හරිත කඳුමුදුනක රැයක්
ඊළග රස්තියාදුව න්න තැනක් හොයමින් ඉද්දි තමයි අපිට බන්ඩාරවෙල පැත්තේන් හරිත කන්ද ගැන ආරංචියක් ආවෙ. තැන ගැන හොයල කෑම බීම ගැනත් බලල අවසරේ ගන්නත් ලෑස්ති වෙලා ඉද්දි තමයි අපිට නරක ආරංචියක් ආවෙ. එතන තියන අනතුරුදායක තත්වය ටිකක් විතර වැඩි වෙලා කියල මේ පාර අපිත් එක්ක පොඩ්ඩො දෙන්නෙක් එහෙමත් එන නිසාත් පිරිස වැඩි නිසාත් අපිට සිද්ද උනා එතන අතහරින්න.
ඊට පස්සෙ තමයි සචින්තන ගේමට බැස්සෙ. හොයා ගත්තු කදු මුඳුනක තුන් පාරක්ම රිකී කරල ග්‍රාම නිළධාරි කාර්‍යාල, ප්‍රදේශීය ලේඛම් කාර්‍යාල ආදී තැන් වලටත් කීප වරක්ම බඩ ගාල තමයි අපි වෙනුවෙන් මේ තැන වෙන් කර ගත්තේ.
--------------------------------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------------------------------
උදේ පාන්දරම නුවරින් වගේම කොලඹිනුත් අපේ රස්තියාදු කාරයො ටික මෙදා පාර උදේ රැයින්ම පිටත් වෙන්නයි යොදාගෙන තිබ්බේ. ඒක නිසා පාන්දර 3.30 වෙද්දිිම හතරවටෙන් අැමතුම් ගලාගෙන ආව. පාන්දර 4.30 වෙද්දි කොට්ටාවෙනුත්, පාන්දර 6.00 පේරාදෙණියෙනුත් කන්ඩායම් දෙකක් විදියට ගමන් ආරම්භ කිරීමයි අපේ අභිප්‍රාය උනේ. නමුත් හිතපු විදියට අපිට ටෙන්ට් ටික ලැබුනෙ නැති නිසා කොළඹ අපි පිටත් වෙද්දිත් උදේ 6.30 විතර උනා.
කොලඹින් අපි පිටත් වෙලා ටික වෙලාවක් යද්දි අපේ නුවර රස්තියාදු කාරයො ටිකත් එහෙන් පිටත් උනා කියන ආරංචිය ආව.
සාමාන්‍ය විදියටම අපිට කරවනැල්ලට ලගා වෙනකන් ටිකක් විතර තදින් අක්සටල්ටර් එක මිරිකන්න අවසථාව ලැබුනේ උදේ පාන්දරම එතරම් තදබදයක් නොතිබ්බ නිසයි. අතරමගින් එකතු වෙන්න හිටපු කිහිපදෙනත් එක්කම අපි කරවනැල්ලට අවා. එතනින් තවත් සමාජිකයින කීප දෙනෙක් හා අපේ පලමුවැනි(රෝද දෙකක් හිමි)සාමාජිකාව එකතු වෙන්න මග බලන් හිටිය, ඒ කස්ටියත් එකතු කරගෙන හනිකට ගිනිගත්හෙනට එද්දි තමයි මහ වැස්සක් කඩා පාත් උනේ, ටිකකට නැවතිලා වැහි කබා, වැහි ආවරන, බෑග් ආවරන දාගෙන නැවතත් කලබලේම පිටත් උනේ ගිනිගත්හෙනදී හැමෝම එකටම එකතු වෙලා උදේ කැම ගන්න බලාපොරොත්තුවෙනුයි.
ඒත් වැස්සයි උදේ උන පරක්කුවයි නිසා අපි උදේ කෑම කිතුල්ගල ගග අයිනෙ තිබුන පුංචි කඩේකින් අරගෙන නාවලපිටියට යද්දි අපේ නුවර යාලුවො ටික අපිව හොයන් පෙරමගටම ඇවිත් තිබනා.නාවලපිටිය ෆූඩ් සිටි එකෙන් අවශ්‍ය අඩුම කුඩුම ටිකත් අරගෙනම ගමන පිටත් උනේ කට්ටියව
ගමන ගැනත්,
අපේ නීතිරීති ගැනත් හොදින්ම දැනුවත් කරලයි.
අපේ නීතිරීති ගැනත් හොදින්ම දැනුවත් කරලයි.
පරංගියා කෝට්ටේ යාම මනාව ප්‍රගුණ කරල තිබුන නිසා අපි කෙලින් පාරෙ නොයා නාවලපිටියෙන් හැරිල කඩියන් ලෙන ඇල්ල පැත්තේන් පුස්සැල්ලාවට යන්නයි ගියේ වර්ෂාව නිසා ඇල්ලට නොබැස්සත් එතන ටික වෙලාවක් නැවතිලා වීඩියෝ එකක් එහෙම අරගෙන තමයි අපි පිටත් උනේ ලස්සන වචනයෙන් කියන්න අමාරු පාරවල් වලින් (අතරමං වෙලා පාරත් වරද්දගෙන) අපි පුස්සැල්ලාවට එද්දි හොදටම පරක්කුයි.
(මෙතනින් එහාට නම් පාර කියන්න එපා කියල ආපු ඉල්ලීම් නිසා නොකිය ඉන්නම්, ඒ උනාට යන්න අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මද්දට මේලක් ඒව්වොත් තැනයි අවසර ගන්න විදිය ගැනයි කියල දෙන්නම්)
එතනිනුත් රාත්‍රියට අවශ්‍ය දේවල් නැවත බෑග් වලට
![]() |
කෙසෙල් නම් ලිස්ට් එකේ නෑ |
ඇත්තටම කන්දක් නගින්න තිබ්බ නිසා පාර ටිකක් දුෂ්කරයි Off Road පුරුදු නැති අයෙක් නම් කියයි ගොඩක් අමාරුයි කියල.
බයික් තුනකම ක්ලච් ප්ලේට් වලට කෙල උනා තව බයික් කිහිපයක් මග නවත්වා යන්න තීරනය කලා
කිහිප දෙනෙක් පොලොව සිපගන්නත් අමතක කරේ නෑ.
කිහිප දෙනෙක් පොලොව සිපගන්නත් අමතක කරේ නෑ.
වැදගත්ම දේ තමා අපේ එකම සාමාජිකාව ගමනාන්තයට මුලින්ම ගියපු කන්ඩායමත් එක්කම හරි හරියට හිටියා.
අකුරු කරලා ඉවර කරන්න අමාරු ගමනානතය පොටො වලින්ම බලා ගන්න. සීතලත් හුලගත් එක්ක දැඩි පරිශ්‍රමක් දරල ටෙන්ට් ටික අටව ගද්දි හොදටම කලුවර වැටිල ඉවරයි.
අමාරුවෙන් ගල් අගුරු ටිකත් පත්තු කරගෙන BBQ වැඩෙට බැස්සෙ සුමුදු අයිය.
කෑම ගෙන්න පහලට යන්න තිබුනත් ඒ වෙලාවෙ ආයෙ පහලට යන්න තරම් හිතක් නොතිබ්බ නිසා අපිට සිද්ද උනා ඉතා මිලාදික ඩිලවරි සර්විස් එකක සේවය ඉල්ලා හිටින්න.
//මද්දට නින්ද ගිය, සමහරුන්ට ටෙන්ට් මාරු උන. BBQ ඉවරයි කියල හිතන් මස්ටික පැත්තක තියෙද්දා හූල්ලපු. සින්දු කවි උන, සමහරුන්ට මල ඇනයක් උන සමහරු(මම නම් දන්නෑ ඕං), සචින්තගෙ ගිටාර් එකට නියම බොංගො පාට්නර් කෙනෙක් සෙට් උන, සුමිහිරි මතක කමෙන්ට් වලට ඉතිරි කරල රැය ගෙව්ව කියමුකෝ.//
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
පහුවදා උදේම නැගිටලා තේ එකක් එහෙමත් හදාගෙන බීල
ලසිතගෙ බයික් එකත් ඇදගෙන කොඩ්ඩ නුවරට ගියේ ක්ලච් ප්ලේට් ලෙඩේ උග්‍ර වෙලා තිබ්බ නිසයි.
යන්න කලින් ලසිත ලගටම ඇවිත් කීවෙ "මද්ද මම නිසා අනිත් උන්ට කට්ටක් සෙට් කරන්න එපා උඹ උන් ටික අරන් යමන් මම එන්නම්" කියලයි. එත් දාල යන්න තරම් හිතක් නොතිබ්බත් කොඩ්ඩ වගකීම බාර ගත්තු නිසා අනිත් අයත් අරගෙන කිට්ටුව තිබුන වේල්ලක් ලගට ගියේ මහනසිය වතුරෙ දිය කරල අරින්නයි, BRANCH එකක් ගන්නයි.පහලට බහිද්දි උදේ කෑම වෙලාව හොදටම පහුවෙලා නිසාත් දවල් කෑම වෙලාව ලග ලග අාපු නිසාත් වේල් දෙකම එක පාරින් ඇදල දැම්ම.
නාල කාල ඉවර වෙලා බයික් ටිකේ පෝටටෝ ටිකක් එහෙමත් අරගෙන
අපි ආපහු එන්න පිටත් උනා. අතර මගදි පොඩි බඩගිින්නක් එහෙමත් මෝදු වේගන එද්දි තමයි කවියා අපිට අරාධානා කරේ තේ එකක් බීීල යන්න ගෙදරට එන්න කියල කවියගෙ ආච්චි අම්ම දීපු තේ එකත් එක්ක කිට්ටුව කඩෙකින් උස්සන් ආපු කේක් කිලෝ කීපයක් එක්ක ෂෝටීීස් ටිකටත් වග කියල තමයි අපි ගමන ඉවර කරේ
![]() |
ඔන්න ගියපු අය ටිකමීීළග රස්තියාදුව අගෝ 25,26 මෙතනින් එන්න පුලුවන් |
14 comments
❤️
ReplyDeleteඑලම
Deleteමේකෙ කන්ද මුදුනටම බයික් එකේ ගියාද?...
ReplyDeleteයන්න පුලුවන් ගොඩාක් අමාරැයි (සාමාන්‍ය බයික් වලට) කන්ද මුදුනෙ ෆයිනස් වගාවෙන් කිරි එකතු කරන්නද කොහෙද වාහන ගියපු පරන පාරක් තියෙනව.
Deleteපට්ට.
ReplyDeleteස්තූතියි
Deleteතාරුණ්‍ය ගත විය යුත්තේ මෙන්න වගේ.... සුබ පැතුම් හැමෝටම. පරිස්සම ඉස්සර කරගෙන තවත් අත්දැකීම් බෙදාගන්න අපිත් එක්ක.
ReplyDeleteබොහෝම ස්තූතියි.
Deleteවෙනද වගේම ඉරිසියයි.. සතුටුයි.. :) :D
ReplyDelete:'(
Deleteස්තුතියි
ඔිනි තැනක යන්න මද්ද.....යන හැටි දාන්න නමි එපා..අපේ කාලකන්නි හැත්තට (හැමෝම නෙවෙයි)ලස්සන,පිරිසිදුකම,ඒකෙ තියන වටිනා කම කියන ඒවා පෙන්න බැ.....සුබ ගමන්...
ReplyDeleteඑලම සහෝ තව ටික දවසක් යද්දි යන්න තැන් නැති වෙනව මෙහෙම ගියොත්
Deleteනියමයි මද්දා .
ReplyDeleteලස්සන තැනක් වගේ .
කරවනැල්ල පැත්තේ ගියපු වෙලේ ඕලු ඇල්ලත් බලන්න තිබේ .
" කෑම ගෙන්න පහලට යන්න තිබුනත් ඒ වෙලාවෙ ආයෙ පහලට යන්න තරම් හිතක් නොතිබ්බ නිසා අපිට සිද්ද උනා ඉතා මිලාදික ඩිලවරි සර්විස් එකක සේවය ඉල්ලා හිටින්න."
මොකක්ද මේ "ඉතා මිලාදික ඩිලවරි සර්විස්" එක . ?
අපේ උන් එක්ක තැනක් බලන්න යනව කියන්නෙ පැය ගානක් ඉවරයි බං ඒකයි බලන තැන් සීමා කරන්නෙ
Deleteකෑම හදන්න බාර දීල තිබුනෙ පහල තිබ්බ කඩේකට.
ඉතින් මහරෑ කන්ද නැගල කෑම ටික දීල යන්න තරම් ගටක් තිබ්බ කොල්ලො දෙන්නෙක් හොයල දුන්නා කඩේ අයියා. ගාන තමා සැර.