රෝද දෙකෙන් කමතට (හබරණ) (7th Ride)

by - September 16, 2018


මේ පාර නම් කතාව එන්නෙ කොටස් කීපයක් විදියට ඒක මුලින්ම කියන්න එපැයි.

හරි එහෙනම් ගලේ කන්ද ගිහින් ආවට පස්සෙ මද්දට ටිකක් විතර මහන්සි දැනුන ඉතින් "රෝද දෙකේ රස්තියාදුවට" ටික දවසකට සමු දෙන්නයි හදුවෙ

ඒ මේ අතරට මද්දගෙ වෙඩිමත් ආවම සෑහෙන්න බිසී උනා.
 පවුලෙ අයගෙන් අෑත් වෙලා කොලඹට සින්න වෙලා ඉන්න නිසා දැන් කුරුණැගල ඉන්නෙ අතේ ඇගිලි වලින් ගනින්න පුලුවන් තරම් යාලුවො ටිකක් විතරයිිි. ඉතිරි ඔක්කොම ටික ඔපිස් වලයි "රස්තියාදුවෙයිි" යාලුවො ටික තමයි ඒ ටිකෙනුත් බහුතරය කොළඹ.
ඉතින් පාටියත් මොරටුවේම ගන්න තීීරණය උනා. මාසයක් වගේ කෙටි කාලයක් ඇතුත පොඩිවට ලස්සන ටිකක් වෙනස් උත්සවයක් සංවිධානය කරගත්තෙ තනියමයි. රෝද දෙකේ රස්තියාදු කාරයො තමයි හැම දේටම උදව් කලේ ඔව් බය නැතිව කීවෑකි උන් ඇරෙන්න වෙන කිසිම එකෙක්ගෙන් උදව් ගත්තෙ නෑ.

ටුුවර් එකක් ගැන කියන්න ඇවිත් වැල් බයිිිල කියල වැඩක් නෑනෙ ආපහු මුලට

ඉතින් ඔන්න ඔය හේතු නිසා රස්තියාදුව ටෙම්පරි ස්ටෑන්ඩ්බයි දාන්න හැදුවට වැඩේ හරිගියේ නෑ. මේක දැන් ලේ වලටම මුසු වෙලාද කොහෙද.
ඊටත් වඩා එකා දෙන්න අහන්න ගත්තම යන්නැද්ද ආයෙ කවද්ද ඊලග එක කොහෙ? දීපන්කකො උත්තර 😅

තැන් 100ක් විතර අතරින් අන්තතිමට තිවා තැනක් හොයාගන තිබ්බ. හැමදාම හොයන හොයන තැන මම මොකක් හරි අඩුපාඩුවක් කියන නිසා තිවා මාත් එක්ක මලෙන්ද මන්ද හිටියෙත්. කෝමඋනත් මේපපාරත් හොයපු මුල්මතැනට  මම බාල්දියක් පරෙලුවේ දුර, පහසුකම්, විස්තර මදිබව ආදී හේතු දක්වල. ඊට පස්සෙ ආයෙම දෙන්න එක්ක මැප් එක පීීරන්න ගත්තා. එහෙම ඉද්දි තමයි සති අන්තයක මට කෝල් එකක් දීල කීවෙ තැනක් සෙට් උනා අද බලන්න යනවයි කිිියල.

අන්තිමට හබරණ පැත්තේ කැලෑවක් හොයාගන තිබ්බ (කමත එකෝ ලොජ් එකේ කෑම්පින්ග් සයිට් එක.) පොටෝ එහෙම එවල තව කිමි කිහිපයක ඕෆ් රෝඩ් අත්දැකීමක් එහෙමත් ගන්න පුලුවන් කීීවම හිත නිදහස්.
හැබැයි පොඩි අවුලක් ගාන ටිකක් සැරයි කමක් නෑ හැමදාම බාල්දි පෙරලනව කියල හිතයි මේකකටත් බෑ කීීවොත් ඔන්න ඔහෙ හා කියනව කියල හිතල කැමැත්ත දුන්න.

ඉවෙන්ට් එක දැම්මම තමා තත්වය එලියට ආවෙ. අපේ කොල්ලො ගොඩක් අය මහලොකු සල්ලි කාරයො නෙමයෙි කියන එක මද්ද හොදටම දන්නව. අනිත් එක තමයිි අපි ඉපදුන අපේ රටේ අැවිදින්න සුද්දො වගේ සල්ලි විසි කරන්න ඕනිිද අපිම කියන තැන තමා මද්ද ඉන්නනෙ. ඉවෙන්ට් එකට සහභාගීීත්වය අනිවාරනේම අඩු වෙනව කියන එක මද්ද දන්නව මොකද රස්නනෙ පලාතක් වීම කියන සාදකය හා මිල ඉතිිිින් මේ ගැන කතා කර කර ඉද්දි තමයි අපේ සචින්තන අදහසක් දාන්නෙ කෑම උයන්න කුකෙක්ව ගමුයි කියල. ඒ අදහස ස්තීර කර ගත්තාට පස්සෙ අපිට පුලුවන් වෙනව තවත් රු.500/= විතර ගාන අඩු කරගන්න.

ගමනට සති තුනයි!
 යන්න කස්ටිය නෑ!
කස්යටියම බිසීී වෙලා මද්දදව ගිිරේට අහුවෙ‍ලා!
 මෙච්චර කල් අපි ලග තිබුන සාර්ථකත්වය නැති කරන්න බැහැ මොකද එහෙම වෙනතුරු ගොඩක් අය බලන් නාෙහිටියාම නෙමෙයි.

කෝම නමුත් අයින් වෙලා ඉන්නම් කියල හිතපු ඉවෙන්ටුව ආයෙම අතට ගත්තා. පොස්ට් හැදුව පොටෝ හැදුව හතර වටේ පබ්ලිෂ් කරා. වැඩේ ටික ටික නැගල ආව අන්තිමට හැමදාම වගේ 30ක් පැන්නම වැඩේ නැවැත්තුවා. 30 බලාපොරොත්තුව 42ක් උනා ටෙන්ට් මදිි මේ පාරත් ඒ වගකීීම සචින්තනට බාර දුන්නා (උඹට කතා කරොත් වැඩක් බාර දෙනව කියන ගමන් වැඩේ බාරගත්තා)

සේරම ලෑස්තතියිි 25 වෙනිද පාන්දර 5.00ට පිටත් වෙන බලාපොරොත්තුවෙන් 4.30ට ඉවෙන්ට් එක දැම්ම. 😎

  කවමදාවත් නොවුන විදියට බලාපොරොත්තු උන වෙලාවටත් කලින් බහුතරයක් ඇවිත් හිටියා මද්ද යද්දිත් 4.30 පහුවෙලා විනාඩි කිහිපයක් ගත වෙලා තිබුන. එක්කෙනෙක් දෙන්නකේ විතරයි පරක්කු උනේ එ්කත් කියන්න තරම් දෙයක් නෙමෙයි කලින් වතාවන් එක්ක සසදද්දි. 4.45විතර කෝල් කරල මද්දා බෙඩ්ශීීීීට් ඕනිද ඇහුවෙ කව්ද කියන එක හරි නෑනෙ.

කස්ටියම කොට්ටාවනේ පිටත් උනා පටන් ගද්දිම පුුංචි අඩුපාඩුවක් හොම්බ දිග කැමරාව අරන් එන්න කියල දාපුු ඇරේනන්ජ් මන්ට් එක හරියට කමිනි කේට් වෙලා නැහැ. (හැම දෙයක් ගැනම ඩබල් චෙක් කරද්දි උෟව පේන් ඉන්ද අෑස් වගේ දැනුනට බනින්න එපා මේ අඩු පාඩු වෙන බව දන්න නිසයි එහෙම කරන්න වෙන්නෙ) මද්ද මේ ගැන වැඩිය හොයා නොබලපු එකේ වරද (ඒකයි මේ පාර ඇල්බබම් එක පරක්කු).

කෝමින් හරි අපේ මුල්ම නැවතුම උනේ අත්තනගල්ල පංසල අසලයි අපේ රමිදු එක්ක මෙච්චර කල් අපිත් එක්ක යන්න හිටපු හැම ටුවර් එකක්ම මගෑරුනු දිනූූූූත් වෙලාවම වගේ ටිකක් පරක්කු වෙලා ආව. ඒකෙන් පාඩු උනේ මාලෙ රුපියා රුපියල් වලට මාරු කරන් අාපු එකෙක්ට කිියලයි ආරංචිය. (දෙවැනි අඩු පාඩුව බයි මද්දා යන අයට උදේට තේ එකක් ලෑස්ති නොකිරීම සමා වෙලා ඊලග පාර අපි ඒව හදාගමු)

එතනින් ඊලග නැවතුම උන පස්යාලට යද්දි බලාපොරොත්තු උනාට වඩා ටිකක් ප්‍රමාද උනේ උෟරපොල පාරෙ(හරි නේද නම පස්යාලෙන් අත්තනගල්ලට වැටෙන පාර) කිමි ගානක වාහන පෝලිිම නිසා. එතනට කෙසර අයියා වගේ මලිත්(තව මලියෙක්) අලුත්ම සාමාජික මල්ලිලා ටිකත් ඇවිත් හිටියා.
කොල්ලො තියා බල්ලවත් ගන්න නොගන්න සුපුරුදු දේශනාව

 පොඩි දැනුවත් කිරීමක් එහෙම කරල අපි ගමන ආරම්භ කරේ පහු උන චරිදු අඹේ පුස්සටම ගිහින් කෝල් එකක් දුන්නමයි.

ඊලග නැවතුම උන කුරුණෑගලට යන අතරෙ වෑන් එකක් නිකන් ගේමට වගේ අපිව ඉස්සර කරන් ගිහින් පාර මැද තියල ස්ලලෝ කරා මද්දගෙ කට්ට පැනල වමෙන් දාල ගියේ කන පිරෙන්න දෙකක් කියන්නයි බලද්දි පිටිපස්සෙ හිටපු පොඩි මල්ලි කෙනෙක්ට අපිට වීීඩියෝ කරගන්න ආස හිතිලයි එහෙම ගිහින් තියෙන්නෙ එයාටත් සැලියුට් එකක් දාගෙන කෙලින්ම ඇද්දෙ පොල්ගහවෙලට.  එතනින් එකතු වෙන්න හිටපු ලවංගා සහ එයාගෙ හස්බන්ඩාවයිි, කියපු වෙලාවටත් කලින් ඇවිත් පැයකටත් වඩා රස්තියාදු උන සිතුම් මල්ලියි (කුරුවිට ඉදන්ම ආපු) එකතු කරගනෙ කුරුණැගලට ඇද්දෙ උදේ කෑම ගන්න බලාගනෙයි 40කට නෙමේ 100කට උනත් ඉඩ තිබ්බ මාතර බත්කකඩේ (ඉස්සර නම් වේල් තුනෙන් දෙකක්ම කාපු තැන) 40කට ගන්න පාන් තියනවාද බලපන් කීවම සචින්තන වෙන කොහදෙ තැනකින් පාන් සමග හොදි ලීටර් 5ක් විතර අරගෙන තිබ්බා. ඒකත් අරගෙන සුපුරුදු වැව රවුමට ඇවිත් කන්න බලද්දි හැමෝම කියපු විදියටම පිගන් අරන් ඇව්ල්ල තිබුන නිසා😔😔 එක පිගානකින් 10ක් විතර වටවෙලා හිතේ හැටියට පරිප්පු එහෙෙමත් නාගත්තා.



ගෘප් පොටෝ එකක් එහෙම
 අරගත්තු අපි නැවතත් පාරට වැටුන සැරින් සැරේ නවතින්න සිද්ද උනේ සමහරුන්ගෙ අධික වේගයයි සමහරුන්ගෙ වේගගය අධික ලෙස මදි වීම නිසයි.
මේක කරන්න බෑ බං උන්ටිකට ආතල් එක ගන්න දීල අපි 70වට යමු 
 අන්තිමට හෙවන තිබුන තැනක නවත්තලා පිටි පස්සනේ ආපු හැමෝමත් නවත්තගනෙ අපේ පුරුදු පිලිවෙත උන 70 උපරිමය තියාගමු වේගෙන් ගියපු කිහිප දෙනාට එයාලගෙ ආතල් එක ගන්න දෙමුයි කියල ආපහු අපේ දම්වැලේ පුරුක් අමුන ගත්තා ටිකෙන් ටික දඹුල්ල එහෙමත් පහු කරලා අදාල ස්ථානයට යන පාරට හැරවේවා.


ඇත්තටම කමත හිමි කරු වෝනර් මහත්තයා හරි ලස්සනට තැන ප්ලෑන් කරල තියෙනව එයාගෙ පුතා තමා අපි යද්දි එතන නිලලත් බලධාරියා වෙලා හිටියේ.


 අනිිත් අයට විවේක ගන්න දීල තිවා එක්ක කෑම හොයන් පිටත් උනේ දවල් කෑම වෙලාව නිසා අපේ මහන්සිය අමතක කරල දාලයි.

කඩවල් කිහිපයක්ම පහු උනත් ඒ කිසිම තැනක 40 දෙනෙකුට කෑම තිබුනෙ නැහැ අන්තිමට අහම්බෙන් වගේ ගිහින් තිබ්බෙ නියම තැනකට 40කට නෙමේ 400කට උනත් කෑම එයාල ලග තිිබුනා. ටිකක් වෙලා ගියත් කෑම ටික ලස්සනට හදල දුන්නා තිවාට මේසෙ උඩම නින්දත් ගියා 😂😂😂. ඇවිත් කෑම බෙදද්දි තමා සීීන් එක කලබලේට හෝ හිතාමතාම කෑම තුනක් අඩුවෙන් තමා දීල තියෙන්නි වෙනද හැමට අන්තතිමට කෑම ගත්තට සෙට් එකක් ඇවිදින්න ගිහින් හිටපු නිසා මද්දත් ඒ වෙද්දි කෑම කන්න පටන් අරන් ඉවරයි. මදි කෑම තුන වෙනුවට සහෝදර කම බෙදාගත්තු අපේ උන්ටික බඩ පුුරව ගත්තා.


_________________________________________________________________________________

ඕෆ් රෝඩ් යන්න ගියත් චේන් එක බුරුල් උන නිසා ආපහු හරවන් ඇවිත් කඩේ ගියෙමි. ඒක අපි මනූූෂටම ලියන්න කියමු. (හෙ හේ අපේ අලුත්ම සාමාජිකයා)
_________________________________________________________________________________

පුඩි සිටිය හා තවත් කඩවල් කීපයකටම ගොඩවැදිල අවශ්‍ය අඩුම කුඩුම අරන් එද්දි හැමෝම ඇවිත් තිබුන නිසා ඊලගට අපි පිටත් උනේ හබරණ වැවට වතුරත් හොදින් තිබුන අහල පහල හිටපු ගමේ අයගෙන් ආරක්ෂිත තොටුපලක විස්තර අහගෙන කස්ටියම හිතේ හැටියට නාගත්තා කලුවර වැටෙන්න කිට්ටු වෙද්දි පාරට ආපු අපි උනු උනු ප්ලේනන්ටියක් එක්ක පොල් රොටීී කිහිපයකටත් වග කියලා කමතට ආවෙ කෑම්ප් සයිට් එකට යන්න වෙලාව හරි නිසා (මේ පාර නම්  නිදහසේ එහෙට මෙහටෙ යන්න වෙලාව තිබුනු සපුරන්න බැරි තරම් ඉලක්ක ගොඩක් අපේ ගොඩ පුරව ගත්තු නැති නිසයි. ඇත්තටම දැන් ට්‍රැවලින්ග් තරගයක් වෙලා හැමෝමමට ඕනි තැන් ගොඩක පිංතූර වලින් තමන්ගගෙ ට්‍රැවල් ෆෝල්ඩර් එක පුරවා ගන්න ඒත් හිත පිරිලද?)

ටිකක් අමාරු පාරක් දිගේ කෑම්ප් සයිට් එකට එද්දි ගෑස් ලාම්පුු දෙකකින් එලිය උන කඳවුරු බිම මනරම් දර්ශනයක් කියලයි මට නම් හිතෙන්නනෙ. ගිනි මැලය හා ගල්අඅගුරු ටික පත්තු වෙන අතර මදි පාඩුවට අපි ගෙනාපු ටෙන්ට් ටිකත් ඉදි උනා.


 

 


මස් ටික පිලිස්සෙන අතරේ කට්ටියම තමතමන් අදුන්වලා දුන්නා ඒ අතරේ ගමනෙදී වෙච්ච අඩුපාඩු හා ඉදිරියට වෙන්න ඕනි දේවල් ගැන යෝජනා එහෙමත් අරගත්තු අපි අපේ 7 වන චාරිකාව බොහෝදුරට අතිසාර්තක කියන මට්ටමට අපි අවුරුද්දක් පුරාවට ගත්තු අත්දැකීම් විසින් යොමු කරල තිබුනා කියල නිහතමානීී ආඩම්බරයක් නැති වාම නොවෙයි.

සචින්තතනගෙ ගිටාර් එක නැති උනත් ආතත සංගිත භාන්ඩ වලට දක්ෂයෙක් වෙච්ච ලසාල් තේනුුවර දර්බග්(හරි නේද නම) එකක් හා බැරල් එකක් හරහා මවපු සංගීතයත් එක්ක සචින්තතන අතුල ගායකයො ටික සිංදුවක් කියද්දි මල් වලට මල් පැනි වලට අදාල අය ඒ කර්තව්‍යයන් වල නියැලුනාලු කියලයි කියන්නෙ ගියපාර ඉගෙන ගත්තු පාඩම නිසා හැමෝම කෑම කාල එහෙම ඉවර වෙනකන් එහෙම ඉවසා වදාරල තමා මද්ද නම් අවශේෂ කාර්යයන් සදහා යොමු උනේ.



______________________________________
ඕප් රෝඩ් රසකතා ලිපියක් මනූූෂගෙන් බලාපොරොත්තුවෙන් ලියුම නවත්වන්නම්.
____________________________________________
අදට(16.09.2018) අපිට අවුරුද්දයි ආපු නාපු ව⁣ච⁣නයෙන් හරි සහවූ සැමට ස්තූතියි
කේක් කෑල්ලක් ඔයාලටත්


 






























You May Also Like

14 comments

  1. ආයෙත් එදා දවසට ගියා වගේ කියවද්දී
    "ඕප් රෝඩ් රසකතා ලිපියක් මනූූෂගෙන් බලාපොරොත්තුවෙන් ලියුම නවත්වන්නම්." ලියමු ලියමු මමත් විභාග අස්සේ හිර වෙලා හිටියේ ඉක්මනටම දාන්නම්

    ReplyDelete
    Replies
    1. එලම සහෝ තියෙනව නම්පොටෝ ටිකක් ඔබහන්මේක මැදට ගැල⁣පෙන තැන් බලල. 😂😂

      Delete
  2. හැම එකාටම වෙනම පිඟන් නැතුව ඔබාගෙන කන එකනෙ ආතල් එක. හැක්..

    ReplyDelete
    Replies
    1. අනිව අනිව. ඒත් සුවපහසුව හොයන අැත්තන්ගෙන් ගැලවීම සදහා මම රැගෙන ආයුතු ලැයිසිතුවක් දෙනව එතකොට සපයන්න ඕනි කෑම හා තැනක් පමනයිනෙ (නැත්තම් අන්තිමට කටකතා යන්නෙ අච්චර සල්ලි ගත්තා කන්න දුන්නෙ පාරේ හෙ හේ දන්නවනෙ ලංකාවෙ හැටි )

      Delete
  3. මද්දා එක්ක රෝද දෙකේ රස්තියාදුවට එකතුවෙන්න ආසයි. එත් වේලාව රාජකාරි එක්ක කෑලී හැලෙන දඩුමොනර යන්තරේ තමයි පරහට තියෙන්නේ. මේ සැප්තැම්බර් දෙවනිදා ඔයවාගේ මොටර්සයිකල් කාන්ඩයක් දැක්කා පස්යාල හරියේදි වෙන්න ඔනේ. එහෙනම් මද්දාටත් රෝද දෙකේ රස්තියාදුවටත් ජයවේවා.

    ReplyDelete
    Replies
    1. යමු යමු යමූූ.......
      //එත් වේලාව// නිවාඩු දවස් අල්ල තමා දාන්නෙ වැඩිම උනොත් වරුවක් නිවාඩු දාන්න වෙයි
      //කෑලී හැලෙන දඩුමොනර යන්තරේ// පොඩ්ඩක් ගරාජ් එකට පෙන්නල අරන් ආවනම් කිමි 200-300 මහ කජ්ජක් නෙමේ.
      //මේ සැප්තැම්බර් දෙවනිදා ඔයවාගේ මොටර්සයිකල් කාන්ඩයක් දැක්කා// දැන් මෝටර් සයිකල් ක්ලබ් ගොඩයි අපි වෙනස් වෙන්නෙ සංචාර හා කදුවුරු ගැසීීීීම් මුල් අරමුන කරගත් නිසා (මා දන්නා හැකියට ක්ලැසික් ස්කූටර් ක්ලබ් හැර අන් අය මේ පැත්ත කවර් කරන්නෙ නැහැ)

      ස්තූතියි අදහස් දැක්වීමට.

      Delete
  4. ගැහැණු හිත් මේවා බල බල දුක් වෙනෝ.. 😪😪😪😪

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රී පරාන 5ක්ම අපි එක්ක ගියා

      Delete
  5. මේ පුළුවන්නම් මේකට ට්‍රිප් මැප් එකක් එකත් ඇඩ් කරා නම් නොම්මර එකයි

    ReplyDelete
    Replies
    1. අන්තිම පෝස්ට් එකට දාන්නම්

      Delete
  6. Replies
    1. වැටකුත් ගහල
      ස්තූතියි

      Delete
  7. හැපී බර්ත් ඩේ! ටුවර් ගියේ නැති උනාට අවුරුද්ද පුරාම අපත් රස්තියාදුවේ ගියා.. හබරණ පොට් එක ගැන විස්තර ටිකක් ගන්න විදියක් දන්නපන්.. අපේ ගෙට් එකක් ඇරෙන්ජ් කරන්න හිතන් ඉන්නේ කෑම්පින් සයිට් එහෙක ..

    ReplyDelete
    Replies

    1. ටැංකු ටැංකු
      Kamatha Eco Lodge කියල සර්ච් කරන්න (ගාන තමා සැර + වතුර නැහැ කිට්ටුව නාන්න එහෙම හබරන වැව කිමි 2ක් විතර එහා)

      (ප.ලි කමත හෙන ගනන් බං ලෝ බජට් තැනක් ඕනි නම් අපේ තුසිත අයියගෙ කුරුවිට කෑම්ප් "31st event" සයිට් එක සෙට් කරල දෙන්නම්.)

      Delete