උදේ පාන්දර 3.00ට පිටත් වෙන්න යොදාගන තිබ්බත් සපුරුදු විදියටම විනාඩි 5ක 10ක පරක්කුවෙන් කටුබැද්ද හංදියට යද්දි සජිත් මල්ලි එතන්ට ඇවිත් හිටය. පාන්දර උනාට ලොකු නිදිමතක්වත් සීතලක්වත් දැනුනෙ නැහැ වෙනද වගේ මුලින්ම පානදුර හංදිටෙන් ටැංකිය පුරවගෙන මද වේගයකින් අපි දෙන්න එක්ක රත්නපුරට ආවෙ හරේද්‍ර, රමිදු සහ සාගර තුන්දෙනා එතනින් අපිට එකතු වෙන්න නියමිතව තිබුන නිසා.
වෙනද වගේ වැඩි කාලය නාස්ති කිරීමක් නැතිවම කස්ටිය එකතු උන නිසා අපි බලංගොඩ පැත්තට අදුනේ සාමාන්‍ය වේගයක් ඇතිවයි. මගදි සෙට් උන ටිකක් වෙනස් විදියෙ කැද විකුනන තැනකින් තණ හාල්, කිතුල්පිටි, සුදු ලූනු ආදී විවිධත්වක් තිබුනු කැද වර්ග අතරින් වර්ග දෙකක විතර රස බලල නැවතත් පාරට වැටුනා. සෑහෙන මීදුමක් තිබුනත් රයිඩ් කරන්න ලොකු අපහසුවක් තිබ්බෙ නැති නිසා උදේ 7.10 වෙද්දි අපි බලංගොඩ ඔරලෝසු කනුව පහුකරමින් හිටිය.
මේ ගමන විශේෂයි මොකද යන හැමෝම ටැවල් / කෑම්පින්ග් / රයිඩ් (රෝද දෙකේ රස්තියාදුව කීවත් හරි) අත්දැකීම් ඇති තෝරාගත් අය වීම නිසා එ වගේම අපි තීරනයක් අරන් තිබුනා මේ ගමනේ වියදම් අඩු කරල කරන්න (ලෙස් මනී මෝ ට්‍රැවල් කීවලු) රෝද දෙකේ රස්තියාදුව සාමාන්‍ය ගමන් වලදී අපි වැඩි පුරම බැලුවෙ යන අයගෙ පහසුව පලමු තැන තියල දෙවනුව අවම මුදල කියන එකනේ. කෝම නමුත් සංචාරයන් 11ක් හා තවත් ඉවෙන්ට් 3ක් අසුරින් ලැබුන අත්දැකීම් එක්ක (හොරාට ගියපුවා නැතිව හොදද) ටිකක් මහන්සි කියල හිතුන නිසා මම හිතුන මෙච්චර කාලෙකට අපි එක්ක ගමන් ගියපු 200කට අධික පිරිස අතරින් තෝරාගත් (මම නෙමේ එයාලටමයි කීවෙ තේරෙන්න කියල) 20 දෙනෙක් ගෙන් යුත් කන්ඩායමක් )
හරි ඒක ඒම මේම වෙලා අන්තිමට 22ක් කැමැත්ත පල කරල තිබුනා වැඩේට එකතු වෙන්න. කෝමින් හරි 22 වැඩ ප්ලෑන් කරන අතරේ හදිසියේම වගේ හිතුන රවුමක් දාන්න මේකත් 100%ක් R2R Team spirt ටුවර් එකක්ම නෙමෙයි නමුත් මෙතන ඉන්න හය දෙනාම R2R Team spirt උන්.
යෝජනා සාක්ච්චා ඉවර වෙලා අපි තෝරා ගත්තේ යකාගෙ පඩිපෙල කියල හදුන්වන කලුපහන - ඔහිය මාර්ගය (මේක යන්න නම් බයික් එකක් හෝ 4x4 වාහනයක් තමයි ගැලපෙන්නේ. ) කෝම හරි උදේ පාන්දර 3.00ට විතර නැගිටලා ගමන පටන් ගත්තා මුලින්ම කටු බැද්දෙන් සජිත් මල්ලිව සෙට් කරගන පානදුරට ආව එතනින් ටැංකිය පුරවගන රත්නපුර පාරට වැටුනා. තරමක සීතලයි නිදහස් පාරකුයි නිසා ඉද හිට නිදිමත ආවමත් නෙමෙයි පොරුවදන්ඩ පහුකරල කඩේකින් තේ එකක් එහෙම බීල රත්නපුරට ආවෙ වැඩි වේගයක් නොගෙන මොකද කිරිඇල්ල කිට්ටු වෙද්දි තරමක මීදුමක් තිබුනා. කෝම හරි දෙන්න එක්ක රත්නපුර පාරට ඇවිත් ටික වෙලාවකින් රමිදුත් එතන්ට ආව. තවත් මිනිත්තු 10ක් 20ක් යද්දි හරේද්‍ර සහ සාගර දෙන්න එක්ක අපිට එකතු උනා.
අතරමග තිබ්බ නම මතක නැති හරියක සෙට් උන කැද කඩේකින් තන හාල් සහ කිතුල් පිටි කැද වර්ග දෙක ජීවිතේ පලවෙනි පාරට රස බලල කට්ටියත් එක්ක මීදුම කපාගෙන බලංගොඩට එද්දි උදේ 7.00 පහුඋනා විතරයි.
(මේ පාර බ්ලොග් එකේ ෆොටෝ නැහැ වීඩියෝ එකක් තියෙනව කැමති අය බලල එන්නකො)
බලංගොට යන අතරමග වීඩියෝ එක අර කැද කඩෙත් තියෙනව
කෑම්ප් අත්දැකීම සම්පූර්න වෙන්න නම් කොත්තුමී එකකට උනුවතුර දාන් කාල එකක් අටවන් නිදා ගත්තාට බැ කියන එකයි මගේ නම් මතය ඒක නිසා අපි තීරනය කරා පුලුවන් හැම කෑම වේලක්ම අපේ අතින් හොදටම හදාගන්න. (කෝමත් උයන එක මගෙ නම් එක විනෝදාශයක් ) උයන්න ඉතින් බඩු ගන්න එපැයි ඒකට අපිට හරියන බඩු තියන එකම තැන උන සුපුරුද සුපර්මාකට් එක ෆුඩ්සිටියක් තියෙන අන්තිම නගරය බලංගොඩ නිසා 9.00 වෙනතුරු අපිට කාලය නාස්ති කරන්න සිද්ද උනා. හරියටම පැයක් ගියා බඩු ටික ගන්න ගනන් බලන්න අලුත් දේවල් හොයාගන්න. නැති දේවල් වෙනුවට ආදේශක හොයන්න කීයක් නම් වැඩද
මේ වෙද්දි අපිට කලුපහනෙන් එකතු වෙන්න හිටපු සංජය අයියා එතන්ට ඇවිත් කෝල් දෙක තුනමක්ම දීල ඉවරයි අන්තිමට ඇහුවෙ උඹල බලංගොඩ කීවෙ පානදුර ඉදන්ද කියලයි කෝම හරි අතිසාර්ථක ෂාෙපිං යාමකින් පස්සෙ ආයෙම පාරට වැටුනා ටැංකි පුරවන්න, ආප්ප කන්න , භූමිතෙල් හොයන්න ආදී කාරනා කීපයකින් පස්සේ අපිට පුලුවන් උනා සංජය අයියා ඉදපු ඩබල් බ්‍රිජ් තියන තැනට යන්න. එතනින් ටිකක් එහාට ගියාම තියන ඔහිය පාරට (බඹරකන්ද ඇල්ලට යන පාර) හරවද්දිම පානදුරින් උදේ 7.00ට විතර පිටත් උන ලහිරුත් අපිට එකතු උනා ඌ හයියෙන් ආවද? අපි හෙමින් ආවද ?
පාර පටන් අරන් ටික දුරක් යද්දි පුංචි ඇල්ලකි එක්කම පාලමක් තියනව අන්න ඒ පාලම යට තමයි අපි උදේ කෑම ගන්න තීරනය කලේ, සාගර හදන් ආපු සීනි සම්බල් එක්ක පෙති පාන් අතර මගින් ගත්තු වඩේ වලින් අපේ උදේ කෑම සම්පූර්න උනා. බබර කන්ද ඇල්ල ලගටම ගියත් කාටවත් ආසාවක් තිබුනේ නෑ ඇල්ල බලන්න යන්න ඒක නිසා ටිකක් වෙලා කට්ටියගෙන්ම අදහස් විමසලා බලල නැවතත් අපේ ගමන පිටත් උනා. කලින් දවසක ලහිරු ඇතුලු තව කීප දෙනෙක් කෑම්ප් කරපු ෆයිනස් කැලැව ලගත් ටිකක් නැවතිලා අපි ඉස්සරට ආව. ටික දුරක් එද්දි තමයි පුංචි වතුර පාරක් හමු උනේ පාර හරහා ගලන් යන. එතන නාගන්න පුලුවන් විදියට පුංචි තටාකයකුත් හැදිල තියනව මිනිස්සු පිරුන බඹර කන්ද ඇල්ලට වඩා මෙතන අපේ සිත් ආකර්ෂනය කරගත්තා.
බඩු ගන්න, උදේට කන්න, සහ දියපහර දක්වා ගමන් මාර්ගය
ඊට පස්සේ වෙලාව වෙන් උනේ දවල් කැම හදන්න වතුර පාරත් ලග නිසා බුරියානි එකක් වගේ එකක් හදා ගන්න පුලුවන් උනා රමිදු හදන් ආපු පොල් සම්බෝලෙත් එක්ක මදි නොකියන්න බුරි උල් වෙන්න කෑව, ආ තව කෑම හැදෙන අතරෙ නෑව
එතනින් එහාට ගමන නම් ඉතින් යකාගෙම පාරක් තමයි. හරේද්රගෙ සී.ඩී 125 එකේ කදු අදින්න ටිකක් හොර කරත් (තෙල් වහල) අපිට ලොකු අවුලක් උනේ නැහැ ඒක අතර මගදි අනර්ඝ වස්තුවක් මට නම් හමු උනා land rover series 1 එකක් කියන්න සතුටුයි ඔරිජිනල්ම විදියට තිබුනා. හැබැයි ඒකෙ ආපු අයනම් වාහනේ පාර අයිනෙ තියාගන මදු විතකට සමවැදිල හිටියේ කෝම උනත් එයාල එක්ක වචනයක් දෙකක් කතා කරන්න මම ටිකකට නැවතුනා විස්තර කතා කරල වාහනේ ගැනත් ටිකක් අහලම නැවතත් පාරට වැටුනේ ඉර අවරට යන්න පටන් අරන් තිබුන නිසයි. ලහිරු කලින් පාරක ආපු වෙලාවක හමුඋන පොකුනක් හොයන් අපි ඉස්සරහට ගියත් ඒක හමුඋනේ නෑ ගමේ කෙනෙක්ගෙ හෝඩුවාවකට අනුව පාර ඉවරවෙන්න කිට්ටුව තියන දිය උල්පතක් ලග අපේ ටෙන්ට් ටික ගහගන්න පුලුවන් උනා වතුර ලග නිසා කිසිම කරදරයක් නැහැ.
ටෙනට් ටික ගැහුවට පස්සේ ඉතිරි උනේ රෑ කෑම හැදිල්ල තමයි පොල් රොටී, BBQ වලින් සමන්විත රාත්‍රී ආහාරයක් හදාගන්න වැඩි අමාරුවක් උනේ නැහැ සංජය අයියාගේ නොනවතින දර සප්ලයි එක නිසා ගින්දරෙන් අඩුවක් තිබුනෙත් නැහැ

ටෙන්ට් තුනක්ම තිබුන නිසා කිසිම අවුලක් නැතිව අතපය දිගෑරල නිදාගන්න පුලුවන් උනා.
පහුවදාට එලි වෙද්දි අපිට ඉස්සරහින් තිබුන කන්දට අපි හිටපු කන්දේ ඡායාව වැටිල ටික ටික පහලට එන දර්ශනය නම් මනස්කාන්තයි. එතනම ටිකක් එහායින් කන්දෙන් එලියට නෙරපු ගල් පොත්තක් තිබුනා ඒක උඩට වෙලා ඉස්සරහින් පේන දර්ශනය දිහා ඔහේ බලන් ඉන්නත් අපි වෙලාව වෙන් කරා.
එතනින් පස්සෙ වෙලාව වෙන් උනේ උදේ කෑම එකට. අල, බෝන්චි, කැරට් තැම්බෙද්දි සොසේජස් කලවම් ඔම්ලට් එකක්, ටෝස්ට් කරපු පෙති පාන් එක්ක කලු කෝපි. වලින් සමන්විත උදේ ආහාරයෙන් පස්සේ අපි ගමන අවසන් කරා. ආපහු ආවෙ හෝර්ටන් තැන්න හරහා ඔහියට ඇවිත් ආපහු ආපු ගමනේ නම් ලියන්න තරම් විස්තරයක් නැහැ.

කනවද බුරියානි කැමති උන් ඒ ටිකත් බලල වරෙල්ලා |

මේ කෑම එහමෙ කාල රෑ වෙලා |
ටෙනට් ටික ගැහුවට පස්සේ ඉතිරි උනේ රෑ කෑම හැදිල්ල තමයි පොල් රොටී, BBQ වලින් සමන්විත රාත්‍රී ආහාරයක් හදාගන්න වැඩි අමාරුවක් උනේ නැහැ සංජය අයියාගේ නොනවතින දර සප්ලයි එක නිසා ගින්දරෙන් අඩුවක් තිබුනෙත් නැහැ
රෑ කෑම |