දස එක්වැන්න.
2020 ය කියල එකක් ලබද්දි කම්පනාවට ආවෙම. 2k19 වල එන්ඩ් එකේ ටුවර් එකක් දාන්න බැරි උනා,
31ස්ට් නයිට්ටුවත් වැටිලෙ තිබ්බෙ සති මැද්දක නිසා 31 නයිට් කෑම්පිග් එක පිට පිට දෙවන වසරෙත් කදුලු අතර සැගව ගියා.
කස්ටිය එක්ක කතාබහ කොරාල අන්තිමට තීරණයක් ගත්තා මීට මාස 4ක 5කට කලින් ගිහින් බලාන ආව "වැවතන්නට" ඉවෙන්ට් එකක් දාමුය කියල, පරිසර හානියක් නැති පෞද්ගලික වතුයායක තියන කදවුරු බිම් වලට මම වැඩියෙන් අවධානය දෙනව කියල මේ වෙද්දි හැමෝම දන්නව ඇතිනෙ.
කෝමින් කෝමින් හරි මම, සචියා, ලයියා, මනූෂ ඇතුලු සෙට් එක වැඩ ටික පටන් ගත්තෙ දෙසැම්බර් වලමයි, එත් දෙසැම්බර් යොදාන තිබ්බ sprit ride එකේදි සචියා කකුල කඩා ගත්තම පට්ට අමාරුක වැටුනෙ. අන්තිමට අපේ sprit කෙනෙක් වෙන ලක්ෂාන් මල්ලි වැඩේට ලොකු සප් එකක් දීල අපිව ගොඩක් අපහසුතාවලින් බේර ගත්තා.
කෝමින් කෝම හරි එකා දෙන්නා වෙලා අන්තිමට 45ක් හිටිය ගමනට සහබාගී වෙන්න. ටිකක් අමාරු වැඩක් උනත් වැඩේට බැස්සා.

ලයියා, මනූෂ දෙන්නා එක්ක මහරෑ පුරාම ලූනු කපන්න උනේ දීල තිබ්බ සීනිසම්බල් ඕඩරේ අන්තිම මොහොතෙ කෙලවිලා ගිය නිසා අන්තිමට දෙන්නා එක්ක ලූනු කිලෝ 5ක 6ක් කපනකන් මම සුපුරුදු BBQ සීසන් කිරිල්ලට බැස්සා කුකුල්ලු 10ක් 15ක් අයිස් පිටින්ම කෑලි කරල ඉවරවෙද්දි දිය බුබුලු 2ක් ඇවිත් ඉවරයි පහුවදා පදින්නෙ කෝමද කියල බයකුත් නාවම නෙමේ. අන්තිමට ඉනූගෙ රයිස් කුකර් එකේ පොට් එකටත් අඩියක් හොයාගන්න බැරි වෙන්න ගේම දීල වැඩ ටික ඉවරක් කරගන්න පුළුවන් උනා.
දැන් තමා වැඩේ තියෙන්නෙ පාන්දරම නැගිටලා කවදාවත් නැතිව මේපාර වෙලාවටම ගමන් ආරම්භය වෙච්ච පස්යාලට කස්ටියම සෙට් වෙද්දි හිතට පොඩි ෆිට් එකක් ආව ඒත් කට්ටිය වැඩි කම නිසා ටීෂර්ට් ටික බෙදන්නයි උදේ කෑමටයි හිතුවට වඩා වෙලාවක් ගියත් ප්ලෑන් කරල තිබ්බ ටයිම් ලයින් වලට ලොකු අවුලක් තිබ්බෙ නෑ.

වරකපොල සපුරුදු මාර්ග තදබදය ඉවරකරන් හොද හුස්මක් ගත්තත් කෑගල්ල පහුවෙලා ටික දුරක් යද්දි නම් ආව A1 පාරෙ රයිඩ් දාන්නෑ කියල හිතාගත්තා නිතර නිතර ගියත් එදා තිබ්බ වාහන පෝලිම අපිව අසරන කලා. වෙන වෙලාවක නම් දකුනෙන් දාල ඇස්පේටර් එක මිරිකුවාට ගෘප් රයිඩ් වලට අලුත් සෙට් එකක් අරන් බයික් 20ක 30ක පෝලිමක් ලේන් ස්පිලිට් කරනව කියන එක ප්‍රැක්ටිකල් නැති නිසා ඉවසන්න සිද්දඋනා. පාර පුරුදු කීප දෙනෙක් රැලෙන් වෙන් වෙලා ඉස්සරහට ගියත් ගොඩක් දෙනෙක් තමන්ගෙ අකීකරු අශ්වයන්ව කීකරු කරගන කට්ටිය එක්කම හෙමින් හෙමින් ඉස්සරහට අැදුන. එයා කුල් 250 සීසී නෙකඩ් එන්ජිමක් එක්ක ට්‍රැපික් එක්ක යනව කියන්නෙ මාරම අත්කීමක් තමා වැක්ස් කරන්න ඕනි නෑ කකුලෙ මයිල් ඉස්මයිල් වෙන්න. ඇත්තටම විශේෂ ස්තුතියි කියන්න ඔ්නි එච්චර ඇරල යන්න පුළුවන් බයික් ටිකක් මෙල්ල කරන් 20ට 30ට බයික් පැදපු අපේ උන් ටිකට අපි හැමදාම කියනව වගේ මම ගැනට වඩා අනිත් එකා ගැන හිතන හැගීම R2R එකේ හොදටම තියනව. ආඩම්බරයි.
කෝමින් හරි අමාරුවෙන් A1 පාරට සමුදීල ගන්නෝරුව පැත්තට හැරෙව්වෙ කටුගස්තොට පැත්තෙන් දාල ට්‍රැපික් එක මගාරින්න හිතාන කියන්න දුකයි අපි හිතුව දේම ගොඩක් අය හිතල කියල දැනගත්තෙ කඩුගන්නාව කිට්ටුකරද්දි ආයම සුපුරුදු විදියට අමානුෂික වාහන පෝලිමට මැදි වෙච්ච නිසා.
මුල්ම නැවතුම වෙච්ච නාරම්පනාවට යද්දි ලක්ෂාන් දවල් කෑම පාර්සල් ගන්න තැනක් ලෑස්ති කරල තිබුන ඒ ටිකත් අරන් කට්ටියව නානතැනට දාල ලයියට බාර දීල

ටිකක් වෙලා යද්දි අපේ බයික් දම්වැලත් නාගන කරගන සයිට් එකට ඇවිත් තිබුනා.
ලංකාවෙ තියන ජරාම ටෙන්ට් ටික සල්ලිත් අරන් රෙන්ට් කරල තිබ්බ උන්ගෙ අම්ම තාත්ත මතක් උනත් අපෙ කොල්ලො ටික කම්බි කෑලි ටේප් කැලේ අතුලෙන් අරන් ආව කෝටු කෑලි වලින් ගේම බැලන්ස් කරද්දි.



තව සෙට් එකක් ගල්අගුරු රතුපාට කරල BBQ වැඩේට බැහැල තිබ්බා.
100කට 200කට උනත් ගේමක් නැතිව කෑම ටික හදන්න බාර ගන්න ප්‍රසන්නයත් තව දෙතුන් දෙනෙක් එක්ක නූඩ්ල්ස් එකක් ලෑස්ති කරනව දැක්කා.
නොන්ඩි ඇන ඇන ආපු සචියත් මලිය එක්ක පහලට බහින්න ගත්තෙ පහුවදා බෙහෙත් බදින්න තිබ්බ නිසා (ඉත්තෑවා උඩු දිව්වාම කකුල් කඩාගනත් ගෙවල් වල ඉන්න බෑලුනෙ)
සීතලටත් එක්ක කට්ටිය තැන් තැන් වල සෙට් වෙද්දි කෑම ටිකත් උනුවෙන්ම ලෑස්ති වෙලා තිබ්බා, සින්දු 2ක් 3ක් එහෙන් මෙහෙන් වදිද්දි සචියට කොච්චර බැන්නත් එකම ප්ලේ ලිස්ට් එක කියන්න හරි ගිටාර් එකත් එක්ක නොහිටිය එක නම් ලොකු අඩුවක් ,
ටිකක් රෑවෙද්දි ආපු මීදුම පොරොවගන එක හුස්මට රෑ එලිවෙනකන් නිදිසුව විදින්න පුලුවන් උනා. උදේ පාන්දරම නැගිටිලා අපේ ප්‍රසන්නයා ඇතුලු සෙට් එක හදපු කෝපි එකත් රස විදිද්දි රෑ ඉතිරි කරල තිබ්බ නූඩ්ල්ස් ටික උදේට පාන් කන්න හදපු සැමන් කරියට නියමට ගැලපුනා ගිය පාර හමුඋන බලු යාලුවො ටිකටත් උදේ කෑම බෙදාගන්න අමතක කලේනෑ.

ආපහු ආපු ගමනෙ විස්තර ඉතින් ඕනි නෑනෙ .
සයිට් එකේ ලස්සනත් අකුරු කරන්න දන්නෑ දැනට ඇල්බම් එක දැම්ම ඔන්න.
වීඩියෝ එකත් මෙන්න මෙහෙම පොඩි ඉගියක් දීල තියනව
මනූෂත් හැමදාම වගේ vlog එකක් දාල ඇති
හෙටානිද්දම Mr.gurusinghe චැනල් එක පැත්තෙනුත් ගමන බලාගන්න බැරිවෛන එකක් නෑ.

එහෙනම් ඊලග රයිඩ් එකේදි සෙට් වෙමු. සමහර විට ලග එන මාර්තු වල වෙන්නත් පුළුවන් (ඔයාලම තීරණය කරන්නකො මාර්තු එකක් යමුද කියල )
~මද්දා
5 comments
ඇයි මේ සිංහල තරුණ ළමයි මේ වගේ රස්තියාදුවේ යමින් මත්ද්‍රවය භවිතා කරමින් කාලය නාස්ති කරන්නේ? බලන්න ඉස්ලාම් භක්තිමතුත්. මේ වගේ කාලය කා දමන්නේ නැහැ. ඒ අයගේ ආගම,ජාතිය දියුණු කරනවා ඒ අයත් දියුණු වෙමින්.
ReplyDeleteවෑතර බමුණුසිංහ
අන්තර්ජාල ලිපිනය- wtbamunusinghe51@gmail.com
බ්ලලොග් ඒක තව ටිකක් හොදව බැලුවනම් තේරෙයි තරුන ළමයි ෙමොනාද කරන්නෙ කියල,
Deleteහිත රිිදයෙිද දන්නෑ ඔතන ඉස්ලාම් ආගමේ අයත් ඉන්නව
උඹලා ආතල් ගන්න ගමන් කරණ සත්ක්‍රියා ඔය මහත්තයා දන්නේ නැතිව ඇති! ඒකයි ඔය!
Deleteඅයියන්ඩි, ස්තූතියි ගොඩ උනාට
Deleteගමන යන්න නම් බැරි උනා.. ඒත් කතාව කියෙව්වාම ගමන ගියා වගේ තමා❤
ReplyDelete