කරවනැල්ලට අවා. එතනින් තවත් සමාජිකයින කීප දෙනෙක් හා අපේ පලමුවැනි(රෝද දෙකක් හිමි)සාමාජිකාව එකතු වෙන්න මග බලන් හිටිය,  ඒ කස්ටියත් එකතු කරගෙන හනිකට ගිනිගත්හෙන⁣ට එද්දි තමයි මහ වැස්සක් කඩා පාත් උනේ, ටිකකට නැවතිලා වැහි කබා, වැහි ආවරන, බෑග් ආවරන දාගෙන නැවතත් කල⁣බලේම පිටත් උනේ ගිනිගත්හෙනදී හැමෝම එකටම එකතු වෙලා උදේ කැම ගන්න බලාපොරොත්තුවෙනුයි.

ඒත් වැස්සයි උදේ උන පරක්කුවයි නිසා අපි උදේ කෑම කිතුල්ගල ගග අයිනෙ තිබුන පුංචි කඩේකින් අරගෙන නාවලපිටියට යද්දි අපේ නුවර යාලුවො ටික අපිව හොයන් පෙරමගටම ඇවිත් තිබනා.නාවලපිටිය  ෆූඩ් සිටි එකෙන් අවශ්‍ය අඩුම කුඩුම ටිකත් අර⁣ගෙනම ගමන පිටත් උනේ කට්ටියව 
ගමන ගැනත්,
අපේ නීතිරීති ගැනත් හොදින්ම දැනුවත් කරලයි
.

පරංගියා කෝට්ටේ යාම මනාව ප්‍රගුණ කරල තිබුන නිසා අපි කෙලින් පාරෙ නොයා නාවලපිටි⁣යෙන් හැරිල කඩියන් ලෙන ඇල්ල පැත්තේන් පුස්සැල්ලාවට යන්නයි ගියේ වර්ෂාව නිසා ඇල්ලට නොබැස්සත්  එතන ටික වෙලාවක් නැවතිලා වීඩියෝ එකක් එහෙම අරගෙන තමයි අපි පිටත් උනේ ලස්සන වචනයෙන් කියන්න අමාරු පාරවල් වලින් (අතරමං වෙලා පාරත් වරද්දගෙන) අපි පුස්සැල්ලාවට එද්දි හොදටම පරක්කුයි.
(මෙතනින් එහාට නම් පාර කියන්න එපා කියල ආපු ඉල්ලීම් නිසා නොකිය ඉන්නම්, ඒ උනාට යන්න අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මද්දට මේලක් ඒව්වොත් තැනයි අවසර ගන්න විදිය ගැනයි කියල දෙන්නම්)
එතනිනුත් රාත්‍රියට අවශ්‍ය දේවල් නැවත බෑග් වලට
කෙසෙල් නම් ලිස්ට් එකේ නෑ 
 දාගත්තු අපි දවල් කෑම ලෑසස්ති කරල තිබ්බ තැනට එද්දි හොදටම හවස් වෙලා, කෑමට වඩා ගම⁣නාන්තය වැදගත් නිසා කෑම ටිකත් බෑග් වලටම දාගෙන අපේ ගමන පටන් ගත්තා (සමහරු නම් කියනව ලංකාවෙ තියෙන අමාරුම පාරලු එයාල අපේ සිංහරාජ රයිඩ් එක නොගිය නිසාම හොදයි)

ඇත්තටම කන්දක් නගින්න තිබ්බ නිසා පාර ටිකක් දුෂ්කරයි Off Road පුරුදු නැති අයෙක් නම් කියයි ගොඩක් අමාරුයි කියල.
බයික් තුනකම ක්ලච් ⁣ප්ලේට් වලට කෙල උනා තව බයික් කිහිපයක් මග නවත්වා යන්න තීරනය කලා
කිහිප දෙනෙක් පොලොව සිපගන්නත් අමතක කරේ නෑ.

වැදගත්ම දේ තමා අපේ එකම සාමාජිකාව ගමනාන්තයට මුලින්ම ගියපු කන්ඩා⁣යමත් එක්කම හරි හරියට හිටියා.









අකුරු කරලා ඉවර කරන්න අමාරු ගමනානතය පොටො වලින්ම බලා ගන්න. සීතලත් හුලගත් එක්ක දැඩි පරිශ්‍රමක් දරල ටෙන්ට් ටික අටව ගද්දි හොදටම කලුවර වැටිල ඉවරයි.














තෙත බරි උන දර අවුල ගන්න සෑහෙන වෙහෙසක් දරන්න සිද්ද උනත් අපි සාර්තක උනා. කාබයිට් වලටත් වඩා චේති මල්ලිගෙ කොලරොඩු සාත්තුව ගිනිගොඩ ඇවිලෙනකන් එක දිගටම ලැබුන නිසා සාර්තක උනා  ⁣කීවොත් තමා නිවැරදි.
අමාරුවෙන් ගල් අගුරු ටිකත් පත්තු කරගෙන BBQ වැඩෙට බැස්සෙ සුමුදු අයිය.
කෑම ගෙන්න පහලට යන්න තිබුනත් ඒ වෙලාවෙ ආයෙ පහලට යන්න තරම් හිතක් නොතිබ්බ නිසා අපිට සිද්ද උනා ඉතා මිලාදික ඩිලවරි සර්විස් එකක සේවය ඉල්ලා හිටින්න.

//මද්දට නින්ද ගිය, සමහරුන්ට ටෙන්ට් මාරු උන. BBQ ඉවරයි කියල හිතන් මස්ටික පැත්තක තියෙද්දා හූල්ලපු. සින්දු කවි උන, සමහරුන්ට මල ඇනයක් උන සමහරු(මම නම් දන්නෑ ඕං), සචින්තගෙ ගිටාර් එකට නියම බොංගො පාට්නර් කෙනෙක් සෙට් උන, සුමිහිරි මතක කමෙන්ට් වලට ඉතිරි කරල රැය ගෙව්ව කියමුකෝ.//

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
පහුවදා උදේම නැගිටලා තේ එකක් එහෙමත් හදාගෙන බීල

හර්ෂගෙ ස්පෙෂල් චොක්ලට් පානයෙනුත් උගුරු තුන හතරක් ගහල ටෙන්ට් ටික අකුලන අතරේ වටා පිටාවෙ තිබුන ⁣කුනු කෑල්ලක් වත් ඉතිරි නොවෙන්න සුද්දයක් දානනත් ඉතිරි උන ඉදුල් ටික ලන්ච් ෂිට් වලින් වෙන් කරල ලන්ච් ශීට් ටික බෑග් එකකට සථාන ගත කරල විනාශ කරන්න දාන්න ගේන්නත් ඉදුල් ටික වලල දානනත් කටයතු කරල සුපුරුදු පාරෙම අපි අපහු පල්ලම් බැස්සා.

ලසිතගෙ බයික් එකත් ඇදගෙන කොඩ්ඩ නුවරට ගියේ ක්ලච් ප්ලේට් ලෙඩේ උග්‍ර වෙලා තිබ්බ නිසයි.
යන්න කලින් ලසිත ලගටම ඇවිත් කීවෙ "මද්ද මම නිසා අනිත් උන්ට කට්ටක් සෙට් කරන්න එපා උඹ උන් ටික අරන් යමන් මම එන්නම්" කියලයි. එත් දාල යන්න තරම් හිතක් නොතිබ්බත් කොඩ්ඩ වගකීම බාර ගත්තු නිසා අනිත් අයත් අරගෙන කිට්ටුව තිබුන වේල්ලක් ලගට ගියේ මහනසිය වතුරෙ දිය කරල අරින්නයි, BRANCH එකක් ගන්නයි.පහලට බහිද්දි උදේ කෑම වෙලාව හොදටම පහුවෙලා නිසාත් දවල් කෑම වෙලාව ලග ලග අාපු නිසාත් වේල් දෙකම එක පාරින් ඇදල දැම්ම.


නාල කාල ඉවර වෙලා බයික් ටිකේ පෝටටෝ ටිකක් එහෙමත් අරගෙන 


අපි ආපහු එන්න පිටත් උනා. අතර මගදි පොඩි බඩගිින්නක් එහෙමත් මෝදු වේගන එද්දි තමයි කවියා අපිට අරාධානා කරේ තේ එකක් බීීල යන්න ගෙදරට එන්න කියල කවියගෙ ආච්චි අම්ම දීපු තේ එකත් එක්ක කිට්ටුව කඩෙකින් උස්සන් ආපු කේක් කිලෝ කීපයක් එක්ක ෂෝටීීස් ටිකටත් වග කියල තමයි අපි ගමන ඉවර කරේ

ඔන්න ගියපු අය ටික







මීීළග රස්තියාදුව අගෝ 25,26 මෙතනින් එන්න පුලුවන්




Share
Tweet
Pin
Share
14 comments
Newer Posts
Older Posts

අපි ගැන

About Me


රෝද දෙකේ රස්තියාදුව හැදෙන්නෙ බයික් වලට ආදරේ කරන අයටයි. ජපන්/ඉන්දීයන්/මැලේසියා/යුරෝපා කොහේ හැදුවත් පදින රොද දෙකට ආදරේනම් එකතුවෙන්න තහනමක් නෑ. රට වටේ ඇවිදින්න කැමති bikersලා සෙට් එකක් හදන එකයි මූලික අරමුන මොකද ගොඩක් අය බයික් එකේ brand/model එක්ක තමයි group වලට සෙට් වෙලා ඉන්නෙ එයාලගෙ trip දැකල ඉරිසිය හිතුනු අවස්ථා ඕනි තරම්. මේකෙ සමාජික වෙන්න තියෙන එකම සුසුදුසුකම bike lover ,කෙනෙක් වීම පමනයි.

අව ගිය අය

Labels

R2R official events පිළිවෙලක් නැති ගමන්.

recent posts

Blog Archive

  • ►  2020 (2)
    • ►  July (1)
    • ►  January (1)
  • ►  2019 (5)
    • ►  October (1)
    • ►  May (1)
    • ►  April (2)
    • ►  January (1)
  • ▼  2018 (7)
    • ►  October (2)
    • ►  September (1)
    • ▼  July (1)
      • හරිත කඳුමුදුනක රැයක්
    • ►  May (1)
    • ►  April (1)
    • ►  January (1)
  • ►  2017 (6)
    • ►  December (1)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (3)

Created with by BeautyTemplates | Distributed by Gooyaabi Templates