• Home
  • Facebook
  • Youtube

රෝද දෙකේ රස්තියාදුව

facebook google

බෝගහපැලැස්ස සොයා




මුලින්ම කියන්න ඕනි මේක හොයන්න නැති වෙච්ච දෙයක් නෙමේ. මම (මද්දා) Title එක දැම්ම නම් දාන්නෙ අතීත මතක සොයා කියල මම හිතන්නේ මේක අපේ @mr.gurusinghe දාපු මාතෘකාවක්.

මුලින්ම කියන්න තියෙන්නේ බෝගහපැලැස්ස කියන්නෙ හරිම පුංචි ගමකට කුරුණෑගල දිස්ත්‍රික්කයට අයිතිවෙන, ඔය Title එකට හේතුව කොහෙද යන්නෙ කියල අහපුවාම location එක පෙන්නන්න Google map එකේ හැකියාවක් නොමැති වීම ඉතින් අපේ උන්ටික මේක ඇත්තටම හොයන් ගිය ගමක්, මට නම් අතීත මතකයන් හොයන් ගිය ගමනක්.

ගමන පටන්ගත්තෙ සුපුරුදු මාසික ride එකට කල් හරියාන ආවත් රටේ තත්වෙ එක්ක යන්න තැනක් තීරණය හරි අපහසු වෙද්දි මගේ යොජනාවක් අනුව දන්න කියන නිහහස් තැනක් විදියට මම ඔය කියන ගමට යමුයි යෝජනා කලාම එ්කට හැමෝම කැමති උන එක තමයි.

උදේ පාන්දර 6.30 විතර කදාන තමා අපේ meetup point එක විදියට යොදාන තිබ්බෙ, මේ පාර නම් වෙලාව අමතක වෙන උන් නොහිටිය නිසා කට්ටිය එකතු වෙන්න මම හිතන්නෙ පැය බාගයකට වඩා නම් නාස්ති කරන්න උනේ නෑ.

කට්ටියම සෙට් වෙලා පාරට වැටුනෙ සුපුරුදු පේලියත් හදාන දැන් නම් ඉතින් මේවට දගලන්න දෙයක් නෑ පේලිය මාර්ග විනය නියමිත වේගය තියන ඒව කට්ටියගෙම ඇගටම ඇවිත් ඉවරයි අවුරුදු 3ක් තිස්සෙම ගත්තු උත්සාහයන් එක්ක 200ක් 300ක් අතරින් පෙරිල ඉතිරින උන හොදම ටීම් එකකින් (මතක ඇතිනෙ නේද හොදමම සෙට් එක වෙන් කලා members only ) කහන උන් ටිකනෙ පෙරල ගත්තෙ ( team sprit)

මට හිතෙනව sprit එක ආයම පැහැදිලි කරන එක හොදයි කියල අපිට අවශ්‍ය උනේ අවුරුද්දකට 3ක් 4ක් යන ටුවර් ටික මදි කියපු අධික motorcycle/camping/ride  කියන උනෙන් පෙලුන උන් ටිකව එක තැනකට ගන්න එහෙම අයව පෙරන්න අපි පොඩි පොඩි පිල්ටර් ටිකක් දැම්ම (ඇත්තම කියනව මේක කලේ කට්ටිය අඩු කරගන්න) මොකද R2R එක ඇතුලෙ ඉන්න හැම එකාම ඔය උනෙන් පෙලෙනවනෙ අවාසනාවට ගොඩක් අයට කාලය , රැකියාව, පවුල, සහ වගකීම් එක්ක ස්පිර්ට් එකේ උන්ට වගේ නිතර දුවන්න අමාරුයි. (ස්පිර්ට් එකේ උන්නු සමහරුත් මේ හේතු නිසා ගැලවිලා යන්න වෙච්ච උදාහරණ කීපයක්ම තියනව හොදම උදාහරණය අපේ organiser කෙනෙක් වෙච්ච මනුවා අධ්‍යාපන සහ රැකියාව එක්ක එයාට සිද්ධ උනා sprit එනට bye කියල R2R සහ  members only ඉවෙන්ට් වලින් විතරක් සැනසෙන්න)

හරි හරි කතා ඇති ආය පාරට

පාරට ආපු ගමන් තියෙන්නේ කරනමක් ජාඇල පහුකරල ටිකක් දුර යන්න උනේ නෑ ගොං වැඩක් කරන්න ගිහින් පාර සිප ගන්න සිද්ද උනා මද්දට, හොද වෙලාවට වේගෙන් යන ගමන් නෙමේ පෙර වාසනාවකට හෙල්මට් එකත් ඔලුවෙ තිබ්බා.

මීලග නැවතුම උදේ කෑම දඹදෙනිය කිට්ටුවෙන් (මැස්සො එහෙම ටිකයි ඈ) කෑම වලට ගෙවන්න ස්පොන්සර් කෙනෙක් හිටපු හින්ද මේ පාර මැස්සො හිටියත් මොකෝ නේ (වැඩි විස්තර දාන්න විදියක් නෑ මටත් ටීම් එකෙන් එලියට යන්න වෙනපොටක් 🤣🤣)
හාල් පිටි ඉදි ආප්ප 30ක් 40ක් එක්ක කුකුල් කකුල් ටිකකට වග කියල නැවතත් පාරට වැටුනා.

ලියියා, සජියා(ආයෙම ආව🤪), වෙබා(මූට තාම sprit හම්බෙලා නෑ public event එකක් එනකම් ඇගිලි ගනිනව), මද්ද, මලියා, ගුරා, ප්‍රසන්න(නෑ නෑ මේ පාර බුරියානි හදන්නෑ), තුරා (තාම ලිස්ට් එකට එන්න ට්‍රයි කරන ගමන් 🤪) එක්ක කුරුනෑගලට ලං කරද්දි බලන් ඉදල ඉවසුවා ඇති කියල හිතුන සාලිය, අසින්ත එක්ක ජීවන්ත (ඒ දෙන්නත් තුරාගෙ බෝට්ටුවේම තමා) ඇවිත් අපිත් එක්කම සෙට් උනා මටයි හරයට නම් සුපුරුදු වැව රවුමට සෙට් වෙලා පොටෝ ටිකක් එහෙම ගහගන ගමනාන්තය හොයන් යන්න පිටත් වෙද්දි අපේ සංජය අයියත් ලග ලග එනවා කීවත් මැප් එකේ ලොකේෂන් එක යවලා අපි හෙමින් ඉස්සරහට ඇදුන. උදේ මගෙ බයික් එකෙන් පටන් ගත්තු බ්‍රේක් අවුල ඒ වෙද්දි ලයියට ඇවිත් තිබුන හින්ද ඒකත් බලාන ගම පැත්තට හැරුන මම හිතන විදියට දවල් කෑමට කලින් ගමනාන්තයට ලං උනාමද කොහෙද

සුපුරුදු නාගරික පර්සරය ගැලවිලා මට නම් සුපුරුදු ගොඩක් උන්ට අලුත් අත්දැකීමක් උන ගමේ සිසිල ඇගට දැනෙද්දි (සිසිල කීවට තඩි අවුවක් නොතිබුනා නෙමේ ඒ උනාට ගස් වලින් වට උන පාරවල් ඇගට හරිම සනීපයි) කට්ටියගෙම වේගෙය හොදටම අඩු උනා අඩුවක් නැතිව පොටෝ, වීඩියෝ එක්ක. මැප් එකේ පාර ඉවර වෙන තැනට ආවත් තවත් ටිකක් දුර යන්න අගේට පාරක්  තිබුනා ඒ වෙද්දි සංජය අයියත් ඇවිත් බයික් පෝලිමට එකතු වෙලා ඉවරයි.

ජීවිතේ දශක බාගයක් විතර ගෙවපු ගෙදරකට ජීවිතේ හම්බුන හොදම උන් ටිකක් එක්ක අඩිය තියලා, බයික් වලට නිදහසක් දීල, කට්ටියත් එක්කම නිදසහේ පිරිසිදු හුස්මක් ගද්දි දැනෙන හැගීම් ඉතින් අකුරු කරන්න නම් බෑ.
...........................................................

ගමේ ලොකුම සම්පතක් උන වැවට යන්න කියල පිටත් වෙද්දි හැමෝම 10 පාරකට වඩා අනතුරු ඇගවුවා පීනන්න එපා දුරට යන්න එපා ඉක්මන්ට නාගන එන්න කියල,
නොදන්න අය එක්ක ගියාම බයෙන් ඉන්න ඕනි උනත් ගිය සෙට් එකම වගකීමෙන් වැඩ කරන උන් ටිකක් නිසා ලොකු බයක් තිබුනෙ නෑ කට්ටියව නාන තොටු පලින් වැවට බස්සල පීනන්න කියල බලද්දි මටත් කලින් සාලිය වැවේ අනිත් පැත්තට පීනල ඉවරයි අවු 4ක් 5ක් වැවක් ලග ජීවත් උන මට වඩා අදටත් සුන්දර ගමක ලිපිනයක් හිමි ඌත් එක්න පීනනව තියා ලං වෙන්නවත් හට නම් පුලුවන් උනේ නෑ.

වැව පිරෙන්න තිබුන නෙලුම් වලින් මල් ටිකක්, කොල ටිකක් සහ රස කෑමක් උන නෙලුම් ඇට කන්න නෙලුම් බට්ටන් කඩාගත් සාලියත් එක්ක  මෙගොඩට පීනද්දි අනිත් අයත් ඇති වෙන්න කිය කෙලිය හමාර කරල තිබ්බා ජීවිතේ පලවෙනි පාරට නෙලුම් ඇට කාපු අය බලන්න ඕනි නම් වීඩියෝ එක ඇති "roda deke rasthiyadywa" අපේ youtube චැනල් එක පැත්තට ගොඩ උනානම්.

ඇති වෙන්න නාල ගෙදර ඇවිත් ලිදෙනුත් වතුර බාල්දි කීපයක් ඇගට දාගද්දි යක්කු 4ක් 5ක් කන්න බඩගිනි.

බඩ ගින්නටම හරියන්න සම්බා  හාලේ බතකට ඉදුනු කිරි කොස් මාලුව, මිරිසට උයපු මාලුව, කැකිරි, තැල්කොල ඇඹුල, කනට ඇහහෙන්න හපන්න පුළුවන් පපඩම් වලින් සමන්විත ගමේ ආරට හැදුන දවල් කෑම වේලකින් බඩවැල් දිග ඇරිල බුරිය උල්වෙන්න බත් පිගන් දෙකකට වග කියල ඉවර උනාම තමා අතුරුපසට අඹ කපල දෙන්නද ඇහුවෙ, කපල දීල පිරිමහන්න පුළුවන් උන් නැති නිසා පිහියක් එක්ක අඹ ගොනියක්ම ගෙනත් දෙන්න කීවෙ ඒක ලේසි නිසා කාපු අඹ ගාන නම් මගෙන් අහන්න එපා මමත් දන්නෑ ආය කට්ටිය මාස 3,5කට අඹ දිහා බලයිද කියල නම් මට සැකයි.

පිටලෑල්ලක් ගස් දෙකක​ට හිර කරල හදපු බංකුවකට වෙලා වල් පල් කියව කියව ඉදල හවස් වෙද්දි ආයත් වැව් කන්ඩිය උඩට ගිහින් සොරොව්වක් උඩ වාඩි වෙලා ඉර බහිනකන් කියව කියව ඉදලා කලුවර වැටෙන්න කලින් ගෙදරට පැන ගත්තෙ රෑට ලෑස්ති කරපු වැඩ සටහන පටන්ගන්නත් ඕනි නිසා ඒ වෙද්දි මද්දගෙ පොඩි කාලෙ ඉදන්ම යාලුවෙක් වෙච්ච රුකාවත් පාරට ගිහින්ම අපේ උන් ටික එක්කන් ඇවිත් තිබුනා.

හැම දාම එකම විදියට දාන BBQ එක kebab's style එකට වෙනස් කරල ගෙන්න අමතක වෙලා තිබ්බ ගල් අගුරු වෙනුවට පොල් කටු ටිකක් පත්තු කරල (ජීවන්ත මල්ලි සෑහෙන්න මහන්සි උනා අසින්ත, සාලිය, ලයියත් ලොකු වෙහෙසක් ගත්තා) ඒ උනාට මට දැනුන විදියට ගල් අගුරු වලට වලා පොල් කටු අගුරෙන් හැදෙන BBQ එකේ අමුතුම ප්ලේවර් එකක් ඇඩ් වෙනව.

හරයගෙ Birthday එක වෙනුවෙන් ලැබුන පොඩි ට්‍රීට් එකකට කැපෙන්න අපේ සාලිය ගෙනත් දුන්න තෑග්ගක් රස විදින්න කීප දෙනෙක් වට වෙද්දි BBQ වලින් පිරෙන්න ගත්තු බඩවල් වලට බොරට හදපු චිකන් කරියක්, කිරිහොදි එවෙලෙ කඩපු තිබ්බටු මැල්ලුමක් එක්ක fan දාගන කන්න පුළුවන් ඉදිආප්ප (ඔව් ඔව් උදේටත් කෑව තමා) වලින් බුරි උල්වෙන්න වලදලා කලින් නින්දට ගියේ, බයික් වලින්, වැවේ දිය කෙලියෙන් ඇගට දැනුන මහන්සිය පොඩ්ඩක් නිවා ගන්න.

උදේ පාන්දරම නැගිටලා කට්ටියම මූන කට හෝදන් තේඑකක් කෝපි එකක් බීල ලිදෙන් ඇදගත්තු සීතල වතුර පනිට්ටුවකින් මූන කට තෙමාගගන පිරිසිදු හුස්ම ටිකක් එක්ක දවස පටන් ගන්න ලෑස්ති වෙලා තිබුන.

මම දන්න විදියට ගෙවල් 7ක් 8ක් තිබුන ගමේ ගෙවල් ගාන 3, 4කට අඩු වෙලා ගිහින් උඩ ගියපු ඩ්‍රෝන් එකට පෙනුන විදියට තනිකරම කැලෑවක සිරිය තමා තිබුනෙ.

උදේ කෑමත් පෙර පරිදිම පොල් සම්බල්, කරවල තෙලට, තෙලට දාල ගත්තු හිදවපු පරිප්පු හොද්දක් එක්ක බඩවල් වලට දාගන ඉඩමට පිටිපස්සෙන් තිබුන යක්දෙස්සා කදු වැටියෙම කොටසක් උන කන්ද නගින්න සූදානම් උනත්.

කකුලට සැප හම්බෙලා තිබ්බ මමයි, සුදු අස්පයාගෙ off road අත්දැකීම් විදිනන ගිහින් කකුල පුච්චන් හිටපු ගුරයි, අඹ ගෝනිය දිහා ඇහැ දාන් හොරට ගෙදර හිටපු ප්‍රසන්නයයි ඇර අනිත් උන් ටික කන්ද නගින්න පිටත් උනා (ඕව් ඒ පැත්තෙ අය hiking යන්නෑ කදු නගිනව විතරයි  🤪)

කොරෝනා අවධානමත් එක්ක සුපුරුදු motocamping වලින් මිදිල traval කරන්න  alternative හොයන අයට අදහසක් ගන්න ලියුවෙ, මොකද ට්‍රැවල් කියන්නෙ කදු නැගල ඉරිද පොල වගේ ටෙන්ට් අටවන එකවත්, හතිදාගන කදුබඩගාන එකවත්, මාර executive Hotel වලට බිල දාන එක විතරක්මත් නෙමෙයි කවදත් වෙනස් විදයට හැම දේම දකින රෝද දෙකේ රස්තියාදුවෙන් වෙනස් විදියට හිතන්න දෙයක්.

එහෙනම් හැමට ජය!

ලීව මම මද්දා.

videoව බලනව් නම් මෙතනින් යන්න.

සුපුරුදු අපේ පේජ් එකේ තියනන පොටෝ ටික බලනව නම් facebook.com/r2rmc


Share
Tweet
Pin
Share
4 comments
2020 ය කියල එකක් ලබද්දි කම්පනාවට ආවෙම. 2k19 වල එන්ඩ් එකේ ටුවර් එකක් දාන්න බැරි උනා,
31ස්ට්  නයිට්ටුවත් වැටිලෙ තිබ්බෙ සති මැද්දක නිසා 31 නයිට් කෑම්පිග් එක පිට පිට දෙවන වසරෙත් කදුලු අතර සැගව ගියා.


කස්ටිය එක්ක කතාබහ කොරාල අන්තිමට තීරණයක් ගත්තා මීට මාස 4ක 5කට කලින් ගිහින් බලාන ආව "වැවතන්නට" ඉවෙන්ට් එකක් දාමුය කියල, පරිසර හානියක් නැති පෞද්ගලික වතුයායක තියන කදවුරු බිම් වලට මම වැඩියෙන් අවධානය දෙනව කියල මේ වෙද්දි හැමෝම දන්නව ඇතිනෙ.






කෝමින් කෝමින් හරි මම, සචියා, ලයියා, මනූෂ ඇතුලු සෙට් එක වැඩ ටික පටන් ගත්තෙ දෙසැම්බර් වලමයි, එත් දෙසැම්බර් යොදාන තිබ්බ sprit ride එකේදි සචියා කකුල කඩා ගත්තම පට්ට අමාරුක වැටුනෙ. අන්තිමට අපේ sprit කෙනෙක් වෙන ලක්ෂාන්  මල්ලි වැඩේට ලොකු සප් එකක් දීල අපිව ගොඩක් අපහසුතාවලින් බේර ගත්ත⁣ා.

කෝමින් කෝම හරි එකා දෙන්නා වෙලා අන්තිමට 45ක් හිටිය ගමනට සහබාගී වෙන්න. ටිකක් අමාරු වැඩක් උනත් වැඩේට බැස්සා.

ලයියා, මනූෂ දෙන්නා එක්ක මහරෑ පුරාම ලූනු කපන්න උනේ දීල තිබ්බ සීනිසම්බල් ඕඩරේ අන්තිම මොහොතෙ කෙලවිලා ගිය නිසා අන්තිමට දෙන්නා එක්ක ලූනු කිලෝ 5ක 6ක් කපනකන් මම සුපුරුදු BBQ සීසන් කිරිල්ලට බැස්සා කුකුල්ලු 10ක් 15ක් අයිස් පිටින්ම කෑලි කරල ඉවරවෙද්දි දිය බුබුලු 2ක් ඇවිත් ඉවරයි පහුවදා පදින්නෙ කෝමද කියල බයකුත් නාවම නෙමේ. අන්තිමට ඉනූගෙ රයිස් කුකර් එකේ පොට් එකටත් අඩියක් හොයාගන්න බැරි වෙන්න ගේම දීල වැඩ ටික ඉවරක් කරගන්න පුළුවන් උනා.

දැන් තමා වැඩේ තියෙන්නෙ පාන්දරම නැගිටලා කවදාවත් නැතිව මේපාර වෙලාවටම ගමන් ආරම්භය වෙච්ච පස්යාලට කස්ටියම සෙට් වෙද්දි හිතට පොඩි  ෆිට් එකක් ආව ඒත් කට්ටිය වැඩි කම නිසා ටීෂර්ට් ටික බෙදන්නයි උදේ කෑමටයි හිතුවට වඩා වෙලාවක් ගියත් ප්ලෑන් කරල තිබ්බ ටයිම් ලයින් වලට ලොකු අවුලක් තිබ්බෙ නෑ.

කස්ටිය ගොඩක් හිටපු නිසා සහ මේ පාර ගමන මැනේජ් කරන එක ලයිය සහ මගෙ කර පිටට විතරක් වැටුන නිසා ටිකක් අමාරු උනත් අපේ spritල සෙට් එකේ මලියා, හිෂාන්, ආසිර දුන්න සපෝට් එකත් එක්ක ලොකු පහසුවක් උනා. දැන් අහන් එපා කෝ මනූෂ කියල ඌට මෙපාර පාර ට්‍රාන්ස්පෝට් බාර දීල තිබ්බෙ ලොරියක බඩු පටවත්තු කියල කාර් එකක අන්තිමට හෙමින් හෙමින් එයත් ආව.

වරකපොල සපුරුදු මාර්ග තදබදය ඉවරකරන් හොද හුස්මක් ගත්තත් කෑගල්ල පහුවෙලා ටික දුරක් යද්දි නම් ආව A1 පාරෙ රයිඩ් දාන්නෑ කියල හිතාගත්තා නිතර නිතර ගියත් එදා තිබ්බ වාහන පෝලිම අපිව අසරන කලා. වෙන වෙලාවක නම් දකුනෙන් දාල ඇස්පේටර් එක මිරිකුවාට ගෘප් රයිඩ් වලට අලුත් සෙට් එකක් අරන් බයික් 20ක 30ක පෝලිමක් ලේන් ස්පිලිට් කරනව කියන එක ප්‍රැක්ටිකල් නැති නිසා ඉවසන්න සිද්දඋනා. පාර පුරුදු කීප දෙනෙක් රැලෙන් වෙන් වෙලා ඉස්සරහට ගියත් ගොඩක් දෙනෙක් තමන්ගෙ අකීකරු අශ්වයන්ව කීකරු කරගන ⁣කට්ටිය එක්කම හෙමින් හෙමින් ඉස්සරහට අැදුන. එයා කුල් 250 සීසී නෙකඩ් එන්ජිමක් එක්ක ට්‍රැපික් එක්ක යනව කියන්නෙ මාරම අත්කීමක් තමා වැක්ස් කරන්න ඕනි නෑ කකුලෙ මයිල් ඉස්මයිල් වෙන්න. ඇත්තටම විශේෂ ස්තුතියි කියන්න ඔ්නි එච්චර ඇරල යන්න පුළුවන් බයික් ටිකක් මෙල්ල කරන් 20ට 30ට බයික් පැදපු අපේ උන් ටිකට අපි හැමදාම කියනව වගේ මම ගැනට වඩා අනිත් එකා ගැන හිතන හැගීම R2R එකේ හොදටම තියනව. ආඩම්බරයි.

කෝමින් හරි අමාරුවෙන් A1 පාරට සමුදීල ගන්නෝරුව පැත්තට හැරෙව්වෙ කටුගස්තොට පැත්තෙන් දාල ට්‍රැපික් එක මගාරින්න හිතාන කියන්න දුකයි අපි හිතුව දේම ගොඩක් අය හිතල කියල දැනගත්තෙ කඩුගන්නාව කිට්ටුකරද්දි ආයම සුපුරුදු විදියට අමානුෂික වාහන පෝලිමට මැදි වෙච්ච නිසා.

මුල්ම නැවතුම වෙච්ච නාරම්පනාවට යද්දි ලක්ෂාන් දවල් කෑම පාර්සල් ගන්න තැනක් ලෑස්ති කරල තිබුන ඒ ටිකත් අරන් කට්ටියව නානතැනට දාල ලයියට බාර දීල

මනූෂ, සචියා, මලියා, ප්‍රසන්න, ලක්ෂාන් ඇතුලු සෙට් එකත් එක්ක කාර් දෙකකට පුරවගත්තු කෑම හදන උපරන සහ ටෙන්ට් ටිකත් එක්ක මැදමහනුවර පහුකරල සුපුරුදු  වැවතැන්න පාරට හරවලා අතරමග තිබ්බ මන්ස්කාන්ත දර්ශන ටිකත් ඇස් කොනින් බලාන පාරෙ අන්තිමට සෙට් වෙන off road එකත් එක්ක පොර බදන්න උනේ වාහන දෙක ඉහලට අරන් යෑම හිතුව තරම් ලේසි නොවුන නිසා. යංතං කලුවර පාත් වීගන එද්දි අපි ගමනාන්තයට ලගා ⁣උනා.

ටිකක් වෙලා යද්දි අපේ බයික් දම්වැලත් නාගන කරගන සයිට් එකට ඇවිත් තිබුනා.

ලංකාවෙ තියන ජරාම ටෙන්ට් ටික සල්ලිත් අරන් රෙන්ට් කරල තිබ්බ උන්ගෙ අම්ම තාත්ත මතක් උනත් අපෙ කොල්ලො ටික කම්බි කෑලි ටේප් කැලේ අතුලෙන් අරන් ආව කෝටු කෑලි වලින් ගේම බැලන්ස් කරද්දි.










තව සෙට් එකක් ගල්අගුරු රතු⁣පාට කරල BBQ වැඩේට බැහැල තිබ්බා.
 100කට 200කට උනත් ගේමක් නැතිව කෑම ටික හදන්න බාර ගන්න ප්‍රසන්නයත් තව දෙතුන් දෙනෙක් එක්ක නූඩ්ල්ස් එකක් ලෑස්ති කරනව දැක්කා.


නොන්ඩි ඇන ඇන ආපු සචියත් මලිය එක්ක පහලට බහින්න ගත්තෙ පහුවදා බෙහෙත් බදින්න තිබ්බ නිසා (ඉත්තෑවා උඩු දිව්වාම කකුල් කඩාගනත් ගෙවල් වල ඉන්න බෑලුනෙ)

සීතලටත් එක්ක කට්ටිය තැන් තැන් වල සෙට් වෙද්දි කෑම ටිකත් උනුවෙන්ම ලෑස්ති වෙලා තිබ්බා, සින්දු 2ක් 3ක් එහෙන් මෙහෙන් වදිද්දි සචියට කොච්චර බැන්නත් එකම ප්ලේ ලිස්ට් එක කියන්න හරි ගිටාර් එකත් එක්ක නොහිටිය එක නම් ලොකු අඩුවක් ,
 ටිකක් රෑවෙද්දි ආපු මීදුම පොරොවගන එක හුස්මට රෑ එලිවෙනකන් නිදිසුව විදින්න පුලුවන් උනා. උදේ පාන්දරම නැගිටිලා අපේ ප්‍රසන්නයා ඇතුලු සෙට් එක හදපු කෝපි එකත් රස විදිද්දි රෑ ඉතිරි කරල තිබ්බ නූඩ්ල්ස් ටික උදේට පාන් කන්න හදපු සැමන් කරියට නියමට ගැලපුනා ගිය පාර හමුඋන බලු යාලුවො ටිකටත් උදේ කෑම බෙදාගන්න අමතක කලේනෑ.


ආපහු ආපු ගමනෙ විස්තර ඉතින් ඕනි නෑනෙ .
සයිට් එකේ ලස්සනත් අකුරු කරන්න දන්නෑ දැනට ඇල්බම් එක දැම්ම ඔන්න.










වීඩියෝ එකත් මෙන්න මෙහෙම පොඩි ඉගියක් දීල තියනව



මනූෂත් හැමදාම වගේ vlog එකක් දාල ඇති


හෙටානිද්දම Mr.gurusinghe චැනල් එක පැත්තෙනුත් ගමන බලාගන්න බැරිවෛන එකක් නෑ.


එහෙනම් ඊලග රයිඩ් එකේදි සෙට් වෙමු. සමහර විට ලග එන මාර්තු වල වෙන්නත් පුළුවන් (ඔයාලම තීරණය කරන්නකො මාර්තු එකක් යමුද කියල )
~මද්දා


Share
Tweet
Pin
Share
5 comments
Newer Posts
Older Posts

අපි ගැන

About Me


රෝද දෙකේ රස්තියාදුව හැදෙන්නෙ බයික් වලට ආදරේ කරන අයටයි. ජපන්/ඉන්දීයන්/මැලේසියා/යුරෝපා කොහේ හැදුවත් පදින රොද දෙකට ආදරේනම් එකතුවෙන්න තහනමක් නෑ. රට වටේ ඇවිදින්න කැමති bikersලා සෙට් එකක් හදන එකයි මූලික අරමුන මොකද ගොඩක් අය බයික් එකේ brand/model එක්ක තමයි group වලට සෙට් වෙලා ඉන්නෙ එයාලගෙ trip දැකල ඉරිසිය හිතුනු අවස්ථා ඕනි තරම්. මේකෙ සමාජික වෙන්න තියෙන එකම සුසුදුසුකම bike lover ,කෙනෙක් වීම පමනයි.

අව ගිය අය

Labels

R2R official events පිළිවෙලක් නැති ගමන්.

recent posts

Blog Archive

  • ▼  2020 (2)
    • ▼  July (1)
      • බෝගහපැලැස්ස සොයා මුලින්ම කියන්න ඕනි මේක හොය...
    • ►  January (1)
      • දස එක්වැන්න.
  • ►  2019 (5)
    • ►  October (1)
    • ►  May (1)
    • ►  April (2)
    • ►  January (1)
  • ►  2018 (7)
    • ►  October (2)
    • ►  September (1)
    • ►  July (1)
    • ►  May (1)
    • ►  April (1)
    • ►  January (1)
  • ►  2017 (6)
    • ►  December (1)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (3)

Created with by BeautyTemplates | Distributed by Gooyaabi Templates